Monday, December 15, 2025
HomesiOminousග්‍රහ අපලවලින් දුරු විමට නවග්‍රහ ස්‌තෝත්‍ර

ග්‍රහ අපලවලින් දුරු විමට නවග්‍රහ ස්‌තෝත්‍ර

[ratings]

ජපා කුසුම සංකාශං – කාශ්‍යපෙයං මහා ද්යුතිම්

තමොරිං සර්ව පාපාග්නං – ප්‍රණමාමි දිවාකරම්

දධිශංඛ තුෂාරහං – ක්‌ෂිරාණිව සමුද්භවම්

නමාමි ශශිනං සොමං – සමේභාර්මුකුට භූෂණම්

ධරණි ගර්භ සම්භූතං – විද්යුත් කාන්ති සමප්‍රභම්

කුමාරං ශක්‌ති හස්‌තං තං – මංගලං ප්‍රණමාම්‍යහම්

ප්‍රියඬගු කලිකාශ්‍යාමං – රූපෙණ ප්‍රතිමං බුධම්

සෞම්‍යං සෞම්‍ය ගුණො පෙතං – තං බුධං ප්‍රණමාම්‍යහම්

දෙවානාංච Rෂිනාංච – ගුරුඃ කාංචන සන්නිභම්

බුද්ධි භූතං ත්‍රිලොතෙශං – තං නමාමි බෘහස්‌පතිම්

හිමකුJද මෘණාලාභං – දෛත්‍යානං පරමං ගුරුම්

සර්ව ශාස්‌ත්‍ර ප්‍රවක්‌තාරං – භාර්ගවං ප්‍රණමාම්‍යහම්

නීලාංඡන සමාභාසං – රවී පුත්‍රං යමාග්‍රජම්

ඡායා මාංතීණ්‌ඩ සම්භූතං – තං නමාමි ශනෛශ්වරම්

අර්ධකායං මහා වීයH_ං – චන්ද්‍රdඳීත්‍ය විමර්දනම්

සිංහිකා ගර්භ සංභූතං – තං රාහුං ප්‍රණමාම්‍යහම්

පලාශ පුෂ්ප සංකාශං – තාරකාග්‍රහ මස්‌තකම්

රෞද්‍රං රෞද්‍රත්මකං ඝොරං – තං කෙතුං ප්‍රණමාම්‍යහම්

ඉති ව්‍යාස මුඛොද්ගිතං – යඃ පඨෙත් සුසමා හිතඃ

දිවාවා යදීවා රාත්‍රෙෘ – විස්‌න ශාන්ති හර්විෂ්‍යති

නරනාරි නෘපා නාංච – හවෙදුඃ සවප්න නාශනම්

ඓශ්චයර්ය මතුලංතෙෂා – මාරොගඝ පුෂ්ටි වර්ධනම්

ග්‍රහ නක්‌ෂ(ත්‍ර ජඃ පීඩාඃ – තඝක රාග්නි සමුද් භවඃ

තාඃ සර්වාඃ ප්‍රසමං යාන්ති – ව්‍යා සොබ්‍රෑදතෙන සංශයඃ

නව ග්‍රහ

සුදිළෙන්නා – වදමල් වැනි

අඳුර සතුරු පාප නසන

කාශ්‍යප වංශයේ උපන්

දිවාකරයා මම් වඳිම්

දීකිරි සක්‌ හිම සමාන

උපත ලද කිරි සමුදුරේ

ඉසුරුගේ මුදුනෙහි අබරණ

සෝම නම්වූ සඳු වඳිමි

පොළෝ ගබ තුළින් පහළ වූ

විදුලිය වැනි පැහැපත් වූ

සවි ශක්‌තිය රැඳී තිබෙන

බාහුව ඇති කුමරු වඳිම්

පුවඟු දලුව හා සමාන

ශ්‍යාම වර්ණයෙන් යුතු වූ

රූ ඇති බුද ග්‍රහයා වැනි

සොමි ගුණ යුතු බුද නමදිම්

දෙවියන් හා ඉසිවරුන් ගෙ

ගුරු වූ රන් හා සමවන

නුවණැති තුන්ලොව අධිපති

බ්‍රහස්‌පතී දෙවි නමඳිම්

සම පැහැති හිම කොඳ නෙලුම්

අසුරයනට ගුරු වූ තුම්

සර්ව ශාස්‌ත්‍ර සලසා ලන

හෘගු රුසි පුන් සිකුරු වඳිම්

ඡායා හා මාර්තණ්‌ඩ

දෙදෙනාගෙන් උපන්නා වූ

නිල දුන් වැනි බබලන නිති

සෙනසුරු දෙවිඳුන් නමදිම්

අඩ සිරුරැති මහ බර ඇති

සඳ හිරු දෙදෙනද මැඩලන

සිංහිකාව කුසින් උපන්

රාහු අසුරිඳුන් නමදිම්

එරමුදු මල් හා සමවන

ග්‍රහතරු ගණ මුදුනෙහි වූ

රුදු වූ රුදු ආත්ම ඇති

ඝෝර වූ කේතු නමදිම්

ව්‍යාස Rෂි මුවින් පළ වූ

මේ ගී සන්සුන්ව බැතින්

ගයන්නා හට දිවා රෑ

සැපත සම්පත සැපත් වේ ම ය

නර නාරි නරපති ආදි

සියල්ලන්ගෙ නපුරු සිහින

දොස්‌ දුරලන ගී වෙයි මේ

යස ඉසුරු ද ළං වේ ම ය

ග්‍රහ දොස්‌ හා නැකැත් දොaස

ඇතිවන සොර බිය ගිනි බිය

උවදුරු කරදර දුරලයි

නිසැකව ව්‍යාසගෙ මේ ගී

නවරත්න

නවරත්නයම මුදුවකට හෝ වෙනත් පළඳනාවකට හෝ සම්බන්ධ කරන්නේ, ග්‍රහ කිරණ දෝෂ සමහන් වීම පිණිසය. පළඳනාවට මැණික්‌ ගල් සම්බන්ධ කරන අන්දම පහත සඳහන් පරිදි විය යුතුය. එලෙස සකස්‌ කරවා ගත් පළඳනාව – පැළැඳීමට පෙර පූජා විධි අනුව ඒ ඒ මාණික්‍යයන්ට අයත් මන්ත්‍රවලින් ජප කරවා ගත යුතුය. ශාස්‌ත්‍රීය නියමය එයයි.

පද්ම රාග (රක්‌ක) මාණික්‍යය – මැද

මුතු ඇටය – ගිනිකොන

පබළු (කෝරල් මාණික්‍යය) – දකුණ

පච්ච මරකත මැණික – ඊසාන

පුෂ්පරාග – උතුර

වජ්‍ර (දියමන්තිය) – පූර්ව දිශාව

නීල මාණික්‍යය – පශ්චිමදිශාව

ගෝමේදය – නිරිත

වෛරොඩි – වයඹ

ග්‍රහයන් දෙදෙනෙකුගේ සංයෝග අපලයක්‌ සමහන වීමට බෙහෙත් වතුර

මෙම බෙහෙත් බහාලූ වතුර පැය හයකට පසු නෑමට හෝ ඇඟපත සේදීමට හෝ යොදා ගන්න. ඉරිවේරිය, ඊතන, නෙලුම් අබ, පස්‌පැහැ මැටි, පස්‌ පැහැ කොල (අඹ – බෝ – නුග – පලොල් – කැල) පංච ගව්‍ය දි – කිරි – ගිතෙල් – මුත්‍ර – ගොම (අසනීප අවස්‌ථාවකදී එම වතුර උණු කර ගන්න).

නවග්‍රහයන් ගෙන්ම වන අපල සමහන් වීමට

ග්‍රහදාන පූජා විධි පවත්වා මෙම බෙහෙත් බහාලූ වතුර පැය හයකට පසු නෑමට හෝ ඇඟපත සෝදා ගැනීමට හෝ ගන්න. (අසනීප අවස්‌ථාවකදී වතුර උණු කරගන්න)

විලඳ – කොට්‌ටන් – බැබිල – පුවඟු – කලාඳුරු – අබ – දේවදාරු – කසා කටුපිල – ලොත් සුඹුලු.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments