මැයි 21 සිට ජුනි දක්‌වා උපන් අයගේ පලාඵල

1656
මැයි
මැයි

[ratings]

මැයි 21 ත්, ජුනි 21 ත් අතර කාලය තුළ එනම් මිථුන රාශිය පිළිබඳ මාසයේ උපත ලද අයගේ පලාඵල මේ ලිපියට ඇතුළත්ය.

මිථුන රාශියේ ලක්‍ෂණය, නිවුන් දරුවන් දෙදෙනෙකි. පාලක ග්‍රහයා බුද ග්‍රහයාය

* මිථුන රාශියට අදාළ මාසයේ උපන් ගැහැනු හෝ පිරිමි හෝ කෙනකුගේ ස්‌වාභාවික ගති පැවතුම් – සාමාන්‍ය මිනිසුන්ට වඩා හපන්කමක්‌ ඇති, දක්‍ෂයන් වන හෙයින් යම් යම් දේවල් උගෙනීම සඳහා ඔවුනට අධික වෙහෙසක්‌ දැරීමටවත් අධික කාලයක්‌ මිඩංගු කිරීමටවත් අවශ්‍ය වන්නේ නැත. ඔවුන් උසස්‌ හැඟීම්වලින් යුතු කාරුණික, ත්‍යාගශීලී, දුරදක්‌නා අය විය හැකිය. ඇතැම් විට, ඊට ප්‍රතිවිරුද්ධ ස්‌වභාවයක්‌ පළකරන්නට ද බැරිකමක්‌ නැත. දෙපාර්ශ්වයට ඇදීම, ඔවුන්ගේ ලක්‍ෂණයකි. ඉවසුම් සහගත බවක්‌ නැත්තේ හදිසි කෝපයෙන් ඇවිස්‌සෙන නිසාය. කෝපයක්‌ ඇති වූ විට සැරපරුෂ ස්‌වභාවයක්‌ පෙන්වන නමුත් සිතෙනුත් කයෙනුත් ක්‍රියාවෙනුත් දුර්වල තත්ත්වයක්‌ පෙන්නුම් කළ හැකිය. කෝපයක්‌ ඇති වන අවස්‌ථාවලදී තමන් මැඬපවත්වා ගැනීමට ඔවුන් උත්සාහ දැරිය යුතුය. දෙපාර්ශ්වයට ඇදෙන ස්‌වභාවය, ආත්ම මර්දන ශක්‌තිය වැඩි දියුණු කරගැනීමෙන් හා ඒකායන අරමුණක සිත ර¹පවත්වා ගැනීමෙන් ද බොහෝ දුරට වළක්‌වා ගත හැකිය. සියලු දුර්වල හැඟීම්වලින් දුරස්‌ව සිතින් ශක්‌තිමත් වීමට තැත දැරිය යුතු අතර අනුන්ට උපකාර කිරීම ද තමන්ගේ ප්‍රතිපත්තියක්‌ කරගත යුතුය.

* ජීවිතයේ තත්ත්වය සහ සෞඛ්‍ය තත්ත්වය – මිථුන රාශියට අදාළ මාසයේ උපත ලද අයට, සීමාව ඉක්‌මවා වැඩ කිරීම හා බර එසවීම ද අනතුරුදායකය. සනීපවත් භාවය යථා පරිදි පවත්වාගෙන යැමට නම්, අධික ලෙස වැඩ කිරීමෙන් හා බර එසවීමෙන් ද වැළකිය යුතුය. එසේම, හැකි තරම් නිදාගැනීම ද නින්දට ගිය විට කෙළවරක්‌ නැති සිතිවිලිවලින් දුරස්‌වීම ද සනීපයට හිතකරය. අදාළ මාසයේ උපන් අයට නහරගත වේදනා මෙන්ම නින්ද නොයැම ද තිබෙන්න පුළුවන. සෑම සති අන්තයකදීම විවේක සුවයෙන් ගතකිරීම ශරීර සනීපයට යහපත්ය. තමන් අතින් සිදු වූ කනස්‌සලුදායක දේවල් සම්බන්ධයෙන් දුක්‌ සුසුම් හෙළීමෙන් මුළුමනින්ම වැළකී සිටිය යුතු අතර තමන්ට කළ නොහැකි දේවල් ගැන කල්පනා කිරීමෙන් ද වැළකී සිටීමට වගබලා ගත යුතුය. එසේම, සිත්සතන් සන්සුන්ව තබාගැනීමට ද උත්සාහ දැරීම වැදගත්ය. සමහර විට හිසෙහි හා ඇසෙහි ද රෝග ඔවුන්ට තිබෙන්නට පුළුවන. අදාළ මාසයේ උපන් කුඩා ළමුන්, සමහර විට ගොත ගසන්නට ද බැරිකමක්‌ නැත.

* විනෝදාත්මක ක්‍රියා සහ කරන්නට ප්‍රිය ක්‍රීඩා යනාදිය – මිථුන රාශිය පිළිබඳ මාසයේ උපන් අය, යම් යම් දේවල් දැඩි කැමැත්තකින් යුතුව විනෝදය සඳහා කිරීමට පටන් ගන්නා නමුත් සමහර විට හදිසි කෝපයක්‌ නිසා වරින්වර ඒ සියල්ල අතැර අලුතින් යමක්‌ පටන් ගන්නට ඉඩකඩ ඇත. අලුතින් පටන්ගත් දෙය ද වැඩි වේලාවක්‌ ගතවන්නට කලින් ඔවුන්ගේ කෝපයට ලක්‌වන්නට බැරිකමක්‌ නැත. ජීවිත කාලය පුරාම මේ තත්ත්වය පැවතිය හැකි නමුත් ඒවායින් ඔවුන් යම් යම් දේවල් ඉගෙන ගන්නා සෙයකි. විනෝදාත්මක ක්‍රියාවලින් ඔවුන් විනෝදයක්‌ ලබන්නේ නැතැයි ඉඳුරා කිව නොහැකිය.

* කරන රැකීරක්‍ෂා යනාදිය – පුවත්පත් සඟරා කර්තෘ පදවිය, කථිකාචාර්ය ධුරය, වෙළෙඳ ප්‍රචාරක කටයුතු සඳහා සංචාරය කිරීම වැනි (වෘත්තියක්‌ ඔවුනට ඉතා සුදුසු වන්නේ, ස්‌වකීය අදහස්‌ සිත්ගන්නා අයුරින් ප්‍රකාශ කිරීමේ හැකියාවක්‌ ඔවුන් තුළ පවතින නිසාය. ක්‍ෂණිකව සිතා බලා විසඳුමක්‌ දිය යුතු කුමන වෘත්තියකින් වුවද ඔවුනට දියුණුව ළඟාකර ගත හැකිය. ගුරුකම පවා කිරීමේ හැකියාවක්‌ ඔවුන් තුළ පවතින නමුත්, එහිදී ඔවුන් ක්‍ෂණික කෝපය පාලනය කරගැනීමට ප්‍රයත්න දැරිය යුතුය.

ඔවුන්ගේ දියුණුව වැඩිදුරටත් සැලසෙන්නේ දිනෙන් දින වාගේ අලුත් වන වැඩමාලාවක්‌ ඇතුළත් වැඩ කටයුතුවලිනි. තැන් තැන්වල ඇවිදීමට ඉඩකඩ සලසා දෙන රැකියාවකට ඔවුන් බොහෝ ඇලුම් කරන්නේ වෙනස්‌වීම්, මාරුවීම්වලට රුචිකත්වයක්‌ දක්‌වන නිසාය. වැඩි දියුණුවක්‌ ළඟාකර ගත හැක්‌කේ තවත් කෙනකු යටතේ වැඩ කිරීමෙන් නොව තමන්ගේම කටයුතුවලිනි. මිථුන රාශිය පිළිබඳ මාසයේ උපන් අයගේ ස්‌වභාවය, ස්‌වකීය ස්‌වාමිත්වයට හා නිදහසට ද ගරු කිරීමත්, ස්‌වකීය අදහස්‌ අනුවම ක්‍රියා කිරීමත්ය.

* ප්‍රේමය හා විවාහ ජීවිතය – දිනපතා ආහාර ගන්නා පරිද්දෙන් ප්‍රේමය ද සොයා යැම මිථුන රාශිය පිළිබඳ මාසයේ උපන් අයගේ සිරිතය.

ඔවුන් ප්‍රේමවන්ත අවංක අඹුසැමියන් වනවාට සැකයක්‌ නැත. මිථුන රාශියට අදාළ මාසයේ උපන් භාර්යාවන්, අරපිරිමැස්‌මට හා ප්‍රවේශම්කමට හපන්කමක්‌ දක්‌වන අය නොවන අතර ඔවුන් සමර්ථ ගෘහ පාලිකාවන් වන්නේ අතමිට මිල මුදල් තිබෙන විට පමණය. අතමිට තිබෙන විට සන්තෝෂයෙනුත්, අතමිට හිඟ වන විට මලානික ගතියෙනුත් සිටීම ඔවුන්ගේ ස්‌වභාවයය. මිථුන රාශියට අදාළ මාසයේ උපන් භාර්යාවන්, තාවකාලික ලෙස හෝ පදිංචියේ වෙනසක්‌ සිදුවනවාට කැමැත්තක්‌ දක්‌වන්න ඉඩ ඇත. එනිසා ඔවුන්ගේ ස්‌වාමිපුරුෂයන් ද ඒ පිළිබඳ අවධානයකින් සිටීම මැනවි.

* ශුභ දවස – බ්‍රහස්‌පතින්දාය.

* වාසනාව උදාකරන වර්ණය, මැණික්‌ වර්ගය හා ලෝහ වර්ගය – මිථුන රාශිය පිළිබඳ මාසයේ ජන්ම ලාභය ලැබූ අයට කහ පැහැයෙන් හෝ කහ පැහැය මිශ්‍ර ඕනෑම පැහැයකින් වාසනාව උදාකර ගත හැකිය. වාසනාව උදාකර ගැනීම සඳහා පැළඳිය යුත්තේ අගස්‌ති මැණික්‌ය. වාසනාව ළඟාකර දෙන ලෝහය රිදීය.

* සෑම වසරකම ශුභාශුභ කාල වකවානු – මිථුන රාශිය පිළිබඳ මාසයේ උපන් අයගේ ශුභ කාලය වන්නේ සෑම වසරකම තම උපන් දිනට පෙර හා පසු දින කීපයත්, සැප්තැම්බර් 23 වැනිදා සිට ඔක්‌තෝබර් 23 වැනිදා අතර කාලයත් දෙසැම්බර් 22 වැනිදා හා ජනවාරි 20 වැනිදා ද අතර කාලයේ අවසාන භාගයත් ජනවාරි 20 වැනිදා හා පෙබරවාරි 19 වැනිදා ද අතර කාලයේ ප්‍රථම භාගයත්ය. ඔවුන්ගේ ඉතාම අශුභ කාල වකවානුව සෑම වසරකම පෙබරවාරි 20 වැනිදාත් මාර්තු 20 වැනිදාත් අතර කාලයයි. මේ නිසා, ජීවිතයේ සියලුම ශුභ කටයුතු යට කී ශුභ කාලවලදී කිරීමට වගබලා ගැනීම යෙහෙකි.

යට කී අශුභ කාලයේදී හැකි තරම් ප්‍රවේශම්ව කටයුතු කිරීම මැනවි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here