ග්‍රහ බලය හා දේහ ලක්‍ෂණ පෙම් ගති සොබා පෙන්වන රූ සිරි සොබා

2141
ග්‍රහ බලය
ග්‍රහ බලය

[ratings]

පෙම්වතාගේ හෝ පෙම්වතියගේ සිත් ආලයෙන් බැඳීමට ගති ලක්‍ෂණයන් මිනිස්‌ පරපුරට සහජයෙන් උරුම වී තිබේ. සතුන් අතරද මේ සිරිත් පවතියි. ප්‍රේම කුරුල්ලෝ විශේෂ තැනක්‌ ගනු ලබයි. කිරිල්ලියගේ බැඳීම ලබා ගැනීමට නැටුම් නටන මනමාල කුරුල්ලන් අතර මොණරා, පොල් කිච්චාගේ කුරුල්ලා ගැන සිහියට නැගෙයි. එම නැටුම් බොහෝ දෙනා දැක තිබේ. කුකුළා ගසින් බැස රති මතින් සළු හැඳවීම ගැන සංදේශ කවක සඳහන්ය. “මුළු රෑ නො ඉඳ උදයග බසිමින් ගසිනී”

පියවන සඳෙහි සළු හඳවති රති මතිනී.

පේමා ලෝකය දැල්වෙන යොවුන් කල පෙම් දැල එලන මායම් රැසක්‌ ගැහැණිය සතු වෙයි. දේශය, සංස්‌කෘතිය ශරීර නිර්මාණය හා තත්ත්වය අනුව පෙම් සිරිත් විවිධ වෙති. ඉසුරුමුණි පෙම් යුවළ කෙරෙන්ද පෙම් මායම් ප්‍රකට වෙයි. සාලිය අශෝක මාලා මෙරට ප්‍රකට පෙම් යුවළ වෙයි. පෙමක මුල හා අරමුණ සිත කය රාගික සන්තර්පනයයි. රාගය ගින්නකි එයට සමාන ගින්නක්‌ තවත් “නත්ථි රාගො සමො අගගී” ගැහැණිය ගිතෙල් පිඩක්‌ නම් පුරුෂයා ගිනිදල්ලකි. ළං කිරීම බියකරුය. ප්‍රත්‍ය ශතක කාරයා මෙය දුටුවේ ගැහැණිය ගිනි කළයක්‌ ලෙසටත් පුරුෂ සිත අග්නියක්‌ ලෙසටත්ය.

ප්‍රේමය නම් බැඳීමයි. මේ බැඳුම ළදරු වයසේ පටන් ඇති වන්නකි. මහල්ලන්ද පෙම් කරති. පූජක බමුණ ගැන සිතා බලන්න. ස්‌ත්‍රී මායම් හැට හතරක්‌ යයි ප්‍රචලිතය. මේවා පිරිමින්ටද ගැලපෙන්නේය. වනිතාවන් විසින් ආලය කළ යුත්තන් ඉදිරියේ සිතින් කළ ආලය ඔවුන්ගේ ස්‌වභාවයෙන් ප්‍රකාශ කරති. නාබිය බාහු පියයුරු ආයිත්තම් ආදීන්ගේ දැක්‌වීම ඇඳුම් මුදා යළි ඇඳීම සකසුරුවම් බව කෙස්‌ කළඹ විදා යළි බැඳීම බැම එසවීම නැටවීම, නෙතගින් බැලීම ශරීර චලනය, මුහුණ හැකිළීම ඇඟමැලි කැඩීම, නිදිමත පෑම, වැනි ලක්‍ෂණ දැකගත හැකිය.

සිත් අලවන්නකු දැක හඬනගා කෑරීම, ශබ්ද සහිත සිනා පෑම, සයනායනයන් වෙත යාම, දිව තොල් අත් ආදියෙන් කිසියම් හඬක්‌ නැංවීම, ඇඟ වැර කැඩීම, නොවටිනා දෙයක්‌ වුවත් දැක මෙය මට දෙවයි කීම, ඇළුම් කරන්නා ඉදිරියෙහි ළදරුවන් වැළඳ ගැනීම, ප්‍රියයා ඉවත බලන විට ඔවුන් වෙත නෙත් හෙලීම, කිසිවෙක්‌ ඔහුගේ ගුණ වනන විට ඒ ගැන අවධානය යෙදීම වැනි ලකුණු පිරිමි සිත් ඇඳ ගන්නා වනිතා ලකුණු වෙති.

පුරුෂයෙකුට සිතින් පෙම් කරන ළඳුන් මෙන්ම ස්‌ත්‍රියට සිතින් පෙම් කරන පුරුෂයින්ද වෙති. ඔවුන් තම අදහස්‌ ඉරියව් මගින් වත් ප්‍රකාශ නොකරයි. නමුත් වෙන්ව ගිය කල සිතින් දුක්‌වෙති. මේ මනෝමය ලක්‍ෂණය පෙන්වන කෙටි කතාවකි ජීවන සුවඳෙහි ගුරුවරිය.

සිනාවට කතාවට ගමනට අඟ පසඟ වලටද පෙම් කරන්නෝ වෙති. ඒ පෙම ඉතා තාවකාලික වන්නේය. ඇතැම් ළඳුන් පුරුෂයාගේ රැවුලට ආලය කරති. ඇතැම් පිරිමි ස්‌ත්‍රිsයගේ කෙහෙවලියට ඇල්ම කරති. මේ අදහස්‌ සනාථ කරන කතා බොහොමයක්‌ බෞද්ධ සාහිත්‍යයේද එයි. උත්පලවන්නා දැක ඔබේ ඇස්‌ ලස්‌සනය කී තරුණයාට ඇය මෙන්න කියා දෑත් ගලවා අතට දෙන්නීය.

අංග විකල හෝ නපුංසක ගති ඇති ස්‌ත්‍රී පුරුෂයින්ගේ ශරීරය ඉතා අලංකාර විය හැකිය. සමහර රෝගයන්ටද ශරීරය අලංකාර වෙයි. එවැනි විටකදී රුවට රැවටීම මුළාවන්නකි. ළය රෝග ඇති අයට මුහුණේ ඔපය වැඩිය. රූපය දිරයි නාමය නොදිරයි. තතු දන්නෝ විවාහයට ගුණැති අයම සොයති. එම ගැලපීම් පොරොන්දම් ශාස්‌ත්‍රයට තැනදී කරති. ග්‍රහ බලය අනුව දේහ ලක්‍ෂණද විවිධ වෙයි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here