ග්‍රහ අපල දුරුකර සම්පත් උදාකරන ශ්‍රී සම්බෝධි රාජ යන්ත්‍රය

0
694
සම්බෝධි
සම්බෝධි

[ratings]

ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍රවූ ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳුවූ මහනුවර ශ්‍රී දළදා මන්දිරයෙහි වැඩවසන ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේ තරමටම බැතිමතුන්ගේ පුද සත්කාර ලබන ශ්‍රී මහා බෝධින් වහන්සේ ක්‍රිස්‌තු පූර්ව 307 දී ශ්‍රී ලංකාවේ රජ පැමිණි දේවානම් පියතිස්‌ස රජ සමයෙහි දඹදිව එක්‌සේසත් කළ ධර්මාශෝක රජුගේ දියණිය සංඝමිත්තා මෙහෙණිය විසින් බු.ව. 236 දී ශ්‍රී ලංකාවට වැඩම කර රෝපණය කර ඇත. මේ මහා බෝධිය ලෝකයේ ඉපැරණිම වෘක්‍ෂය හැටියට ලෝකයා පිළිගනු ලැබේ.

බුදුබව ලබන කිසියම් කාල සීමාවක්‌ තුළ බෝධි සත්වයන් වහන්සේලාට මාරයා සමග කරන්නට සිදුවන සටන කොයිතරම් භයානක අවස්‌ථාවක්‌ද යත් අවසන් මොහොතේ මාර දිව්‍ය පුත්‍රයා බෝධි සත්වයන්ට කරනු ලබන අභියෝග කෙරෙන් හා ඒ අවස්‌ථාවේදී මාරයා හා ඔහුගේ සේනාව හැර අන්‍ය කිසිම දෙවියෙක්‌ හෝ බ්‍රහ්මයෙන් හෝ එහි නොනවතිනු ඇත. එවන් අවස්‌ථා වලදී බෝධිමූලය කිසිම පැකිලීමක්‌ නොමැතිව බෝධීන් වහන්සේට උදාර ලෙසින් ස්‌වකීය යුතුකම් ඉටුකරනු ලබයි.

එවන් උදාර සේවයක්‌ ඉටු කරනු ලබන බෝධිය කෙරෙහි සෑම බුදුවරයෙක්‌ම කළගුණ සැලකීම වශයෙන් සතියක්‌ බෝධිය දෙස ඇසිපිය නොහෙලා ඉතා ගෞරව සීලිව බලා සිටීමෙන් උපකාර කරණු ලබයි. එහෙත් එබඳු බෝධියක ඇති ගුණ කන්දරාවන් දන්නා අය අප අතර අඩුය. එහෙත් දෙදෙව්ලොව වසන්නාවූ සියලු දෙවිවරුන් හා බ්‍රහ්ම ලෝකවල වසන්නාවූ සියලු බ්‍රහ්මයන්ද මේ බව හොඳ හැටි දනී. එනිසා යම් අයකු බෝධින් වහන්සේ නමකට කරනු ලබන උපකාර කෙරෙහි සතුටුවීමට දෙවිවරු මෙන්ම බ්‍රහ්මයන්ද පුල පුලා සිටී. මිනිසා මෙවන් අවස්‌ථාවන් කෙරෙහි රැස්‌ කරනු ලබන පුණ්‍යමය බලය අති ශ්‍රෝෂ්ඨයි. මේ පින් දෙවිවරුන්ට මෙන්ම බ්‍රහ්මයන්ටද අනුමෝදන් වන්නාහ.

මේ නිසා බෝධි පූජාව අද හුදී ජනයා අතර බෙහෙවින්ම ඔහුනගේ සිතැඟි අදහස්‌ සපලකර ගැනීම උදෙසා පවත්වති. බෝධි පූජාව ඉපැරණි අදීන යුගයේ සිටම අද දක්‌වා ජන විශ්වාසයෙන් බැඳී උත්තම ගණයේ ශාන්ති කර්මයකි. ඊට හේතුව එහි සැඟවුනු අභිරහස්‌ ගුප්තමය ආකර්ෂණීය බලවේගයක්‌ ගැබ්වී ඇති නිසාය. මිනිසාට කලින් කලට දවසින් දවසට, සතියෙන් සතියට, මසින් මසට, වසරින් වසරට ඇතිවන ග්‍රහ අපල, ලෙඩ රෝග, ආදී දුක්‌ කරදර දුරුකර ජීවිතයේ සැනසුම ශ්‍රී සෞභාග්‍ය උදාකරගෙන සියලු අභිමථාර්තයන් මුදුන් පත්කර ගැනීමට බෝධි පූජා විධි පවත්වන බව බෞද්ධ අප කා අතරත් ප්‍රකටයි.

ශ්‍රද්ධා භක්‌තියෙන් යුතුව තුනුරුවන් මුල්කොට ගෙන කරන බෝධි පූජාවෙන් මොලොවට මෙන්ම පරළොව ශුභ සිද්ධිය සලසා ගැනීමට හැකිය. සිරිලක පුද පූජා පවත්වන බෝධින් වහන්සේලා හාත්පස ගුප්ත බලවේග තුනක්‌ ක්‍රියාත්මක වේ. බුදු රජාණන් වහන්සේ සකළ ක්‌ලේශයන් ප්‍රහීන කොට උත්තරීතර සම්මා සම්බෝධියට පත්වූයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසය. සති හතක්‌ම බෝධින් සමීපයේ බුදු රජාණන් වහන්සේ ඇතිකළ අනුපම අවාඛ්‍ය ඒ බලවේගයන් හා ආකර්ෂණයන් අදත් එලෙසම පවතී. දෙවැන්න සක්‌වල දෙව් බඹුන් දසදහසක්‌ගේ ප්‍රීති ගෝෂා නාදයෙන් ගිගුම් දුන් අසීමිත බලවේගයයි. තෙවැන්න වන සප්ති වෘක්‍ෂරාජයා පිළිබඳ වූ ස්‌වයංක්‍රීය බලවේගයයි.

මිනිසාට අපල උපද්‍රව ඇතිවූ කාලයේදී මෙවන් පුණ්‍ය කර්ම කරනු ලබන්නේ දෙවියන් සතුටු කිරීම සඳහාය. ඒ අධ්‍යාෂය නිසා දෙවියන් තමන්ට ප්‍රියවේ. එම ප්‍රිය වීමෙන් තමාට අපල කාලය තුළ සිදුවීමට ඇති බරපතල මාරක අතුරු ආන්තරා, රෝග පීඩා, අකල් මරණ, අධ්‍යාපන කටයුතු වලට අදාළ පොත පත විෂයන් ඇතුළු අදාළ දේ පාඩම් නොසිටීම, මතකය අඩුවීම, විභාග ජය, නඩු හබ ආදී දේවල් වලින් ශුභ පල උදාකර ගැනීමට හා දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව ලැබේ.

සමහර අවස්‌ථාවලදී තමාට සිදුවීමට ඇති දේවල් දෙවියන් විසින් කල් ඇතිව දැනගැනීමටද පෙර නිමිති හා ලකුණු පෙන්වයි. ඒ හැර යම් කිසි පුද්ගලයකු කෙරෙහි සසර කර්මදොaෂයක්‌ නිසා පසු පස ගමන් කරන්නාවූ ගුප්ත ආත්මයන් අතරින් යක්‍ෂ, භූත, ප්‍රේත අමනුෂ්‍ය උවදුරු ඔවුන්ගේ අභව්‍ය තත්ත්වයන් කෙරෙන් මුදා ගැනීමටද බෝධින් වහන්සේට කරන පූජාවන්ගෙන් අති විශිෂ්ට පිහිට හා ප්‍රතිපල අපට ලැබේ.

අද වර්තමාන යුගයේ අති උත්තම බෝධි පූජා පවත්වන පිංවතුන්ගේ ප්‍රයෝජන උදෙසා මා අත්දුටු ප්‍රතිපල ලැබූ මිනිසාට සම්පත් හා සෞභාග්‍ය ලැබ දියුණුව ඇතුළු සම්පත් උදාකරන ශ්‍රී සම්බෝධි රාජ යන්ත්‍රය ඉපැරැණි පුස්‌කොළ පත් ඉරුවකින් හා රන් පතකින් උපුටා ගත් එකකි. පුර පක්‍ෂයේ බුධ දිනක බුධ හෝරාවෙන් මෙම යන්ත්‍රය රන්, රිදී, තඹ පතක බ්‍රහ්ම වේලාවෙන් දින 7 ක්‌ හෝ 21 ක්‌ නියමිත පුද පූජාවන් තබා බෝධි පූජා තුනක්‌ තියා යන්ත්‍රය පැළද ගන්නේනම්, රාජ්‍ය මැතිවරණ තරග වලින් ජය, විභාග, තරග. සම්මුඛ පරික්‍ෂණ වලින් තෝරා පත්වීම ලෙඩ රෝග ධන හානි මාරක අපල ඒරාෂ්ඨක දුරුවී රැකියා වරම් හා විවාහ ප්‍රමාදයන් ඉක්‌මන්වී උතුම් පල නොවරදවා ලැබේ.

මෙම යන්ත්‍රයේ දිග පළල මෙන් තුන් ගුණයක්‌ ගන්න. මෙහි අක්‍ෂර ලියන විට පටන් ගැන්ම අප දැනට භාවිත කරන ක්‍රම අනුව දකුණේ සිට අකුරු ගැබ් නොකළ යුතුයි. අකුරු ලියන විට දකුණේ සිට වමට ලිවිය යුතුයි. එය බ්‍රහ්මිය අක්‍ෂර විලාශයක්‌ ගන්නා බැව් පෙනේ. මෙය අටදරා සියක්‌ පිරිත්කර ගෙලහි පැළඳ ගන්න.

මෙම යන්ත්‍රය පිරිත් කරගන්නා ගාථාව මෙසේය.

ජයෝ මුනින්දස්‌ස සුබෝධිමුලේ

අහෝසි මාරස්‌ස පරාජයෝගී

උග්ගෝසයුං බෝධිමුලේ පමෝදිතා

ජයංතදා දේවගණා මහේසිනෝ

මෙයින් සත්‍ය ප්‍රතිපල ලබාගැනීමට නම් වෙනත් යන්ත්‍ර සකස්‌කරන ආකාරයටම වත් පිළිවෙත් කොට පුද පූජාවන් කිරීම යෝග්‍යවේ. මෑත යුගයේ බෝධි පූජාව මහජනයා අතර ජනාදරයට පත්ව ඇත්තේ මෙම අභිරහස්‌ ගුප්ත ආකර්ෂණ බලවේගයක්‌ ගැබ්ව පවතින නිසාය.

We found this article from Divaina on 2012/06/15.
Also Sinhala to English Google word to word translation can be found here