දෙවියන් දෙසූ අනාවැකි ශාස්‌ත්‍රය හෙවත් ජ්‍යෙතිෂය

2685
ජ්‍යෙතිෂය
ජ්‍යෙතිෂය

[ratings]

ලොව ඇති සියලු ප්‍රධාන ආගම් මිනිස්‌ මනසේ විෂය පථය ඉක්‌මවා ගිය දිව්‍යමය ඥණයක්‌ උරුම කරගත් මහෝත්තමයින් විසින් ලොවට දායාද කර දී තිබේ. ඒ අනුව කිතුණු දහම ඇතුළත් වූ ශුද්ධවූ බයිබලය, මුස්‌ලිම් දහම ඇතුළත් ශුද්ධවූ කුරානය හින්දු දහම ඇතුළත් චාතුර්වේද ග්‍රන්ථ දේව භාෂිත ලෙස ගෞරවාදරයට පාත්‍රව ඇත. බුදුදහමට අයත් ත්‍රිපිටකය බුද්ධ භාෂිත, ශ්‍රාවක භාෂිත හා දේව භාෂිත යන තුන් ආකාරයටම පහළ වූ සූත්‍ර ධර්මයන්ගෙන් පිරී පවතී. ඒ නිසා එය ලොව ඉක්‌මවා ගිය ලෝකෝත්තර ධර්මයකි.

ජ්‍යෙතිෂය හින්දු දහමට අයත් වේදාංගයකි. එය අෂ්ඨාංග සමන්විත ආයුර්වේදයේ කොටසක්‌ ලෙස ගැනේ. 2010-2011 ලංකා පඤ්චාඬග ග්‍රහස්‌ථුට ලිතේ (ආචාර්ය ආර්. කේ. රෝහන් සිසිර කුමාර සංස්‌කරණය) 113 පිටුවේ ජ්‍යෙතිෂය හඳුන්වා ඇත්තේ මෙලෙසිනි.

“ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රය වනාහි තෙවන ඇස නොහොත් පියවි ඇසට නොපෙනෙන කරුණු නුවනැසින් හඳුනා ගැනීමේ ශාස්‌ත්‍රයකි”.

“මෙහිදී අප කවුරුත් පරිහරණය කරන බෘහත් පරංශරය නමැති ග්‍රන්ථය වෙත ඔබේ සිත යොමු කිරීම මැනවැයි සිතමි. එම ග්‍රන්ථයේ එන 1, 2, 3 යන ශ්ලෝක වල සඳහන්වන පරිදි මෛත්‍රී නමැති උතුම් පුරුෂයකු පරාශර සෘෂිවරයා වෙත ගොස්‌ තමා වෙත ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රය ප්‍රගුණ කරවන ලෙස අයෑද සිටියේය”.

“එවිට පරාශර සෘෂි විසින් ප්‍රථමයෙන් මෛත්‍රීතුමා වෙත මෙසේ නියෝග කළේය.” “දෙවන ශ්ලෝකය අනුව – නිල් වස්‌ත්‍ර දරන්නාවූත් පංචායුධ දරන්නාවූත් විෂ්ණු දෙවියන් සහ සුදු වස්‌ත්‍ර දරන්නාවූත් වීනාවක්‌ දරන්නාවූත් සරස්‌වතී දේවියට නමස්‌කාර කරව”.

මෙයින් ජ්‍යෙතිෂය හා දෙවියන් අතර ඇති සම්බන්ධතාවය මනාසේ ප්‍රකට වේ. බෘහත් පරාශරයේ 97 වන පරිච්ෙච්දයේ 1-4 ශ්ලෝක වලට අනුව තමා ප්‍රකාශ කරන්නාවූ ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රය මහා බ්‍රහ්මයින් විසින් නාරද සෘෂි වරයාට පවසා ඇති බවත් නාරද සෘෂිවරයන් විසින් ෂෞනක හා අනෙකුත් සෘෂිවරුන්ට ප්‍රකාශ කර ඇති බවත් පරාශර මුනීහු පවසති. තමා එම මුනිවරුන් වෙතින් මෙම ශාස්‌ත්‍රය උගත් බව වැඩිදුරටත් පවසති.

ජ්‍යෙතිෂය හා ආයුර්වේදය මහා බ්‍රහ්මයින් විසින් දේශිත බව ඇතැම් ග්‍රන්ථ පවසන අතර එය ශිව හෝ ඉන්ද්‍ර දෙවියන් දේශනා කළ බව වෙනත් තැන්හි සඳහන් වේ. සප්ත සෘෂින් විසින් දෙවියන් වෙතින් ජ්‍යෙdaතිෂය හා ආයුර්වේදය ඉගෙනගෙන ලෝකයාගේ යහපත පිණිස දේශනා කළ බව සංස්‌කෘත ග්‍රන්ථ පවසයි.

ජ්‍යෙතිෂය ලොවට දේශනාකළ සප්ත මහා සෘෂිවරුන්ගේ නාම ලේඛනයට මරිචි, අත්‍රි, අංගීරස්‌, පුලස්‌ත්‍ය, පුලඟ, ක්‍රතු, වශිෂඨ යන නාමයන් ඇතුලත් වේ. සසරින් එතෙරවීමට නැණ බලයෙන් ක්‍රියාකරන තවුස්‌ විශේෂය සෘෂිවරු හෙවත් මුනිවරු නමින් හැඳින්වේ. වේදය පරම්පරා හතක සෘෂිවරයන් විසින් සම්පූර්ණත්වයට පත්කරන ලද්දකි. අට්‌ටක. වාමක, වාමදේව, විශවාමිත්‍ර, යමදග්නි, අංගීරස්‌ භාරද්වාජ, වශිෂ්ඨ, කාශ්‍යප, භෘගු යනාදී වශයෙන් දීඝ නිකායේ බුදු රජාණන් වහන්සේ විසින්ද මෙවැනි මුනිවරුන් ගැන සඳහන් කර තිබේ.

මේ සෘෂිවරු ශ්‍රැතර්ෂි, කාංඩර්ෂි, පරමර්ෂි, මහර්ෂි රාජර්ෂි, බ්‍රහර්ෂි, දේවර්ෂි යනුවෙන් සප්ත වර්ගයකට අයත් වේ. මෙහි දේවර්ෂි ගණයට නාරද, කණාදා ප්‍රෙච්තස්‌, අත්‍රි, මරිචි, පුලස්‌ත්‍ය, පුළඟ, ක්‍රතු, භෘගු යන සෘෂිවරු අයත් වන අතර ජ්‍යෙdතිෂයේ ආදි කර්තෘවරුන් කිහිප දෙනෙකුම මෙහි සිටිති.

මෙකී සෘෂිවරුන් ත්‍රිකාලදර්ශී වන බැවින් කල්පගණන් ඉදිරියට ලොව සිදුවන දේ දකින හැකි දිව්‍ය ඥණයෙන් පිරිපුන් බැවින් හා දෙවියන් බ්‍රහ්මයින් සමග සමීප සබඳතා පැවැත්වූ බැවින් ජ්‍යෙdතිෂය නම් වූ මේ දිව්‍යමය ශාස්‌ත්‍රය ලොවට හෙළි කරනු ලැබීය.

මහා බ්‍රහ්මයින් විසින් දේශනා කරනු ලැබූ “ආයුර්වේද මහා සංහිතා” නම් ග්‍රන්ථය අධ්‍යාය දහසකින් සමන්විත බව කියා තිබේ. මිනිස්‌ ප්‍රජාවගේ ආයුෂ හා ප්‍රඥව අනාගතයේ බෙහෙවින් දුර්වල වන බැවින් ඔවුන් කෙරේ අනුකම්පාවෙන් එය හෙළිකරන බව මහා බ්‍රහ්ම රාජයා ප්‍රකාශ කරයි. ඒ සමගම දේශනා කරන ලද ජ්‍යෙතිෂයට අදාළ කරුණුද අතිමහත් සම්භාරයකි. එහෙත් ඒවා ආයුර්වේදයටත් වඩා වැඩි වටිනාකමක්‌ සහිත වූ බැවින් පසුකාලීනව ගුරු කුලයන් විසින් ගුරු මුෂ්ටි වශයෙන් තබාගෙන අන් අයට නොදී විනාශ මුඛයට යවා ඇති බැවින් දෙවියන් ලොවට දායාදකළ මේ දිව්‍යමය ශාස්‌ත්‍රයේ වටිනාම සිද්ධාන්තයන් අද අප සතුව නැත.

අද අප භාවිත කරනු ලබන්නේ පරාශර මුනිවරයන් විසින් පෙරකී දිව්‍ය සෘෂින් වෙතින් ඉගෙනගෙන දේශනාකළ ජ්‍යෙතිෂයේදී ශේෂවූ කොටස්‌ පමණි. මෙකී අඩුතැන් පිරවීම සඳහා පසු කාලීන පඬිවරු විසින් ග්‍රන්ථ රාශියක්‌ රචනාකර තිබේ. බෘහත්ජාතකය හෙවත් වරාහමිනිරය, ජෛමිනි සූත්‍රය, ඵලදීපිකාව, ශත්‍ය ජාතකය, සාරාවලිය, දෛවඥ කාමෙනුව, වැනි ග්‍රන්ථ රාශියක්‌ දැනට අප අතර භාවිත වුවද මේ කිසිවක ජ්‍යෙතිෂයේ මුල් කාලීන දිව්‍ය ස්‌වරූපය දැකිය නොහැකිය. ඒ නිසා මේවා භාවිතා කිරීමෙන් කිසිවිටක පූර්ණ සත්‍ය අනාවැකි ප්‍රකාශකළ නොහැකිවේ. එය ජ්‍යෙdතිෂයේ දිව්‍යමය ස්‌වරූපයට කැලලක්‌ නොවේ. එයට හේතුව මේවා සාමාන්‍ය ගණයේ පඬිවරුන් විසින් ප්‍රකාශ කරනු ලැබූ කරුණු නිසාය. එකම කරුණක්‌ පිලිබඳව විවිධ ආචාර්ය මත පලවී තිබෙන්නේද ඒ නිසාය.

මුල් කාලීන ජ්‍යෙතිෂය පෙරකී සප්ත සෘෂින් විසින් සංග්‍රහකර ඇති අතර ඔවුන් අතර සිටි ලාබාලම සෘෂි වරයා පරාශර වෙයි. පරාශර මුනි විසින් දේශිත බෘහත් පරාශර සිද්ධාන්ත අනුව අප දැනට භාවිත කරන ජ්‍යෙතිෂය ගොඩනැගී ඇත. අනෙකුත් ජ්‍යෙෂ්ඨ සෘෂිවරයින්ගේ ග්‍රන්ථ කිසිවක්‌ දැනට සොයාගත නොහැක. මේවා ඉන්දියාවේ බ්‍රාහ්මණ පරම්පරා විසින් ආරක්‍ෂාකර තබාගත් අතර දිසාපාමොක්‌ පරපුර එහි ප්‍රමුඛ ස්‌ථානයක්‌ දැරූහ. ඒ පරම්පරා සතු සංස්‌කෘත ජ්‍යෙdතිෂ ග්‍රන්ථ මහත් සම්භාරයක්‌ බරණැස මහාරාජාවරුන්ගේ පුස්‌තකාල වලදී හා නාලන්දා වික්‍රමශීලා වැනි විශ්විද්‍යාලවලදී මෝගල් ආක්‍රමණ වලට ලක්‌වී විනාශවිය. ඉතිරි වූ ඇතැම් කොටස්‌ අසම්පූර්ණ බැවින් භාවිතයෙන් ඉවත්කරන ලදී. එහෙත් පරාශරය බොහෝ දුරට සම්පූර්ණ ග්‍රන්ථ එකතුවක්‌ වූ නිසා එයට වරාහමිහිර වැනි අටුවා ටීකා සහිතව පවත්වාගෙන යමින් පවතී.

ජ්‍යෙතිෂය සම්පූර්ණයෙන්ම අනාවැකි මත පදනම් වූවකි. යමකුගේ අතීත අනාගත වර්තමාන සිදුවීම් ප්‍රකාශකරන විද්‍යාවකි. මෙය කිසිදු පුද්ගලයකුට ස්‌වාභාවික බුද්ධිමහිමයෙන් සිදුකළ නොහැක. එහෙත් දෙවියන් විසින් එයට මාවතක්‌ ජ්‍යෙdතිෂය මගින් හෙළිකර තිබේ. එකී දේව භාෂිතයේ සාර ගර්භවූ උපදේශයන් දැන් නෂ්ටවී තිබේ. මේ නිසා එහි ඇති දිව්‍යමය ස්‌වාභාවය පිරිහීගොස්‌ ඇත. වැනෙන සුලු අනාවැකි කියන අන්‍යයන්ගේ ගර්හාවට ලක්‌වන ග්‍රාම්‍ය වූ විෂයක්‌ බවට පත්ව තිබේ.මේ තත්ත්වයෙන් ජ්‍යෙdතිෂය මුදාගෙන එයට හිමි දිව්‍යමය ස්‌වරූපයට ඔසවා තැබීමට නම් පෙරකී රුසිවරුන්ගේ ප්‍රකාශනයන් එක්‌රැස්‌ කර සදොස්‌ තැන් නිදොස්‌කර ආරක්‍ෂාකරගත යුතුය. මේ සියල්ලටම වඩා සෘෂි ප්‍රතිඥවට ප්‍රවිෂ්ඨවී දෙවියන්ට සමීප විය යුතුය. එසේ නොමැතිව කිසිවකුට කිසිදිනක කේන්ද්‍ර පරික්‍ෂාකර අතීත සිදුවීම්, වර්තමානයේ තොරතුරු හෝ අනාගත සිදුවීම් සත්‍යලෙස ප්‍රකාශකළ නොහැක. ජ්‍යෙdතිෂය නමින් කිසිවකුට යහපතක්‌ සිදුනොවන අසත්‍ය අනාවැකි ප්‍රකාශ කිරීමෙන් හා ඒ තුළින් ශාස්‌ත්‍රය අපකීර්තියට ලක්‌ කිරීමෙන් වැලකී සිටීම ජ්‍යෙdතිෂයට කරන යහපතකි.අවසාන වශයෙන් කිවයුතු වන්නේ සත්‍ය පලාපල කීමට නම් ජ්‍යෙdතිෂවේදියා සෘෂිවරයකු හෝ සෘෂිභාවයට ලංවූවකු බවට පත්විය යුතු බවයි. ඒ සඳහා ඔහු ධ්‍යාන වඩන්නකු හා ශාන්තුවරයකු විය යුතුවේ. මුදල් හා ආශාවන් පසුපස දිවැසි වරයෝ ගමන් නොකරති.

We found this article from
Divaina
Also Sinhala to English Google word to word translation

can be found here