ග්‍රහ ලොව අනංගයා

2180
ග්‍රහ
ග්‍රහ

[ratings]

ජ්‍යෝතිෂ්‍ය ගැන අවබෝධයක්‌ ඇතත් නැතත් සිකුරු ග්‍රහයා ගැන නොදන්නා අයෙක්‌ නැත. පහන් තරුව ඉරබටු තරුව නමින් හඳුන්වන සිකුරු ග්‍රහයා හිරු සඳු මෙන් දෘශ්‍යමාන ග්‍රහයෙකි. ශුක්‍ර, කිවි නමින්ද හැඳින්වේ.

ලෞකික සැපය කෙරෙහි බලවත් සිකුරු සරාගී සිතුවිලි උත්පාදනයේදී බලවත්ව සිටී. ප්‍රෙමය ආදරය, සෙනෙහස, දයාව, අනුකම්පාව, කරුණාව සහ සතුට ඇති වීමට සිකුරු මූලික වශයෙන් බලපායි. මීට අමතරව ගායනය, වාදනය හා සංගීතයටද බලවත්වය. සිකුරුට හිමි වර්ණය වනුයේ සුදුපාටයි.

කාමය රාගය වැනි මානසික ආවේග වර්ධනයේදී සිකුරු ප්‍රමුඛවේ. විවාහය, ගේදොර අලංකාරය, ගත සැරසිලි ආදිය සිකුරුගේ ක්‍රියාවන්ය. වෘෂභ රාශියට හා තුලා රාශියට සිකුරු ස්‌වක්‌ෂේත්‍ර වන අතර මීන රාශියට උච්චවේ. කන්‍යා රාශියට නීච වන සිකුරු කටක සහ සිංහ රාශි දෙකට සතුරු වේ. සෙසු රාශියට මිත්‍ර ග්‍රහයෙකි.

ශුක්‍ර ධාතුවට අධිපතිවන සිකුරු මිනිස්‌ සිරුරේ උගුර, කම්මුල, නිකට හා වකුගඩුවලට බලවත් වේ. දුර්වල සිකුරුගෙන් සමාජ රෝග, පෙනහලු රෝග, ලිංගික ආබාධ, විවාහ දොෂ, විවාහ ප්‍රමාදය හා විවාහ ජීවිත දෙදරායැම ඇති කරයි.

සිකුරු බලවත් වූ කල සැපත සතුට ප්‍රීතිය වඩවයි. මේ අනුව ලෞකික ජීවිතයේ හැම මොහොතකම සැප සම්පත් විඳිමින් ජීවත්වීම සිකුරුගේ විශේෂ ලක්‌ෂණයකි.

සිකුරු සතුරු හෝ නීච අවස්‌ථාවන්හි තමාට තමා සතුරෙක්‌ව සිටියි. නීච ක්‍රියාවන්හි යෙදෙයි. පරපුරුෂ සේවනය හා පරස්‌ත්‍රී සේවනයට ඇද දමා මිනිස්‌ ජිවිතය කෙලෙසීමේදී දුබල සිකුරු බලවත්වේ.

සිකුරු බලවත් වූ විට ගෙදර දොර සතුට ප්‍රීතිය සැපත දියුණුව වැඩි කරයි. ගුණධර්ම පැත්තට යොමු කරයි. අෙන්‍යාන්‍ය සම්බන්ධතා දියුණු කරයි. සමාජ හිතකාමීවෙයි. සුර දෙවියන්ගේ ගුරු බ්‍රහස්‌පතී හෙවත් ගුරු ග්‍රහයා වන අතර අසුර දෙවියන්ගේ ගුරු සිකුරු ග්‍රහයාය.

මැණික්‌ වර්ග හා රිදී වලට සිකුරු අධිපති වේ. සිකුරුගේ අපල වලදී ද දියමන්ති සුදු මැණික්‌ හා රිදී පළඳින්නේ ඒ නිසාය.

We found this article from Divaina on 2011/12/23.
Also Sinhala to English Google word to word translation can be found here