අපල කරන මැණික්‌ පලඳින්න එපා

1959
මැණික්‌
මැණික්‌

ශ්‍රී ලංකාව මැණික්‌වලට ලෝකප්‍රසිද්ධ බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ වටිනා මැණික්‌ ඉල්ලම්වලින් අපේ රට පොහොසත් බැවිනි. මේ නිසාම බොහෝ ඈත අතීතයේ පටන් ග්‍රහ අපල සඳහා කරන ශාන්තිකර්මයන් හැටියට මැණික්‌ පැළඳීමට ද ලාංකිකයන් පුරුදුව සිටියහ. බොහෝවිට මැණික්‌ පැළඳීම සිදු කරනු ලබන්නේ කේන්ද්‍රය පරීක්‍ෂා කරනු ලබන ජ්‍යෙdතිර්වේදියකු විසින් නියම කරනු ලබන ආකාරයටයි.

එහෙත්, කේන්ද්‍ර පරීක්‍ෂාවේදී හඳුනාගත නොහැකි, නැතහොත් එතරම් බරපතළ බවක්‌ නොපෙන්වන අපලයකින් ජන්මියා පෙළෙන බවත්, එමගින් ග්‍රහ අපලයට වඩා වැඩිබලපෑමක්‌ ජන්මියාට ඇතිවී තිබෙන බවත් දක්‌නට ලැබෙන අතර මෙයට ප්‍රධාන හේතුව අශුභ ඵලදායක මැණිකක්‌ පැළඳ සිsටීම බවද අනාවරණය වී තිබේ.

මෙය දෛනික කේන්ද්‍ර පරීක්‍ෂාවේදී අපට නිතර නිරීක්‍ෂණය කිරීමට ලැබුණු හා සේවාදායකයන් විසින් ස්‌වකීය අත්දැකීම් හෙළි කිරීමෙන් තහවුරු කරගත් කරුණක්‌ බැවින් මැණික්‌ පැළඳීම නිසි ලෙස සොයා බලා කළ යුතු බවත්, එසේ නොමැති නම් මැණිකක්‌ පළඳිනවාට වඩා එසේ නොකර සිටීම යහපත් බවත් පැවසිය යුතුව තිබේ. මක්‌නිසාද යත්, වැරැදි මැණිකක්‌ පැළඳීමෙන් නැති අපල ද ඇතිවන බැවිනි.

සමහර ස්‌වර්ණාභරණ වෙළෙඳසල්වල මැණික්‌ගල් තෝරා ගැනීමට අදාළ පත්‍රිකා ප්‍රදර්ශනයට තබා තිබේ. ඒවායේ බොහෝ විට ඇත්තේ සතියේ දින හතට නියමිත මැණික්‌ හෝ ලග්න දොළහට හිමි මැණික්‌වල නම් ය. මේ අනුව තමන් උපන් දිනයට හෝ ලග්නයට අදාළ මැණික තෝරා ගැනීමට ගැනුම්කරුවා පෙළැඹෙනු ඇත.

දෙවැනිව ජ්‍යෙdතිෂය පිළිබඳව කටයුතු කරන සීමිත දැනුමක්‌ ඇති දෛවඥ මහතුන් විසින් බොහෝ විට කරන්නේ ගෝචර ග්‍රහ චාරය අනුව හෝ දශාව අනුව අපල කරනු ලබන ග්‍රහයාට හිමි මැණික්‌ ගලක්‌ පැළඳීමට නිර්දේශ කිරීමයි.

ඉහත ක්‍රමයකට පළඳින මැණිකක්‌ මගින් බොහෝ දුරට එය පළඳින සේවාදායකයාට නොතිබුණු සෞඛ්‍ය ගැටලුවක්‌ හෝ වෙනත් අපලයක්‌ ඇතිවීමට ඉඩ තිබේ. ඕනෑම මැණිකක්‌ පළඳින කෙනකුට එය පළඳින ලද දිනයේ සිටම පෙර නොතිබූ ග්‍රහ බලපෑමක්‌ ඇතිවෙන්නට පටන් ගනී. එය අනිවාර්යය. බොහෝ විට මෙම බලපෑම ඇති කරන්නේ ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි වනු ඇත.

මෙලෙස අශුභඵල දායක වූ කාක නිල්ගලක්‌ පැළඳි එක්‌ තරුණයකු වසර 3 පමණ කාලයක්‌ බරපතළ ආකරයකින් රෝග තත්ත්වයකින් පෙළෙන බවත්, කේතු අපලයක්‌ තිබූ තවත් කෙනකු අංශභාග තත්ත්වයකින් පෙළෙන බවත් දක්‌නට ලැබිණි. මේ අය වසර ගණනාවක්‌ තිස්‌සේ වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් සිටියද හරිහැටි සුවයක්‌ ලැබුණේ නැත. මෙවැනි උදාහරණ බොහෝ දක්‌නට ලැබී තිබේ.

ශාරීරික වේදනාවකින් පෙළෙන බොහෝ දෙනෙක්‌ එය සමනය කර ගැනීමට පැරසිටමෝල් පෙත්තක්‌ බීමට ගන්නේ යම්සේද එමෙන්ම ග්‍රහ අපලයට කියා කාකනිල් පළඳන අය බහුල ලෙස දක්‌නට ලැබේ. එහෙත් එයින් සුබඵල ලැබෙන්නේ උපතින් ශනි ග්‍රහයා බලවත්ව සිටි කෙනකුට පමණි. උපතින් ශනි නීච හෝ දුර්වලව සිටියේ නම් කාකනිල් ගල පලඳගත් දිනයේ සිටම සෙනසුරු අපලය දෙකුන් ගුණයකින් ජන්මියා පෙලනු ඇත.

මේ ආකාරයටම අනෙකුත් ග්‍රහ අපලවලට මැනික්‌ පලඳින විට ද පරීක්‌ෂාකර බැලිය යුතුය. උපතින් රවි ග්‍රහයා දුර්වල කෙනෙකු පද්මරාග ගලක්‌ පැලඳ සිටී නම් ඔහුට උෂ්නාධික රෝග, අධික රුධිර පීඩනය, හෘදයාබාධ ඇතිවීමට ඉඩ තිබේ. ඒ අතර රැකියා අංශවල උසස්‌ අය අමනාපවීම උසස්‌වීම් නොලැබීම, ආදී අපල ඇති කරයි. උපතින් සඳු දුර්වල අයකු චන්ද්‍රකාන්ති හෝ මුතුපැළඳීම ජන්මියා පීනස හා සෙම් රෝගයකින් පෙළෙන කෙනකු කිරීමට ඉඩ තිබේ. ඔහු හෝ ඇයගේ මානසික තත්aත්වය ද දුර්වල වනු ඇත. උපතින් කුජ දුර්වල නම් රතුගලක්‌ පළඳින විට ක්‍ෂණික කෝපය හා එමගින් ඇතිවන ගැටලු ද, පච්ච ගලක්‌ පළඳින අයකුගේ බුධ නීච නම් විවිධ ස්‌නායු ආබාධ හා ගොත ගැසීම වැනි දුර්වලතා ද ඇතිවිය හැකිය. ගෝමේද ගලක්‌ පළඳින රාහු දුර්වල ජන්මියා අදුරදර්ශී බව, අධික වියදම, මත්ද්‍රව්‍යවලට හුරුවීම අධ්‍යාපනයේ දුර්වලතා පෙන්වයි. කේතු දුර්වල අයකු වෛරෝඩි ගලක්‌ පළඳින විට ඉනෙන් පහළ කොටස්‌වල – පාදවල – ආබාධ පෝෂණ ඌනතා නිසා ඇතිවන රෝගයකින් පෙළනු ඇත. එපමණකින් නොවේ. ග්‍රහ අපලයකදී පළඳින මැණික පළුදු නැති හොඳ ගලක්‌ වීමද අත්‍යාවශ්‍ය ය. නැතහොත් බිඳී ගිය කැඩපතින් මුහුණ බලන විට විකෘති වී පෙනෙන්නාක්‌ මෙන්ම විකෘති වූ කිරණ ශරීරයට ඇතුළු වීමෙන් ඉහත දැක්‌වූ ගැටලුව ඇතිවීමට ඉඩ තිබේ. මැණික නියමිත රසායනාගාර පරීක්‍ෂණයට ලක්‌ කර බලා නිශ්චය කර ගැනීsම මැනවි.

මේ අනුව තමන්ට සුබපල දෙන මැණික කුමක්‌දැයි තීරණය කළ හැක්‌කේ ජන්ම පත්‍රයේ බලවත්ම ග්‍රහයා හා දුර්වල ග්‍රහයා හඳුනා ගැනීමට තරම් පරිණත දැනුමක්‌ ඇති ජ්‍යෙdතිර්වේදියකුට පමණක්‌ බව අමුතුවෙන් කිව යුතු නොවේ. මැණික්‌ යනු බොහෝ ශුභඵල නිරෝගිභාවය හා යහපත් මානසික තත්ත්වයක්‌ ලබාගත හැකි ඛනිජ වර්ගයකි. ඒව එතරම් මිල අධික වන්නේ ද එබැවිනි.

එහෙත් මැණික්‌ පළදින අය තමන් තෝරා ගත්තේ තමන්ට හොඳින්ම ගැළපෙන මැණික්‌ වර්ගය දැයිද, තෝරාගත් ගල පළුඳු නැති උසස්‌ තත්ත්වයේ මැණිකක්‌ද යන්න ද මුලින්ම නිශ්චය කර ගැනීම අත්‍යවශ්‍ය වන්නේය.

We found this article from Divaina on 2012/10/19.
Also Sinhala to English Google word to word translation can be found here