බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර ආහාරපාන භවභෝග ලැබීම් අතින් ඉහළම තනතුර හිමිවූයේ සීවලී හාමුදුරුවන්ටය. මෙම සීවලී මහරහතන් වහන්සේ පිළිබඳ බෞද්ධ ජනතාව අතර විවිධ කතා පවතී. උන්වහන්සේගේ උපත පිළිබඳවත්. සීවලී මහරහතන් වහන්සේට ආහාර පාන නොඅඩුව ලැබීමට හේතු කාරක වූ උන්වහන්සේගේ පුණ්‍යබල මහිමය පිළිබඳවත් බෞද්ධ සාහිත්‍යයේ විස්තර වේ.
මේ ලිපියේ අරමුණ ඒ තොරතුරු විමසීම හෝ විස්තර කිරීම නොව ඊට වඩා පුළුල්වූ අරමුණක් ඇතිව සිදුවන්නකි. ඇතැම් බෞද්ධ නිවෙස්වල සීවලී හිමිගේ පිංතූරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. නිවසට පමිණෙන අයට මුලින්ම හමුවන්නේ සීවලී හිමිගේ පිංතූරයයි. ඊට පහන් දල්වා සුවඳකූරු දල්වා පැන් බඳුනක් තබා තිබෙනු දැකිය හැක. ඇතැම් නිවෙස්වල ඇත්තේ පිංතූරය පමණකි. එසේම සීවලී හිමිගේ පිංතූරය නිවසට ඇතුළුවන ප්‍රධාන දොර ඇතුළේ ඊට ඉහළින් රඳවා තිබෙනුද දැකිය හැක. එසේම සීවලී හිමිගේ පිංතූරයේ සවන් යුගලයම ප්‍රදර්ශනය වන පිංතූර සහ එක් සවනක්. (කනක්) පමණක් දිස්වන පිංතූරද ඇත. එසේම ඇතැම් පංතූරවල සීවලී හිමි පමණක් වැඩවාසය කරන අතර ඇතැම් පිංතූරවල සීවලී හිමිට සතර දෙසින් සතරවරම් දෙවිවරු වැඩ වාසය කරන ඒවාද දැකිය හැක. මේ එක් එක් පිංතූර ගැන විවිධ අදහස් දරතත් මේ සියල්ල සීවලී හිමිගේ පිංතූර නිසා පොදුවේ අප “සීවලී හිමිගේ පිංතූරය” පිළිබඳ විමසා බලමු.
අපේ බොහෝ බැතිමතුන් සීවලී හිමිට දක්වන්නේ ඉතාම විශාල ගෞරව භක්තියකි. බුදුන්වහන්සේ හැරුණු විට වැඩිපුරම වන්දනාමානයට ලක්වන්නේ සීවලී හිමිගේ පිංතූරයයි. ඒ අප සියලුදෙනාම “ආර්ථිකය පදනම් කරගත් සමාජයක ජීවත්වන නිසා විය හැක. දෙවියන් බුදුන් සියල්ල අපට මතක් වනුයේ ලෙඩක් දුකක් හෝ ආර්ථික අහේනියක් වූ විටයි. දෙවියන් වඳින්නේත් පන්සල් යන්නේත් ඉහත කී අභිමතාර්ථ ඇතිව පමණි. සීවලී හිමිටව මල් පහන් පූජාකරන්නේත් “ආර්ථික ලාභ අපේක්ෂාවෙන්ම” පමණි. නොඑසේනම් සැරියුත් මුගලන් ආනන්ද වැනි හිමිවරුන් බුද්ධ ශාසනයේ අග තනතුරු දැරුවත් ඒ අයට පුදපූජා පවත්වන්නේ නැත්තේ ඒ නිසාම විය යුතුය. මා කෙසේ කීවත් “සීවලීS හාමුදුරුවෝ” සෞභාග්‍ය උදාකරන “ගෙදරට බත් ටික” ලබාදෙන්නට පූජා කරන දෙදෙනාගෙන් එක් අයෙකි. අනෙක් තැනැත්තා ලක්ෂ්මී දේවියයි. කෙසේ වෙතත් සීවලී හිමිට පුද පූජා පැවැත්වූවත් නිවසට ධනය නොලැබෙන්නේ හෝ නිවසේ ධනය නොරැඳෙන්නේ ඇයිද කියා අප සිතුවාද. ඒ සීවලී හිමිට පුද පූජා පවත්වන ක්රමයේ වරද නිසායි. බොහෝ පුවත්පත්වල ලක්ෂමී දේවියට පුද පූජා කරන ආකාරය විස්තර කළත් සීවලී හිමිට පුද පූජා පැවැත්වීමේ ක්‍රමය විස්තර වනුයේ ඉතාම සුළුවෙනි.
සීවලී හිමිගේ පිංතූරය ප්‍රදර්ශනය කළ පමණින් ඊට පැන් මල් පහන් පූජා කළ පමණින් අප පතන පැතුමන් ඉටු නොවේ. ඒ අපගේම වරදයි. සීවලී හිමිට පහන් දැල්වීමේ හෝ පැන් පූජා කිරීමේ අරමුණ වනුයේ බෞද්ධයන් විසින් කළයුතු පරලොව සුගතිය ලබාගැනීමේ අරමුණ නොව ලෞකික සැප සම්පත් ධන ධාන්‍ය ලබාගැනීමේ අරමුණයි. එය වැරදි යෑයි කීමට තරම් බොළඳ විය යුතු නැත. තරගකාරී ලෝකයේ තරගයට මුහුණ දෙන අපට භෞතික සැප සම්පත් අනිවාර්ය වේ. ඒවා පැතීම හෝ ලබාගැනීම අසාධාරණ නොවුනද ඒ සඳහා යොමුවන මාර්ගය නිවැරදි විය යුතුය. නිවැරදි ක්‍රම අනුගමනය කළ යුතුයි. බොහෝ විට අප දකින්නේ නිවසේ සීවලී හිමිගේ පිංතූරය පමණි. එය වැරදිය. සීවලී හිමිගේ පිංතූරයක් තිබේ නම් ඊට ප්‍රථමයෙන් ගරු කළ යුත්තේ අපේ බුදුපියාණන් වහන්සේටය. බුදුන් දහම් සඟුන් සරණ නොගොස් බුදුන් වහන්සේගේ ශ්‍රමණයකු වන සීවලී මහරහතන් වහන්සේගෙන් අප පිහිටාරක්ෂාව ප්‍රාර්ථනා කිරීම වරදකි. “ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රක්ෂා කළේ” බුදුන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ ධර්ම කාණ්ඩයකි. ඒ නිසා ධර්මයේ හැසිරෙන්නාට පමණක් සීවලී හිමිට පුද පූජා පැවැත්වීමෙන් සහනයක් සැලසෙනු ඇත. බුදුන්වහන්සේ අකැපයයි අනුදැන ඇති වෙළෙ¹ම් අතර මස්මාංශ ආයුධ මත්පැන් ආදී වෙළෙඳ ශාලාවල සීවලී හිමියේ පිංතූර හෝ ලක්ෂ්මී මෑණියගේ පිංතූර එල්ලීම සුදුසු නොවේ. අප පළමුව බුදුන් සරණ ගොස් ඉන් පසුව සීවලී හිමිට පුද පූජා පැවැත්වීම කළ යුතුය. බුදුන් වහන්සේගේ පිළිමයකට පිංතූරයකට පහතින් සීවලී හිමිගේ පිංතූරය එල්ලීම කළ යුතුය. මේ දෙක එක ස්ථානයේ හෝ වේවා ස්ථාන තුනක හෝ වේවා සිදුවිය යුත්තේ බුදුහිමිට පහත ස්ථානයක සීවලී හිමිගේ පිංතූරය එල්ලීමයි. එසේම සිවලී හිමිගේ පිංතූරයක් නිවසක ඇත්නම් බුදුන් වහන්සේට පුද පූජා කරන ස්ථානයක් ඊට පෙර තිබිය යුතුමය.
සීවලී පිංතූරයකට පැන් බඳුනක් තබා සෞභාග්‍ය පතන අපි ඒ පැන් බඳුන ලබාගන්නේ කෙසේද? අප පානය කිරීමට ගන්නේ උතුරා නිවාගත් ජලය හෝ පෙරා පිරිසිදු කළ ජලයයි. ඒත් සීවලී හිමිට පූජා කරන්නේ කරාමයෙන් එන ජලයයි. ඒ නිසා බුදුන්වහන්සේට හෝ වේවා සීවලී හිමිට හෝ වේවා පැන් තබන්නේ නම් ඒ පැන් පෙරාගත යුතුයි. සීවලී හිමිට පැන් පූජාව පහන් පූජාව, සුවඳ පූජාව වැරදි යයි නොකියමි. මා පවසන්නේ ඒ ක්‍රම වේදය වැරදි බවයි. ඒ නිසා නිවැරදිව ඒ ක්‍රම අනුගමනය කරමු. එසේම රැකියාවට හෝ නිවසින් බැහැරව යද්දී බසය හෝ දුම්රිය එන හඬට සවන් දෙමින් සීවලී හිමිට හඳුන්කූරක් දල්වා දුවගෙන යාම නොකළ යුතුය. පාවහන් පැළඳීමට පෙර බුදුන් නැමදීමත්, සීවලී හිමිව නැමදීමත් කළ යුතුය. එසේම එය කළ යුත්තේ නිවී හැනහිල්ලේ සිතේ පහන් බව තබාගෙනය.
එසේම සීවලී පිංතූරයට අප වඳින්නේ කෙසේද? බුදුන් වඳින ගාථා එතනම කීම සිදු නොකළ යුතුය. දෙවිවරුනට වඳින ගාථා ශ්පේත. මන්ත්‍ර අප අතර එමට ඇත. එහෙත් සීවලී හිමිට අප පහන් දල්වමින් පවසන්නේ කුමන ගාථාවක්ද. ඒ නිසා අප සීවලී හිමිව වන්දනා කරනවිට සීවලී පිරිත කියන්නට පුරුදුවීම වැදගත්ය.
එසේ නොමැතිව “නවෝ සිද්ධ සීවලී රාජා පඨවියා” වැනි ගාථාවක් පැවසිම වැදගත්ය. එය නිතර භාවිතාකිරීම සම්පත් දෙන බලයකි. ඊට හේතුව වනුයේ සීවලී පිරිත සහ ඉහත සඳහන් ගාථා රත්නයේ ඇති ශබ්ද බලයයි. එසේම සීවලී හිමිගේ පිංතූරය අසළ සීවලී යන්ත්‍රයක් තබන්න. වෙළෙඳ පොළෙන් ලාබෙට ලැබෙන සීවලී යන්ත්‍රයේ ගුණය ගැන දෙවරක් සිතන්න. ඕනෑම යන්ත්‍රයක් නියමිත දිග පළලකින් යුක්තවීම වැදගත්ය. එම දිගපළල අපට හිතුමතේම සිදුකළ නොහැක. එය වැරදුනහොත් සුභ පළ නොව අඩුම ඵළ ලැබේවි. ඒ නිසාත් එසේම යන්ත්‍රයක ගුණය ලැබීමට එම යන්ත්‍රය අඳිනවිට අඳිනු ලබන රේඛා එකිනෙක කැපී නොයායුතුය. මුද්‍රණය කර ඇති යන්ත්‍රවල ඒ නීතිය කොතරම් ආරක්ෂාවේදයි සිතීම අපහසුය.
එසේම සීවලී හිමියන්ට වන්දනා කොට දෙවියන්ට පිං පෙත්දී අප ප්‍රාර්ථනා කළ යුතුය. ඊට පෙර අප ධාර්මික විය යුතුය. සුරාපොදක් දෙතොළඟ තවරා පැතුම් නොපතමු. දුම්වැටිය දල්වන්නේ නැති සුවඳකූරුත් දල්වමු. මත්පැන් වීදුරුව වෙනුවට පිරිසිදු ඇල්දිය බඳුනක් පූජා කරමු ඔබට සෞභාග්‍යය උදාවනු ඇත.
We found this article from Divaina on 2012/12/14.
Also Sinhala to English Google word to word translation can be found here