[ratings]
කාලයකට ඉහත තනා පදිංචිව ඇති නිවසක වාසය කරන අඹු සැමියන් මෙන්ම දරුවන් ද සිය ජීවිත කාලය තුල නොයෙකුත් තීන්දු තීරණ වලට එලඹේ. වෙසෙසින්ම දරුවන් ලොකු මහත් වන විට වාසය කරන ගෙයි ඉඩ කඩ මදව වෙනස්a කම් කර ගැනීමට හිත් පහළ වේ. නවීන ගෘහ උපාංග වෙළෙඳ පළට පැමිණෙන විටද එAවා තම පැරණි නිවසට සවි කර ගැනීමේ ආශාවන් ද පහළ විය හැකිය. මෙහිදී පැවති නිවසකට අලුතෙන් කොටසක් එකතු කර ගැනීමේ පියවරට යාමට බොහෝ අයට සිදු වේ. ගෙදරකට නව යා කිරීමක් කරන කල්හි එය මැනවින් ශස්ත්රානුකූලව කල යුත්තකි. පැවති නිවසේ වාස්තු පුරුෂ සම්පත්තිය මනා සේ පිහිටා ඇත්නම් එයට නව අංග එකතු කර ගැනීමේ දී සම්පත්තිය විපත්තියක් බවට පරිවර්තනය වීම වළක්වා ගත යුතුය.
මහ පොළවට සාපේකෂව නිවස පිහිටා තිබෙන දිශාව අනුව ගෙට අලුතින් කරන යා කිරීම තීරණය වීමට ඉඩ හළ යුතුය. ගෙට සාපේක්ෂව නැගෙනහිර උතුරු දෙසින් නව යාකර ගැනීම කලහොත් වඩාත් සුබ දායි වේ. එය නිදන කාමරයක් නම් වඩාත් සුදුසුය. නිවෙස් හිමියන් නව වාහනයක් මිළදී ගත් විට එය නවත්වා තැබීමටද බෙහෝ විට යාකිරීම් කරති. ගරාජයකට වඩාත් සුදුසු වන්නේ වයඹ දිශාවයි. ගිනිකොණ ප්‍රදේශය එයට සුදුසු නොවේ. වාහනයේ නිරන්තර අලුත්වැඩියාවන් සිදු කර ලීමට යොමු විය හැකිය. නිරිත හා නිරිත බස්නාහිර ප්‍රදේශයද යම් තරමක් ඊට ගැලපේ. ගෙට ඉදිරි පසින් පැන්නුමක් ඇතිකර වාහනය එහි නවතා ගැනීමටද ඇතැම් අය කැමැත්ත දක්වති. එම පැන්නුම ගෙයකට අලංකාරය සපයන්නකි. නමත් එහිදී කලින් ලිපියක සඳහන් කළ පරිදි ගෙට සම්බන්ධයේ දී ඇති වන දෝස ගැන සැලකිලිමත් විය යුතුය. ගෙය තනා ඇති ඉඩම කුඩා ප්‍රදේශයක් නම් වෙසෙසින්ම පර්චස් විස්සක හෝ දහයක පමණ භූමි භාගයක් නම් මේ යා කිරීම් ඇති කිරීම ඉතාමත් අසීරු වේ. එයට හේතුව ඉඩමට සාපේක්ෂව ගෙය නිවරදි පාදයක ස්ථාන ගත කර ඇත්නම් ගෙය වටා තිබෙන්නේ ප්‍රේත පාදය බව වටහා ගත යුතුයි. ඇතැම් අය ගෙයි එක් පැත්තකින් හෝ පැති කීපයකින් පළ කීපයක් බා ගෙන වහළ ගසා බිත්ති බැඳ එහි තමන්ට අවශ්‍ය ඉඩකඩ ලබා ගනිති. මෙහිදී වැසිකිලි වලවල් මෙන්ම ළින් ද ඇතැම් විට ගේ ඇතුලේ වග පිණ්ඩයට පැමිණේ. මේනිසා ගෙයි හිමියන්ට හදිසි සැත්කම්කර ගැනීමට සිදු වේ. රිය අනතුරු පවා සිදු විය හැකිය. මෙයට හේතුව විග්රහ කළ හැක්කේ වාස්තු විද්‍යානුකූලව පමණක් නොවේ. බෞද්ධ ධර්මයට අනුවයි. වෙසෙසින්ම වැසිකිලි වලවල් ආශ්‍රිතව යම් යම් භුත කොටස් මෙන්ම ප්‍රේත ආත්ම ගත් අයද ජීවත් වන බැවිනි.
එක් රජයේ ආයතනයකින් හෙළිදරව් වූ සිද්දියක් මෙහි බහාලීම උචිත යයි සිතමි. මෙම කථාව එක් සති අන්ත පුවත් පතක පළ වූවෙකි. මේ කථාව එළියට පැමිණියේ එම ආයතනයේ සේවකයෙකු හදිසියේ අසනීප වීමෙනි. ඔහුට ආරූඩයක් ඇති විය. මේ නිසා පෙර ආත්ම ගැන ලියන ලේඛකයෙකු ඔහු හමුවට ආයේය. තමන් සේවය කරන ආයතනයේ වැසිකිලි වල තුල ජීවත්වන ප්‍රේත ආත්ම දෙකකින් විටින් විට තමන්ට කරදර පැමිණෙන බවද එහිදී ප්‍රකාශ විය. මෙලෙස නීච ආත්ම ගතව සිටින්නේ එම කාර්යාලයේම සේවය කළ ඉහළ නිළධාරීන් දෙදෙනෙකු බවද හෙළි විය. හේතුව රජයේ දේපළ අනිසි ලෙසට ගසා කෑමයි. මෙම කථාවෙන් අප තේරුම් ගත යුතුව ඇත්තේ සෑම නිවසකම වුවද වැසිකිලි වල ආශ්‍රිතව එවැනි භුත කොටස් ජීවත් විය හැකි බවයි. ගෙය වටා ඇති ප්‍රේත පාදය වැසී යන පරිද්දෙන් අවහිර කිරීම් කළ විට මේ භුත කොටස් වලින් නිවෙසේ අයට කරදර පැමිණේ. ලෙඩ රෝග වැළඳේ. ඇතැම් විට දුර්වල හිත් ඇති අය වෙත්නම් ආරූඩයන් හට ගනී. මේ නිසා ගෙට යාකිරීම් කළ යුත්තේ බෙහෙවින්ම පරිස්සම් සහගතවය.
නිවසේ පෝරණුව ගෙට පිටතින් නෙරා යන පරිදි ඉඳි කර ඇති තැන් අපමණ ඇත. එවිටද යටකී දෝෂය ජනිත වේ. භූත කොටස් වලට අවහිරතා ඇති වීම නිසා ගෙයි හිමියන්ට කරදර බාධක ඇති වේ. පෝරණුව උඩ වතුර ටැංකිය තැබීමද මෙලෙසම දොස් සහගත වන ක්‍රියාවකි. වෙසෙසින්ම වයඹ ප්‍රදේශයක එය කර ඇත්නම් බිරිඳගේ හිසේ අමාරු වර්_ධනය වේ. එසේම බඩේ අමාරු ඇතිවේ. දූවරු ඇතිනම් හිතුවක්කාර වී කරදර ඇති වීමද නොවැරදීම සිදු වේ. ගිනිකොණ ප්‍රදේශය තුල පවතින චිමිනිය උඩ වතුර ටැංකිය නිසා පිරිමින් ගේ හිසේ අමාරු වර්ධනය වී පිරිමි දරුවන් ගේ හිතුවක්කාර ගති ස්වභාවයන් දියුණු වේ.
We found this article from Divaina on 2012/06/01.
Also Sinhala to English Google word to word translation can be found here	

