අපල උවදුරුවලට බිය නොවන්න

0
514
අපල
අපල

[ratings]

මෙලොව ජන්ම ලාභය ලැබූ සැමට අපල උවදුරු නිසා නොයෙකුත් කරදරවලට මුහුණ පෑමට සිදුවන බව අපි කවුරුත් දනිමු. අපල යනු කුමක්‌දැයි මුලින්ම වටහා ගත යුතු වේ. අපල යනුවෙන් පැමිණෙනුයේ අප විසින් පෙර ආත්මවලදී කරන ලද අකුසල කර්මයි. අපගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට පවා ශේෂව තිබූ අකුසල කර්ම ඵල දුන් බව නොරහසකි.

එසේනම් අප ගැන කුමන කතාද? නමුත් මෙම අකුසල කර්ම මුවාවෙන් පැමිණෙන අපල වලින් අපට ගෙන දෙන විපත් කරදර වලින් යම්තාක්‌ දුරට මිදීමට අපට හැකියාව ඇත. මුලින්ම අප බුද්ධිමත් විය යුතුයි. බුදු දහම තුළින් අපට සහනයක්‌ ලබා ගත හැකියි, අපගේ ජන්ම කේන්දරය තුළින් අපගේ අපලවල ස්‌වභාවය දැනගෙන එතුළින් ද අපට කළ යුතු ශාන්ති කර්ම දැනගෙන සහනයක්‌ ලැබිය හැකිය. නමුත් වංචාකාරයන්ට රැවටී එම ශාන්තිකර්ම කිරීමෙන් පලක්‌ නොවේ. අප මුලින්ම අපට අවංක විය යුතුයි. අපට සෙනසුරු ඒරාෂ්ටක අපල හෝ නවග්‍රහයන්ගෙන් උදා වන අපල වලින් මිදීමට හොඳම ක්‍රම කිහිපයක්‌ ඔබගේ දැනගැනීම පිණිස මම සටහන් කරමි. නියමාකාරයෙන් බෝධි පූජා පවත්වන්න. දින 7 ක්‌ නොකඩවා බෝධි පූජාවක්‌ පවත්වන්න.

දිනපතාම පංචශීලය සමාදම් වී හැකිතරම් එය රැකීමට උත්සාහ කරන්න. ශාස්‌ත්‍රානුකූලව තනවා ගත් සෙත්කවි කියන්න. මෙම සෙත්කවි කීමේදී සෙත්කවි කියන තැනැත්තා නිර්මාංශීව මෙය කළ යුතු අතර ඔබලා ද නිර්මාංශීව මෙම සෙත්කවි කියන කාලය තුළවත් සිටිය යුතුයි. දිනපතාම නිර්මාංශී වීම වඩාත් යහපත්ය. ඉර නැගීමට පෙර අවදි වන්න. තුණුරුවන් වැඳ දෙවියන්ට පින් අනුමෝදන් කර සෙත් පතන්න. දිනපතාම දිනකට වරක්‌ බැගින් හෝ ජය පිරිත, සීවලී පිරිත, අටවිසි පිරිත, ගිරිමානන්ද සූත්‍රය, අභිසම්බිධානය, මෙත් පිරිත, චන්ද්‍ර පරිත්තය, සුඩිය පරිත්තය වැනි පිරිත් කියන්න. අපල උවදුරු නිසා ආර්ථිකවත් මානසිකවත් පිරිහී සිටින ඔබ වංචාකාරයන්ට හසු වී තව තවත් ආර්ථික අපහසුතාවන්ට ලක්‌ නොවීමට වග බලාගත යුතුයි. ධාර්මික පුද්ගලයන් වර්තමානයේත් මෙලොව ඇත. ඔබගේ කේන්දරය පරීක්‍ෂා කරගැනීමටත් පවතින අපල වලට කළ යුතු ශාන්තිකර්ම හා පිළියම් දැන ගැනීමටත් ඔබට මුදල් තිබෙනවා නම් දෙන්න. එසේ මුදලක්‌ නොමැති නම් පඬුරක්‌ වශයෙන් ඉතාම සුළු මුදලක්‌ දෙන ලෙස කියා ඔබගේ අවශ්‍යතාවය ඉටුකර ගැනීමට හැකි ධාර්මික මිනිසුන් සිටින බව තේරුම් ගන්න. එසේ සුළු මුදලක්‌වත් නැති බව නියම ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රඥයාට දැනගැනීමට හැකියි. එවිට ඔහු ඔබගෙන් එම මුදලවත් නොඉල්ලනු ඇත. තවමත් එවන් ධාර්මික මගපෙන්වන්නන් සිටින සමාජයේ ඔබලා වල්මත් වනුයේ ඇයි. බුද්ධිමත් වන්න. සුදුසු අයුරින් වැඩ කර කරදර වලින් මිදෙන්න. අසහනය දුරු කර සහනයක්‌ ලබා ගන්න. විශාල මුදල් කන්දරාවක්‌ වියදම් නොකර අපල උවදුරුවලින් සහනයක්‌ ලබා ගැනීමට හැකි බව ඔබලාට වැටහෙනවාද? වැඩිහිටියන්ට ගරු කරන්න.

ඔබගේ දරුවන්ට යහපත් ගති පැවතුම් කියා දෙන්න. දෙමව්පියන්ට සලකන්න. මහලු රෝගී අයට ඇප උපස්‌ථාන කරන්න. මේ සියලු යහපත් ක්‍රියාවලින් ද ඔබට අපල වලින් ඇති විය හැකි විශාල විපත් වලින් මිදීමට හැකියි.

අනුන්ගේ ජයග්‍රහණවලදී මුළුසිතින්ම සතුටු වන්න. අනුන්ගේ දරුවන්ගේ දක්‍ෂතා අගයන්න. තමන්ගේ දරුවන්ගේ දක්‍ෂතා අගයනවාසේම අන්දරුවන්ගේ දක්‍ෂතාද ඇගයීම තමන්ගේ අභිවෘද්ධිය ගෙන දේ. අනුන්ට කරදරයක්‌ වූ විට කෙදිනකවත් සතුටු නොවන්න. මෙම කරුණු පිළිපදින විට ඔබලාට තිබෙන කරදර දුරු වී සහනයක්‌ ලැබෙනු ඇත.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here