සෙනසුරු කියන තරම් නරකද?

0
917
සෙනසුරු
සෙනසුරු

[ratings]

ග්‍රහයන් අතරින් කවුරුත් හොඳින් හඳුනන මෙන්ම බිය දක්‌වන එකම ග්‍රහයා ශනි හෙවත් සෙනසුරුය. උගත් නූගත්, වැඩිම දෙනෙක්‌ ශනි ගැන ඇසීමට පවා බිය වෙති. ශනි අශුභව සිට මහ දශාව හෝ අන්තර් දශාවක්‌ ලැබූ විට සහ අශුභ ශනිගේ ඒරාෂ්ඨක නිසා විපතට පත්වූවන් සම්බන්ධව දන්නා බැවින් එසේ බිය වෙති.

එහෙත් ශුභව සිටි අයට ලබන ශනි දශාව සහ අන්තර් දශාවලදීද, ශුභව සිටි ශනි ඒරාශ්ටකවූ අවස්‌ථාවලදී ශුභ ඵල ලැබීම් සහ අශුභ ඇති නොවූ අවස්‌ථා දන්නේ ඉතා අඩුවෙනි. එයටද හේතුවක්‌ තිබේ. සතුටින්, සැහැල්ලුවෙන්, ප්‍රීතියෙන් සිටින රැකියා, ව්‍යාපාර සාර්ථකව කරන ගෙදර දොර කටයුතු හොඳින් කරන, ඉගෙනීම් හොඳින් කරන කිසිවකු ජන්ම පත්‍ර හෙවත් කේන්ද්‍ර පරීක්‍ෂාවක්‌ සමාන්‍ය වශයෙන් කරන්නේ නැත. ඒ අනුව එලෙස හොඳින් ගත කරන අය තමාට සෙනසුරුගේ දශා හෝ ඒරාෂ්ඨක ලබා ගෙවී ගිය බව බොහෝ විට දන්නෙ නැත.

සෙනසුරු අශුභව නරකට සිටියදී ලබන දශා ඒරාෂ්ඨක වලදී කරදර, බාධා, පීඩා, විපත් දැනේ. එවිට කේන්ද්‍රය පරීක්‍ෂා කරන විට එම අශුභ කියන බැවින් ශනිගේ අශුභ පමණක්‌ කවුරුත් දනිති. එනිසාම කේන්ද්‍රයක්‌ බැලුවොත් කියන්නේම අශුභයයි කියන පිරිසක්‌ ද සිsටිති. අප දන්නා පරිදි අපල ඇතත් නැතත් කේන්ද්‍රය පරීක්‍ෂා කරන්නේ ඉතාමත් සුළු පිරිසකි. අපල නැති කාලවලදී අපල, අශුභ නොකියන බව ද ඒ අය දනිති.

ඒ අනුව සෙනසුරා ලැබූ පමණින් කිසිවකුට කරදර අසහන ප්‍රශ්න අසනීප ආදී විපත් සහ අභාග්‍යසම්පන්න අවස්‌ථා ඇති වේ යෑයි කිසිසේත් බිය විය යුතු නැත.

සොරුන්, මංකොල්ලකරුවන්, දූෂකයන්, භීෂකයන්, කොතෙත් ඇතත් ඔවුන් ඔවුන්ගේ නොමනා ක්‍රියාව කල් යල් බලා සුදුසු තැනදී කරයි. එලෙසම සෙනසුරු ද අශුභව සිටි සහ අශුභව ගමන් කරන කාලවලදී පමණක්‌ විපත් සිදු කරයි. උගත්, බුද්ධිමත් මැනවින් ශාස්‌ත්‍රය අවබෝධකරගත් ජ්‍යෙdතීර්වේදියා නිස්‌කාරණයේ මිනිසුන් බිය කරන්නේ නැත. උපතේදී ශනි උච්ච, නීච, මිත්‍ර, සතුරු ආදී වශයෙන් සිටි ආකාරය බලා කේන්ද්‍රය හිමියාට ලැබෙනුයේ ශුභද? අශුභද? යන්න තීරණය කළ හැකිය.

එලෙස ශුභ ඵල ලැබෙන බව කීවද ශනිගෙන් ශුභ ඵල වලට වඩා අශුභ ඵල ලැබෙන බව කිව යුතුය. ශුභව සිටි අවස්‌ථාවලදී වුවද උපතින් සිටි ස්‌ථානයට සුළු හෝ පීඩාවක්‌ කිරීම ශනිගේ ස්‌වභාවයයි. සැපදායක ලෙස ජීවිතය ගතකිරීමට සියලු සත්ත්වයෝ කැමති වෙති. උත්සාහ කරති. එයින් සෙසු සත්ත්වයන්ට වඩා මිනිසා බෙහෙවින් වෙහෙසෙති. එලෙස දියුණු වීමට උසස්‌වීමට සැප ලැබීමට සෙනසුරු උපකාර කරන අතරම ජීවිත අවුල් කිරීමටද ඉඩ සලසති.

රවි – ශනි හැර සෙසු සියලු ග්‍රහයන් උච්චවීමෙන් ශුභ ඵල සහ නීච වූවිට අශුභඵලම දෙති. ශනි – රවි උච්ච වීමෙන් එක්‌ ආකාරයක ශුභ ඵල මෙන්ම නීච වීමෙන් වෙනත් ආකාරයක ශුභ ඵල ලබා දේ.

සෙනසුරුගෙන් වන ශුභ අශුභ බැලීමට ප්‍රථම ශනිගේ ස්‌වභාවය ද දැනගත යුතුය. තාරකා විද්‍යාවට අනුව ශනි හෙවත් සෙනසුරු ග්‍රහ වස්‌තුවකි. ජ්‍යෙdතිෂ විද්‍යාවට ග්‍රහයෙකි. තවත් ආකාරයකින් බලන විට ප්‍රාණය හිමියෙකි. රවිගේ පුත්‍ර ලෙසද, යාචකයා ලෙස ද අංගවිකල රෝගියෙකු ලෙසද හඳුන්වා ඇත. ඔහුගේ ස්‌වභාවය දුප්පත්කම, අවාසනාව, උදාසීන කම්මැලිකම, ශරීරය කෘෂ කිරීම. බලාපොරොත්තු කඩවීම, ආදී අශුභම දක්‌වා ඇත. වැටීම්, තැලීම්, අනතුරු, තුවාල හෝ ශල්‍යකර්ම කරවීම, තදබල වාත රෝග සහ තද වේදනා දෙන රෝග, කල් පවතින, ඉක්‌මනින් සුව නොවන රෝග සෙනසුරුට අයත් වේ.

සෙනසුරු නීචව, සතුරුව හෝ අශුභව සිටින විට ඉහත රෝග, හානි, අනතුරු ඇතිවේ. ඉතා අශුභව සිටි සෙනසුරුගේ දශාකාල හෝ ඒරාෂ්ඨක කාලවලදී තදබල විපත් සිදුවේ. මරණය වුවද සිදුවිය හැක. එනිසාම සෙනසුරුට මිනිසා බියවීම අරුමයක්‌ නොවේ. එම අශුභ ඇතත් ශනි නීචව සිටිවිට මෙලොව දියුණුව ලැබීමටද හැකිවේ.

උච්චව සිටි විට බුද්ධිමත් බව, නීතිගරුක, යුක්‌තිගරුක බව, ආගමික භක්‌තිය ඇතිවේ. ධාර්මික බව නිසා පරලොව යහපත සැලසේ. ලෙඩ දුක්‌ පීඩා මඟ හරවන නමුදු මෙලොව දියුණුවට බාධා ඇතිවේ.

ඒ අනුව ලෞකික ජීවිතයට අදාළව බැලීමේදී මෙලොව දියුණුවට සෙනසුරු නීචවීම යහපත් වේ. ධන ලාභ ලැබේ. එය තවත් විදිහකින් බලන විට දුක්‌ දෙන සෙනසුරු දුර්වලව නීචවීම නිසා ඔහුගෙන් වන පීඩා මගහැරී ඊට විරුද්ධව ප්‍රතිඵලය වූ දියුණුව ලැබේ.

දුක්‌ දෙන සෙනසුරු උච්චවීමෙන් මෙලොව සැප අඩුකර සැපතට වඩා ධාර්මික බවට යොමුකර පරලොව සාර්ථක බව ලබාදේ. සෙනසුරු පොදු වශයෙන් අශුභ වුවද ශුභව සිටි විට ශුභඵලද ලැබේ.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here