[ratings]
ලොවට අග්‍ර වූ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් අප තිලෝගුරු ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි මහ රහතන් වහන්සේලා අතරින් පින්වත් සීවලී මහ රහතන් වහන්සේට හිමි වන්නේ ප්‍රමුඛස්‌ථානයකි. එයට හේතුව සීවලී මහ රහතන් වහන්සේ භික්‍ෂුන් වහන්සේලා අතරින් සිව්පසය, චීවරය, පිණ්‌ඩපාතය සේනාසන, ගිලාන ප්‍රත්‍ය ලැබීමට පින්වත් බලයෙන්ම ඔහු උපන් නිසාය. උන්වහන්සේ මේ පිනැති පැතුම පතා ඇත්තේද ඈත අතීතයේ සිටය.
අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ “සුදර්ශණ” නම් විහාරයේ වැඩ වසන සමයේ ඒ රටේ වැසියෝ සුදුමල් දොaත පුරාගෙන වීථි දිගේ මහා පෙළහරින් ගමන් කරන විට එක් පිංවතකුගේ නෙතට ලක්‌වීමෙන් ඒ කෙරෙහි හිත ඇදී ගොස් එතනට පැමිණ ගදින්, සුවඳින් බුදුන් පුදන විශාල ජනකාය කෙරෙහි ඇසිපිය නොහලා බලාසිටියේය. ඒ බුදු අසිරිය ඔහුගේ හිත තුළට කාවැදුනේය. බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිස අමතා එක් පින්වත් බුද්ධ පුත්‍ර නමක් කැඳවා ඒ උතුමා පියුමතුරා බුද්ධ ශාසනයේ සිවුපස ලබන්නවුත් අතර අගතැන්හිලා තබා අනුදැන වදාළ සේක.
ඒ සිදුවීමෙන් පසු පිරිස් කෙළවර සිටි පිංවතාද එවැනි තනතුරක් ලබාගැනීමට සිතා පුරා සතියක්‌ම බුදුන් ප්‍රමුඛ මහා සඟනට දන් පිරිනැමුවේය. පසුව බුදුන්වහන්සේ හමුවී ඒ පිංබලයෙන් කවුරු හෝ බුද්ධ ශාසනයක ප්‍රතිලාභීන් අතරින් අගතැන්වීමට ඇති කැමැත්ත පළකළ පසු අප බුදුන් වහන්සේ ඒ පැතුම ඉටුවන බව වදාළ සේක.
පසුකලක “විදර්ශනා” නම් බුදුන් වහන්සේගේa කාලයේ මේ පිංවතා බන්දුමතී නුවර උපත ලැබුවේය. ඒ සමයේ එරට විසූ රජු හා නුවර වැසියන් බුදුන්ට දන්දීම සඳහා තරගකාරී ලෙස දෙපිලකට බෙදී එකිනෙකා පරද්දවන ලෙසින් දන්දෙන්නට විය. එසේ දන් පිරිනමන විට ඔවුන් රජුට පැරදේ යෑයි හිතා මෙම දානයට කිරි, පැණි අඩු බව හිතා ගම් නියම් ගම් සිසාරාගොස් කිරිපැණි සෙව්වේය. මෙදින බන්දුවතී නුවර විසූ මේ පිංවතාට අහඹුවෙන් මීවදයක් හා කිරි කළයක් ලැබී එය විකිණීමට සඳහා නුවරට ගියේය. එවිට කිරි සොයමින් හිටිය පිංවතුන්ට මේ පිංවතා මුණගැසී කිරි සහ මීවදය අධික මිලකට ඉල්ලුවේය. ඒ අවස්‌ථාවේ එම පිංවතා මෙතරම් අධික මුදලකට මෙය ඉල්ලන්නේ ඇයිදැයි හිතා සොයා බලන විට බුදුන්ට පුදන දානයක් යෑයි දැන ගෙන ඒවා ඉතා පිරිසිදුව සකසා තමන්ම තම අතින්ම දිය යුතුයෑයි හිතා රැගෙන ගොස් පූජාකර උපන් හැම බවයකදීම යස ඉසුරින් පිරී ඉතිරී යන අයකු වේවායි පැතීය. බුදුන් වහන්සේ කර්ම පල සොයාබලා එයට අනුදැන වදාරා ඒ සඳහා විවරණ දී වදාළ සේක.
පසු කලක සුප්පාවාස නම් කුමරියගේ කුස පිළිසිඳ ගත් මේ පින්වත් කුමරා නිසා ඉමහත් අසිරිමත් දේ සිදුවිය. සුප්පාවාස කුමරිය විසින් අතපත ගෑ ආහාර පාන මිල මුදල් හා භව භෝග ආදිය දෙගුණවිය. එනිසා කර්මාන්තකරුවන්, ගොවි කම්කරුවන්, වෙළෙඳ පොළවල් ආදී ව්‍යාපාරික ස්‌ථාන ආරම්භ කිරීමට මෙම සුප්පා දේවිය කැඳවා ගත්හ.
තවද මෙම කුමාරයා ඉපදුණු පසු මුළු රාජ්‍යයේම යස ඉසුරු වර්ධනය විය. කෝළිය පරපුරට “මිණි පහනක් විය. සත් වසක්‌ම ගර්භක්‍ෂගතව සිටි මේ කුමරු “සීවලී ධාරක” නමින් හැඳින්වූයේය. සීවලී කුමරු කුඩා අවධියේ සිටම සැරියුත් මහ රහතන් වහන්සේට පැන් පෙරදී දානයන් පිරිනමමින් සියලු අතැවැසි ඇප උපකාර කරමින් බුද්ධ ශාසනයට පිවිස පසුකල රහත් බව ලැබීය.
දිනක් සීවලී මහරහතන් වහන්සේ ඇතුළු පන් සියයක් භික්‍ෂුන් වහන්සේලා පිරිවරා වන දුර්ග නම් නියම් ගම් ආදී තැන්වල සැරිසරන විට කිසිදාක දානය වැරැදී නැත. සසරදී දන්දුන් පිං මහිමයෙන් මේ ආත්ම භවයේ දී කර්මවිපාක අනුව නොයෙකුත් සැප විහරණ ලැබී සුදුස්‌සකු වූයේය. මෙම පුවත දැනගත් බුදුරජාණන් වහන්සේගේ සියයට දානමය පුණ්‍යමය බලය ගොඩනැඟුණු ආකාරය පෙන්වාදී ප්‍රතිලාභීන් අතර අග්‍රස්‌ථානයෙහි සීවලී හිමියන් පත්කර තැබූ සේක.
එතැන් පටන් බෞද්ධ ජනතාව සීවලී මහ රහතන් වහන්සේගේ ගුණ බලය, ආශිර්වාද ලබා ගැනීමට පෙළඹුණේය. එම ගුණ සමුදායන් ඔබටත් ලබාගැනීමට නම් පිරිපුන් සීවලී රූපය සහිත දැහැන ඇති සතරවරම් රජ දරුවන්ගේ රූපද ධාතු කරඬුව උඩින් ඇතිව සීවලී යන්ත්‍රයක් ශුභ දිනක පුරපක්‍ෂයේ තඹපත් ඉරුවක ඇඳ රාමුකර නිවසේ, ව්‍යාපාරික ස්‌ථානයේ තැන්පත් කර සීවලී, ස්‌ත්‍රොaත්‍ර, දැහැන්, ගාථා, පිරිත් ආදිය උදේ සවස කියන්නේ නම් එම නිවසටත් ඔබටත් ශ්‍රියාව වර්ධනය වී භව භෝග හා ධන සම්පත් යස ඉසුරු නොඅඩුව ලැබී තමාගේ සියලුම බලාපොරොත්තු සපල වීමේ සත්‍ය ඔබට වටහා ගැනීමට ඉපැරණි පුස්‌කොළපත් ඉරුවකින් උපුටාගත් මේ බලගතු ගාථා හා මන්ත්‍රය උදේ සවස පහන් දල්වා සඡ්ජායනා කර දෙවියන් පිංදෙන්ට.
පියං දේව මනුස්‌සානං – බ්‍රහ්මාඤaණාව පියං තථා
පියං නාග සුපණ්‌ණානං – කත කිච්ච අනාසවං
ලාභිං ලාභිත්තං සබ්බතථ – වතෙ ගාමෙ ජලෙථලේ
ලාභීත මග්ගතං පත්තං – කත්වාත කුසලං බහුං
ජාලභිඤaඤං මහා තේජං – පහින්නං පටිසම්හිදං
සුසීලං සීවලී ථෙරං – නමාමි සිර සාදරං
උදේට කියවන්න
නමෝ සිද්ධ සීවලී මහා රාජා පඨවියා සබ්බතො මෙම ආකාශේ උදකේනේ විසං හංසං තම්පි පාරේවි ස්‌වේදිවසේ සබ්බ ලාභං උපෙත්තුමේ…
සවසට
නමෝ සිද්ධ සීව ලී මහා රාජා පටවියා සබ්බතොමේව ආකාශේ උදකේනේ විසං හංසං තම්පි සාරේමි පඡ්ජදිවසේ සබ්බලාභා උපෙන්තුමෙ
තඹපතක් ගෙන එහි මුළු පහ සිටින සේ යන්ත්‍රය ඇඳ මුළු පහේ පංචාක්‍ෂර ලියා මැද කොටුවේ මෙම මන්ත්‍රය ලියා විද්‍යානුකූලව ජපකර තම සාක්‌කුවේ මුදල් ලාච්චුවේ නිවසේ ව්‍යාපාරික ස්‌ථානයේ තැන්පත් කරනු.
මන්ත්‍රය – “ඕං ශ්‍රීං සෞං මෝහාක්‍ෂිය ශ්‍රීං….”
මෙය මහජන වශියකි. ජනයා සීග්‍රයෙන් ඇදී එයි. ධනලාභ සම්පත් ගලා යස ඉසුරු භව භෝග වලින් පිරී ඉතිරී කෝලිය පරපුරට මෙන් ඔබටත් මිණි පහනක් වෙයි.
We found this article from Divaina on 2012/03/03.
Also Sinhala to English Google word to word translation can be found here