හතර කේන්ද්‍රය පාළු වූ පමණින් ජීවිතය පාළු නොවේ

3050
හතර කේන්ද්‍රය
හතර කේන්ද්‍රය

[ratings]

ශුභ හෝ අශුභ ප්‍රතිඵල ගෙන දෙන ඇතැම් ග්‍රහ පිහිටීම්, ග්‍රහ සංයෝග, ග්‍රහගෝචර පිළිබඳව ජ්‍යෙdතිෂයේ සඳහන් වේ. ඒ පිළිබඳව වර්තමාන ජන සමාජය තුළ යම් අවබෝධයක්‌ පවතී. විද්යුත් මාධ්‍ය තුලින් මෙන්ම මුද්‍රිත මාධ්‍ය තුලින්ද ජ්‍යෙdතිෂය පිළිබඳව පුළුල් කතිකාවක්‌a ඇතිවන නිසාවෙන් වෙනදාට වඩා හැම දෙනෙක්‌ම ඒ පිළිබඳ දැනුවත්ය. මෙහිදී බොහෝ දෙනෙක්‌ ශුභ යෑයි සම්මත දේට වඩා අශුභ ග්‍රහ සංයෝග පිළිබඳ දැනුමකින් යුක්‌තවේ. මේ අතර නම ඇසූ පමණින් බියට පත්වන සෙනසුරු ඒරාෂ්ටකය, භෞම දෝෂය (කුජ දෝෂය), විෂකන්‍යා යෝගය, කාලසර්පයෝගය, හතර කේන්ද්‍රය පාළුවීම වැනි අංශ ප්‍රධාන තැනක්‌ ගනී.

මේ කරුණු අතර සෙනසුරු ඒරාෂ්ටකය පොදුවේ සෑම දෙනාටම බලපාන සාධකයක්‌ වුවත් අනෙක්‌ කරුණු උප්පත්ති කේන්ද්‍රය අනුව තීරණය කළ යුතු සාධකවේ. නැත්නම් උප්aපත්ති කේන්ද්‍රයේ පිහිටි ග්‍රහයන් විසින් පිළිඹිබු කරනු ලබයි. ඒ තුළ විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක්‌ ලෙස ශ්‍රී ලංකාවේ වෙසෙන බොහෝ පිරිසකට විවාහ දිවියට ඇතුළත් වීමේ ප්‍රබල බාධාවක්‌ වී තිබේ. වර්තමානයේ ජ්‍යෙdතිෂවේදීන් පවා එවැනි පිහිටීමක්‌ දුටු පමණින් සෘණාත්මක අදහස්‌ මෙන්ම අවිනිශ්චිත තත්ත්වයන්, අනියත බියකරුතත්වයක්‌ මතු කරනු ලබන නිසාවෙන් නිසි වයස පසුකරමින් විවාහ දිවියට ඇතුළත් වීමට නොහැකිව ජ්‍යෙdතිෂයටත්, ජ්‍යෙdතිෂවේදීන්ටත් ශාප කරමින් සිටී. මෙම ලිපියේ අරමුණ හතර කේන්ද්‍රය පාළු වීම පිළිබඳව ඔබව දැනුවත් කිරීම වන අතර එය ඔබටත් ඔබේ හිතවතුන්ටත් සතර කේන්ද්‍රය පාළු සහිත ජන්මපත්‍ර හිමි ලක්‍ෂ සංඛ්‍යාත පිරිසටත් යම් සහනයක්‌ වනු නොඅනුමානය. තවද අතීත සෘෂිවරුන්ගෙන් පැවත එන මෙම උතුම් ශාස්‌ත්‍රය ප්‍රගුණකොට තමන් වෙත පැමිණෙන සේවාදායකයන් වෙත නිවැරදි කරුණු අවබෝධ කරදීමට ලක්‌දිව පුරා විසිරුණු ජ්‍යෙdතිෂවේදීන්ට අත්වැලක්‌ වීමය.

හතර කේන්ද්‍රය පාළුවීම යනු විෂ්ණු ස්‌ථානය නොහොත් කේන්ද්‍රස්‌ථානවල ග්‍රහයන් තැන්පත් නොවීමයි. එනම් 01, 04, 07, 10 යන ස්‌ථානවල වේ. මෙහි දැක්‌වෙන කේන්ද්‍ර සටහනෙන්a එය ඔබට මනාව පැහැදිලි වනු ඇත. එම ජන්ම පත්‍රයේ 01, 04, 07, 10 යන කොටු තුළ ග්‍රහයන් පිහිටා නොමැති නිසා කාලසර්ප යෝගය සහිත කේන්ද්‍රයකි. කේන්ද්‍රයක පළමු කොටුව හෙවත් ලග්නයෙන් පුද්ගලයකුගේ ආත්ම විශ්වාසය ධෛර්ය හා මුළු ජීවිතක්‍ෂය ගැන කියවේ. හතර වැන්නෙන් මව පිළිබඳව ද ගේදොර යාන වාහන වැනි සම්පත් පිළිබඳව ද කියෑවේ. 07 වැන්නෙන් විවාහය යුගදිවිය ගැන කියවෙන අතර 10 වැන්නෙන් පියා ගැන හා රැකියාව පිළිබඳව කියෑවේ. ඉහත දැක්‌වූ කරුණු මෙලොව වෙසෙන සෑම අයකුටම අත්‍යවශ්‍ය සාධක වේ. එබැවින්a කේන්ද්‍රස්‌ථානවල එවැනි ග්‍රහයන් පිහිටියේ නැතිවිට ලෞකික සම්පත් අහිමිවේය යන නිගමනවලට එළඹීම කොතරම් යුක්‌තිසහගතද යන්න ඔබම තීරණය කිරීම වැදගත්ය. මෙම කේන්ද්‍රස්‌ථාන 04 ම වැදගත්කමක්‌ උසුලනු ලබයි නම් එක්‌ කොටුවක පමණ ග්‍රහයන් පිහිටීම තුළ හතර කේන්ද්‍රය පාළුව මග හැරී කෙසේ සිදුවේද? උදාහරණයක්‌ ලෙස 10 වැනි කොටුවේ පමණක්‌ ග්‍රහයන් පිහිටා 01, 04, 07 ස්‌ථානවල ග්‍රහයන් නොමැති නම් ඒ අයට රැකියාවක්‌ පමණක්‌ හිමිය. නිවාස, විවාහය වැනි සම්පත් අහිමිද යන්න නිවැරදි මනසකින් සිතා බැලිය යුතුය. මන්ද බොහෝ දෙනා හතර කේන්ද්‍රය පාළුවීම අර්ථදක්‌වන්නේ එවැනි අය කාලකණ්‌ණි බවත් ලෞකික පැතිකඩට වඩා ලෝකෝත්තර පැතිකඩ සුබ බවත්ය. එවැනි අය ගිහි සැප අතහැර මහණ දම් පිරිය යුතුය යන්න බොහෝ දෙනාගේ නිර්දේශය වී තිබේ. අතීතයේදී විවාහාදී කටයුතු බොහෝමයක්‌ සිදු වුණේ යෝජිත විවාහයන් ලෙසිනි. එහිදී ජ්‍යෙdතිෂවේදියා ප්‍රධාන විනිසුරු බවට පත් වී ජන්ම පත්‍ර පරීක්‍ෂා කොට විවාහය තීරණය කිරීම හෝ නොකිරීම කරන ලදී. එහෙත් අද සමාජය තුළ එම තත්ත්වය වෙනස්‌ වී තිබේ. වසර ගණනක සිට දැන හැඳින ගෙන ආශ්‍රය කර අවසානයේ ජ්‍යෙdතිර්වේදියා වෙතට පැමිණේ. එහිදී විවාහ අපේක්‍ෂිත අයත් දෙපාර්ශ්වයේ වැඩිහිටි ආදීන් පවා අපහසුතාවන්ට පත්වන අවස්‌ථා බොහෝ ඇත. ඇතැම් ජ්‍යෙdතිෂවේදීන් ජන්ම පත්‍රය අතට ගත් විගස “මේ කේන්ද්‍රය හතර කේන්ද්‍රය පාළු කේන්ද්‍රයක්‌ මේ කටයුත්ත කරන්නට එපා” යන්න මිනිත්තු කිහිපයක්‌ ඇතුළත පැවසීම මෙම උතුම් ශාස්‌ත්‍රයේ පැවැත්මටද බාධාවක්‌ වේ. වාණිජමය වටිනාකම්වලට පමණක්‌ මුල්තැන නොදී තමන් වෙත ලැබෙන ජන්ම පත්‍රය හොඳින් පරීක්‍ෂාකොට ග්‍රහයන්ගේ පිහිටීම් දෘෂ්ටි නැකැත් පාදස්‌මුඛ ආදියත් යෝග ආදිය ගැනත් සැලකිලිමත් නොවී ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්‌වීම කොතරම් අභාග්‍ය සම්පන්නද? මෙහිදී පළමුකොටම කළ යුතු දෙය නම් එම උපන්දිනයට උපන් වේලාවට හා උපන් දිස්‌ත්‍රික්‌කයට නිවැරදි ලෙස ජන්ම පත්‍රය පිළියෙල කර ඇතිද යන්න නිශ්චය කර ගැනීම වේ. කාලසර්ප යෝගය යෙදී තිබුණද ජීවිත අභාග්‍ය සම්පන්න නොවේ. ජන්ම පත්‍රයේ අනෙක්‌ ග්‍රහ පිහිටීම් පිළිබඳව අවධානය යොමුකළ යුතුය.

1. ජන්ම පත්‍රයේ කේන්ද්‍රස්‌ථානවල ග්‍රහයන් නොමැති වුවත් එම ජන්ම පත්‍රයට අදාළ චන්ද්‍ර කේන්ද්‍රයේ කේන්ද්‍රස්‌ථානවල ග්‍රහයන් පිහිටා ඇත්නම් හතර කේන්ද්‍ර පාළුව අහෝසි වේ.

2. එසේම ජන්ම පත්‍රයේ 05 වැන්න හා 09 වැන්න අධිපතීන් 05 වැන්නේ හෝ 09 වැන්නේ යෙදී තිබී නම් හතර කේන්ද්‍ර පාළුව අහෝසි වේ.

3. තවද 01, 04, 07, 10 යන කේන්ද්‍රස්‌ථානවලට අධිපති ග්‍රහයන් යහපත් තැන්වල පිහිටීමෙන්ද දෝෂ අහෝසි වේ.

4. කේන්ද්‍රස්‌ථානවල ග්‍රහයන් නොමැති වුවද අන් ස්‌ථානවල ග්‍රහයන් සංයෝග වීම සමසප්තම වීම වැනි තත්ත්වයක්‌ තුළ සිංහාසන යෝගයක්‌ වැනි තත්ත්වයන්ද ඇති කළ හැකි බැවින් දෝෂ අහෝසි වේ.

5.යෝගකාරක ග්‍රහයන් ලග්නාධිපති සමග 02, 11 වැන්නේ බලවත්ව ප්‍රබල ධනයෝග උදාකොට ලෞකික සැපසම්පත් වර්ධනය වේ.

6. තවද 09 වැන්නාධිපති හා 10 වැන්නාධිපති මඟින් ඇතිවන ධර්මකර්මාධිපති රාජ යෝග තත්ත්වයන් පවා යෙදී තිබේ නම් ඉතාමත් යහපත් ජීවන තත්ත්වයක්‌ ගෙන දේ. උදාහරණ ලෙස කන්‍යා ලග්න හිමියකුගේ ජන්ම පත්‍රය හතර කේන්ද්‍රය පාළු වුවත් සිකුරු, බුධ සංයෝගව පවතීනම් ධර්ම කර්මාධිපති රාජයෝගය උදාවේ.

මේ ආකාරයට දක්‍ෂ ජ්‍යෙdතිෂවේදීන් හට හතර කේන්ද්‍රය පාළුවීම පිළිබඳව නිවැරදි කරුණු අවබෝධ කර ගත හැකි අතර කේන්ද්‍රය පාළු වුවත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ ඉහළ නිලතල දැරූවන්ද සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ද, දේශපාලනඥයන් ද උපත ලබා ඇති අතර ඒ අය ජීවිතයේ යහපත් අධ්‍යාපනයක්‌ පවුල් ජීවිතයත් ගත කරමින් සමාජයටද ඉමහත් සේවාවක්‌ කරන ලදී.

හතර කේන්ද්‍රය පාළු යෑයි කියා කුඩා දරුවන් මහණ කිරීම විශාල පාපයකි. මහණ නොවී සිටීම පාපයක්‌ නොවේ. මහණවී සිවුරු පැළඳ වැරදි කටයුතු කිරීම, සිවුරු අත්හැර යැම් වැනි තත්aත්වයන් ඇති කරනු ලබයි. මේ පිළිබඳව ඔබේ අවධානය යොමු කළ යුතු වේ. ගතානුගතික අදහස්‌ වලින් පිරිපුන් ජ්‍යෙdතිෂවේදියා කී පමණින් දරුවන් මහණ කිරීමෙන් වළකින්න. එය එම දරුවාටත් උතුම් වූ බුද්ධ ශාසනයටත් කරනුq ලබන මහත් වූ විනාශයකි. එසේ කිරීමෙන් සිදුවන්නේ හතර වර්ගයම නිවන් යැම වෙනුවට හතර වරිගය ම අපාගත වීමකි. තවද අළුත උපන් දරුවකුගේ ජන්ම පත්‍රය පිළියෙළ කරනු ලබන ජ්‍යෙdතිෂවේදියා සියලුම ඥතීන් ඉදිරියේ මේ දරුවාගේ ජන්ම පත්‍රය හතර කේන්ද්‍රය පාළුයි ලැබීම්වලට යහපත් නොවේ යෑයි හරි උද්දාමයකින් යුක්‌තව පවසන අවස්‌ථා ඇත. එම මොහොතේ සිට බොහෝ පිරිසක්‌ වෙතින් හයහතර නොදත් දරුවා කෙරෙහි ඇති කරනු ලබන්නේ සෘණාත්මක දෘෂ්ඨියක්‌ වන අතර වැඩිහිටි ආදීන්ගේ මෝඩකම්වලට ස්‌වාභාවික හේතුන් මත එම පවුලේ සිදුවන අයහපත් සිදුවීම් සඳහාද ඉහත කී දරුවාගේ හතර කේන්ද්‍රය පාළුවම හේතුවිය යෑයි පැවසීම දක්‌නට ලැබේ. එබැවින් ජ්‍යෙdතිෂවේදීන් ඔවුන්ගේ යුතුකම් වගකීමෙන් යුක්‌තව ඉටුකිරීමටත් මහජනතාව වශයෙන් ජ්‍යෙතිෂවේදියාගේ දැනුම පිළිබඳ අවබෝධ කරගෙන පවසන අනාවැකි මනා අවබෝධයෙන් විශ්වාස කිරීමටත් කාලය එළඹ තිබේ.

We found this article from Divaina on 2012/06/15.
Also Sinhala to English Google word to word translation can be found here