කසාද දික්‌කසාද කරවන ග්‍රහචාර

2426
කුජ ග්‍රහයාගේ
කුජ ග්‍රහයාගේ

[ratings]

කේන්ද්‍රයක සත්වැනි රාශිය විවාහය හා විවාහ වන තැනැත්තා හෝ තැනැත්තිය පාලනය කරනු ලබයි. පුරුෂ කේන්ද්‍රයකනම් එකී කාරණාවලට කාරක ග්‍රහයා සිකුරු වන අතර ස්‌ත්‍රී කේන්ද්‍රයක එම කාරණාවලට කාරක ග්‍රහයා වන්නේ අඟහරුය. සත්වැනි රාශිය සහ එහි අධිපතීන් කාරක ග්‍රහයන් ද පීඩනයට පත් වූ අවස්‌ථාවල හෝ එසේ නැත්නම් පාපී ග්‍රහයන් සමග හා දුර්වල ග්‍රහයන් සමග සංයෝග වූ කල්හි හෝ ඔවුන්ගේ බැල්මට හසු වූ කල්හි විවාහ ජීවිතය දුක්‌බර වන්නේය. ලග්නාධිපති හා ලග්නයෙන් සත්වැන්න හෝ එහි අධිපති පීඩනයට පත්වූ කල්හිත් කාරක ග්‍රහයා සිටින රාශියක අධිපති හා එම රාශියෙන් සත්වැන්නෙහි අධිපති සතුරන් වූ කල්හි විවාහක යුවළක්‌ අතර අඬදබර හා වැරදි වැටහීම් හට ගැනීම නොවැළැක්‌විය හැකිය.

කේන්ද්‍රයක සයවැන්න සතුරුබවේ රාශියයි. එබැවින් ලග්නාධිපති සහ සයවැන්නාධිපති තම තමන් සිටින ස්‌ථානවලින් සත්වැනි රාශිවල අධිපතීන්ගෙන් සයවැන්නෙහි හෝ අටවැන්නෙහි හෝ සතුරන් ලෙස පීඩනයට පත්ව සිටින කල්හි ස්‌වාමිපුරුෂයා හා භාර්යාව අතර නිරන්තරයෙන් අඬදබර හා මතබේද හට ගන්නවා මෙන්ම දෙදෙනා අතර සතුරුකම් ද පැනනගින්නේය. එවැනි කේන්ද්‍රවල පාපී ග්‍රහයන් දෙදෙනා සතුරන් වූ විට හා ඔවුන් දෙදෙනා පාපී රාශියක අධිපතියකු විසින් පීඩනයට පත්කරනු ලැබූ විට අඹුසැමි වෙන්වීම පෙන්නුම් කෙරේ. එහෙත් එම ග්‍රහයන් දෙදෙනා ගුරුගේ දෘෂ්ටියට හසුව හෝ ගුරු සමග සංයෝග වී ඇත්නම් ඔවුන් දෙදෙනා ශුභ රාශියක සිටිනවා නම් ආරවුල් සමතයකට පත් කර ගෙන දෙදෙනාට යළි එක්‌වීමට හැකියාව ඇත.

පීඩනයට පත් සත්වැන්නාධිපති සයවැන්නෙහි සිටින විටද වෙන්වීමක්‌ සිදුවීමට බොහෝදුරට ඉඩ තිබේ. එසේම පාපී ග්‍රහයකුගේ සංයෝගයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ පීඩනයට පත් සත්වැන්නාධිපති හෝ කාරක ග්‍රහයා සයවැන්නාධිපති සමග එක්‌වූ විට අත්වන ප්‍රතිඵලය ද ඊට සමාන වේ.

සයවැන්න නඩු හබ ආදියද පාලනය කරන බැවින් පාපී හත්වැන්නාධිපති සත්වැන්නට, සත්වැන්නාධිපතිට හෝ කාරක ග්‍රහයාට එක්‌ වූ විට නීතිමය වශයෙන් වෙන්වීමක්‌ සිදුවන්නේය. පාපියකු විසින් පීඩනයට පත් කරනු ලැබූ සත්වැන්නාධිපති හෝ කාරක ග්‍රහයා සයවැන්නට එක්‌වී‍ෙමන් අත්වන ප්‍රතිඵලය ද එයට සමාන වේ.

ෆදෙවැනි රාශිය හා දොළොස්‌වැනි රාශිය, ෆ තුන්වැනි රාශිය හා එකොළොස්‌වැනි රාශිය, ෆ හතරවැනි රාශිය හා දහවැනි රාශිය පස්‌වැනි රාශිය හා නවවැනි රාශිය ෆ හයවැනි වැනි රාශිය හා අටවැනි රාශිය යන රාශි කණ්‌ඩායම්වලින් කවර කණ්‌ඩායමක හෝ ග්‍රහයෝ ඔත්තේ සංඛ්‍යාවක්‌ සිටිත්නම් ඔවුන්ගෙන් එක්‌ ග්‍රහයෙක්‌ හෝ ඊට වැඩි සංඛ්‍යාවක්‌ හෝ පාපී ග්‍රහයෝ නම් එයින් නඩුහබ පෙන්නුම් කරන අතර එම ග්‍රහන්ගෙන් එක්‌ ග්‍රහයෙක්‌ සත්වැන්නාධිපති හෝ කාරක ග්‍රහයා හෝ එනම් පුරුෂ කේන්ද්‍රයෙහි සිකුරු ද ස්‌ත්‍රී කේන්ද්‍රයෙහි අඟහරුදා වේ නම් අධිකරණ තීන්දුවක්‌ මගින් තම සැමියාගෙන් වෙන්වීමට බිරිඳට සිදුවන්නේමය.

රාහු සහ සෙනසුරු ලග්න භාවයට එක්‌වූ විටද කෙනෙකුගේ විවාහ ජීවිතයෙහි විවිධ ආරවුල් හට ගැනීමත් දෙදෙනාගේ වෙන්වීමත් සිදුවේ. සත්වැන්නාධිපති වක්‍ර වූ විට හා පීඩනයට පත් වූ විටද එකී තත්ත්වය උදාවේ. ස්‌ත්‍රී කේන්ද්‍රයක මේෂ හෝ වෘශ්චික ලග්නය උදාවෙමින් තිබියදී සත්වැන්නාධිපති දුර්වල වූ විට හෝ ග්‍රහ යුද්ධයකින් පරාජයට පත්වූ විට හෝ පීඩනයට පත්වූ විට කේන්ද්‍රය හිමි තැනැත්තිය විසින් සිය සැමියා අත්හරිනු ලබන්නේය. ස්‌ත්‍රී කේන්ද්‍රයක ලග්න ස්‌ථුටය මේෂයේ හෝ වෘශ්චිකයේ හෝ උදාවෙද්දී සත්වැනි ස්‌ඵුටයේ අධිපතියා දුබලව ග්‍රහ යුද්ධයකින් පරාජයට පත්වී හෝ පීඩාවට පත්ව ඇත්නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ ද වෙන්වීමකි. දෙවැන්නෙහි සහ සත්වැන්නෙහි අධිපතීන් පාපී රාශිවල අධිපතීන් පිරිවරාගෙන සිටිනවිට ද විශේෂයෙන්ම සත්වැන්නාධිපති සමග පීඩනයට පත්ව සිටිනා විටද අඹුසැමියන් නඩුහබ මගින් කසාදය දික්‌කසාදයෙන් කෙළවර කර ගනී.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here