[ratings]
ඉතා බලගතු මෙම යන්ත්‍රය තුළින් සෙනසුරු ඒරාෂ්ඨක අපල සඳහා විශේෂ සහනයක් ලැබිය හැකි අතර කේතු ග්‍රහයාගෙන් පැමිණෙන්නා වූ අපල සඳහා ද අඟහරු මාරක අපල සඳහා ද මෙකී යන්ත්‍රය භාවිතා කළ හැක.
යමෙකුගේ කේන්ද්‍රයක උප්පත්තියක් කේතු 8 වන භාවයේ තැන්පත් වී කේතු මහ දශාව ලැබුවහොත් එම තැනැත්තාට බොහෝ කරදර බාධකවලට මුහුණපෑමට සිදුවන අතර අධ්‍යාපනය ද බිඳවැටීම නොවැළැක්‌විය හැකි අතර ලෙඩ රෝගවලට ද ගොදුරු වේ. එවැනි අයට සුළු වශයෙන් හෝ සහනයක් ලැබිය හැක්‌කේ අතුරු දශා කාලයේදීය.
ග්‍රහ අපල දුරුකර දියුණුව සෙත ශාන්තිය ලබාදෙන යන්ත්‍ර අතර “අභිසම්භිදාන” යන්ත්‍රයට හිමිවන්නේ සුවිශේෂ ස්‌ථානයකි. දෙආකාරයකට ප්‍රස්‌ථාර ගතකරගත හැකි මෙම යන්ත්‍ර නියමාකාරයෙන් ප්‍රස්‌ථාරගත කර අභිසම්භිදාන පිරිතෙන් 108 වරක් පිරිත් කර පැළඳීමෙන් ජන්මීන්ට එදිනෙදා මුහුණදීමට සිදුවන බොහෝ දුක් කරදර ලෙඩ රෝග මෙන්ම බොහෝ ප්‍රශ්නවලින් වැළකිය හැකිය. ඉතා බලගතු මෙම යන්ත්‍රය තුළින් සෙනසුරු ඒරාෂ්ඨක අපල සඳහා විශේෂ සහනයක් ලැබිය හැකි අතර කේතු ග්‍රහයාගෙන් පැමිණෙන්නා වූ අපල සඳහා ද අඟහරු මාරක අපල සඳහා ද මෙකී යන්ත්‍රය භාවිතා කළ හැක. යමෙකුගේ කේන්ද්‍රයක උප්පත්තියක් කේතු 8 වන භාවයේ තැන්පත් වී කේතු මහ දශාව ලැබුවහොත් එම තැනැත්තාට බොහෝ කරදර බාධකවලට මුහුණපෑමට සිදුවන අතර අධ්‍යාපනය ද බිඳවැටීම නොවැළැක්‌විය හැකි අතර ලෙඩ රෝගවලට ද ගොදුරු වේ. එවැනි අයට සුළු වශයෙන් හෝ සහනයක් ලැබිය හැක්‌කේ අතුරු දශා කාලයේදීය.
ඕනෑම ලග්නයක මාරක – බාධක ග්‍රහයින් සිටින අතර එම ග්‍රහයන්ගේ අතුරු දශා මහ දශා ලැබූ විට සහ ගෝචර ගමනින් ද මෙකී මාරක අපල උදාවේ. එවැනි අවස්‌ථාවල අප කොතරම් උසස් රැකියාවල නිරතව සිටියත් කොතරම් දියුණු ව්‍යාපාරවල නිරතව සිටියත් ඒවා සැමදා ඒ ආකාරයෙන් නොපවතින අතර කේන්ද්‍රයේ අසුබ ස්‌ථානවල සිටින ග්‍රහයන්ගේ දශා කාල සීමාව තුළ අසුබ ඵල ලබන අතර සුබ ග්‍රහයන්ගේ දශා කාල සීමාව තුළ සුබ ඵල ලබයි. එවැනි අසුබ ඵල ලබන ඕනෑම අයෙකුට “අභිසම්භිදාන” යන්ත්‍රයෙන් ලැබිය හැකි ගුණය වචනයෙන් විස්‌තර කළ නොහැක.
අධ්‍යාපන කටයුතුවල නියෑලෙන දුවා දරුවන්ට එම කටයුතු බාධාවකින් තොරව සිදුකර විභාග ජය ගැනීමට ද අඹුසැමි බේද දුරුකර ගෙදර දොර සමගිය සමාදානය දියුණුව ඇති කර ගැනීමට ද රැකී රක්‍ෂාවල දියුණුව ඇතිකර උසස්‌වීම් ලැබීමට ද සතුරු කරදර දුරුකර සතුරන් මෙල්ල කරගෙන ජනතා ආකර්ෂණය ලබාගැනීමට ද ව්‍යාපාර කටයුතුවල දියුණුව සඳහා ද ඒරාෂ්ටක අපල තත්ත්වයට හා සියලුම ග්‍රහ අඵල සඳහා ද මෙම “අභිසම්භිදාන” යන්ත්‍ර පැළඳීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබිය හැකි අතර යන්ත්‍ර සකස් කර ගැනීමේදී ඒ පිළිබඳව මනා දැනුමක් අවබෝධයක් ඇති අයකු ලවා එම කටයුතු කර ගැනීමට වගබලා ගත යුතුය. එයට හේතුව නම් මෙම යන්ත්‍රය වෙනත් යන්ත්‍රවලට වඩා වෙනස් ආකාරයකට සාදාගෙන ඖෂධ වර්ගවලින් දුම් දීමක් සිදුකළ යුතු නිසාය.
මෙම යන්ත්‍රයේ පළල මෙන් 3 ගුණයක් හෝ 5 ගුණයක් නැතිනම් 7 ගුණයක් යන්ත්‍රය දිග විය යුතුය.
යන්ත්‍රය ජීවම් කිරීමේදී කස්‌තුරි, ගෝරෝචන වලින් පලිප්පු කළ යුතු අතර සුදු හඳුන්, රත් හඳුන්, දේවදාර, අගිල්, ගුගුල්, සුවඳ කොට්‌ටන්, ජටාමාංශ, සැවැන්දරා, විෂ්ණු ක්‍රාන්ති, සාම්බ්‍රානි, සඳුන් ලාටු, සම සමව ගෙන හොඳින් කුඩුකර සාදාගත් ධූපයෙන් දුම් අල්ලමින් ජීවම් කරගත යුතුය.
නිවසේදී ඉතා පිරිසිදුව සිඳගන්නා තැඹිලි තෙල් මෙම පිරිතෙන් 108 වරක් පිරිත් කර රන් හෝ රිදී සුරයක දමා පැළඳීම ද ඉහත කී සියලු බාධකවලට නිසි පිළියමක් වන අතර මත්වතුර, මස් මාංශවලින් තොර පංචශීලය ආරක්‍ෂා කරන දැහැමි අයකු ලවා නිසියාකාරව යන්ත්‍ර ප්‍රස්‌ථාරගත කරගෙන පිරිත් කරගැනීම හා තැඹිලි තෙල් පිරිත් කර ගැනීම ඉතා සුබදායකය.
යන්ත්‍රය පළඳින අය ද පංචශීලය ආරක්‍ෂා කරමින් ඊර්ෂ්‍යා ක්‍රෝධ සිතුවිලිවලින් තොරව ඉවසීම, කරුණාව පෙරදැරිව කටයුතු කරන අයකු වීම අත්‍යවශ්‍යම වන අතර නිතර කුසල් ක්‍රියාවන්හි යෙදීමෙන් සියලු පීඩාවන්ගෙන් මිදී ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යැම පහසු වේ.
යන්ත්‍ර ප්‍රස්‌තාරයේ (1) කොටුව තුළට පිරිතේ (1) වන ඛණ්‌ඩය ද (2) කොටුව තුළට පිරිතේ (2) වන ඛණ්‌ඩය ද ලෙස කොටු 7 තුළ පිරිතේ ඛණ්‌ඩ 7 අක්‍ෂර නොවෙනස් වන ලෙස ද යන්ත්‍රයේ ඉරි නියමාකාරයෙන් ද ඇඳ ගැනීමට කල්පනාකාරී වන්න.
We found this article from Divaina on 2011/10/14.
Also Sinhala to English Google word to word translation can be found here