Friday, September 12, 2025
HomeRituals & Consecrationsසිහිනෙන් බියවීම දුරු කරන බුදුගුණ යන්ත්‍රයක්‌

සිහිනෙන් බියවීම දුරු කරන බුදුගුණ යන්ත්‍රයක්‌

අප දකින සිහිනවල සුබ අසුබ තිබේද යන්න සහ එකී සිහිනවලට අනුව පලාපල බලාපොරොත්තුවීම මිථ්‍යාවක්‌ද යන්න ප්‍රතික්‌ෂේප කළ නොහැක්‌කේ බුදු දහමට අනුව බෝසත් කුමරු පිළිසිඳ ගත් අවස්‌ථාවේ මහමායා දේවිය දුටු සිහිනය, බුද්ධත්වය ලබන බව සනාථ කරමින් බෝසත් තවුසාණෝ දුටු සිහින පහ සහ එවැනිම තවත් සිහින පිළිබඳ කතා අපට බැහැර කළ නොහැකි නිසාවෙනි.

බොහෝ විට සිහින දකින්නේ නින්දත් නොනින්දත් අතර සිටින අයවීම සැබෑවකි. තම යටි සිතෙහි තැන්පත් වන බොහෝ පීඩා සහගත කාරණා හේතුවෙන් නිතර නිතර සිහිනෙන් බියවීම අද බොහෝ දෙනෙක්‌ පීඩා විඳින කාරණයකි.

ජ්‍යෙdතිෂ්‍යයට අනුව පැරැණි සෘෂිවරුන් මෙවැනි පීඩාකාරී තත්ත්වයන් සඳහා නොයෙක්‌ ප්‍රතිකර්ම භාවිත කළ අතර පහත දැක්‌වෙන බුදුගුණ යන්ත්‍රය නිසි ලෙස සකස්‌ කර අදාළ ජන්මියා හිස තබන කොට්‌ටය තුළ බහාලීමෙන් සිහිනෙන් බිය නොවී සුවබර නින්දක්‌ ලැබීමට හැකි වේ.

මේ සඳහා අඟල් 2 ක්‌ පළල අඟල් 3 ක්‌ දිග තඹ පත්‍රයක්‌ ගෙන රූප සටහනට අනුව ඉරි දෙක බැගින් සිටින සේ මෙම යන්ත්‍රය

නිවැරැදිව ප්‍රස්‌ථාර ගතකර ගන්න. අනතුරුව නිසි ලෙස සකසාගත් මල් බුලත් තටුවක තබා සතියේ කිසි දිනක මරු නොසිටින ඊසාන දිශාව බලා කරණීය මෙත්ත සූත්‍රයෙන් දහස්‌ වර බැගින්ද, අටවිසි පිරිතෙන් දහස්‌ වර බැගින්ද පිරිත් කරගෙන පුරුෂ පක්‌ෂය සඳහා යන්ත්‍රයේ අංක 01 සඳහන් ස්‌ථානයේ ඉතිපිසෝ ගාථාවද, ස්‌ත්‍රී පක්‌ෂය සඳහා අංක 02 සඳහන් ස්‌ථානයේ සබ්බ පාපස්‌ස අකරණං ගාථාවද ලියා එම ගාථාවලින් 324 බැගින් ජපකර සුරයක දමා එය කොට්‌ටය තුළ බහා නින්දට යැමෙන් සිහින බිය ඔබ කෙරෙන් ඈත්වනු ඇත.

We found this article from Divaina on 2013/05/10.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments