ග්‍රහ බලය සහ විවාහය

3083
ග්‍රහ බලය
ග්‍රහ බලය

විවාහය පිළිබඳ යම් නිගමනයකට එළඹීම පිණිස මෙකී කරුණු කාරණා ප්‍රධාන තවත් බොහෝ දැ තිබෙයි. අත්‍යවශයෙන්ම බැලිය යුතු කරුණු මේවාය. විවාහයට බලපෑමක්‌ කරන ග්‍රහ සංයෝග, පරිවර්තන යෝග ආදී වශයෙන් ද තවත් වේ.

විවාහය ගැන මෙසේ විමසීමේදී එහි පැවැත්ම, දරුඵල, සතුට, සමගිය මෙන්ම විවාහකයාගේ වෙන්ව යැම හෙවත් අඹු සැමි නාශක බව, දික්‌කසාද වැන්දඹු වීම යන කරුණු කෙරෙහි ද විමසිලිමත් විය යුතුව තිබේ. ඒවාට හේතු සාධක වන ග්‍රහ පිහිටීම් වෙන වෙනම ජ්‍යෙdතිෂයේ දැක්‌වේ. ඒවා බහු විවාහ යෝග, වැන්දඹු යෝග, අඹුසැමි නාශක යෝග ආදී වශයෙන් නම් කර තිබෙයි. විවාහ සැප සුන් කරන විෂ කන්‍යා යෝගය, භෞම දොaෂය, ශනි මංගල යෝගය ඒවා අතරේ තවත් කිහිපයකි. මේ ගැන බැලීමේදී ලග්නයෙන් මෙන්ම චJද්‍රයා කෙරෙන් ද 1, 2, 4, 7, 8, සහ 12 යන භාවස්‌ථාන විමසිය යුතු ය. සිකුරු කෙරෙන් ද ඉහත කී ස්‌ථාන හයම බැලිය යුතු බව අමතක නොකළ යුතුය.

මේ අතර නිසි කලට යුග දිවියට පිවිසිය නොහැකිව සිටින තරුණ තරුණියන් අද සමාජයේ කොතෙකුත් ඇත. ඒවාට හේතු සාධක නැත්තේ නොවේ. මේ බව ද කල්තියා දැන ගත හැක්‌කේ ජ්‍යෙdතිෂයෙනි. විවාහයේ අප්‍රමාදී බව ද එසේම ජ්‍යෙdතිෂය තුළින් පෙන්නුම් කරනු ඇත. ප්‍රේම සබඳතාවකින් විවාහ වන්නේ ද නැතහොත් යෝජිත විවාහයක්‌ දැයි යමකුගේ ජන්ම පත්‍රය විමසීමෙන් දැන ගැනීමේ හැකියාව පවතී.

ඉහත කී දැ අනුව විවාහය පිළිබඳ තීරණයකට එළැඹීම පහසු කටයුත්තක්‌ නොවන බව ඔබට දැන් තහවුරු වී ඇතුවාට සැක නැත. විවාහයකට එළැඹීමේදී විසි පොරොන්දමට පමණක්‌ සීමා වීමේ ප්‍රවණතාවක්‌ දැන් ජනතාව අතර තිබෙන එක්‌ නොමනා ක්‍රියාවකැයි කිවහොත් නිවැරැදිය. එහෙත් එය එසේ සිදුවිය යුත්තක්‌ නොවේ. ග්‍රහ ගැළපුම ද විය යුතු ය.

පොරොන්දම් බැලීම සම්පූර්ණ වන්නේ ඒ දෙකෙහිම ගැළපුම වෙතොත් පමණි. පොරොන්දම් බැලීමේ ක්‍රමවේද දෙක එයයි. හෙවත් විසි පොරොන්දම හා ග්‍රහ ගැළපුමයි. පැල්පතේ වෙසෙන දුගී අයකුගේ හා රාජ්‍ය පෙළේ සිටින්නියක අතර පොරොන්දම් විස්‌ස ගැළපීමට පුළුවන්කමක්‌ වෙතත් ග්‍රහ ගැළපීමක්‌ නොවේ. එසේ නම් ප්‍රමුඛතාව දිය යුතුව තිබෙන්නේ ග්‍රහ ගැළපුමටයි.

එමෙන්ම විවාහයකට යමකු තෝරා ගැනීමේදී එම ස්‌ත්‍රිය හෝ පුරුෂයා කෙබඳු අයකු දැයි දැන සිටීම ඉතා වැදගත් ය. එය දැන ගත හැක්‌කේ කේJද්‍රයේ ග්‍රහ පිහිටීම් තුළිනි. ජන්ම පත්‍රය ගැළපීමට දෛවඥයා වෙත ලැබුණු පසු එය මනා පරීක්‍ෂාවකින් අනතුරුව ඔහු හෝ ඇය කවර පර පුරුෂ, පර ස්‌ත්‍රීන් කරා යන්නෝ ය. සමහරු රණ්‌ඩු දබර ඇති කර ගන්නේය. අධික ලෙස මත් වතුර පානයට නැඹුරු වුQවන් ද එමටය. මේවා විවාහයට අශුභ කාරණා බව කවුරුත් පාහේ දනී. එබඳු අශුභ කාරණා කේaJද්‍රයෙන් දැකිය හැකි ග්‍රහ පිහිටීම් ගණනාවක්‌ම ජ්‍යෙdතිෂයේ වෙයි. ඒ පිළිබඳ සුළු සුළු වශයෙන් හෝ දැනුවත් වීමක්‌ අවශ්‍ය වෙතැයි හැඟෙන බැවින් විවාහය හා බැඳුණු ග්‍රහ පිහිටීම් කිහිපයක්‌ දක්‌වතොත් මැනවි යෑයි සිතේ. ඒවා එකින් එක කෙටි වැකිවලින් පහත දැක්‌වේ.

විවාහය ප්‍රමාද කරන ග්‍රහ පිහිටීම්

ෆ පාප ග්‍රහයන්ගේ දෘෂ්ටි ලත් සඳු හත්වැන්නේ සිටීම.

ෆ සඳු සිකුරුට අශුභ දෘෂ්ටි දීම.

ෆ සඳුට හෝ සිකුරුට ගුරුගෙන් අශූභ දෘෂ්ටි ලැබීම.

ෆ ගුරු ග්‍රහයා නවවැන්නේ තැන්පත් වීම.

ෆ හත්වැන්නාධිපති නීච වීම.

ෆ ශනි ග්‍රහයාට සඳු හෝ සිකුරු පෙනීම

ෆ ලග්නාධිපතියා රවි සමඟ අටවැන්නේ වීම.

ෆ රවි සඳුගෙන් අශුභ දෘෂ්ටි ලැබීම.

ෆ සිකුරු හා රාහු ලග්නයේ සිටියදී හත්වැන්නාධිපති දොළොස්‌වැන්නේ වීම.

ෆ රාහු හත්වැන්නේ සිටියදී ශනිට පෙනීම

ෆ පාප දෘෂ්ටිලත් ශනි හත්වැන්නේ වීම

ෆ හත්වැන්න ගුරු හිමි රාශියක්‌ (ධනු, මීන) වී ශනි එහි වීම.

ෆ පාප දෘෂ්ටිලත් සඳු හයවැන්නාධිපති සමඟÊපස්‌වැන්නේ සිටිය දී සිකුරු ග්‍රහයා හයවැන්නේ සිටීම.

ෆ ස්‌ත්‍රී කේන්ද්‍රයක කුජ පස්‌වැන්නේ සිටීම.

ෆ හත්වැන්නේ සඳු රාහු සිටීම.

ෆ හත අධිපති බාධක රාශියේ වීම.

ෆ සිකුරු ග්‍රහයාගේ නීචය හෝ පාප කර්තරී වීම

ෆ ගුරු, ශනි, රාහු හත්වැන්නේ හෝ නව වැන්නේ සංයෝග වීම.

ෆ විසි දෙවැනි දෙර්කාණාදිපති හත්වැන්නේ වීම හෝ ජි හත්වැන්නාධිපති එකොළොස්‌වැන්නාධිපති සමඟ සංයෝග වීම, හත්වැනඅටවැන්නේ කුජ, ශනි සංයෝගව සිටීම, මෙහිදී හත්වැන්න අධිපතියා පාපියකු වී සිටිය යුත.=ය.

ජි පාප දෘෂ්ටිලත් හත්වැන්නාදිපති අටවීම, ශුභ දෘෂ්ටි නොලත් ශනි, සිකුරු දහවැන්නේ හෝ අටවැන්නේ වීම, හයවැන්නේ හෝ දොළොස්‌වැන්නේ ශනි ග්‍රහයා පීඩා වීම, සිකුරුගෙන් හයවැන්නේ හෝ අටවැන්නේ ශනි ග්‍රහයා සිටීම, හත්වැන්නාධිපති හා සිකුරු හයවැන්නේ සංයෝග වීම යන ග්‍රහ පිහිටීම් වෙතොත් ඔහු බෙලහීනයකු බව හඟවයි.

ජි පස්‌වැන්නේ පාප ග්‍රහයන් සිටියදී පස්‌වැන්න අධිපතියා ද පාප ග්‍රහයන් සමඟ වෙත්නම් ජන්මියාගේ දරුවෝ රෝගීහු වෙති.

We found this article from Divaina on 2013/06/09.
Also Sinhala to English Google word to word translation can be found here