“කඩවර” රුහුණට පැන්නු නාථ දෙවියෝ

0
693
කඩවර
කඩවර

[ratings]

මතු බුදුවන උතුම් දෙවි කෙනෙකුන් ලෙස සැලකෙන නාථ දෙවියන් පිළිබඳ විශ්වාසය මේ රටේ ජනතාව තුළ බොහෝ කාලයක සිට පැවැතෙයි. බෞද්ධයන්ගේ මහත් ගෞරවාදරයටත් පාත්‍ර වූ නාථ දෙවියනට කැපවූ දේවාල ලංකාවේ නොයෙක්‌ පළාත්වල තිබුණු බව ඉතිහාසයේ නොයෙක්‌ තැන්වල සඳහන් වෙයි.

“මතු බුදුවන රදු

සරදෙ තොටගමු වෙහෙර නතිදු”

තොටගමු වෙහෙරෙහි නාථ දේවාලයක්‌ තිබුණ බව ඉහත සඳහන් කාව්‍යශේඛරයේ පද්‍යයෙන් පැහැදිලි වෙයි.

මහත සසර සයුරෙහි කුමුටුව සරන

අනත සත නිවන් පුර ගෙනයන සිතින

සතත සොඳුරු බුදුකුරු ගුණදම් පුරන

දියත පසිදු නතිදුන් දැක ගොස්‌ සොබන

යනුවෙන් ගිරා සංදේශයෙහි සඳහන් වෙයි.

තිසර, ගිරා, කොවුල් ආදී සංදේශයන්හි ද බුදුකුරු ගුණදම් පුරන නාථ දෙවියන් පිළිබඳ මනහර වැනුම් එයි.

තොටගමුව, වේගිරිය, පස්‌ගම, උරුලෑවත්ත, මහනුවර, බෙල්ලන්විල ආදී සිද්ධස්‌ථානයන්හි ද නාථ දේවාල ඇත. මහනුවර ශ්‍රී දළදා පෙරහැරට අනතුරුව ගමන් කරන්නේ නාථ දේවාල පෙරහැරයි. මේ මෙසේ ගමන් කරන්නේ නාථ දෙවියන් මතු බුදුවන බෝධිසත්ව උතුමකු නිසා විය හැකිය.

තව්තිසා දිව්‍ය ලෝකයෙහි වෙසෙතියි පැවැසෙන නාථ දෙවියන් සුදු පැහැයෙන් යුතුය. බිසොව “තාරා දේවි” නම් ය. නාථ දෙවියන් පිළිබඳ නොයෙක්‌ විසිතුරු ජනකතා අසන්නට ලැබෙයි. නාථ දෙවියන් කලක්‌ දුම්බර ප්‍රදේශයට අධිපතිව සිටි බව ද කියති. කඩවරයා රුහුණට පලවා හැරියේ ද නාථ දෙවිඳුන් විසිනැයි පැවැසේ. දොරවක නාථ දේවාලයේ නාථ දෙවියන්ට හා තාරා දේවියට ද ගෞරවයෙන් පුද පූජා පැවැත්වූ බවද සඳහන් වෙයි.

මෛත්‍රී බෝධිසත්ව, අවලෝකිතේශ්වර, නාථ ආදී නම්වලින් ද මෙම දෙවියන් හැඳින්වේ.

ශ්‍රී නාථ දේවාරාධනා
දාන සීල භාවනාදි පාරමිතා පූර්ණං
දාන ශාන්ති සෞඛ්‍ය සම්පදාන් ජනාන භූවනම්
තාව තිංස රම්‍ය දිව්‍ය වාස භවන නිත්‍යං
නාථදෙව රාජ යුෂ්ප ආසනප්‍රවිෂ්ටං

ගොතමාදි බුද්ධරාජ ශාසනොපකාරං
භූ පිසාච ආදි රෝග අන්තරාය ධස්‌තං
බෝධිසත්ව ගුණොපෙත දයා හෘදය පූර්ණං
නාථදෙව රාජ පුෂ්ප ආසනප්‍රවිෂ්ටං

මෛත්‍රි කරුණාපෙක්‌ෂා මුදිතාකර සදෘශං
තෛක ලොකවාස සත්ව කල්පවෘක්‌ෂ සදෘශං
දෛත්‍යාදිත්‍යා ත්‍යාගි චින්තන සංයුක්‌තං
මෛත්‍රි දෙවාහිදාන ආසනප්‍රවිෂ්ටං

අනඝමති මනොඥං ධර්මචින්තා නිධානම්
අනභිමුඛත ශාස්‌ත්‍රං අග්‍රලොකාග්‍ර සත්වං
අමිල රුචිර දෙහං පූජනියාන බුද්ධො
අමරධිපති නාථං දේවරාජං නමාමි

දානසිල භාවනා පිරූ පාරමී දහම්
දාන සම්පතින් මහා පොළෝ තලේ සමානවූ
තව් තිසා දිව්‍ය ලෝක නිත්‍ය වාස භවන වූ
පුෂ්පාසන පිවිස සිටින නාථ දේව රාජනේ

ගෞතමාදි බුදුවරුන් සාසනෝපකාරවූ
පිසාචාදි භූතයන්ගෙ රෝග අන්තරා නැසූ
බෝධි සත්ව ගුණෝපේත ගුණාංගයෙන් යුක්‌ත වූ
පුෂ්පාසන පිවිස සිටින නාථ දේව රාජනේ

මුදිතා කරුණාමෙත් ගුණ ආකරයක්‌ බඳු වූ
ලෝවැසි නන් සතුනට කප් රුකකට හා සමවූ
දිති-අදිති මෙන් නිති ත්‍යාගි හදවත යුතු වූ
නාථදේව රාජනේ “මෛත්‍රිදේව” නම් වූ

සැබෑ නුවණින් මනහරවූ දහම් සිතුවිලි නිධාන වූ
සිප් සතරින් කිසි බැහැර නොවූ ලෝකයටම නායකවූ
සුනිමල ගුණ ඇත්තාවූ සිත්කලු සිරුරින් හෙබියාවූ
දෙවියන් හට නිති අධිපති වූ නාථ දෙවිඳුන් නමාමී

ශ්‍රී නාථ දේව කන්නලව්ව

සාධු· සාධු·· සාධු··· දොහොත් මුදුනේ තබා වැඳදෙම්· දෙපා වැන්දෙම් හුරු අත් නුහුරු කර – නුහුරු අත් හුරු කර වැන්දෙම්· මතු බුදු වන්නාවූ, තව්තිසා දිව්‍ය ලෝකයෙහි වැඩ වාසස්‌ථානය කරන්නාවූ අනාථ නාථවූ නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට කරුණාවෙන්, මෛත්‍රියෙන්, භක්‌තියෙන්, ආරාධනා කර, ඔබ වහන්සේට ඉදිරිපත් කරන, ඔබ වහන්සේට කියා සිටින මේ කන්නලව්ව දිවැසින් බලා, දිවකනින් අසා කරුණාවට ගෙන බලා වදාරා මේ ගැත්තන්ගේ සියලු රෝගාබාධ අතුරු අන්තරා අපල උපද්‍රව සියල්ල දුරින් දුරු කොට සෙත් ශාන්ති සලස්‌වා දී වදාරන සේක්‌වා.

තවද අනාථ නාථ වූ මතු බුදුවන්නා වූ බුද්ධංකුර වූ නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස, මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්‌ෂා, ගුණ ආකාරයක්‌ බඳුව, ලෝකවාසී සකල සත්වයනට කල්ප වෘක්‌ෂයක්‌ බඳු වූ දෛත්‍යාදිත්‍ය මෙන් ත්‍යාග චින්තනයෙන් යුක්‌ත වූ, තුන්ලොව සත්වයන්ගේ දුඃඛාන්ධකාර දිව නෙතින් බලා දුරින් දුරු කරවා වැඩවෙසෙන්නා වූ, අමරපතිවූ නාථ දේව රාජෝත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට කියන මේ කන්නලව්ව කරුණාවට ගෙන මේ ගැත්තන් හට පැමිණියා වූ දොaෂාන්ධකාර දූරී භූත කොට සකලාභි මතාර්ථයන් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර සන්තුෂ්ටියට පත් කරදී වදාරන සේක්‌වා·

තවද මතු නාග ශ්‍රී බෝධියට පිටදී තුන්ලෝකය ආලෝකමත් කර, අවිද්‍යා අන්ධකාර දුරුකර දස දහසක්‌ සක්‌වල දෙව් බඹුන්ගේ සාධුකාර මධ්‍යයේ බුද්ධත්වයට පත් ව ධර්ම දේශනා කර සියලු සත්වයන් සසර කතරින් එතෙර කරන්නාවූ ශ්‍රී නාථ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට මේ සැලකර සිටින කන්නලව්ව දිව ඇසට පෙනී, දිව කනට ඇසී මොවුන් හට වැලැඳී ඇත්තාවූ ග්‍රහදොaෂාන්ධකාර ද වා-පිත්-සෙම් ආදියෙන් හටගන්නා වූ දොaෂාන්ධකාර ද යක්‌ෂ-ප්‍රේත-පිසාචාදීන් නිසා හට ගන්නා වූ ඇස්‌වහ කටවහ ආදියෙන් ඇති වන්නාවූ දොaෂාන්ධකාර ද මෙකී-නොකී සකලවිධ දොaෂාන්ධකාරයක්‌ම ඔබ වහන්සේගේ දිව්‍ය තේජානුභාවයෙන් මෙවක්‌ පටන්, මේ මොහොතේ පටන් දුරුකර ආයු රෝග්‍ය සම්පත්තිය සලසාදී පතුරන සේක්‌වා· ඔබ වහන්සේගේ කීර්ති පස්‌වාන් දහසක්‌ ආයුබෝවේවා· ආයුබෝවේවා, ආයුබෝවේවා.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here