සෙනසුරු ඒරාෂ්ටක අපල සඳහා විශ්මිත පිළියම්

0
1288
ඒරාෂ්ටක
ඒරාෂ්ටක

[ratings]

සෙනසුරු ඒරාෂ්ටකය යනු ජන්මියා හට තරමක්‌ කටුක අත්දැකීම් ගෙන දෙන අමිහිරි කාලසීමාවකි. සෙනසුරු නම් දුකට අධිපති ග්‍රහතරුව ඔබගේ කේන්ද්‍රයේ 1, 2, 3 භාව වල ගමන් කරන කාලසීමාව වන වර්ෂ 7 1/2 වූ කාල සීමාව තුළ දීර්ඝ අපල කාල සීමාවක්‌ ද ඔබගේ කේන්ද්‍රයේ උපතින් චන්ද්‍රයා සිටින රාශියකට සෙනසුරු ගෝචරයෙන් පැමිණෙන කාලසීමාව තුළ ද වර්ෂ 2 1/2 පමණ අපල කාල සීමාවක්‌ ද විශේෂයෙන් ධනු ලග්නය වී 8 වැනි භාවයට සෙනසුරු ගෝචරයෙන් පැමිණෙන විට එහි චන්ද්‍රයා උපතින් ඔබගේ කේන්ද්‍රයේ 8 වැනි භාවයේ සිටී නම් ඉතාම ප්‍රවේසම් විය යුතු අතර හදිසි අනතුරු, නඩු හබ ඇතිවීමට ඉඩ ඇති අතර කල් අල්ලන රෝග පීඩාවලටද ගොදුරුවිය හැක.

විශේෂයෙන්ම සෙනසුරු ග්‍රහයාට කටක රාශිය සතුරුවන අතර උපතින් ඔබගේ කේන්ද්‍රයේ කටක ලග්නය වී චන්ද්‍රයා කටක රාශියේ සිටී නම් සෙනසුරු ග්‍රහයා කටකයේ හැසිරෙන කාල සීමාව තුළ ඔබ විශේෂයෙන්ම ප්‍රවේසම් විය යුතුය. ශනි ග්‍රහයා සැමවිටම දුකට අධිපති ලෙස කියා ඇතත් ඉතා ප්‍රබල වී සුබ ඵල දුන් අවස්‌ථාවන් අත්දැකීම් තුළින් දැක ඇත. ඔබගේ ලග්නය තුලාව වී සෙනසුරු ලග්න භාවයේ සිටීම එනම් 1 කොටුවේ සිට සෙනසුරු මහ දශාව ලැබීම වෘෂභ ලග්නය වී ශනි 10 වැනි භාවයේ සිටීම විශේෂයෙන්ම ඉතා සුභවේ. දුකද සැපද දෙකම දෙන ග්‍රහතරුව පිළිබඳව මෙවැනි කෙටි ලිපියක්‌ ලියා අවසන් කිරීමට නොහැක.

ඒරාෂ්ටක
ඒරාෂ්ටක

ඉහත කී ශනි අපලයට බුදුවරු දස නමක්‌ දිශාගත කොට දේශනා කර ඇති දස දිසා පිරිත නිතර භාවිතා කිරීමත් නිර්මාංශ ආහාර ගැනීමත් භාවනා යෝගීව සිත සන්සුන් කර ගැනීමත් කපුටන්ට හා සත්වයන්ට උදේ සවස ආහාර දීමත් දස දිසා යන්ත්‍රය 1000 වර පිරිත් කොට පැළඳීමත් සතියකට දෙවරක්‌වත් බෝධි පූජා තබා විෂ්ණු දෙවියන්ට පිං දීමත් මගින් මාරක අපල නඩු හබ සතුරු කරදර අණ විණ හදිසි අනතුරු වලකා ඉතා සාර්ථක ජීවිතයක්‌ ගත කිරීමට සෙනසුරු ඒරාෂ්ටකයට ගොදුරු වූ ඕනෑම අයකුට හැකියාව ඇති බව අත්දැකීමෙන් ප්‍රකාශ කළ හැක.

මහා බලවත් දස දිසා යන්ත්‍රය

ඒරාෂ්ටක

* මෙම පිරිත භාවිතා කිරීමේදී තමා වෙනුවෙන් කියන විට මය්හං කියාද අනුන් වෙනුවෙන් කියන විට තුය්හං කියාද භාවිතා කරන්න.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here