[ratings]
රවි – කුජ යන ග්‍රහයින් දෙදෙනාම තේජෝ භූත ගුණයෙන් යුක්‌තය. මොවුන් දෙදෙනාගේ සංයෝගය කොතනක කෙසේ යෙදුනද ඌෂ්ණාධික සිරුරක් ස්‌වභාවයෙන්ම ජන්මියාට හිමිවීම වැළැක්‌විය නොහැකිය. විශේෂයෙන් රුධිරයේ ඌෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා උණුසුම් බවක් පළ කරනු ඇත.
රාශි වශයෙන් ගතහොත් මේෂ, සිංහ, ධනු යන රාශි තුනෙන් එකකත්. භාව වශයෙන් ගතහොත් දසවැනි භාවයේත් තේජෝ භූත ගුණය වඩාත් ප්‍රකටව පෙන්නුම් කෙරේ. එවැනි ග්‍රහ පිහිටීමකින් උපන් අයට, අන් අයට වඩා තද උණ රෝග, ඌෂ්ණාධික රෝග හා රුධිරාබාධ ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය.
තාප දෘෂ්ටිආදියෙන් පීඩා වීම හේතුකොට ගෙන සරම්ප, පැපොල වැනි ඌෂ්ණාධික වසංගත රෝග ද, මෙම යෝගය යෙදී උපන් අයට පහසුවෙන් වැළඳීමට බොහෝ දුරට ඉඩ තිබේ. මෙම යෝගයේ ශුභා ශුභ එක් එක් කේන්දරයට අනුව වෙනස් වේ. අධ්‍යාත්මික වශයෙන් බලන කල එහි පැහැදිලිව කැපී පෙනෙන භේදයක් ඇති බව අත්දැක තිබේ.
මෙම යෝගය යහපත්ව පිහිටියේ නම් චිත්ත ධෛර්ය, අධිෂ්ඨාන බලය, දුෂ්කරතා, අවහිරතා ජය ගැනීමේ හැකියාව, ඥානවන්තකම, කාර්යශූරත්වය හා ස්‌ථිර ප්‍රතිපත්ති ඇත්තෙකු වීම වැනි උසස් ගුණාංග රැසකට හිමිකම් පෙන්වන්නකු වේ.
එලෙසින්ම එය දෘෂ්ටි ලැබ නරක ස්‌ථානයක අශුභ ලෙසින් සිටියහොත් නපුරු, හිංසාකාරි, පවිටු අදහස් ඇති බොරු කාරයකු ලෙස සමාජ ගතවීම නොවැළැක්‌විය හැකිය.
ලග්නයේ මෙම යෝගය යෙදේ නම් හොඳ පාලන ශක්‌තියක් ඇති, උද්යෝගිමත්, සටන්කාමී, නොපසුබස්‌නා දිරියෙන් යුත් එඩිතර පුද්ගලයකි. මැරී වැටෙනතුරු සටන් කරන්නෙකි. එහෙත් සිතේ අමාරුවලින් පීඩා විඳින්නෙක් වේ. ගෝචර ගමනින් රවි – කුජ එක්‌වන කාලසීමාවලදී හිසේ අමාරු, ඉරුවාරදය වැනි අසනීපවලට ගොදුරුවීමට ඉඩ ඇත. පාප දෘෂ්ටි ලද නම් හිසේ තුවාලයක් ඇතිවීමට හෝ දරුණු අනතුරුවලට මුහුණ පෑමට හෝ සිදුවේ.
රවි – කුජ යෝගය දෙවැන්නේ නම්, දෝංකාර නංවන ස්‌වරයෙන්. බලවත් වචන කථාකරන, කතාවෙන් අන්‍යයන් බිය ගන්වන සුළු අයෙකි. ඇස්‌වල ආබාධ ඇති කරයි. විවාහයෙන් පසු නිතර ගෙදර අඬ දබර ඇතිවෙයි. සැලකිලිමත්ව ඉපැයීම කළද, වියදම් කිරීමේදී නොසැලකිලිමත් වෙයි. කටුක ආහාරවලට ප්‍රියකරයි.
මෙම යෝගය තෙවැන්නේ නම් වික්‍රමවන්තයෙකි. එවැනි ක්‍රියාවලින් රාජ සම්මාන ලබයි. කීර්තිමත් වෙයි. රටට, ජාතියට, වැඩ කරන්නෙක් වෙයි. එහෙත් සහෝදරයන්ට අගුණය. එසේ නැතිනම් සහෝදරයන් අතර ශ්‍රේෂ්ඨතමයා වේ. එකොළහේ පාපියකු වේ නම් සහකරුට හෝ සහකාරියට අපල සිදුවේ. රාහුගේ හෝ ශනිගේ සම්බන්ධයකුත් වේ නම් බෙල්ලේ රෝගාබාධ ඇති කරයි. ගල ග්‍රන්ථි (වායු ගෙඩි) විශේෂයි.
සිව්වැන්නේ නම් මවුපිය නෑදෑ විරෝධය ගේ දොර ඉඩකඩම් පිළිබඳ වියවුල් ඇති කරයි. පවට බය නැති මුරණ්‌ඩු සිත් ඇත්තන් කරයි. දත් රෝග, පපුවේ දාහ ගති, පිත් රෝග ඇති කරයි. දසවැන්නේ පාප ග්‍රහයකු වේ නම් හදිසි අනතුරකින් තුවාල ලබයි.
පස්‌වැන්නේ නම්, දරුවන්ට ඉතාම අපලදායකයි. පළමුවෙන් ලැබෙන පිරිමි ළමයාට විශේෂයි. ඉගෙනීමද අතරමග කඩාකප්පල්වේ. පාප දෘෂ්ටි ලදහොත් අංගවිකල බව ඇතිවීමට හෝ ඇස් පෙනීම දුර්වලවීමට හෝ ඉඩ තිබේ.
සය වැන්නේ නම් ශූර වීර භාවයෙන් යුතු ප්‍රකට පුද්ගලයෙක් වෙයි. රාජකාරි ලැබීමට සුදුස්‌සෙකි. කාමාශා බලවත්වේ. බොහෝ ආහාර අවශ්‍යවන අතර වකුගඩු රෝග හා යටි බඩේ ආබාධ ඇතිවීමට ඉඩ තිබේ.
සත්වැන්නේ නම් විවාහය කල් යැමට හෝ වියවුල් සහිතවීමට හේතුයි. සහකරු හෝ සහකාරිය ශක්‌තිමත් වූද, අහංකාර සහිත වූද, කෙනෙක් වේ. දෙදෙනා අතර නිතර මත භේද ඇතිවෙයි. පාප දෘෂ්ටි අනුව දික්‌කසාද වීම, වෙන්වීම. සහකාර වියෝග ඇති කරයි. ලග්නයේ ශනි සිටියහොත් දරුණු අර්ශස් රෝගියෙකි. ලිංගිකාබාධ හා මුත්‍රා දෝෂ ඇති වීමට ද ඉඩ තිබේ.
අටවැන්නේ නම් ඉතා භයානකය. හදිසි අනතුරු ගිනි බිය, ශල්‍යකර්ම වැනි දෙයට භාජනය වීමට සිදුවෙයි. නව වැන්නේ නම් පියාට, වැඩිහිටියන්ට අකීකරුවීම මිස වෙනත් බරපතළ අයහපතක් සිදු නොවෙයි.
මෙම රවි – කුජ යෝගය දසවැන්නේ යෙදුනේ නම් ජන්මියාට සියලු යස ඉසුරු ජයග්‍රහණ ලබා දෙයි. මෙය මහා සෙන්පතියනට පිහිටන යෝගයකි. යුද හමුදාවල, පොලිසියේ උසස් නිලධරයන්ගේ කේන්ද්‍රවල මෙම පිහිටීම බෙහෙවින් දක්‌නට ලැබේ.
එකොළොස්‌වැන්නේ මෙම රවි, කුජ යෝගය යෙදුනේ නම් උසස් මිතුරන් ඇසුර ලබන අතර දියුණුවද සාක්‌ෂාත් කරගනී. වගාවෙන් හෝ භූමියෙන් ලබන දේට වාසනාව ඇත. මැණික් හා නිධන් සම්පත් ලැබීමේ වාසනා ගුණය ඉහළින්ම පවතී.
දොළොස්‌වැන්නේ පිහිටි රවි, කුජ, යෝගය හේතුවෙන් ජන්මියාට හදිසි අනතුරු, බන්ධනාගාරගතවීම්, ඇවිදිලි, නඩු හබවලට පැටලීමට මෙන්ම ගින්නෙන්ද හානි ඇති කරයි. ඇස් රෝග වැළඳීමේ ප්‍රවණතාවකින් යුක්‌තය වේ.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here