ගේ දොර ව්‍යාපාරයේ වස්‌ දොස්‌ නසන ගාථාවක්‌

3746
ගේ දොර
ගේ දොර

අවශ්‍ය ද්‍රව්‍ය හා ක්‍රමය

පස්‌තෙල් 1/4 බෝතලයක්‌ ගෙන එම පස්‌තෙල් 1/4 බෝතලයේ මූඩිය ඉවත් කර අත තබාගෙන (කටළඟ) තබා පහත ගාථාවෙන් ඔබ 21 වර 54 වර 108 වර මතුරා ගන්න.

මුහුදු වතුර තමා වෙත රැල්ල ගසාගෙන එනවිට ගන්න. එම මුහුදු වතුර ලොකු බෝතලයකට ගෙන ලොකු බේසමකට දමන්න. අමුගොම ස්‌වල්පයක්‌ එම වතුරට දමන්න. ඉන්පසු කෝවිලකට ගොස්‌ නලලට තබනා තිලකය අළු ස්‌වල්පයක්‌ ද ගෙන අර මුහුදු වතුරට එක්‌කරන්න. හොඳ යකඩයක්‌ පැය ගණනක්‌ රත්කර ගිනියම් වූ පසු එයද මෙම ජලයට එකතු කරන්න. පසුව රත්වූ එම යකඩය වතුරෙන් නිවුණු පසු පිටතට ගන්න. තවද කිරි ගවයකුගේ කිරි ස්‌වල්පයක්‌ද එකතු කරන්න. (එවලේම දොවනලද කිරි) ගවයකුගේ ගව මුත්‍රා ස්‌වල්පයක්‌ද මෙම මුහුදු වතුරට එක්‌ කරන්න. අමුකහ, කොහොඹ දලු, කෝමාරිකා ටිකක්‌ද මිශ්‍රකර අඹරා අර ජලයට මිශ්‍ර කරන්න. කලින් ජීවම් කළ පස්‌තෙල් තරමක්‌ අර වතුරට ඔබ එක්‌කර කෝටු කෑල්ලකින් මිශ්‍ර කර වත්තට නිවසට කඩයට හෝ ඉඩමට වෙනත් ව්‍යාපාර ස්‌ථානවලට භූත යක්‍ෂ, ප්‍රේත, ඇස්‌වහ පාළු භූමි, ඉඩමට ඉසින්න (දෝෂ යන්න) ඉතුරු පස්‌තෙල් භාගය ඔබ කුඩා කුප්පි 4 කට දමා නිවසේ හෝ කඩේ එල්ලන්න. දෙහිගෙඩි 4 ක්‌ ගෙන ජීවම් කළ පස්‌තෙල් තවරා එම දෙහි ගෙඩි 4 ද වත්තේ හෝ කඩේ, නිවසේ කොන් 4 තුළ වළ දමන්න.

ඉන්පසු මෙම ගාථාවෙන්ම සුවඳ දුම්ද රත්හඳුන්, සුදු හඳුන්, සුවඳ කොට්‌ටං සාම්බ්‍රානි අගිල් තවරා දේවදාර සහ සුවඳ ද්‍රව්‍ය බෙහෙත් කඩේකින් ගෙන කලවම් කර ජීවම් කර උදේ සවස නිවසට කඩේට වත්තට ඉඩමට අල්ලන්න. දීන කිහිපයක්‌ යන විට නිවසේ දෝෂ ඉවත්වී යනු ඇත. ව්‍යාපාර දියුණු වෙනු ඇත.

ඕම් කන්දස්‌වාමි නමෝ වරං

සර්ව බන්ධන තෙරිංචි මුරිංචි

අල්ලන් හර හර දිෂ්ඨ පෙරලුම්

ඕම් ත්‍රිශූල වේලායුධ හස්‌තධාරනි

දේව ගෝවින්දනේ සුනියන් බන්ධන

කන්දස්‌වාමිනේ පෙරලුම්

ඕම් මහ දේව කුමාර බන්ධන

සලිත සලිත වා වා පෙරලුම්

ඕම් නමෝ ශිවායුම්, ඔඩ්වාවා

බන්ධන එලෙන්ද්‍රි පෝග පෝග

ආපසු පෙරලුම්

ඕම් සර්ව වින භංග භංග විනාශාය

විනාශාය, මයුර වහන පුලයුම් ගිනිගිනි

ආරුඪ හිරු වැලකුම් තෙරිංචි මුරිංචි

පෙරලුම්

ඕම් සර්ව පීසාඩි පිල්ලී

සූනියම් අරු අරු කන්ද කුමාර

යානේ දිෂ්ටි පෙරලුම් පෙරලුම්

දීරී දඃ

We found this article from Divaina on 2012/10/12.
Also Sinhala to English Google word to word translation can be found here