ගණ දෙවියන් සතුටු කරන ගණපති නාමාවලිය

0
1197
ගණ දෙවියන්
ගණ දෙවියන්

පුරාණයේ සිට අද දක්‌වා භාරතීය ජනතාව අතර සියලු යස ඉසුරු ලබාදෙන සුවිශේෂී දේවාත්මයක්‌ ලෙස ප්‍රකට ගණ දෙවියන් ශ්‍රී ලාංකීය ජනතාව අතර ගෞරවයටත් භක්‌තියටත් පාත්‍රවී ඇත්තේ නැණ නුවණ ලබාදෙන දෙවිකෙනෙකු ලෙසිනි.

සකල ලෝකවාසී ජනතාවගේ හිත සුව පිණිස ඔවුනට පිහිටවීම පිණිස මූර්තීන් දහඅටකින් පෙනී සිටින ගණ දෙවිඳුන්ගේ ඒ ඒ මූර්තින් සඳහා පුද පූජා පැවැත්වීමෙන් තම තමන්ගේ බලාපොරොත්තු ඉටුවන බව බැතිමතුන්ගේ විශ්වාසයයි.

ඒ අනුව නැණ නුවණට අධිපති වන්නාවූ ”බුද්ධි ගණේෂ” මුර්තියෙන් ලොවන පහල වන ගණ දෙවිඳු සකල විධ ශිල්ප ශාස්‌ත්‍රයන්ද නානාවිධ විද්‍යාවන්ද අනේක විධ ධර්ම ශාස්‌ත්‍රයන්ද බුද්ධිය, මතක ශක්‌තිය, ධාරණ ශක්‌තිය භක්‌තිවන්තයින් වෙත දානය කරමින් ලෞකික සත්‍යයද ලෝකෝත්තර සත්‍යයද අවබෝධ කරගැනීමේ දිව්‍යමය ප්‍රඥවද පහළ කරන අතර ඒ ඒ ආත්ම භාවයන් වල සිට ගෙන එනු ලැබූ ඥන සම්භාරයක්‌ උද්දීපනය කරමින් තම පිහිට බලාපොරොත්තු වන්නාවූ බැතිමතුනට ප්‍රඥවත් ධෛර්යක්‌ ශක්‌තියත් දානය කරයි.

ගණ යනු සමූහයයි. දේව සමූහයාගේම ගණනායකයා ලෙස ගණ දෙවියන් හැම විටම පූජෝපහාරයට ලක්‌වන බැවින් දෙවියන් උදෙසා පවත්වන්නාවූ කුමන දේවපූජාවකදී වුවද එකී පූජාව ආරම්භයේදී පළමු කොට ගණ දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වා දෙවනුව අනෙකුත් දෙවිවරු වෙනුවෙන් පුද පූජා පැවැත්වීම බොහෝ බැතිමතුන් අතර දක්‌නට ලැබෙන්නකි.

කුඩා ළමුන්ට අකුරු කියවීමේ පටන් සියලු අධ්‍යාපන කටයුතුවලදීත් යන්ත්‍ර මන්ත්‍ර ජීවම්කිරීමේදීත් විශේෂයෙන්ම ඥනාභිවන්දනය හෙවත් ගණදෙවි පිදීම කළ යුතුමය. ගණ දෙවියන් සතුටට පත්නොකර ශාස්‌ත්‍ර වරප්‍රසාද පිහිටන්නේ නැති බවට අපේ පැරණි ජනතාව අතර තිබූ දැඩි විශ්වාසය නිසාම ගණ දෙවියන් වෙනුවෙන් විවිධ පුද පූජා තබා උන්වහන්සේගේ ගුණ කියෑවෙන ස්‌ත්‍රොaත්‍ර, කවි වැනිදේ ගායනා කර දෙවියන් සතුටට පත්කර තම තමන්ගේ අභිමතාර්ථ ඉටුකර ගැනීමට පෙළඹී ඇත්තේය.

මේ අතර ගණදෙවියන් වෙනුවෙන් ගැයෙන ”ගණපති නාමාවලිය” මද ඉතා සුවිශේෂී ස්‌ථානයක්‌ හිමිවන අතර උදේ සවස ඔබ නිවසේදී බුදුන් වැඳීමෙන් අනතුරුව ගණ දෙවියන්ට පිං පෙත් අනුමෝදන් කර ගණපති නාමාවලිය හැකිතාක්‌ වාර ගණනක්‌ ඔබ නිවෙස්‌වල සිටින ඉගෙන ගන්නා දරුවන්ට ගායනා කිරීමට සැලැස්‌වීමෙන් අධ්‍යාපන කටයුතුවල නිරතුරු ජයග්‍රහණය මෙන්ම සියලු දෝෂ දුරුවී නිවසට සැපත සතුට ළඟා කර ගත හැකි වන්නේය.

ගණපති නාමාවලිය

ගණපති ඕම් ජය ගණපති ඕම්

ගජමුග වයින්ගර ගණපති ඕම්

ගුණපති යාම් සිව ගණපති ඕම්

කුණ්‌ඩලි මංඩල ගණපති ඕම්

මූෂික වාහන ගණපති ඕම්

මූලක්‌ ප්‍රාවන ගණපති ඕම්

මාසුර දේසිත ගණපති ඕම්

වල්ලභ මෝහන ගණපති ඕම්

ගණපති ඕම් ජය ගණපති ඕම්

ගජමුග වයින්ගර ගණපති ඕම්

ගුණපති යාම් සිව ගණපති ඕම්

කුණ්‌ඩලි මංඩල ගණපති ඕම්

විග්න විණායක ගණපති ඕම්

විගසිත නග්මුග ගණපති ඕම්

උත්තර තෙප්‍යාaබල ගණපති ඕම්

උත්තුව නාදන ගණපති ඕම්

ගණපති ඕම් ජය ගණපති ඕම්

ගජ මුග වයින්ගර ගණපති ඕම්

ගුණපති යාම් සිව ගණපති ඕම්

කුණ්‌ඩලි මංඩල ගණපති ඕම්

පාර්වතී පාරධි ගණපති ඕම්

පරම සිව ඥන ගණපති ඕම්

පූර්ව විරාදර ගණපති ඕම්

පුවන පුරන්දර ගණපති ඕම්

ගණපති ඕම් ජය ගණපති ඕම්

ගජමුග වයින්ගර ගණපති ඕම්

ගුණපති යාම් සිව ගණපති ඕම්

කුණ්‌ඩලි මංඩල ගණපති ඕම්

සුද්ද සදා සිව ගණපති ඕම්

සුන්දර කුන්ජර ගණපති ඕම්

නෙත්තිය තන්තුව ගණපති ඕම්

නිර්මල සින්දය ගණපති ඕම්

ගණපති ඕම් ජය ගණපති ඕම්

ගජමුග වයින්ගර ගණපති ඕම්

ගුණපති යාම් සිව ගණපති ඕම්

කුණ්‌ඩලි මංඩල ගණපති ඕම්

We found this article from Divaina on 2013/01/18.
Also Sinhala to English Google word to word translation can be found here