[ratings]
ඊශ්වර දෙවියෝ කෛලාස නම් පර්වතයෙහි වාසය කරන්නේය. කෛලාස, පර්වතය හිමාලය උතුරින් පිහිටි පර්වතයෙකි. නිරතුරුව හිමෙන් වැසී ඇති හෙයින් පුළුන් පෙළක් මෙන් සුදුය. ත්‍රි මූර්තිය ලෙසින් හැඳින්වෙන බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර යනමොවුන් අතරෙහි තුන්වැනියා ය. නෙත් තුනක් ඇත්තේ ය. එක් නෙතක් නළල් තලයෙහි ය. කෝපයට පත් වූ විට නළලේ පිහිටි එම නෙතින් ගිනි පිටවෙයි .
එක් අවස්‌ථාවකදී ඊශ්වර දෙවියන්ගේ දැහැන බිඳින්නට මල්සරා උත්සාහ කළේය. එම නොමනා ක්‍රියාවෙන් කෝපයට පත් ඊශ්වර දෙවියෝ නළල් තලයෙහි පිහිටි නෙතින් ගිනි සිළු නිකුත් කර මල්සරාගේ මදය බිඳ පුලුස්‌සා දමන ලදී. මල්සරාගේ ඇතැම් අංග මේ ගිනි දලුවලින් පිලිsස්‌සිනි. අනංග නම් වූයේ එලෙසිනි. නන්දි නම් වූ වෘෂභයා ඊශ්වර දෙවියන්ගේ වාහනයයි. උමා භාර්යාවය. ධවල ජටා මඩුලු ඇත්තේය. කහ පැහැ වස්‌ත්‍ර දරන්නේ ය. අතෙහි ත්‍රිශූලයෙකි. මුහුණු පහක් ඇත. නාගයනට සතුරුය. නාහසන ඇත්තේය. භූතයනට අධිපතිය. මහත්a තෙද බලැති දෙවියකු සේ සැලකේ. හින්දුහු මහත් බැතියෙන් වඳිති. පුදති. ඊශ්වර දෙවියන්ට නම් රාශියක් ඇත.
ඊශ්වර දෙවියන්ට පුද පූජා පැවැත්වීම ශ්‍රී ලංකාවේ ද බොහෝ කාලයක සිට පැවැතෙයි. ලංකාවේ නොයෙක් පළාත්වල ඊශ්වර දේවාල ඇති බව ඉතිහාසයේ නොයෙක් තැන්වල සඳහන් වෙයි. දැනිදු ඊශ්වර දෙවියන්ට පුද පූජා පවත්වන්නෝ, බාරහාර වන්නෝ පිහිට පතන්නෝ අපමණ වෙති. කොන්ත නම් තොටින් එතරෙහි එදා ඊශ්වර දේවාලයක් වූ බව සැලළිහිණි සන්දේශයෙහි මෙසේ සඳහන් වෙයි.
කළුවැල් කපුරු දුමැතුළැ ලෙළෙන දද පෙළ
සුවිසල් මිහිඟු සක්‌සන් මිණි හඬ වතළ
කැරැලොල් සතන් පවසන තියු ගී දෙමළ
මනකල් ඉසුරු කෝවිල ලහිනේ ලකළ
ඉසුරු, මෙහෙසුරු, තිනෙත්, සඳ බරණ, රහර, බූනා, දළසඳ, පඩෙරඟ, ගව යහන්, ගිරි නිවෙස්, තිසුලවි ආදී නම් රාශියකින් ඊශ්වර දෙවියන් හැඳින්වෙයි.
ශ්‍රී ඊශ්වර අෂ්ටක
ගඬගාතරඬග රම්මණීය ජටා කලාපං
ගෞරී නිරන්තර විභූෂිත වාම භාගම්
නාරායණ ප්‍රියමතඬග මදාපහාරං
වාරාණසී පුරපතිං භජ විශ්වනාථම්
වාවාම ගොචර මනෙක ගුණස්‌වරූපම්
වාගීශ විෂ්ණු සුර සෙවිත පාද පීඨම්
වාමෙන විග්‍රහවරෙණ කලත්‍රවන්තං
වාරාණසී පුරපතිං භජ විශ්වනාථම්
ශීතාංශු සොහිත කිරීට විරාජමානං
හාලෙක්‍ෂණානල විශෙෂිත පංච බාතම්
නාගාධිපෛරවිත හාස්‌වර කර්ණ පූරං
වාරාණසී පුරපතිං භජ විශ්වනාථම්
තෙජොමයං සකල නිෂ්කලමද්වීතීය
මානJද කJද මපරාජිතමප්‍රමෙයම්
නාදාත්මක සගුණ නිර් ගුණමස්‌වරූපං
වාරාණසී පුරපතිං භජ විශ්වනාථම්
භූතායිපං භුජග පුංගව භූෂිතාඬගං
ව්‍යාඝ්‍රා ජිතාම්බරධරං ජටිලංත්‍රිනෙත්‍රම්
පාශාඬකුශාභය වර ප්‍රද ශුල පාණිං
වාරාණසී පුරපතිං භජ විශ්වනාථම්
පංචානතං දුරීත මත්ත මතඬගජානං
නාගාන්තකං දනුජ පුං ගව පන්නගාතම්
දාවානලං මරණ ශොක භවටාවිනාං
වාරාණසී පුරපතිං භජ විශ්වනාථම්
රාගාධි දොෂරහිතං ස්‌වජනානුරාගං
වෛරාග්‍ය ශාන්ති නිලයං ගිරිජා සහායම්
මාධුර්ය ධෛර්ය සුහගං ගරලාහිරාමං
වාරාණසී පුරපතිං භජ විශ්වනාථම්
ආශාං විහාය පරිහෘත්‍ය පරස්‍ය නිJද්‍රdං
පාපෙ මතිංච විනිචාර්ය මනඃ සමාධෞ
ආධාර හෘත් කමල මද්ධ්‍ය ගතං පරෙශං
වාරාණසී පුරපති තජ විශ්වනාථම්
ශ්‍රී විශ්වනාථ කමලා කර ශුලපාණෙ
ශමේහා ගිරීශ ශිව ශංකර චJදුමෞලෙ
ශ්‍රී නිලකණ්‌ඨ මදනාන්තක විශ්වමූර්තෙ
වාරාණසී පුරපතිං ශජ විශ්වනාථම්
වාරාණසී පුර පතෙඃ ස්‌තවනං ශිවස්‍ය
ව්‍යාඛ්‍යාතමෂ්ටක මිදං ජඨතෙ මනුෂ්‍යඃ
විද්‍යා ශ්‍රීයං විපුල සෞඛ්‍ය මනත්ත කීර්ති
සම්ප්‍රාප්‍ය දෙහවිලයෙ ලභතෙ ච මොක්‌ෂ
ශ්‍රී ඊශ්වර අෂ්ටක
ගංගාරලින් රමණීය ජටා මඩුලු වූ
ගෞරී අතින් සුරැසුම් ලද වම් පෙදෙස් යුත්
නාරායන පිය – මද බඳින මල් සරාගේ
බරණැස් නුවර පති කරව සේවන මෙහෙසුරු
වදනින් නොකිව හැකි වූ යුත්තන් සොබාවෙන්
සරසවි සිරි විෂ්ණු පාපුටුව සෙවනා වූ සිරුරේ වම් පසින් උතුම් බිරියක් සිටිනා
බරණැස් නුවර පති කරව සේවන මෙහෙසුරු
කිරීට බැබළෙන සුදු රැස් දහරින් හොබනා
නළල් තලේ නෙතින් අළු කළ කුසුම් දුන්නා
නාරජවරුන් ඇඳි මනහර කන්තෝඩු යුත්
බරණැස් නුවරපති කරව සේවන මෙහෙසුරු
තේජසින් යුතුව නොදෙවැනි සියල්ලන්හට
තුටු වන කද කුමර පමණ නැති අපරාජිත
ආවේණික ගුණ ඇති ගුණ රහිත බව නොපෑ
බරණැස් නුවරපති කරවසේවන මෙහෙසුරු
භූත අධිපතිවැ සිරුර සැරසූ නා රජුන්
කිනෙත් යුතු වූයේ කහවන් දරන්නා වූ
ත්‍රිශූල යුත් අන් – අන්කුසෙන් වර ලබා දෙන
බරණැස් නුවර පති කරව සේවන මෙහෙසුරු
මුහුණු පසක් ඇති – මල්සරා මතය දුරු කළ
නාගාසන යුතු නා සතුරු වූ රකුස්‌පති
ලැව් ගින්නක් බඳු වූ – සංසාර මහ වනයේ
බරණැස් නුවර පති කරව සේවන මෙහෙසුරු
රාග දොස් නැත්තේ – ඇත්තේ සියදන ඇලුම්
පාර්වතී සහයිකා -විරාග වාස වූ
දිරිය විරිය යුතු වූ – උමාගේ ඇලුම් ලත්
බරණැස් නුවර පති කරව සේවන මෙහෙසුරු
ආශාවෙන් දුරලූ- නින්දා බස් ඇරලූ
පාපය පිළිබඳ වූ – සියලු සිතුවිලි හෙලූ
බොහෝ උදව් ඇත්තේ – වෙසෙන කමල මත්තේ
බරණැස් නුවර පති කරව සේවන මෙහෙසුරු
ලෝකනාථ කමලාකර ශුල හස්‌ත යුත්
ශම්භ, ගිරිස, ශිව, ශංකර නාමා ද ඇති
නිල්වන් ගෙල බැබළෙන මල් සරා මාර වූ
බරණැස් නුවරපති – කරවසේවන මෙහෙසුරු
දෙවිඳුන්හට මෙහෙසුරු බරණැස් පුරපති වූ
විරවිත තුතී පූජා ලෙස මේ ගී කියන්නා
ලැබ ඉමහත් සිප්සත ද සිරිසුව සම්පත්
මරණින් මත්තේ මොක් සුවයට පත් වන්නේ
ශ්‍රී ඊශ්වර දේව කන්නලව්ව
සාධු· සාධු·· සාධු··· කෛලාස කූටයෙහි වැඩ වාසස්‌ථානය කරන්නා වූ ශ්‍රීමත් ඊශ්වර දේවරාජෝත්තමයාණන් වහන්ස, දොහොත් මුදුනේ තබා වැන්දෙමි.
අත් නුහුරු කොට වැන්දෙමි. තන්හී නම් වෘෂභ රාජ වාහනාරූඪව ත්‍රිශූලය අතින් දරා, අංකුසයෙන් වර දෙන්නාවූ මුහුණු පසෙකින් යුත් ශ්‍රීමත් ඊශ්වර දේව රාජෝත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේ විපත් පත් තැනැත්තන්aහට, අසරණයනට, පිහිට පතන්නා වුවහට පිහිට වන බව සත්‍යවාදී නම් සැබෑ නම් මා විසින් කරනු ලබන්නා වූ, කියනු ලබන්නා වූ මේ කන්නලව්ව, ඔබ වහන්සේගේ නේත්‍රයන්ගෙන් බලා වදාරා, කන්වලින් අසා වදාරා, මගෙන් හෝ අපගෙන් හෝ දැන හෝ නොදැන හෝ සිදුවුණා වූ දහසක් වැරැදි ඇතත්, ඒවා දුරුකර සමාවී වදාරා මාගේ මේ ඉල්ලීම ඉටු කර දෙන සේක්‌වා·
තවද ශ්‍රී මහා ඊශ්වර දේව රාජෝත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේ බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර යන ත්‍රිමූර්තියෙන් තුන්වැනි මූර්තිය වන බව සැබෑ නම් උමයංගනාව, සුන්දර භාර්යාව වන බව, කහ පැහැති වස්‌ත්‍ර දරන බව, මුහුණු පහක් ඇති බව, වෘෂභ වාහනාරූඪ බව, නාගාසන යුතු බව සැබෑ නම්, දැන හෝ නොදැන හෝ මගේ අතින් හෝ අපේ අතින් හෝ සිදුවූ වරදක් ඇතොත් සමාවී මගේ මේ ඉල්ලීම ඉටු කර දෙන සේක්‌වා·
තවද ධවල ජටාධර වූ ශ්‍රී මහා ඊශ්වර දේව රාජෝත්තමයාණන් වහන්ස, මට වැලඳී ඇත්තා වූ දෙවි දෝෂාන්ධකාර, වින දෝෂාන්ධකාර, නවග්‍රහ, භූත පීසාච, ප්‍රේත, යක්‍ෂ, රාක්‍ෂස, කුම්භාණ්‌ඩවාදීන්ගෙන් සිද්ධ වන්නාවූ දෝෂාන්ධකාර, ඇස්‌වහ, කටවහ හෝ වහකින් දොළකින්, පිදේනියකින්, හදි හූනියමකින් පැමිණියා වූ දෝෂාන්ධකාර, වා, පිත්, සෙම් ත්‍රිවිධ, දෝෂ ආදී කිපීමෙන් ඇතිවන්නාවූ සියලු දෝෂාන්ධකාරී හෝ මෙකී නොකී වෙනත් ආකාරයකින් වැලඳී ඇති රෝග, විපත්ති හිරිහැර පහකොට, දුරු කර අළුකොට, දූරිභූතකොට, සෙත ශාන්තිය, යහපත නිරුතුරුව දෙවා වදාරණ මෙන් එක්‌වනුව, දෙවනුව, තුන්වෙනුවත් ඉල්ලා සිටිමි. තේජෝ බල පරාක්‍රමයෙන් යුක්‌ත වූ, දේව, රාජෝත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට සැලකර සිටින මේ ඉල්ලීම දිවැසින් බලා වදාරා ඉෂ්ට කර දෙන සේක්‌වා සාධු· සාධු·· සාධු··· පස්‌වාන් දහසකට පවතින්නට ආයුබෝවේවා· ආයුබෝවේවා·· ආයුබෝවේවා··
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here