අනාවැකි වරදින්නේ ඇයි?

2412
අනාවැකි
අනාවැකි

ඉංග්‍රීසි භාෂාවෙන් පළකෙරෙන ජාතික පුවත්පතක විශේෂාංග කර්තෘවරයකු මෑතකදී මා වෙත කදිම ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කළේය. ජ්‍යෙdතිෂවේදීන් කියන අනාවැකි වරදින්නේ ඇයි? ඔහු නඟන ලද ප්‍රශ්නයයි.

අනාවැකි වරදින්නේ එය කියන අයගේ දැනුම මදිකම නිසා යෑයි කෙටි පිළිතුරක්‌ දිය හැකි වුවද මේ ප්‍රශ්නය ඊට වඩා බොහෝ දුරකට මා රැගෙන ගියේය. එතුමා සමඟ කළ සාකච්ඡාව මගින් හෙළිකර ගත් කරුණු සිංහල කියවන පාඨකයාටද ඉතා වැදගත් වන බව හැඟී ගියෙන් මෙම ලිපිය මගින් එය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

කේන්ද්‍රයක තොරතුරු බලා කියන අනාවැකි ඒ අයුරින්ම ඉටුනොවීමට නැතහොත් වෙනස්‌ වීමට බලපාන කරුණු කිහිපයක්‌ම තිබේ. “කලත්‍රදොaෂ” හෙවත් විවාහ සහකරුගේ ග්‍රහ බලපෑම මෙයින් ප්‍රමුඛ ස්‌ථානයක්‌ ගනී. විවාහ සහකරුට “දහවෙනි ග්‍රහයා” යෑයි කියන්නේ අහසේ පිහිටි නවග්‍රහයන්ගේ බලපෑම මෙන්ම බිරිඳගේ හෝ සැමියාගේ ග්‍රහබලයද ඡන්මියාට දැඩි ලෙස බලපාන බැවිනි. බිරිඳ හෝ සැමියාගේ උසස්‌ වීමක්‌ නැතහොත් රැකියා ලාභයක්‌ කේන්ද්‍රයේ පෙන්නුම් කළද එය ඉටුනොවීමට අනෙකාගේ ග්‍රහ අපලයන්ද හේතුවිය හැකිය. මේ නිසා විවාහකයන්ගේ කේන්ද්‍ර පරීක්‍ෂාවකදී දෙදෙනාගේම කේන්ද්‍රබලා තුලනාත්මකව අනාවැකි පැවසීම අත්‍යවශ්‍ය වනු ඇත.

පොරොන්දම් පරීක්‍ෂා කර සිදුකරන විවාහ සමහර විටකදී හදිසි මරණයකින් හෝ දික්‌කසාදයකින් කෙළවර වන්නේ ඇයිදැයි ප්‍රශ්නයක්‌ නැගේ. මෙයට හේතුව පොරොන්දම් පරීක්‍ෂාවකදී අවධානයට ලක්‌ කෙරෙන අපලයක බලපෑමයි. පොරොන්දම් පරීක්‍ෂාවට පෙර ඒවා බැලිය යුතුය. එනම් අඩු ආයුෂ තිබේද යන්න, එක ගණනකට වඩා විවාහ සිදුවන යෝග, මංගල දොaෂ වශයෙන් හඳුන්වන සහකරුට මාරක උදාකරන යෝග තිබේද යනාදී කරුණු පොරොන්දම් ගැළපීමට පෙර පරීක්‍ෂා කළ යුතුවේ.

කේන්ද්‍රයක පලාපල වලට දැඩි ලෙස බලපාන ඉතා වැදගත් කරුණක්‌ වන්නේ පදිංචි නිවසේ වාස්‌තු විද්‍යාත්මක තත්ත්වයයි. වාස්‌තු දොaෂ සහිත නිවසක පදිංචි වීම නිසා ඇතිවන කරදර බාධක හඳහන පරීක්‍ෂා කරන විට අනාවරණය වන්නේ නැත. යම් පුද්ගලයකුගේ දෛවය කෙරෙහි සියයට පනහක ප්‍රමාණයක්‌ පදිංචි නිවසේ වාස්‌තු විද්‍යාත්මක කරුණු බලපානවා ඇත. දොර උළුවහු, වහල, මුළුතැන්ගේ නිදන කාමර, ආදිය මෙන්ම නිවසේ ක්‍ෂේත්‍රපලයද ඡන්මියාට පමණක්‌ නොව පවුලේ සැමටම ශුභ හෝ අශුභ ලෙසින් බලපානු ඇත. කේන්ද්‍රයෙන් නොපෙන්වන අපල-කරදර ඇතිවිට ඊට හේතුව ගෘහ නිර්මාණයේ පවතින දොaෂයක්‌ දැයි පරීක්‍ෂා කළ යුතුවේ.

ග්‍රහ බලය මගින් පෙන්වන කරුණු වෙනස්‌වීමට තවත් ප්‍රබල සාධකයක්‌ වන්නේ “මැණික්‌” පැළඳීමයි. මේ නිසා ග්‍රහයන් මගින් අනාවරණය කෙරෙන අනාවැකි වැරදීමට ඉඩ තිබේ. මැණික්‌ යනු ශරීර සෞඛ්‍යයට විශාල බලපෑමක්‌ කරන ඛනිජ වර්ගයකි. සෙනසුරු දශාවත් දුටු පමණින් කාක නිල් මැණික්‌ පැළඳීමට බොහෝ දෙනා පුරුදු වී සිටිති. බරපතළ අපලයක්‌ ලෙස කේන්ද්‍රයේ නොපෙන්වන නමුදු ඡන්මියා පක්‍ෂගාත රෝගියකු නැතහොත් අපේක්‍ෂා භංගත්වයට පත්වූවකු කිරීමට පමණක්‌ නොව මරණයට පත්වීමටද අශුභ මැණික්‌ පැළඳීමට හේතුවිය හැකිය.

මේ අතර ඇසට නොපෙනෙන භූත බලපෑම්ද කේන්ද්‍රයට හසු නොවිය හැකිය. දුෂ්ට සතුරන් විසින් පටු පරමාර්ථ ඉටුකර ගැනීමට සිතා කරනු ලබන අණවින, කොඩිවින මෙන්ම ඇස්‌වහ-කටවහ දොaෂ සහ ප්‍රේත දොaෂ හා බහිරව දොaෂ ආදියද මේ යටතට ගැනේ. අණවින කර්ම හා බහිරව පූජා තැබීම මෙකල විශාල ව්‍යාපාරයක්‌ බවට පත්කරගෙන තිබේ. අහිංසක ජනතාව රවටා මුදල් ගැරීම බහුල ලෙස දක්‌නට ලැබෙන මෙකල මෙවැනි කරුණු ගැන තීරණය කළ යුත්තේ බොහෝ ප්‍රවේශමිනි. භූත දොaෂ ලෙස හඳුන්වන බාධක රාශියක්‌ තිබෙන නිසා එය ඉවත් කිරීමට පෙර නිවැරදිව හඳුනාගත යුතුවේ.

කේන්ද්‍ර පරීක්‍ෂාවක්‌ කර අනාවැකි කියන විට උපන් වේලාවේ නිරවද්‍යතාව අත්‍යවශ්‍ය බව මෙහිදී කිවයුතු නොවේ. නමුත් බොහෝ අය කාලයක්‌ තිස්‌සේ භාවිත කර ඇත්තේ වැරදි කේන්ද්‍ර බවද අපට ඇද්දැකීමෙන් ප්‍රත්‍යක්‍ෂ වී තිබේ.

කේන්ද්‍ර පරීක්‍ෂාවකදී හසුනොවිය හැකි ඉහත සඳහන් කරුණු තත්කාල ශාස්‌ත්‍රය භාවිත කරන ශාස්‌ත්‍රඥයකුට පමණක්‌ අනාවරණය වනු ඇත. සේවාදායකයා ශාස්‌ත්‍රඥයා ළඟට පැමිණි වේලාවට අදාළව කේන්ද්‍රයක්‌ සාදා එමගින් කරුණු අනාවරණය කිරීම තත්කාල ශාස්‌ත්‍රය යෑයි කියනු ලැබේ.

ඉහත සඳහන් කළේ හඳහනේ අනාවරණය නොවන කරුණු නිසා අනාවැකි වැරදීමට ඉඩතිබෙන බලපෑම් කිහිපයක්‌ පිළිබඳ කෙටි විස්‌තරයකි.

ස්‌වකීය වාසනාව හෝ අවාසනාව කෙරෙහි බලපාන විවාහ සහකරුගේ දෛවය, පදිංචි නිවසේ වාස්‌තු දොaෂ, පැළඳ සිටින, මැණික්‌, භූතදොaෂ මෙන්ම හඳහනේ නිවැරදි බව ආදී කරුණු කෙරෙහිද අවධානය යොමු කිරීම ජ්‍යෙdතිෂ සේවාව අපේක්‍ෂා කරන්නන්ගේ මෙන්ම ජ්‍යෙdතිර්වේදීන්ගේද යුතුකමක්‌ බව අවසන් වශයෙන් දක්‌වනු කැමැත්තෙමි.

We found this article from Divaina on 2012/11/02.
Also Sinhala to English Google word to word translation can be found here