අපල දුරුකර ගැනීමට මෙන්න පිළිවෙත්

0
813
අපල
අපල

[ratings]

ග්‍රහ තාරකාවන්ගේ ගමන් කිරීම අනුව සිදුවන මිනිස්‌ ජීවිතය හා සම්බන්ධ කටයුතු සාර්ථක වීම සහ අසාර්ථක වීම ඵල සහ අපල ලෙස සැලකේ. සඵලයන් රඳවා ගැනීමටත්, අපල දුරුවී එදිනෙදා කටයුතු සාර්ථක කර ගැනීමටත් අනුගමනය කරන පිළිවෙත් රාශියකි. ශාන්තිකර්මවල යෙදීම, ගුප්ත විද්‍යා භූත විද්‍යාධරයන්ගේ පිහිට ලැබීම, බෝධි පූජා පැවැත්වීම, සෙත් පිරිත් සඡ්Cධායනය කිරීම මේ පිළිවෙත් අතර විශේෂ වෙයි.

ශාන්තිකර්මවලින් සිදුවන්නේ හිරු, සඳු ප්‍රධාන ග්‍රහ මණ්‌ඩලයේ ගුණ ගායනා කොට දේවත්වයෙන් පුද පූජා පවත්වා සුවය ප්‍රාර්ථනා කිරීමයි. ආහාර වර්ග, ඖෂධ, මස්‌, මාළු සහ සතුන් යොදා ගෙන අමනුෂ්‍යයන් මුළා කොට බිය ගන්වා එළවා දැමීමෙන් පවත්නා දොෂයන් සමනය කිරීම ගුප්ත විද්‍යා ක්‍රමවලින් සිදුකරයි. මෙම මන්ත්‍ර ශ්ලෝක උච්චාරණය සහ පුද තටු පිළිගෙන තාවකාලිකව අමනුෂ්‍ය පිරිස්‌ මර්දනය වුවද නැවත ඉස්‌මතු වන අවස්‌ථා ද ඇත. මේ සියලු පිළිවෙත්වලට වඩා සාර්ථක ක්‍රමය වන්නේ මහාර්ඝ වූ රත්නයන් තම ජීවිතයට ආභරණයක්‌ ලෙස සලකා පැළඳීමයි. මෙම ආභරණ පැළඳීමෙන් වාසනා ගුණ උදාවන්නේ පළඳින තැනැත්තාගේ ගුණ වැඩිවන තරමටය. එවිට මහාර්ඝ වූ මාණික්‍ය රත්නය ඔප වැටෙන්නා සේ ජීවිතය ද ආලෝකමත් වෙයි.

පද්මරාග, පුෂ්පරාග හා වෛරෝඩි ලෙස අප සලකනු ලබන්නේ ස්‌වභාවික සම්පත්ය. පංච මහා භූතයන්ගේ සංකලනයෙන් නිම වී ඇති මේවාට සමානව මිනිස්‌ ශරීරය සහ ග්‍රහ තාරකාවන් ද නිම වී ඇත. විශාල ගල් පර්වතයේ සිට කුඩා පස්‌ කැටය දක්‌වා රළු, ගොරෝසු විශාල ගසේ සිට කු==ඩාම තෘණ පැළය දක්‌වා ද සත්ත්වයාගේ දත්, නිය රෝම ඇතුළුව සියුම් මාංශ කොටස්‌ දක්‌වා ද යන මේ සියල්ල විවිධ හැඩයෙන් සහ වටිනාකමින් යුක්‌තව නිර්මාණය වී ඇත. මෙසේ නිර්මාණය වූ වස්‌තූන්ගේ පැහැය ර¹ පවතින්නේ සූර්යයා ප්‍රධාන ග්‍රහ තාරකාවන්ගේ රශ්මි ධාරාවල බලපෑම අනුවය. මෙසේ ප්‍රභාෂ්වර වූ පාෂාණීභූත කොටස්‌ මැණික්‌ ගල් ලෙස හඳුන්වයි. මැණික්‌ ගල් පැළඳීමෙන් අපල දුරුවන්නේ මිනිස්‌ ශරීරය සමඟ ඒවායේ ඇති සමාන ගුණය නිසාය. මෙම විශේෂ ගුණය හේතුවෙන් දුබලතා බැහැර වී ලෙඩ රෝග දුරු වී වාසනා ගුණ උදාවන්නේ මැණික්‌ පළඳින අයගේ සෞම්‍ය ගුණය පරිසරයට එකතු වන්නේ නම් පමණි. සෞම්‍ය ගුණයන් පරිසරයට එකතු වන්න නම් සංවර වූ මනසක්‌ තිබිය යුතුය. ඒ සඳහා කළයුතු වන්නේ ස්‌වභාවික පරිසරයට, සියලු සත්ත්ව වර්ගයාට, අමනුෂ්‍යයන්ට හිතකර වන ලෙස ජීවත් වීමයි. මෙසේ ජීවත් වන්න නම් මනා ලෙස වගකීම් භාරගෙන ඒවා තම යුතුකම් ලෙස සලකා ඉෂ්ට කළ යුතුය. එම සත් ක්‍රියාව ජීවිතයේ ඕනෑම අවස්‌ථාවක කරදර, බාධක, කම්කටොලු දුරුකර ගැනීම සඳහා ඉවහල් වන බලවේගයක්‌ ද වෙයි. මනුෂ්‍යයන්ගෙන් පමණක්‌ නොව දිව්‍ය, බ්‍රහ්ම, අමනුෂ්‍ය දෝෂවලින් ආරක්‍ෂා වීමට ද හේතු වෙයි.

වගකීම් භාරගෙන යුතුකම් ඉටු කරන තැනැත්තාට උතුම් වූ රත්නත්‍රයේ ආශිර්වාදය නිරායාසයෙන් ම ලැබෙනු ඇත. ත්‍රිsවිධ රත්නයේ ගුණ ලැබිය හැකි වන්නේ උත්සාහවන්ත, දියුණුව අපේක්‍ෂා කරන, සංවර සිතුවිලි ඇති අයට පමණි. එබඳු අය නිහතමානී ගුණයෙන් යුත් සැහැල්ලු පැවතුම් ඇත්තෝ වෙති. ඒ නිසාම කිසිවකුගේ ගර්හාවට ලක්‌ වන්නේ නැත. ඒ හේතුවෙන් කිසිවකු රැවටීමට ද උත්සාහ නොකරයි. අයහපත් ක්‍රියාවලද නොයෙදෙයි. මේ සත්පුරුෂ ගුණයන්ගෙන් යුක්‌තව මහාර්ඝ වූ මාණික්‍ය රත්නයන් පළඳින තැනැත්තාට සුවය, වාසනා ගුණ, පිරිවර සම්පත්, ධන ධාන්‍යාදි සම්පත්, දූ දරු නෑ පිරිවර සම්පත් නිර්බාධකව ලැබෙනු ඇත. ගමන් බිමන්වලදී බිය තැති ගැනීම් ඇති නොවේ. එබඳු ගුණවතුන් ප්‍රධානත්වය දරන නිවස, ගම, නගරය, රට සශ්‍රීක වෙයි. කීර්ති ප්‍රශංසා ලබයි.

වටිනා මැණික්‌ පැළඳීම අපල දුරු වීමට, දියුණු වීමට බලපාන විශේෂ හේතුවක්‌ ලෙස ජ්‍යෙතිෂ් ශාස්‌ත්‍රානුකූලව පිළිගනු ලබන්නේ ඒවා පුද්ගල යහගුණය වඩනා රත්නයන් වන බැවිනි. වැඩි වටිනාකම් ඇති නිසා පිරිසකට පමණක්‌ සීමා කර ගැනීමෙන් මානාදී ද්වේෂසහිත ලෝභ සිතුවිලි ඇතිවන නිසා මැණික්‌ පැළඳීමෙන් අපේක්‍ෂා කරන දියුණුව ලැබෙන්නේ නැත. අපල දුරු වන්නේත් අපේක්‍ෂිත දියුණුව ලැබෙන්නේත් සිතේ ඇතිවන කුසල ෙච්තනාවන් අනුවය. මැණික්‌ ගල් සහිත රන් ආභරණ පැළඳීමත්, ආගමානුකූල පිළිවෙත්වල යෙදීම හා සමාන වූ ක්‍රියාවකි.

රවි ග්‍රහයාගේ අපලයට පද්මරාග මැණික්‌ සහිත ආභරණ පැළඳීම, ඉඹුල් වෘක්‍ෂයට වතාවත් කිරීම, ගිලනුන්ට උපස්‌ථාන කිරීම, යාචකයන්ට සංග්‍රහ කිරීම සහ ඊශ්වර දෙවියන්ට භාරහාර ද පවත්වනු ලබයි. මෙමගින් අපේක්‍ෂා කරන්නේ දැඩි රස්‌නයක්‌ සහිත හිsරුගේ විෂම වී ඇති බලය සමනය කර ගැනීම සඳහා තේජාන්විත බලය පතුරුවා ලෝකය විනාශ කිරීමේ ශක්‌තිය ඇතැයි විශ්වාස කරන ඊශ්වර නාමය උදෙසා පූජෝපහාර කිරීමයි. ඉඹුල් වෘක්‍ෂයට සත්කාර කරන්නේ විශාල ප්‍රදේශයක්‌ පුරා සෙවණ, සිසිලස ලබා දෙන සෞම්‍ය පරිසරයක්‌ බිහි කිරීම සඳහා ය. හිරු රැස්‌ සමාන දීප්තිය විහිදුවන පද්මරාග මැණික්‌ රන් ආභරණවලට එකතු කොට සෞම්‍ය ස්‌වභාවය ආරෝපණය කර පැළඳීමෙන් අපල සමනය වන බව ද ජ්‍යෙතිෂ්ශාස්‌ත්‍රානුකූල පිළිගැනීමයි. කුජ අපලය සඳහා රතු කැට මැණික්‌ යෙදූ රන් ආභරණ පැළඳීම කොළොන් වෘක්‍ෂයට වතාවත් කිරීම, කඩවර දෙවියන්ට භාර හාර වීම සහ බෝධි පූජා පැවැත්වීම ද බුධ ග්‍රහයාගේ අපලය සඳහා පච්ච වර්ණ මැණික්‌ යෙදූ රන් ආභරණ පැළඳීම, ශ්‍රී විෂ්ණු සහ දැඩිමුණ්‌ඩ දෙවියන්ට භාර හාර වීම, බිය උපදවන අමනුෂ්‍යයන්ට පින් අනුමෝදන් කිරීම, සෙත් කවි ගායනය, කොහොඹ ගසට වතාවත් කිරීම, බුදුරජාණන් වහන්සේ උදෙසා පුද පූජා කිරීම ද ගුරු ග්‍රහයාගේ අපලයට පුෂ්පරාග මැණික්‌ සහිත රන් ආභරණ පැළඳීම, ශ්‍රී විෂ්ණු මහා බ්‍රහ්ම දෙවිවරුන් උදෙසා භාර හාර වීම, බෝ වෘක්‍ෂයට වතාවත් කිරීම, අමනුෂ්‍යයන්ට පින්දීම සහ බෝධි පූජා සිදු කිරීම ද ජ්‍යෙතිෂ්ශාස්‌ත්‍රානුකූල පිළිවෙත් අතර වෙයි.

සිකුරු ග්‍රහයාගේ අපලයට සුදු මිශ්‍ර නිල් පාට මැණික්‌ යෙදූ රන් ආභරණ පැළඳීම, පත්තිනි දේව මාතාවට භාරවීම, කරඳ වෘක්‍ෂයට වතාවත් කිරීම, සෙත් කවි කියවීම, කිරි මව්වරුන්ට සංග්‍රහ කිරීම, බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රණීත ආහාර පූජා කිරීම ද සෙනසුරු ග්‍රහයාගේ අපලයට ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන්ට භාරවීම කළු මිශ්‍ර නිල්පාට මැණික්‌ යෙදූ ආභරණ පැළඳීම, නුග වෘක්‍ෂයට වතාවත් කිරීම, ගිතෙල් මිශ්‍ර කිරිබත් කපුටන්ට දීම, බෝධි පූජාවල නිරත වීම ද රාහු අපලයට සූනියම් දෙවියන්ට භාරවීම, සෙත් කවි කියවීම. අමනුෂ්‍යයින්ට පින්දීම, වැටකේ වෘක්‍ෂයට වතාවත් කිරීම. සෙත් පිරිත් සඡ්Cධායනය, බෝධි පූජාවන් සිදු කිරීම. වයස්‌ගත වූවන්ට සංග්‍රහ කිරීම ද කේතු අපලයට කතරගම දෙවියන්ට භාරවීම, සෙත් කවි කියවීම, කෙසෙල් ගසට වතාවත් කිරීම. වෛරෝඩි මැණික්‌ සහිත රන් අභරණ පැළඳීම, බෝධි පූජා පවත්වා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගැනීම සුදුසු බව ජ්‍යෙතිෂ්ශාස්‌ත්‍රයේ පිළිගැනීම් අතර වෙයි.

අපලය සමනය වීම සඳහා අනුගමනය කරන මේ පිළිවෙත් අනුව කල්‍යාණ මිත්‍ර වූ පෙර වැඩ සිටියා වූ බුද්ධාදී මහෝත්තමයන්ගේ ගුණයට නමස්‌කාර කිරීමෙන් දේශනා කළා වූ ශ්‍රී සද්ධර්මයට අනුව ජීවත් වීමෙන් බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය වෙනුවෙන් වැඩ වාසය කරන භික්‍ෂු සංඝයා වහන්සේලාට නමස්‌කාර කොට අවවාද- අනුශාසනා ලබා ගැනීමෙන්ද සිදුවන්නේ තුන් ලෝකයේම මහාර්ඝ රත්නය වූ ත්‍රිවිධ රත්නය තම ජීවිතයට ආභරණයක්‌ කර ගැනීමයි. මේ ආභරණ පැළඳිය හැකි වන්නේ කුසලතා දියුණු කළ වීර්යවන්ත අයට පමණි. එසේ නොවන විට අපල සමනය වීමේ බලය හීන වීමෙන් අවාසනාවද, කරදර බාධක වැඩි වී චිත්ත පීඩා ඇතිවීම නිසා අකුසල ෙච්තනාවන් ද ඇතිවෙයි. එබැවින් මහාර්ඝ වටිනාකමක්‌ ඇති මැණික්‌ සහිත ආභරණ පැළඳීම විනෝදාංශයක්‌ ලෙස නොකිරීමටත් වගකීම සහිත ඥානාන්විත ක්‍රියාවක්‌ බවත් අවබෝධ කර ගත යුතුය. අපල රහිත මෙන්ම උදා වූ අපල මඟහැරී යන වාසනා ගුණ දියුණු වන ජීවිතයක්‌ උදාකර ගැනීමේ අපේක්‍ෂාවෙන් මහාර්ඝ වූ රත්නයන් පළඳින්නේ නම් සංවර වූ සිතුවිලි සහිත වූ ප්‍රතිපත්තිගරුක ලෙස ජීවන රටාව ගොඩනගා ගත යුතුය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here