Friday, October 31, 2025
HomesiOminousරාහුගේ අපලයට වත් පිළිවෙත්

රාහුගේ අපලයට වත් පිළිවෙත්

[ratings]

රාහු ග්‍රහයා තුළින් කිසියම් ජන්මියෙකුට අපලය ඇති කරනු ලබන්නේ “අසුර යක්‌ෂයා” හා “අසුර යක්‌ෂණිය” යි පුරාණයේ මෙම යක්‌ෂ යුවළගේ “අපලයට “අසුර ගිරි රාක්‌ෂ බලිය” අපලයේ මුල් කොටසේ දී ද, නාග රාක්‌ෂ බලිය මැද කොටසේ දී ද, අග කොටසේදී රාහු අපලයට රකුසු බලිය ඇරීමෙන්ද සහන ලබා ගෙන ඇත.

රාහුගේ අපලයේදී අප පිහිට පැතිය යුතු දෙවිවරු කිහිප දෙනෙක්‌ම ඇත. මේ අතරින් විෂ්ණු දෙවියන් ප්‍රමුඛ වේ. ගම්භාර සිද්ධ සූනියම් දෙවියන් මෙන්ම ශිව පාර්වතී හා රුද්‍රය බහිරව දේවතාවන්ට පුද පූජා පවත්වා භාර හාර වී සෙත්කවි කීමෙන් මෙම අපලය සමහන් වනු ඇත.

තවදá මෙම රාහුගෙන් යෙදෙන අපලය සමනය කර ගැනීම සඳහා පෙර කල සිටම පවත්වාගෙන ආ චාරිත්‍ර විධි කිහිපයක්‌ම පැරණි පොත පතෙහි සඳහන්ව ඇත. රනින් කළ නාග රූප, ගෝමේද මැණික්‌ අශ්වයන්, කළු එළු මස්‌, නිල් කම්බිලි (දේව රූප වසන රෙදි) ලෝහ භාජන (යකඩ විශේෂයි) හා නිල් පාට රෙදි දන් දීමෙන් රාහු අපලය සමහන් කර ගත හැකිය.

එමෙන්ම පහත සඳහන් බෙහෙත් වර්ග තම්බාගත් වතුර ස්‌නානය කිරීමෙන්ද රාහුගේ අපලය තරමක්‌ දුරට හෝ මර්දනය කර ගත හැකි වේ. ඊතණ තළ, තොළාං කොළ, කලාඳුරු අල, ඇත්දත්, කස්‌තුරි, එළකිරි එකට තම්බාගෙන නාන්නට සූදානම් කළ ජල බඳුනට එක්‌කර ගැනීම රාහු අපලයට යහපත් පිළියමක්‌ වන අතර බදාදා සහ සෙනසුරාදා දිනයන් හි ස්‌නානය කිරීම ඉතා වැදගත් වේ.

රාහු ග්‍රහයාගෙන් යෙදෙන අපලය සඳහා පුරාණයේ සිටම පැවැත එන පිළිවෙතක්‌ ලෙස, “ගෝමේද” මැණිකක්‌ යෙදූ නාග හිසක්‌ සහිත මුදුවක්‌ පැළඳීම ද සිදු කෙරේ. රාහු කවචයෙන් 350 වාරයක්‌ ජප කරන ලද එම මුදුව අපලය ඇති ජන්මියාගේ දකුණු අතෙහි මැදඟිල්ලේ සුබ හෝරාවකින් පැළඳවීමෙන් අපලය තරමක්‌ අඩුවන බව කියා ඇත. ඒ සඳහා හොඳ ඌරුවේ ගෝමේද මැණිකක්‌ යොදා ගැනීම අත්‍යවශ්‍ය වේ.

රාහුගේ අපලය සියයට අසූවක (80%) ට වඩා දුරු කර ගත හැකි උපක්‍රමයක්‌

පැරැන්ණෝ උපයෝගි කරගත් බවට ප්‍රබල සාක්‌ෂි ඇති අතර ඒ සඳහා ඔවුන් යොදා ගෙන ඇත්තේ “නාගර්ජුන” යන්ත්‍රයයි. නිසි වත් පිළිවෙත් අනුව සකසා වාර 18000 කට වඩා ජීවම් කර රන් රිදී හෝ පස්‌ලෝ සුරයක බහා කර පැළඳීමෙන් රාහු අපලය “හිරුදුටු පිණි බිඳුවක්‌ සේ වියෑකී යන බව නාගර්ජුන සෘෂිවරයා පවසා ඇත. එය මවිසින්ද අත්දුටු සත්‍යයකි.

එම යන්ත්‍රය පමණක්‌ පැළඳ ගැනීම රාහුගේ අපලයට ප්‍රමාණවත් යෑයි කීවද එම යන්ත්‍රය පැළඳ ගැනීමට ප්‍රථම අඩු තරමින් බෝධි පූජා හතක්‌ වත් නිසිලෙස පැවැත්විය යුතුය. බෝධීන් වහන්සේට භාරයක්‌ වීම අත්‍යවශ්‍ය වන අතර විෂ්ණු දෙවියන්ට හෝ කලින් සඳහන් කරන ලද දෙවි කෙනෙකුට පූජා වට්‌ටියක්‌ දී භාරවීමද අවශ්‍ය වේ. එම දෙවිවරුන්ගෙන් එක්‌ අයකු විෂයෙහි සෙත් කවියක්‌ කියවීමද ඉතා යහපතකි.

වැටකේ පැළයක්‌ ගෙනැවිත් එය තම ගෙමිදුලේ උතුරු දෙසට වන්නට සිටුවා එයට සාත්තු කිරීම ද රාහු අපලයට ගුණදායක වේ යෑයි සෘෂිවරු පවසා ඇත. වැටකේ පැළය සිටුවා ඒ වටා සුදු වැලි අතුරා, උදේ හවස වතුර දැමීම රාහු අපලය ඇති ජන්මියා විසින් කළ යුතු වේ. එහි කොළ අතගාමින් එම ගසට සෙනෙහස දැක්‌වීමද ඉතා අවශ්‍ය කරුණකි. එවිට ක්‍රමයෙන් රාහුගේ අපලය අඩු වී යන බව පැරැන්ණෝ දැන සිටියහ.

“ඡන්ද පිරිත” හා “සූරිය පිරිත” උදේ සවස ගායනය කිරීමෙන්ද රාහුගේ අපලයට ගුණදායක වේ. එමෙන්ම වැටකෙයා මල් බුදු සමිඳුන්ට පූජා කිරීමෙන්ද මෙම අපලයට සහනයක්‌ ලබා ගත හැකිවන අතර රාහු ස්‌තෝත්‍රය දිනපතා උදේ හවස 21 වර බැගින් ගායනා කිරීමෙන්ද රාහු ග්‍රහයාගේ අපලය දුරු කර ගත හැකිවේ.

රාහු ස්‌තෝත්‍රය

“අර්ධ කායම් මහා වීර්යයම් චන්ද්‍රදිත්‍යම් විමර්ධනම් සිම්හිකා ගර්භ සම් භූතම් තම් රාහුම් ප්‍රණමා මහ්‍යම්”

ඉහතින් දක්‌වන ලද සියලු වත් පිළිවෙත් අත්දුටු සත්‍ය ඒවාය. රාහුගේ අපලයට නොපැකිල ඉටු කරලීමෙන් රාහුගෙන් සිදුවන අපල අවම කරගත හැකිය.

We found this article from Divaina on 2011/10/28.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments