Friday, September 12, 2025
Homesiරාත්‍රියේ රජ කරන ග්‍රහ ලොවේ මව් බිසව

රාත්‍රියේ රජ කරන ග්‍රහ ලොවේ මව් බිසව

සූර්ය රජුට පමණක්‌ දෙවෙනි වන ග්‍රහ ලොවේ මව් බිසව ලෙස හැඳින්වෙන චන්ද්‍ර ග්‍රහයා සුකොමළ සුන්දර මෘදු ගති පැවතුමෙන් යුතු වූ දරුවන්ට දයාබර මවක වැනිය. ඉහත ඈ ගති පැවතුම් වඩාත් ප්‍රකටව පෙන්නුම් කරවන්නේ ග්‍රහ ලොවේ මනමාලිය වූ ශුක්‍ර ග්‍රහයාගේ නිවහන වූ වෘෂභයේදී ය. තවද කටකය ඇයටම උරුම වූ රාශිය වේ. වෘෂභයේ දී උච්ච වන ඈ එහි දී යම් ප්‍රමාණයකින් ආත්මාර්ථකාමී ස්‌වරූපයක්‌ උසුලමින් පසුවන මුත් කටකයේ දී සිය ජන්ම ගති පැවතුම් වූ මෘදු බව, සුන්දරකම, සැබෑ මාතෘත්වය විකසිත කරනු ලැබේ.

ජ්‍යෙdතිෂයේ දී රවි ශරීරය වූ කල් හි සඳු මනසයි. රවි සඳු යන දෙපළ යම් ජන්මියකුගේ කේන්ද්‍රයක බලවත් වූ කල්හි ඕ හෝ ඈ ආත්මයෙන් ද, මනසෙන් ද ප්‍රබලත්වයක්‌ දරනු ලැබේ. රවි රජු වු මුත් ජන්මියකුගේ උපන් දසාව සොයා ගැනුමට සඳු ප්‍රමුඛස්‌ථානයෙන් කටයුතු කරන අතරේම ඈ නියෝජනය කරනු ලබන නැකත අනුව දසාව නිගමනය කරනු ලැබේ. එසේම පලාපල කථනයේ දී චන්ද්‍ර ලග්නය තුළින් ජන්ම කේන්ද්‍රයේ යෙදුනා වූ ග්‍රහයන්ගේ ස්‌ථානීය අගයන්ගේ යම් යම් වෙනස්‌කම් ද බල දුබලතා ද අනුව පළාපල විග්‍රහ කරනු ලැබේ. එනිසා ඉහත චන්ද්‍ර ලග්නයට සුවිශේෂීත්වයක්‌ උරුම කොට දී තිබේ. සඳුගෙන් 6, 8, 12 යන ස්‌ථානයන්ගේ ග්‍රහයන් ගමන් කිරීම පවා අගුණ අපල ඇති කිරීමක්‌ බැව් පිළිගෙන තිබේ. සඳුගේ දසාව පවතින කල දී ශනි ග්‍රහයා ගෝචර වශයෙන් 8 වැන්නේ එහි ගමන් කරන කල්හිත් සඳුගේ මහ දසාව ද, අතුරු දසාව ද ඒ ග්‍රහයන්ට පවතින විට දී නොමැති නම් ශනිගේ අතුරු දසාවක්‌ වේද ඒ කාල වකවානුවේ දී මාරක තත්ත්වයක්‌ ඇති කෙරේ. උප්පත්තියේ දී චන්ද්‍රයා සිටි රාශියෙහි ද එයින් 12 වැන්නෙහි ද තවද 8 වැන්නෙහි ද ගෝචරයෙන් ශනි ගමන් කරන කල්හි රජෙකුගෙන් වුව ද රාජ්‍ය විනාශ වී යන බැව් කියති. දිළිඳු බව උරුමකොට ගැනේ. දුක්‌ විපත්ති ආදිය ද ධන හානිය ද ඇති කරත්. මෙය සෙනසුරු ඒරාෂ්ඨක අපල කාලයයි. (මෙය උසස්‌ යවනාචායර්යවරයන්ගේ මතයයි) තවද සඳු ග්‍රහයා මුල්කොටගෙන චන්ද්‍ර ඒරාෂ්ඨකය ද යෙදේ. එය සඳුගෙන් 8 වැන්නට ශනිගේ පැමිණීමය.

සඳු ජන්මියාගේ මෑණියන් වේ. යම් දරුවකුගේ ජන්ම කේන්ද්‍රයේ සඳු නීච නම් දුබලවේද ඉන් මව්ට අයහපත්ය. උපතේ දී දරුවාගේ මාතෘ ස්‌ථානයේ සඳු ග්‍රහයා දුබල වූ කල්හි මව්ට විපත් සිදු වූ අවස්‌ථා තිබේ. තවද සඳු දෙවැන්නේ දුබල වූ කල් හි ජන්මියාගේ ස්‌වරයේ දුබලත්වයක්‌ ද උගුරේ සෙම් රෝග ද එතුළින් නැගෙන්නා වූ සෙම් ගෙඩි වැනි රෝග තත්ත්වයක්‌ ද හට ගැනේ. නමුත් වාග් චාතුර්වයේ දී අසන්නාගේ සිත නිවනා ප්‍රිය මෘදු තෙපුල් වදන් පිටවේ. සඳු නීච වූ කල් හි ඇස්‌ පෙනීම දුබලය. එසේ වූ කල්හි බොහෝ දෙනෙකුගේ වම් ඇස සැත්කම් ආදියට ලක්‌ වූ බැව් තහවුරු වී ඇත. ආලෝක ග්‍රහයන් වූ රවි සඳු දෙපළම නීච වූ කල්හි ඇස්‌ දෙකම නොපෙනී ගිය අවස්‌ථා ද නොතිබුණා නොවේ. සඳුට ජන්ම කේන්ද්‍රයේ සිව්වැන්න මාතෘ ස්‌ථානය වශයෙන් වෙන්කොට උරුමය ප්‍රදානය කොට තිබේ. ලය නියෝජනයක්‌ ද ඇති කොට ඇති බැවින් ඉහත ස්‌ථානයේ සඳු ග්‍රහයා ප්‍රබලත්වයකින් පසුවේ ද ඔහු හෝ ඈ සිය මව්ට විශේෂ ඇල්මකින් ද ලෙන්ගතු ස්‌වභාවයකින් ද කටයුතු කරන අතරේම තම සිත ද අනුකම්පාවෙන් සහ පරිත්‍යාගයෙන් පිරී යන්නේය. තව ද දිය සහිත භූමි ලාභ ලැබීමට ද හොඳ භාග්‍යයකි. (මේෂ ලග්නය වී සිව් වැන්නේ සඳු සිටීම) එසේම සඳු ජලයට පානීය දෙයට ද දියාරු දෙයට ප්‍රධානත්වයක්‌ උසුලනු ලැබේ. යම් ජන්මියෙකුගේ කර්මස්‌ථානය වූ දහ වැන්නේ සඳු පිහිටීම තුළින් ජලය ආශ්‍රිත ස්‌ථානයක රැකියාවක්‌ කිරීමට හේතු වන අතරම භාග්‍යස්‌ථානය වූ නමවැන්නේ සඳු යෙදීම තුළින් මුහුදු ගමන් බිමන් යෙදීම ද රාහු ග්‍රහයා ද සඳු ග්‍රහයාට මිශ්‍රවීම තුළින් බොහෝ කාලයක්‌ විදෙස්‌ රටවල හී රැකියාවක්‌ හී නියෑළීම තුළින් විදෙස්‌ මුදල් උපයා සපයා ගැනුමේ සූරකමක්‌ ද ඇතිවේ. නමුත් චන්ද්‍රයාට රාහු ග්‍රහයා එකතුවීම නිසා එය ආත්ම ශක්‌තිය දුබලවීමක්‌ හෝ ජන්මියා සභාගත කිරීමට නොහැකි තත්ත්වයක්‌ හෝ එවැනි අවස්‌ථාවන්හී හුදකලාව ගත කරන බවද පෙන්නුම් කෙරේ¾ සඳු, කුජ යන දෙපළ එකවර රාහුගෙන් හෝ ශනිගෙන් පීඩාවට පත්වූ කල්හි චර්ම රාaගයන් වැළඳීමට ඉඩ තිබේ.

තවද චන්ද්‍රයාට ගුරු ග්‍රහයා එකතුවූ කල්හි ජන්මියා ආඩම්බරකාරයකු බවටද පත් කෙරේ¾ ගුරුද ප්‍රබල තත්ත්වයකින් සිට හංස යෝගයක්‌ හෝ නිර්මාණය වී ඇති කල්හි එවැනි ජන්මීන් කවර කලෙක හෝ බැගෑව කවරකුගෙන් හෝ කිසිවක්‌ ඉල්ලා ගැනුමට ඉදිරිපත් නොවේ. තමා උසස්‌ මනසකින්ද, උසස්‌ ප්‍රතිපත්ති පරම්පරාවකින් පැවතෙන බැව් තරයේ අදහන එවැන්නෝ කවර කලෙක හෝ තමන්ගේ නැති බැරිකම් පවසා කිසිවකුගෙන් හෝ උදව් උපකාර ඉල්ලාගෙන නොයන්නෙකි. එමෙන්ම ධාර්මිකවූත් ප්‍රතිපත්තිගරුක වූත් ජීවන පැවැත්මක්‌ ගත කරනා මොවුන් සමාජයට සුවිශේෂී සේවාවක්‌ කිරීමට නිරන්තරයෙන් සැදී පැහැදී සිටින්නේ මව් වූ සඳුට ග්‍රහලොව ගුරුතුමාද එක්‌වූ කල්හිය. මොවුන් දෙපළ ජන්මියා සර්ව සාධාරණ අවංකවූත් සටකපටිකම්වලට තරයේ එරෙහි වන යුක්‌ති සහගත මිනිසෙකු බිහිකොට තබා සසර ගමනද බෙහෝ සෙයින් කෙටිකොට ගැනීමටද අනුබලයක්‌ දී තිබේ. සඳුගෙන් දහවැන්නේ ගත් සුබ වූ ද ප්‍රබල තත්ත්වයකද පසුවන්නා වූ ග්‍රහයා තුළින් උසස්‌ රැකියාවකට උරුමයක්‌ද ලැබේ. එය බොහෝ විට සැබෑ වූවකි. තවද සඳු රාහු එක්‌ව පාප දෘෂ්ටියක්‌ ද එල්ලවූ කල්හි උමතු රෝග වැළඳීමටද ඉඩ තිබේ. (µsට්‌, අපස්‌මාරය ද ඊට ඇතුළත් වේ)

සඳු ග්‍රහයා ස්‌ත්‍රී කේන්ද්‍රයක පස්‌වැන්නේ ස්‌ත්‍රීකාරක නැකතක යෙදී සිටීම නිසා ගැහැනු දරුවන් ලැබීමට ඇති නැඹුරුතාව වැඩි කෙරේ¾ ගුරුගේ දෘෂ්ටිය ලද්දේ නම් පුරුෂයකු මෙන් කටයුතු කරන පෞරුෂයකින් හෙබි කතකි.

සඳු දෙපසින් ග්‍රහයන් සිටීම තුළින් අනඑd සුනඑd වැනි යෝග නිර්මාණය වේ. එතුළින් පෙන්නුම් කරන්නේ සඳු හුදකලා නොවූ බවකි. එවිට සඳු පරිවාරව බලවන්තියක වේ. කිසිම සුබ දෘෂ්ටියක්‌ නොලද කල්හී සඳු කේන්ද්‍රයේ තනිවීම තුළින් කේමද්‍රම යන දිළිඳු යෝගය නිර්මාණය වේ. සඳු 2, 11, 10 වැනි තැන්වල සිටි කල බොහෝ වශයෙන් ධනය පරිහරණය කිරීමට අවස්‌ථාවක්‌ උදාවේ. එවැනි තැන් හී සඳු ප්‍රබලව යෙදීම සුවිශේෂීය. සඳු තුළින් චන්ද්‍ර අධි යෝගය නම් වූ යෝගයක්‌ද නිර්මාණය වේ. 6, 7, 8 යන රාශීන්වල ශුභයන් සිටිම නිසා ගොඩනැඟෙන මේ යෝගය ප්‍රබල යෝගයකි. සමාජයේ ප්‍රකට තනතුරු දරන්නා වූ පුද්ගලයන්ට ඉහත යෝගය තිබේ. සඳු කටකයේ වේද එය කුලීර යෝගය වේ. (සියුමැලි ස්‌වභාවය වේ. මෘදු මොළොක්‌ ගති පැවතුමෙන් ද සිත උණුවන ස්‌වභාවයද, මවට ඇල්මද, කෘෂිකර්මය සහ ජලය සම්බන්ධ කටයුතුවලින් වාසිද ස්‌ත්‍රී පක්‌ෂයේ උපකාරද ලැබේ) දුබල සඳුට ගුරු හෝ කිවි වැනි ග්‍රහයෙකුගේ බලවත් දෘෂ්ටිය ලද කල්හී ස\qගේ ඒ දුබලකම අහෝසි වනු ලැබේ. එය එසේ සිදුවී සඳු බලවත් වේ. සඳු ග්‍රහයාට අයිති නැකැත් වනුයේ රෙහෙන, හත, සුවන වේ.

සඳු අපලය සඳහා ශාන්ති කර්ම

සඳු රාත්‍රි කාලයේ බලවත් බැවින් සඳුගේ අපලය දුරුවීම පිණිස සිදු කරනු ලබන පුද පූජා රාත්‍රි කාලයේ තැබීමෙන්ද, සඳුදා දිනයක සඳු හෝරාවෙන් එනම් උදේ 6.00 සිට 7.00 දක්‌වාත්, රාත්‍රී 8.00 සිට 9.00 දක්‌වා කාලයේ දී තැබීමෙන් ඉක්‌මන් ප්‍රතිඵල ලබාගත හැකි වේ.

රිදියෙන් සාදන ලද මුදුවක මුතු ඇටයක්‌ අල්ලා දකුණු අතේ සුළැඟිල්ලේ පළඳින්න.

චන්ද්‍ර මඬල යන්ත්‍රය හෝ නවනාථ යන්ත්‍රය පැළඳීමෙන් සඳුගේ අපල දුරු කරගත හැක.

සුදු නෙළුම්, කුමුදු, දෑ සමන් ආදී මල් වර්ග හා සුදු තිරයක්‌ බෝධියට පූජා කර ආතුරයාගේ උසට සාදාගත් සුදු මල් මාලයක්‌ බෝධියේ වයඹ දිසාවේ එල්ලන්න.

පිහිට පැතිය යුත්තේ සඳු අධිපති පත්තිනි දේවියගෙනි. පත්තිනි දේවියට පහනක්‌ තබා පිං අනුමෝදන් කර පිහිට ඉල්ලන්න.

ඇත්දත්, සක්‌බෙල්ලන්, පළිඟු රාත්‍රි කාලයේ ජලයේ දමා තබා පසුදින ස්‌නානයෙන් සඳුගේ අපල දුරුවේ.

ගෙවත්තේ වයඹ දිශාවේ දිවුල් පැළයක්‌ රෝපණය කර ස්‌පර්ශ කරමින් සාත්තු කරන්න.

දිනපතා රාත්‍රී නින්දට පෙර ආගමික වතාවත්වලින් පසු චන්ද පිරිත 7 වරක්‌ද, පහත දැක්‌වෙන චන්ද්‍ර ස්‌තෝත්‍රය 108 වරක්‌ද, සෙත් කවිය හැකි ප්‍රමාණයක්‌ද ගායනා කරන්න.

චන්ද්‍ර ස්‌ත්‍රොaත්‍රය

ශං බකුන්ද මෘණ ලාභං –

කාෂපුෂ්ප සමද්‍යතෙ

ශශංක රෝහිණි භක්‌ත –

සදාශාන්තිං ප්‍රයව්ජමේ

සෙත් කවිය

නිම්මා නැති දුක්‌ සයුරේÊ කිsමිදා

අප වෙනුවෙන් දුක්‌ වින්ඳේ පෙරදා

සම්මා සම්බුදු ගුණබල විහිදා

සඳු ග්‍රහ අපලය දුරලන් සැමදා

We found this article from Divaina on 2012/11/02.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments