හොඳට හොඳ නරකට නරක බුධ

2725
හොඳ
හොඳ

සෞරග්‍රහ මණ්‌ඩලයේ කුඩාම ග්‍රහ තාරකාව ලෙස හැඳින්වෙන බුධ රවිට ඉතාම ආසන්න ග්‍රහයාද වේ. ජ්‍යෙතිෂ්‍ය ශාස්‌ත්‍රයට අනුව ඥන කාරක ග්‍රහයා බැවින් නුවණින් කරන සියලු කටයුතු බුධගේ පිහිටීම අනුව සිදු වේ. බෝධන, සිසිපුන්, සෞම්‍ය, ශාන්ත යන නම්වලින්ද හඳුන්වනු ලබන බුධ ග්‍රහයා චන්ද්‍රයාගේ පුත්‍රයා ලෙස “චන්ද්‍රපුත්‍ර” යනුවෙන්ද හඳුන්වනු ලැබේ.

ද්වි ස්‌වභා ග්‍රහයකු ලෙස හැඳින්වෙන බුධ තමා සමග යෝග වූ කවර ග්‍රහයකුගේ හෝ ගති සිරිත් අසුලාගෙන ඒවා තමා වෙත ආරෝපණය කර ගැනීමට පසුබට නොවන අතර එහි ප්‍රතිඵල ලෙස ශුභ ග්‍රහයකු හා යෝග වූ විට ශුභ ඵලද අශුභ ග්‍රහයකු හා යෝග වූ විට අශුභ පලද ජන්මීන් වෙත උදාකරයි.

කන්‍යාවට උච්ච වී මිථුනයට ස්‌වක්‍ෂේත්‍රව මීනයේදී නීචත්වයට පත්වන බුධ ග්‍රහයාට රවි එකතු වීමෙන් අති ප්‍රබල යෝගයක්‌ වන්නා වූ බුධ ආධිත්‍ය යෝගය නිර්මාණය වේ. බුද්ධිමතුන්, කලාකරුවන්, ධනවතුන්, මුද්‍රණකරුවන්, ලේඛකයන් ඉහත කී යෝගයෙන් පෝෂණය වී සමාජයේ අන්‍යයන් අතර කැපී පෙනෙන බලවතුන් බවට පත්වන අතර බුධ ලග්නගත වූ කල්හිද බුද්ධිමත් භාවයෙන්ද, උපායශීලී කෞෂල්‍යයකින්ද හෙබි අයවළුන් බවට පත්වේ.

බුධ බලවත් ලෙස යහපත් අයුරින් කේන්ද්‍රයක පිහිටීමෙන් ඥනවන්තයෝ බිහිවන අතර නීතිවේදීන්, යන්ත්‍ර මන්ත්‍රකරුවන්, ගණිතඥයන්, කථිකාචාර්යවරුන්, ලේඛකයන්, චිත්‍ර ශිල්පීන් වැන්නෝ එකී බුධගේ බලය ලැබුවෝ වෙති.

තරුණ පෙනුම, ප්‍රසන්න වූ කතා විලාශය, විනෝදයට හා විහිළුවට නැඹුරු අධ්‍යාපන කටයුතුවල නියෑලීමේ දැඩි කැමැත්තක්‌ දක්‌වන පැහැදිලි මතකයක්‌ හා මනා බුද්ධියක්‌ පිහිටි සිල්වත්කමින් හෙබි සියුම් කර්මාන්ත කෙරෙහි ඇළුම් කරන, ධෛර්ය සම්පන්න බව හා කාන්තා පාර්ශ්වය කෙරෙහි දැඩි නැඹුරුවක්‌ දැක්‌වීම බුධ හා සම්බන්ධ ගති ලක්‌ෂණයක්‌ ලෙස දැක්‌විය හැකිය.

යම් කේන්ද්‍රයක මිථුන රාශියේ හෝ කන්‍යා රාශියේ බුධ තැන්පත් වී සතර කේන්ද්‍රය තුළ සිටී නම් භද්‍රනම් පංච මහා යෝගය උදාවේ. එබැවින් එවැනි පිහිටීම් ඇත්තෝ පොත්පත් වෙළෙ¹ම හා අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සියලු උපාංග වෙළෙ¹මෙහි දක්‌ෂ එතුළින් දියුණුවට පත්වන්නෝ වෙති.

පල්ලි, පාඨශාලා, උයන්, ගුහාවන් මෙන්ම උතුරු දිශාවද බුධ ගෙන් පාලනය වන අතර බුධ අධිපති වන්නා වූ ද්‍රව්‍යයන් අතර කොළපාට මැණික්‌ (එමරල්ඩ්), ඊයම්, තෙල් ලබාගන්නා ඇට වර්ග, වතුර ටැංකි, මුදල්, මිශ්‍ර ලෝහ දැක්‌විය හැකිය.

බුද්ධිය, කථාව, දැනුම, තර්ක ශක්‌තිය, මතකය, ගුප්ත විද්‍යා හා ජ්‍යෙතිෂ්‍ය දැනුම, දඟකාර බව, උඩඟු බව, විදේශ සබඳතා, හදිසි අනතුරු, ගුවන් ගමන්, ගායනය, ශල්‍යකර්ම, වෙළෙ¹ම, කලාව, වාග් විලාසය, පර්යේෂණ යන සංකල්ප බුධ වෙතින් නිවේදනය වන අතර බාල සහෝදර සහෝදරියන්, මාමාවරුන්, මවගේ පියා හා පිය පක්‌ෂයේ ඥතීන් වෛද්‍යවරුන්, වෙළෙන්ඳන් හා අශ්වයන් බුධගේ පාලනයට නතුවූවෝ වෙති.

මිනිස්‌ සිරුරේ මොළය, උගුර, දිව, ස්‌නායු පද්ධතිය, තෛරොයිඩ් ග්‍රන්ථිය, බෙල්ල බුධ ග්‍රහයාට අයත් ඉන්ද්‍රියෝය. නපුංසක ග්‍රහයකු ලෙස සැලකෙන මෙකී ග්‍රහයා ඉතා කුඩා කෙට්‌ටු තලඑළලු ස්‌වරූපයකින් හෙබි අතර රේවතී, දෙට, අස්‌ලිය යන නැකැත් ත්‍රිත්වය හිමිය.

ශරීරයේ සියුම් ඉන්ද්‍රියන්හි ඇතිවන අසනීප, මානසික රෝග, බඩවැල්, පෙනහැලි, නහර, ස්‌නායු, මොළය ආදී ස්‌ථානයන්හි හටගන්නා රෝග බුධ ග්‍රහයාගෙන් නියෝජනය වන්නා වූ රෝගාබාධ ලෙස සැළකෙන අතර බුධ ග්‍රහයා අයහපත්ව පිහිටි කල ජන්මීන්ම මෙකී රෝගාබාධවලින් පීඩා විඳීමට සිදුවේ.

බුධ ග්‍රහයා දුබල වූ අවස්‌ථාවන්හි අදාළ ජන්මියා ගොළුවීම හෝ කථාවේදී ගොත ගැසීමත් අඥනයකු ලෙසත් මෝඩයකු ලෙසත් ක්‍රියා කිරීම පිළිබිඹු කෙරේ. අධ්‍යාපනය කඩාකප්පල් වන අතර වාචාල කතා විලාසයක්‌ පවතී. ක්‍ෂණික කෝපය අමතක වීම සමාජය නොමඟ යවන ස්‌ථිර ප්‍රතිපත්තියක්‌ නැති බියගුළු චරිතයකට හිමිකම් කියන අස්‌වාභාවික ලිංගික සබඳතාවලට යොමුවන අයකු වේ.

හොර පෙත්සම්, නිර්නාමික ලිපි, අප්‍රසිද්ධියේ මඩ ප්‍රචාර එල්ල කරමින් කේළම් කියමින් එකිනෙකා කෙටවීමෙන් තෘප්තිමත්ව දිවි ගෙවීම, රහස්‌ උපක්‍රම හා කුමන්ත්‍රණ, බොරුව, වංචාව, රැවටිලි බව හා හොර අත්සන් තැබීම බුධගේ අපරාධකාරී අයුතු ක්‍රියාවන්ය.

බුධ අපලය සඳහා ශාන්ති කර්ම

* බුධ යනු දිවා රෑ දෙකටම අධිපති ග්‍රහයෙක්‌ බැවින් බුධගේ අපලය දුරුවීම සඳහා සිදු කරන්නා වූ සියලු පුද පූජාවන් දවසේ ඕනෑම වේලාවක සිදුකළ හැකියි. එහෙත් පුර පක්‌ෂයේ බුධ දිනක බුධ හෝරාවෙන් එනම් පෙ.ව. 6.00 සිට 7.00 දක්‌වාත්, ප.ව. 8.00 සිට 9.00 දක්‌වා කාලයේදී සිදු කිරීමෙන් විශිෂ්ට ප්‍රතිපල ලබාගත හැකිය.

* මරකත මැණිකක්‌ ඇල්ලූ රන් මුදුවක්‌ දකුණු අතේ සුළැඟිල්ලේ පළඳින්න. නැතහොත් රනින් සෑදූ කොහොඹ කොළයක ආකෘතියකට මරකත මැණිකක්‌ අල්ලා ගෙල පළඳින්න.

* ශිව සිදම්බර යන්ත්‍රය, විෂ්ණු ආඝෝරය හෝ නීල මණ්‌ඩල යන්ත්‍රය පැළඳීමෙන් අපල දුරු වේ.

* නිල් පැහැති මල්, නාමල් පූජා කරන්න. ආතුරගේ නමින් බුධගේ අපල දුරුවේවා යන්නෙන් ලියූ කොළ පැහැති තිරයක්‌ හා මල් මාලයක්‌ බෝධියේ උතුරු දෙසින් එල්ලන්න.

* පිහිට පැතිය යුත්තේ බුධ අධිපති විෂ්ණු දෙවියන්ගෙන් බැවින් ගිතෙල් හා අබතෙල් මිශ්‍ර පහන් 7 ක්‌ විෂ්ණු දෙවියන්ට හා ඉෂ්ට දේවතාවන්ට තබා පිං අනුමෝදන් කරන්න.

* නාමල් රේණු, නෙළුම් අල, විළඳ, ගෝරෝචන, මීපැණි, දීකිරි, ගිතෙල් යන ඖෂධ නැවුම් කළයකට දමා පැය 12 ක්‌ පමණ තබා පෙරා උදෑසන ස්‌නානය කරන්න.

* ගෙවත්තේ උතුරු දිසාවේ කොහොඹ පැළයක්‌ සිටුවා සාත්තු කරමින් ස්‌පර්ශ කරන්න. මීට අමතරව නිල්, කහ මල් වර්ග සිටුවීමෙන්ද අපල දුරුකර ගෙන සෙත සලසා ගත හැකිය.

* දිනපතා රාත්‍රී නින්දට පෙර ආගමික වතාවත්වලින් පසු “සබ්බ පාපස්‌ස අකරණං” ගාථාව 108 වරක්‌ කියා පහත දැක්‌වෙන බුධ ස්‌තෝත්‍රය හා සෙත් කවිය 9 වරක්‌ ගායනා කිරීමෙන් බුධගෙන් වන්නා වූ අපල දුරු කරගෙන සෙත සලසාගත හැකිය.

බුධ ස්‌තෝත්‍රය

උත්පාත රූපො ජගතාං
චන්ද්‍ර පුත්‍රො මහා දසුනිං
සූර්ය ප්‍රිය කරො විද්වන්
පීඩං හරතු මේ බුධං

සෙත් කවිය

අමත නිවන් මග තිලොවට පහදා
සැපත නිවන් රස ලැබදී නොමදා
සුගත සුගත මුනි තෙදබල විහිදා
බුධ ග්‍රහ අපලය දුරලන් සැමදා

We found this article from Divaina on 2012/11/16.
Also Sinhala to English Google word to word translation can be found here