අපල කරන මැණික්‌ පළඳින්න එපා

0
929
අපල
අපල

ශ්‍රී ලංකාව මැණික්‌වලට ලෝක ප්‍රසිද්ධ බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ වටිනා මැණික්‌ ඉල්ලම්වලින් අපේ රට පොහොසත් බැවිනි. මේ නිසාම බොහෝ ඈත අතීතයේ පටන් ග්‍රහ අපල සඳහා කරන ශාන්තිකර්මයන් හැටියට මැණික්‌ පැළැඳීමට ද ලාංකිකයින් පුරුදුව සිටියහ. බොහෝ විට මැණික්‌ පැළඳීම සිදු කරනු ලබන්නේ කේන්ද්‍රය පරීක්‍ෂා කරනු ලබන ජ්‍යෙdතිර්වේදියකු විසින් නියම කරනු ලබන ආකාරයටය.

එහෙත්, කේන්ද්‍ර පරීක්‍ෂාවේදී හඳුනාගත නොහැකි, නැතහොත් එතරම් බරපතළ බවක්‌ නොපෙන්වන අපලයකින් ජන්මියා පෙලෙන බවත්, එමගින් ග්‍රහ අපලයට වඩා වැඩි බලපෑමක්‌ ජන්මියාට ඇතිවී තිබෙන බවත් දක්‌නට ලැබෙන අතර මෙයට ප්‍රධාන හේතුව අශුභ ඵලදායක මැණිකක්‌ පැළද සිටීම බවද අනාවරණය වී තිබේ.

මෙය දෛනික කේන්ද්‍ර පරික්‍ෂාවේදී අපට නිතර නිරීක්‍ෂණය කිරීමට ලැබුණු හා සේවාදායකයින් විසින් ස්‌වකීය අද්දැකීම් හෙළි කිරීමෙන් තහවුරු කරගත් කරුණක්‌ බැවින් මැණික්‌ පැළදීම නිසි ලෙස සොයා බලා කලයුතු බවත් එසේ නොමැති නම් මැණිකක්‌ පළඳිනවාට වඩා එසේ නොකර සිටීම යහපත් බවත් පැවසිය යුතුව තිබේ. මක්‌නිසාද යත්, වැරදි මැණිකක්‌ පැළඳීමෙන් නැති අපලද ඇතිවන බැවිනි.

සමහර ස්‌වර්ණාබරණ වෙළෙසල්වල මැණික්‌ ගල් තෝරාගැනීමට අදාළ පත්‍රිකා ප්‍රදර්ශනයට තබා තිබේ. ඒවායේ බොහෝ විට ඇත්තේ සතියේ දින හතට නියමිත මැණික්‌ හෝ ලග්න දොළහට හිමි මැණික්‌වල නම්ය. මේ අනුව තමන් උපන්දිනයට හෝ ලග්නයට අදාළ මැණික තෝරා ගැනීමට ගැනුම්කරුවා පෙළඹෙනු ඇත.

දෙවැනිව ජ්‍යෙdතිෂ්‍ය පිළිබඳව කටයුතු කරන සීමිත දැනුමක්‌ ඇති දෛවඥ මහතුන් විසින් බොහෝ විට කරන්නේ ගෝචර ග්‍රහ චාරය අනුව හෝ දශාව අනුව අපල කරනු ලබන ග්‍රහයාට හිමි මැණික්‌ ගලක්‌ පැළඳීමට නිර්දේශ කිරීමයි.

ඉහත ක්‍රමයකට පළඳින මැණිකක්‌ මගින් බොහෝ දුරට එය පළඳින සේවාදායකයාට නොතිබුනු සෞඛ්‍ය ගැටලුවක්‌ හෝ වෙනත් අපලයක්‌ ඇතිවීමට ඉඩ තිබේ. ඕනෑම මැණිකක්‌ පළඳින කෙනෙකුට එය පළදින ලද දිනයේ සිටම පෙර නොතිබූ ග්‍රහ බලපෑමක්‌ ඇතිවෙන්නට පටන්ගනී. එය අනිවාර්යය. බොහෝ විට මෙම බලපෑම ඇති කරන්නේ ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි වනු ඇත.

මෙලෙස අශුභඵල දායක වූ කාක නිල් ගලක්‌ පැළඳි එක්‌ තරුණයකු වසර 3 ක පමණ කාලයක්‌ බරපතළ ආතරයිටිස්‌ රෝග තත්ත්වයකින් පෙළෙන බවත්, කේතු අපලයක්‌ තිබු තවත් කෙනෙකු අංශභාග තත්ත්වයකින් පෙළෙන බවත් දක්‌නට ලැබිණි. මේ අය වසර ගණනාවක්‌ තිස්‌සේ වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් සිටියද හරිහැටි සුවයක්‌ ලැබුනේ නැත. මෙවැනි උදාහරණ බොහාa දක්‌නට ලැබී තිබේ.

ශාරිරික වේදනාවකින් පෙළෙන බොහෝ දෙනෙක්‌ එය සමනය කර ගැනීමට පැරසිටිමෝල් පෙත්තක්‌ බීමට ගන්නේ යම්සේද ඒ එමෙන්ම ග්‍රහ අපලයට කියා කාකනිල් පළඳින අය බහුල ලෙස දක්‌නට ලැබේ. එහෙත් එයින් සුබපල ලැබෙන්නේ උපතින් ශනි ග්‍රහයා බලවත්ව සිටි කෙනෙකුට පමණි. උපතින් ශනි නීච හෝ දුර්වලව සිටියේ නම් කාකනිල් ගල පැළඳගත් දිනයේ සිටම සෙනසුරු අපලය දෙතුන් ගුණයකින් ජන්මියා පෙළනු ඇත.

මේ ආහාරයටම අනෙකුත් ග්‍රහ අපලවලට මැණික්‌ පළඳින විටද පරීක්‍ෂාකර බැලිය යුතුය. උපතින් රවි ග්‍රහයා දුර්වල කෙනෙකු පද්මරාග ගලක්‌ පැළඳ සිටීනම් ඔහුට ඌෂ්නාධික රෝග, අධික රුධිර පීඩනය, හෘදයාබාද ඇතිවීමට ඉඩ තිබේ. ඒ අතර රැකියා අංශවල උසස්‌ අය අමනාපවීම උසස්‌වීම් නොලැබීම, ආදි අපල ඇති කරයි. උපතින් සඳු දුර්වල අයෙකු චන්ද්‍රකාන්ති හෝ මුතු පැළඳීම ජන්මියා පීනස හා සෙම් රෝගයකින් පෙළෙන කෙනෙකු කිරීමට ඉඩ තිබේ. ඔහු හෝ ඇයගේ මානසික තත්ත්වයද දුර්වල වනු ඇත. උපතින් කුප් දුර්වල නම් රතු ගලක්‌ පළඳීන විට ක්‍ෂණික කෝපය හා එමගින් ඇතිවන ගැටලුද, පච්ච ගලක්‌ පළඳින අයෙකුගේ බුධ නීචනම් විවිධ ස්‌නායු ආබාධ හා ගොතගැසීම වැනි දුර්වලතාද ඇතිවිය හැකිය. ගෝමේද ගලක්‌ පළඳින රාහු දුර්වල ජන්මියා අදූරදර්ශීව බව, අධික වියදම, මත්ද්‍රව්‍යවලට හුරුවීම අධ්‍යාපනයේ දුර්වලතා පෙන්වයි. කේතු දුර්වල අයෙකු වෛරෝඩි ගලක්‌ පළඳින විට ඉනෙන් පහළ කොටස්‌වල පාදවල ආබාධ පෝෂණ ඌණතා නිසා ඇතිවන රෝගයකින් පෙළෙනු ඇත.

එපමණක්‌ නොවේ. ග්‍රහ අපලයක දී පළඳින මැණික පළුදු නැති හොඳ ගලක්‌ වීමද අත්‍යාවශ්‍යය නැතහොත් බිඳීගිය කැඩපතින් මුහුණ බලනවිට විකෘතිවී පෙනෙන්නාක්‌ මෙන්ම විකෘතිවූ කිරන ශරීරයට ඇතුළුවීමෙන් ඉහත දැක්‌වු ගැටලුවම ඇතිවීමට ඉඩ තිබේ. මැණික නියමිත රසායනාගාර පරික්‍ෂණයට ලක්‌කර බලා නිශ්චය කර ගැනීම මැනවි.

මේ අනුව තමන්ට සුබපල දෙන මැණික කුමක්‌දැයි තීරණය කළ හැක්‌කේ ජන්ම පත්‍රයේ බලවත්ම ග්‍රහයා හා දුර්වල ග්‍රහයා හඳුනාගැනීමට තරමම්. පරිණත දැනුමක්‌ ඇති ජ්‍යෙdතිර්වේදියකුට පමණක්‌ බව අමුතුවෙන් කිව යුතු නොවේ. මැණික්‌ යනු බොහෝ ශුභඵල, නිරෝගී භාවය හා යහපත් මානසික තත්ත්වයන් ලබාගත හැකි ඛනිජ වර්ගයකි. ඒවා එතරම් මිල අධික වන්නේද එබැවිනි.

එහෙත් මැණික්‌ පළදින අය තමන් තෝරාගන්නේ තමන්ට හොඳින්ම ගැලපෙන මැණික්‌ වර්ගය දැයි ද තේරාගත් ගල පළුදු නැති උසස්‌ ත්තත්වයේ මැණිකක්‌ද යන්නද මුලින්ම නිශ්චය කර ගැනීම අත්‍යාවශ්‍ය වන්නේය.

We found this article from Divaina on 2013/01/18.
Also Sinhala to English Google word to word translation can be found here