ජන්මීන් වෙත එල්ලවන්නාවූ නවග්‍රහ අපල දුරුකර ගැනීම පිණිස පොදුවේ අෂ්ඨඵල දෙතිස්‌ඵල හෝ ඕනෑම පූර්ව බෝධි ශාඛාවක් මුලදී බෝධි පූජා පැවැත්වීමෙන් විශාල සහනයක් ලැබිය හැකි අතර විශේෂ කොට තමාට අදාල කාලවකාවනුවේ අපල කරන ග්‍රහයා හඳුනාගෙන එකී ග්‍රහයාගෙන් එල්ල වන්නා වූ අහිතකර බලපෑම් මගහරවා ගැනීම පිණිස නවග්‍රහයන් උදෙසා වෙන වෙනම පැවැත්විය යුතු ඉතාමත් සරල ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකර්ම කිහිපයක් මෙලෙස දැක්‌විය හැකි අතර ඒ සඳහා අදාළ දිනයේ නියමිත හෝරාව සැලකිල්ලට ගෙන පළමුව ත්‍රිවිධ රත්නය වැඳපුදා දෙවියන්ට පිං අනුමෝදන් කර නවග්‍රහ පූජාව සිදුකර එක් එක් ග්‍රහයා වෙනුවෙන් නියමිත පිරිත 21 වර බැගින් සඡ්ජායනා කර නවග්‍රහ මණ්‌ඩලයට පිං අනුමෝදන් කර සෙත ප්‍රාර්ථනා කිරීමෙන් සියලු දෝෂ දුරුකර ගනිමින් සහනයෙන් ජීවත්වීමේ වාසනාව ඔබ වෙත උදාවනු ඇත.
රවි අපලයට
ඉරු දින රවි හෝරාව තුළ දකුණු දිශාව බලා රතු නෙළුම් මල් 1, 10, 100 ආදී සංඛ්‍යාවලින් රතු කොඩි සමග පූජා කර තැඹිලි තෙල් පහන් දල්වා සූරිය පිරිත සඡ්ජායනා කරන්න.
සඳු අපලයට
සඳු දින සඳු හෝරාව තුළ උතුරු දිශාව බලා සුදු නෙළුම් මල් 2, 11, 20 ආදී සංඛ්‍යාවලින් ද තලතෙල් පහන් සමග සුදු පැහැති කොඩි පූජා කර චන්ද පිරිත සඡ්ජායනා කරන්න.
කුජ අපලයට
අඟහරුවාදා දින කුජ හෝරාව තුළ දකුණු දිශාව බලා රතුමල් 3, 21, 30 සංඛ්‍යාවලින්ද රතු කොඩි හා පස්‌තෙල් පහන්ද පූජා කර දසදිසා පිරිත සඡ්ජායනා කරන්න.
බුධ අපලයට
බදාදා දින බුධ හෝරාව තුළ නැගෙනහිර දිශාව බලා කොළ පැහැති මල් නොමැති නිසා 4, 13, 22 ආදී සංඛ්‍යා වලින්. සුදුමල් ද කොහොඹ තෙල් පහන්ද පූජා කර දසදියා පිරිත සඡ්ජායනා කරන්න.
ගුරුගේ අපලයට
බ්‍රහස්‌පතින්දා දින ගුරු හෝරාව තුළ නැගෙනහිර දිශාව බලා කහ පැහැති මල් 5, 14, 23 සංඛ්‍යාවලින් ද කහකොඩි සමග තැඹිලිතෙල් පහන් ද පූජාකර අභිසම්භිදාන පිරිත සඡ්ජායනා කරන්න.
සිකුරු අපලයට
සිකුරාදා දින සිකුරු හෝරාව තුළ උතුරු දිශාව බලා විචිත්‍ර වර්ණ මල් 6, 15, 24 සංඛ්‍යාවලින් ද විචිත්‍ර වර්ණ කොඩි සමග පස් තෙල් පහන් පූජා කර ධජග්ග පිරිත සඡ්ජායනා කරන්න.
ශනි අපලයට
සෙනසුරාදා දින ශනි හෝරාව තුළ බස්‌නාහිර දිශාව බලා නිල් පාට මල් 7, 16, 52 සංඛ්‍යාවලින්ද නිල් කොඩි සමග ගිතෙල් පහන් පූජාකර කරණීය මෙත්ත සූත්‍රය සඡ්ජායනා කරන්න.
රාහු අපලයට
අඟහරුවාදා දින කුජ හෝරාව තුළ 8, 17, 27 සංඛ්‍යාවලින් වැටකේ මල්ද අළු පැහැති කොඩි සමග පස්‌තෙල් පහන් ද පූජාකර ඛන්ද පිරිත සඡ්ජායනා කරන්න.
කේතු අපලයට
සෙනසුරාදා දින ශනි හෝරාව තුළ 9, 18,27 සංඛ්‍යාවලින් පුවක් මල්ද විවිධ වර්ණ කොඩි සමග ගිතෙල් පහන් පූජාකර කරණීය මෙත්ත සූත්‍රය සඡ්ජායනා කරන්න.
We found this article from Divaina on 2013/05/03.
Also Sinhala to English Google word to word translation can be found here