සියලු කරදර දුරු කරන කරණීය මෙත්ත සූත්‍ර යන්ත්‍රය

2384
කරණීය මෙත්ත
කරණීය මෙත්ත

[ratings]

ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේ වැඩසිටි සමයේ භික්‍ෂූන් වහන්සේ 500 නමක්‌ භාවනානුයෝගීව වැඩ සිටීමට සුදුසු තැනක්‌ බුදුරදුන්ගෙන් විමසා සිටියා. එවිට උන්වහන්සේ අරඤaඤ ගතෝවා, (ආරාම තූළ) රුක්‌ක මූල ගතෝවා, (රුක්‌ සෙවනේ) සුඤ්ඤාගාර ගතෝවා (ජන ශුන්‍ය) පෙදෙස්‌ යන ස්‌ථානවලින් එක්‌ ස්‌ථානයකට යන මෙන් කියා සිටියා.

ඒ අනුව එම භික්‍ෂූන් වහන්සේලා විශාල රුකක්‌ යටට ගොස්‌ භාවනාවේ යෙදෙන්නට වුණා. එම අවස්‌ථාවේ වනයේ රුක්‌ වලට අධිගෘහිත දෙවි දේවතාවුන් වහන්සේලා ගස්‌ ගල් පෙරලෙන ආකාරයෙන් විවිධ ශබ්ද නගමින් භික්‍ෂූන්ගේ භාවනාවට බාධාවන ලෙස හිරිහැර කළා.

අනතුරුව බුදුන්වෙත ගිය භික්‍ෂූන් මේ බව කියා සිටි අවස්‌ථාවේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කොට වෙනත් ස්‌ථානයකට නොගොස්‌ පෙරදී බාධා ඇතිවූ ස්‌ථානයටම ගොස්‌ කරණීය මෙත්තසූත්‍රය දේශනා කොට නැවත භාවනාව ආරම්භ කරන ලෙස දැන්වූවා.

එහි ගිය භික්‍ෂූන් වහන්සේලා පංච ශීලය ආරක්‍ෂා කරමින් මෙත්ත සූත්‍රය පඤaCධායනා කොට භාවනාවට සැරසෙත්ම ප්‍රමෝදයට පත් රුක්‍ෂ අධිපති දෙවි දේවතාවෝ පැමිණ සැම කල්හිම මේ ස්‌ථානයේ වාසය කරමින් සිල්වත් ජීවිතයක්‌ ගතකරන ලෙස ආරාධනා කළා. එයින් අපට වටහාගත හැකියි. කරණීය මෙත්ත සූත්‍රයේ බලසම්පන්න බව.

යක්‍ෂ, ප්‍රෙත අමනුෂ්‍ය බය දුරලීම පිණිස දේශනා කරන ලද මෙම සූත්‍රය වර්තමානයේ බොහෝ දෙනා සඡ්ධායනා සූත්‍රයක්‌ ලෙස භාවිත කළත් මෙම සූත්‍රය සඡ්ධායනයට පමණක්‌ සීමාවිය යුතු සූත්‍රයක්‌ නොව ක්‍රියාවට නැංවිය යුතු සූත්‍රයකි. මෙම සූත්‍රය සඡ්ධායනයෙන් දෙවියන්ගේ ආශිර්වාදය නිතැතින්ම ලැබෙන අතර ක්‍රියාවේ යෙදවීමෙන් විදුල ප්‍රයෝජන ලැබිය හැකිබව මතක තබාගත යුතුම කාරණයකි.

කරණීය නම් කළ යුතු වූ යන්නයි. මෙත්ත නම් මෛත්‍රියයි. එබැවින් මෙම සූත්‍රයේ දැක්‌වෙන ගුණ තමා තුළ වර්ධනය කරගනිමින් ක්‍රියාවේ යෙදවීමටත් දමනය කළ නොහැකි අමනුෂ්‍ය බලවේග යක්‍ෂ, ප්‍රේත දොaෂ සියල්ල තමා ඉදිරියේ දමනය වී සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබ වෙත පැමිණෙන සියලු ප්‍රශ්න විස¹ගැනීමට දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ආරක්‍ෂාව නිරතුරුවම ඔබට ලැබේ.

නිතිපතා සඡ්Cධායනා කරමින් ක්‍රියාවට නැංවිය යුතු මෙම අගනා සූත්‍රයේ විශේෂ ගුණාංග මෙසේ පැහැදිලි කළ හැකි අතර එම ගුණාංග ඔබේ දිවියට ළංකර ගැනීමෙන් එය ඔබේ ඉදිරි යහපත සඳහා මහෝපකාරී වනු ඇත.

කරණීය මත්ථ කුසලේන යංතං සන්තං පදං අභිසමෙච්ච සක්‌කෝ – ඒ ශාන්ත පදය වන “අමා නිවන” ට පැමිණ වාසය කිරීමට කැමති අයකු විසින් ඒ සඳහා ඇතිකර ගත යුතු කුසලතා (කුටි සෑදීම සිවුරු මැසීම පඬු පෙවීම පාත්තර සකස්‌ කිරීම ආදී) සියලු කටයුතු වල දක්‍ෂයෙක්‌ විය යුතුයි.

උජූච – සෘජු (අවංක) කෙනෙක්‌ විය යුතුයි.

සූජූච – ඉතා අවංක කෙනෙක්‌ විය යුතුයි.

සුචචෝ චස්‌ස – කීකරු කෙනෙක්‌ විය යුතුයි.

මුදු – මෘදු හිතැත්තෙක්‌ විය යුතුයි.

අනතිමානී – අධික මාන නැත්තෙක්‌ විය යුතුයි.

සන්තුස්‌සකෝච – ලද දෙයින් සතුටු වන කෙනෙක්‌ විය යුතුයි.

සුභරෝච – පහසුවෙන් පෝෂණය කළ හැක්‌කෙක්‌ විය යුතුයි.

අප්පකිච්චෝච – අඩුවෙන් වැඩ කටයුතු ඇත්තෙක්‌ විය යුතුයි.

සල්ලහුකවුත්තී – සැහැල්ලු පැවතුම් ඇත්තෙක්‌ විය යුතුයි.

සන්තින්ද්‍රියෝච – දමනය කළ සන්සුන් ඉඳුරන් ඇත්තෙක්‌ විය යුතුයි.

නිපකෝච – තැනට සුදුසු නුවණ ඇත්තෙක්‌ විය යුතුයි.

අප්පගබ්බෝ – හැඩිදැඩි අසංවරගති නැත්තෙක්‌ විය යුතුයි.

කුලේසු අනනුගිද්ධෝ – හිතමිත්‍ර කුලපවුල් වල නොඇලෙන්නෙක්‌ විය යුතුයි.

නච බුද්දං සමාචරේ කිඤaචියේන – නුවණැත්තන් නින්දා කරන ඉතා සුළු වරදක්‌ වත් නොකරන අයෙක්‌ විය යුතුයි.

විඤaCදු පරේ උපවදෙයHqං – (මෛත්‍රි වඩන ආකාරය)

සුනෝ වා ෙ€ මිනෝ හොන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා බය නැත්තෝ වෙත්වා

සබ්බේ සත්තා භවන්තු සුතත්තා – සැප ඇති සිත් ඇත්තෝ වෙත්වා

යේ කේචි පාණභූතත්ථි තසා වා – කෙලෙස්‌ සහිත වූද, කෙලෙස්‌ රහිත වූද, යම් සත්ව

ථාවරා වා අනවසේසා – පිරිසක්‌ ඇද්ද ඒ සියලුම දෙනාද

දීඝා වා යේ මහන්තා වා – දිග සත්තු ද මහත ශරීර ඇති සත්තු ද

මඡ්Cධිමා රස්‌සකාණුකථූලා – මධ්‍යම ප්‍රමාණයේ සත්තුද මිටි සත්තු ද ඉතා සියුම් සත්තුද, ස්‌ථුල සත්තුද

දිට්‌ඨා වා යේච අද්දිට්‌ඨා – ඇසට පෙනෙන සත්වයෝද ඇසට නොපෙනෙන සත්වයෝද

යේ ච දූරේ වසන්ති අවිදූරේ – දුර වාසය කරන සත්වයෝද ළඟ වාසය කරන සත්වයෝද

භූතා වා සම්භවේසීවා – ඉපදී සිටින සත්වයෝද ඉපදෙමින් සිටින සත්වයෝද

සබ්බේ සත්තා භවන්තු සුතත්තා – සියලු සත්වයෝ සුවපත් වෙත්වා·

න පරෝ පරං නිකුබ්බේථ – කිසිවෙක්‌ කිසිවෙකුට (රැවටීම් ආදියෙන්) හිංසා නොකෙරේවා ·

නාතිමඤaෙඤaථ කත්ථිචි නං කඤaචි – කිසි තැනකදී කිසිවෙක්‌ කිසිවෙකුට අවමන් නොකරත්වා·

ඛ්‍යාරෝසනා පටිඝසඤදා – නුරුස්‌සනා ක්‍රියාවෙන් හෝ නපුරු සිතුවිල්ලෙන් හා වචනයෙන්,

නාඤaඤමඤඤස්‌ස දුක්‌ඛමිච්ඡෙයිය – ඔවුනොවුන්ට දුකක්‌ කැමති නොවෙත්වා·

මාතා යථා නියං පුත්තං – තම ජීවිතය මෙන් පුතු සුරකින

ආයුසා ඒකපුත්තලමනුරක්‌ – එකම පුතෙකු ඇති මවු විලසින්

ඒවම්පි සබ්බභූතේසු – සියලු සත්ත්වයන් කෙරෙහි

මානසං භාවයේ අපරිමාණං – අප්‍රමාණ වූ මෙත් සිත පැතිර විය යුතුය

මෙත්තං ච සබ්බ ලෝකස්‌මිං – උඩ ද යටද හරහට ද සීමාවක්‌ නැතිව වෛර සිත්

මානසංභාවයේ අපරිමාණං – නැතිව සතුරු බාධා නැතිව සියලු ලෝකය කෙරෙහි

උද්ධං අධෝ ච තිරියඤaච – අප්‍රමාණ වූ මෙත් සිත පැතිරිය යුතුය

අසම්බාධං අවේරං අසපත්තං තිට්‌ඨං චරං නිසින්නෝවා – සිටගෙන සිටින විට ඇවිදින විට හෝ හිඳගෙන සිටින විටද

සයානෝ වා යාවතස්‌ස විගතමිද්ධෝ – නිදාගැනීමට ගිය විට හා නින්ද යන තුරුද

ඒතං සතිං අදිට්‌ඨෙයිය මේ මෛත්‍රි සහගත සිත අධිෂ්ඨානයෙන් සිහිකළ යුතුය.

බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු – එසේ විසීම බ්‍රහ්මවිහරණය යි කියනු ලැබේ.

දිට්‌ඨිං ච අනුපගම්ම සීලවා – (මෙසේ කරන තැනැත්තා) කිසිදු මිථ්‍යා දෘෂ්ඨියන්හි නොඇළී සිල් ගුණ ධර්ම දියුණු කරගෙන

දස්‌සනේන සම්පන්නෝ – සෝතාපණ්‌ණ මාර්ගය දකිනා නුවණින් යුතුවී

කාමේසු විනෙයිය ගේධං – කාමයන්ට ඇති ඇල්ම දුරු කොට

නහි ජාතු ගබ්භසෙයියං පුනරේතී තී – නැවත මවු කුසක බැසගැනීමට කිසි දිනක නොපැමිණේ (පිරිනිවන්පානු ලැබේ)

මෙම බලගතු සූත්‍රයේ පවතින ගුණාංග කැටිකොට පැරණි සෘෂිවරුන් විසින් කරණීය මෙත්ත යන්ත්‍රය සකස්‌ කොට කොට ඇති බව කියවේ. මෙහි ඇති උතුම් ගුණාංග සඡ්Cධායනය කිරීම සහ ඒවා අප තුළ වර්ධනය කර ගැනීම තුළින් දෙවියන්ගේ ආකර්ෂණය අප වෙත ළඟා කර ගත හැකිය. යන්ත්‍රය නිසි ලෙස සකස්‌ කොට ඔබගේ නිවසේ හෝ ව්‍යාපාරික ස්‌ථානයේ තබා පහන් දැල්වීමෙන් දෙවි දේවතාවුන්ගේ ඇල්ම බැල්ම නිතැතින්ම ලබා ගනිමින් අමනුෂ්‍ය බලවේග හා සොර සතුරු කරදර පලවා හැර සතුරන් මිතුරන් කර ගැනීමට හැකිය. රන්පත්‍රයක ලියා කරණීය මෙත්ත සූත්‍රයෙන් එකසිය අට වරක්‌ ජීවම් කර පැළඳීමෙන් තරග විභාග සම්මුඛ පරීක්‍ෂණවලින් නියත ජය ලද හැක. කිලි දොaෂ බලනොපාන මෙම යන්ත්‍රය ප්‍රස්‌ථාර ගත කර ගැනීම ජීවම් කර ගැනීම සුබ නැකතකින් ආරම්භ කළ යුතු අතර නිර්මාංශ මත්වතුර, මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර දැහැමිව කල් ගෙවන ශාස්‌ත්‍රය පිළිබඳ මනා දැනුමක්‌ ඇති අයකු ලවා යන්ත්‍රය සාදවා 1000 වරක්‌ ජීවම් කර පැළඳීම හෝ නිවසේ තබා පුද සත්කාර කිරීමෙන් ජීවිත කාලය තුළ අප වෙත පැමිණෙන සියලු දුක්‌ කරදරවලින් මිදී ජය සතුට ළඟා කර ගත හැකිය.

We found this article from Divaina on 2011/09/16.
Also Sinhala to English Google word to word translation can be found here