කේන්දරේ හදන සාස්‌තරේ පාඩම් මාලා අංක 09

2892
කේන්දරේ
කේන්දරේ

[ratings]

දෙකට බෙදුණු පිටුවේ දෙවැනි කරුණ සඳහන් වන්නේ මේ ආකාරයටමය. ඊළඟට තිරස්‌ තීරුවල එක්‌ එක්‌ ග්‍රහයා අනුපිළිවෙළින් සඳහන් කර ඇති අතර ඒ ඒ දින වලදී ග්‍රහයා (සඳු හැර) ගමන් කරන නවාංශක රාශිය පෙන්වා ඇත. මෙතැන් සිට අපි ඒ ඒ ග්‍රහයා ගමන් කරන නවාංශක රාශිය හඳුනා ගන්නා ආකාරය පිළිබඳ දැනුම ලබා ගැනීමට උත්සාහ කරමු.

මෙම දැනුම මත සිට ළමයා උපන් දිනයේ උපන් වේලාව වන විට රවි ග්‍රහයා ගමන් කරන ලද නවාංශක රාශිය හඳුනා ගත යුතුය. ඉන් අනතුරුව අප විසින් සාදා ගන්නා ලද නවාංශක කේන්ද්‍රයේ නවාංශක රාශියට සාපේක්‌ෂව රවි සිටින නවාංශක රාශිය හඳුනා ගෙන එම රාශිය තුළ රවි ග්‍රහයා පිහිටවිය යුතුය. ග්‍රහයින්ගේ අනු පිළිවෙළ අනුව ඊළඟ ග්‍රහයා සඳුය. මෙම වගුවේ සඳු ග්‍රහයා ගැන තොරතුරු සඳහන් නොවේ. එම ග්‍රහයා නවාංශකයේ පිහිටුවා ගැනීම සඳහා අප විසින් වෙනම ගණනය කර සාදා ගත යුතුය. ඒ සඳහා අනුගමනය කරන ගණිතමය ක්‍රියාකාරකම පිළිබඳ විස්‌තර පහත දැක්‌වේ. අප පළමුවෙන්ම ළමයා උපන් වේලාව වන විට සඳු ගමන් කර නවාංශක රාශිය සොයා ගන්නා ආකාරය පිළිබඳ අවබෝධයක්‌ ලබා ගනිමු. මේ සඳහා කරුණු දෙකක්‌ අප විසින් සොයා ගත යුතු වේ. එනම්,

01. සඳු ගේ දින භුක්‌තිය

02. ගත කාලය

01. සඳු ගේ දින භුක්‌තිය සොයා ගන්නා ආකාරය

කේන්දරේ

ලංකා පංචාංග ග්‍රහස්‌පූඨ ලිත උපයෝගි කර ගනිමින් අප විසින් කේන්දරය සාදනු ලබන ළමයාගේ උපන් දිනයට ඉදිරි දිනයේ උදේ 6 ට සඳු සිටි රාශිය හා ස්‌පූඨය ලබා ගෙන එම රාශි ස්‌පූඨයෙන් ළමයා උපන් දවසේ සඳු සිටි රාශි ස්‌පූඨය අඩු කර ගත යුතුය.

උදාහරණයක්‌ වශයෙන් ළමයා යම් මාසයක 15 වැනි දින උපත ලැබුවේ නම් 16 වැනි දින උදේ 6 ට සඳු ගමන් කළ රාශි ස්‌පූඨයෙන් ළමයා උපන් දවස වන 15 වැනි දින රාශි ස්‌පුඨය අඩු කළ යුතුය. එවිට උත්තරය වශයෙන් ලැබෙන්නේ දවසක්‌ තුළ එනම් පැය 24 ක්‌ තුළ සඳු ග්‍රහයා ගමන් කරන ලද රාශිය හා එහි අංශක කලා ගණන හෙවත් සඳුගේ දින භුක්‌තියයි.

02. ගත කළ කාලය සෙවීම

කේන්දරය සාදන ළමයා ඉපදුනු සම්මත ඔරලෝසු වේලාවෙන් (දැනට පොදුවේ භාවිත කරනු ලබන ඔරලෝසු වේලාවෙන්) ඉරු උදාව සිදු වූ වේලාව අඩු කිරීමෙන් ලැබෙන වේලාවකි. ඉරු උදාව අඩු කිරීමේදී මධ්‍යම සූර්යෝදය වේලාව හෝ ශුද්ධ සුර්යෝද වේලාව සැලකිල්ලට නොගෙන උදේ 6 ට හිරු උදාව සිදු වූවා යෑයි සලකා එම පැය 6 අඩු කළ යුතුය. එයට හේතුව කොළඹ කොටුව හරහා විහිදී ඇති අංශක 79 කලා 51 දරන දේශාංශ රේඛාව මුල් කොට ගෙන ඉරු උදාව උදේ 6 ට සිදුවන නිසා ගත කාලය සෙවීම සඳහා අප විසින් අඩු කළ යුත්තේ පැය 6 ය. මේ සඳහා දේශාන්තර භේදය සැලකිල්ලට ගන්නේ නැත. මේ අනුව උපන් වේලාවෙන් ඉරු උදාව අඩු කළ පසු ලැබෙන උත්තරය ගත කාලය වේ. මෙයින් අදහස්‌ වන්නේ ඉරු උදාව සිදු වූ වේලාවේ සිට ළමයා උපන් වේලාව දක්‌වා ගත වී ඇති පැය හා මිනිත්තු ගණනයි.

ඉන් අනතුරුව භාව කේන්දර සෑදීමේ ගණිත වගු පොතේ 25 වැනි පිටුවේ ඇති ග්‍රහස්‌පුඨ සෙවීමේ ලඝූ ගණක වගුව උපයෝගී කර ගෙන අංශක කලාවලට ඇති ලඝූ අගයත්, ගත කාලයේ පැය මිනිත්තුවලට ඇති ලඝූ අගයන් දෙක එකට එකතු කර ලැබෙන උත්තරයේ අගයට ප්‍රති ලඝූ අගය ලබා ගත යුතුයි. ප්‍රතිලඝූව බැලීමට ආපස්‌සට බැලිය යුතුය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here