අත්ලෙන් සහ කේන්දරයෙන් හෘදයාබාධ හඳුනාගනිමු

2143
හෘදයාබාධ
හෘදයාබාධ

[ratings]

හෘදයාබාධ හෙවත් පපුවේ අමාරුවලින් අපේ රටේ විශාල ජන කොටසක්‌ මියයන වග රහසක්‌ නොවේ. මෙම මාරාන්තික රෝගය කල්තබා හඳුනා ගතහොත් ප්‍රතිකාර මගින් සුවකළ හැකි වේ. කෙනෙකුගේ කේන්දරයෙනුත්, අත්ලේ ඇතැම් රේඛාවලිනුත් මෙම රෝගය හඳුනාගැනීමේ ඉඩකඩ පවතී.

සාමුද්‍රිකා ශාස්‌ත්‍රය හෙවත් දෑතේ පිහිටි රේඛාවලින් සාස්‌තර කීම මගින් රෝග හඳුනාගත හැකි ක්‍රම පවතී. දැනට අප අසල්වැසි ඉන්දියාවේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්‌ තමාගේ අත්දැකීම් මගින් පවසනුයේ කෙනෙකුගේ ඇඟිලි වල නියපොතු අස්‌වාභාවික ලෙස “කුඩා” නම් ඔහුට/ඇයට හෘද රෝග වැළඳීමේ වැඩි ප්‍රවනතාවක්‌ පවතින බවයි. තවද දිගටි වූ, විශාල වූ නියපොතු තිබෙන අත්ල හිමි තැනැත්තෝ ශ්වසන රෝගවලින් පෙළෙන්නන් බවද සොයාගෙන ඇත.

දියවැඩියා රෝගය හෘදයාබාධ ඇති කිරීමෙහිලා හේතුවක්‌ වුවද එවැනි රෝගීන්ගේ හස්‌ත රේඛාවලින් හෝ නියපොතු ආදියෙන් හෝ රෝගය හඳුනාගත නොහැකි බව යටකී හෘද රෝග වෛද්‍ය විශේෂඥයාගේ මතයයි.

කෙනෙකුගේ කේන්දරයේ 5 වැන්නාධිපති ග්‍රහයා 6-8-12 අධිපතීන් සමග හෝ අධිපතියෙකු සමග හෝ යෝග වී සිටියහොත් හෘදයාබාධ වැළඳීමට ඉඩ තිබෙන බව සොයාගෙන තිබේ.

තවද හෘදය වස්‌තුව නියෝජනය කරන සිංහ රාශිය හා එය අධිපති රවි ග්‍රහයාද කේන්දරයේ පීඩාවට පත්ව සිටියහොත් ඔහුට/ඇයට හෘදය හා සම්බන්ධ රෝග හටගන්නා බව ප්‍රකාශිතය. ප්‍රාණය අයත් හිරු කේන්දරයේ වෙනත් පාප ග්‍රහයන් විසින් පීඩා කිරීමද කෙනෙකුගේ ප්‍රාණය ප්‍රහීන කිරීමට හෙවත් දුර්වල කිරීමට හේතුවක්‌ වේ.

සූර්යෝදයත් සමග ජන්ම ලාභය ලබන සෑම කේන්දර හිමියෙකුම ස්‌වකීය ජීවිතය නිරෝගීව, විශේෂයෙන් හෘදයාබාධවලින් තොරව ගත කිරීමට භාග්‍ය ලබන්නෝ වෙති. හිටපු ජනාධිපති ෙ-. ආර්. ජයවර්ධන මහතා සූර්ය උදාවෙන් පසුව කොළඹදී කන්‍යා ලග්නයෙන් උපන්නෙකි. එතුමා ඉතා යහපත්, නිරෝගි ජීවිතයක්‌ ගත කළ බව අප දනිමු. එතුමා ප්‍රකාශ කර තිබුණේ තමන්ට බෙල්ලෙන් උඩ ඇතැම් විට සුළු රෝගාබාධ හටගත්තත්, තමා බරපතල රෝගාබාධයකින් නොපෙලුන බවයි. මෙය සත්‍යයකි. එතුමා වසර 89 ක්‌ පමණ ආයුෂ ගෙවා මියගියේද ගෙලෙන් උඩ හටගත් රෝගාබාධයකිනි.

වෛද්‍යවරුන් පවසන්නේ දුම්කොළ කුමන ආකාරයකින් හෝ පාවිච්චියට ගැනීම හෘද රෝග වලට අහිතකර බවයි. මත්ද්‍රව්‍ය පරිහරණය කරන්නන් වහාම මධ්‍යසාර ඉහළ ප්‍රතිශතයකින් යුතු මත්පැන් බීම අත්හිටුවා මිදි යුෂෙන් පෙරන ලද “වයින්” වැනි සැර අඩු බීමක්‌ සුළු වශයෙන් ගැනීමෙහි වරදක්‌ නැති බව වෛද්‍යවරු පවසන අතර එයද අත්හැර දමා කොල වර්ණයෙන් යුතු පළා වර්ග හැකිතාක්‌ දිනපතා ආහාරයට ගැනීමෙන් හෘද රෝග වළක්‌වා ගත හැකි බව කියති.

“ෆොaලික්‌ ඇසිඩ්” අඩංගු ඊ විටමින් සහ “ඔමේගා” 3 අඩංගු සෝයා බෝංචි ආහාරයට ගැනීමද හෘද රෝගීන්ට හිතකර බව බටහිර “ඇලොපති” වෛද්‍යවරු පවසති. බෙහෙවින් පළතුරු හා එළවළු අනුභවයද, ධාන්‍ය වර්ග හා මාළුන්ගේ බඩවැල් ආශ්‍රයෙන් නිපදවන කිසියම් තෙල් වර්ගයක්‌ ආහාරයට යොදා ගැනීමද සුදුසු බව වෛද්‍යවරු කියති.

යෝග ව්‍යායාම්වලට අමතරව ඉන්දියාවේ හින්දුන් මෙන් සූර්යෝදයේදී සූර්ය නමස්‌කාරය කිරීම හෘද රෝගීන්ට සුදුසු බව යෝගාවචර තැනැත්තෝ පවසති.

සූර්යයා කේන්දරයක බලවත්ව නොපිහිටා අති කේන්දර හිමියන් උදේ “සූර්ය නමස්‌කාරය” කිරීම සුදුසු බව අපගේ මතයයි. එවිට කේන්ද්‍රයේ පවත්නා රවිගේ පීඩාව මැකී යන්නේය.

අත්ලේ දක්‌නට ඇති “හෘද රේඛාව” අපැහැදිලිව, තද රතු පාටට, දම්වැලක්‌ පරිද්දෙන් පිහිටා තිබෙන අයට හෘද රෝග වැළඳීමේ වැඩි ප්‍රවණතාවක්‌ පවතී. දක්‌ෂ ශාස්‌ත්‍රඥයකුට හෘදය රේඛාව ආශ්‍රයෙන් කෙනෙකුට හෘද රෝග වැළඳෙන වකවානුව බොහෝ දුරට ප්‍රකාශ කළ හැකි වේ. “හෘදය රේඛාව” මැදින් කැඩී පවතින්නේ නම් එම වයස රේඛාවෙන් මැන බලා එකී වයස්‌ සීමාවේ අත්ල හිමියාට හෘදය රෝග හටගන්නා බව කිව හැකි වේ.

දියවැඩියාව හෘදය රෝගය ඇතිකිරීමට හේතුවක්‌ වන හෙයින් එම රෝගීන් පැපොල්, සුදුලූනු, රතුළුEනු, සූර්යකාන්ත තෙල්, අරළු ආදී ඖෂධීය ආහාර වර්ග ගැනීම සුදුසු බව වෛද්‍ය මතයයි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here