ජන්මීන් ඇවිද්දවන රාහු

0
834
ජන්මීන්
ජන්මීන්

අසුර, ස්‌වරභානු, රෞද්‍ර, ග්‍රහරාජ, ඝෝර රූප යනාදී නම්වලින්ද හඳුන්වනු ලබන රාහු දෘෂ්‍යමාන ග්‍රහයකු නොවන අතර පෘථිවිය කෙරෙහි බලපවත්වනු ලබන බලවේගයක්‌ ලෙස සැලකේ. ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රයට අනුව හඳුන්වනු ලබන අද්භූත ග්‍රහයන් අතුරෙන් ප්‍රථම ස්‌ථානය ගනු ලබන රාහුට ජන්මීන් ජනප්‍රිය කිරීමේ අපූරු බලයක්‌ ඇත්තේය.

හිස නයෙකුගේ මෙන්ද ශරීරය මිනිසකුගේ මෙන්ද රුව නිර්මාණය වී ඇති රාහුගේ ප්‍රධානතම ක්‍රියාව ජන්මීන් ඇවිද්දීම වේ. ක්‍රියා ශූරත්වය පිළිබඳව ප්‍රධාන තැනක්‌ ලබා සිටින මෙම ග්‍රහයාට හොඳ හෝ නරක වේගවත් කිරීමේ අපූරු බලයක්‌ හිමිය. යම් ලෙසකින් ජන්මීන් වෙත එල්ල වන බලපෑම් පිළිබඳව දැනගත හැකිවන්නේ අදාළ පුද්ගලයාගේ ජන්ම කේන්ද්‍රයේ රාහු පිහිටා ඇති ආකාරය විමසා බැලීමෙනි. රාහු ග්‍රහයාගේ බලය අන්‍ය ග්‍රහයන්ගේ දෘෂ්ටි සංයෝග ආදියෙන් තහවුරු කරගත හැකි අතර 3, 6, 10, 11 ඔහුට යහපත් ස්‌ථාන ලෙස හැඳින්වේ.

තමන් සමග කුමන ආකාරයේ හෝ සබඳතාවක්‌ ඇති ග්‍රහයාගේ ස්‌වභාවයෙන් ක්‍රියා කිරීම රාහුගේ ස්‌වභාවයයි. රාහු මහ දශාවේදී සෙනසුරු අන්තර් දශාවක්‌ ගතවෙද්දී හෝ සෙනසුරු මහ දශාවේ රාහුගේ අන්තර් දශාව ගතවෙද්දී සෙනසුරුගේ ක්‍රියාමාර්ගවලට රාහු සම්පූර්ණ සහයෝගය දැක්‌වීමේ අශුභ ප්‍රතිඵල ලෙස ධන හානිs, රැකියා අහිමි වීම, කල්පවතින ලෙඩ රෝගවලට ගොදුරු වීම, සතුරු කරදරවලට මෙන්ම නඩුහබ ආදියට මුහුණදීමට සිදුවේ.

උස වාත ප්‍රකෘති ශරීරයකින් හෙබි කාලවර්ණ මුහුණක්‌ ඇති රාහු අපිරිසිදු කෙනෙකි. ශරීරය මතුපිට හම ලේ ආදිය පාලනය කරන අතර වසූරිය, කොලරාව, ලාදුරු, පක්‍ෂඝාතය, ලේ විෂවීම, තුවාල කැළැල්, මැලේරියාව යනාදී රෝග රාහුග්‍රහයා නරක්‌ වූ විට ඇති වන්නා වූ රෝගාබාධයන්ය.

දුබල වූ කල්හි ජන්මියාගේ සියලු වැඩ කටයුතු අවුල්කොට දමමින් ගමන් බිමන් විය හියදම් නිසාම සිතේ සන්සුන් බව අහෝසි කෙරේ. අදහස්‌ හැමවිටම සන්සුන් බවෙන් තොරවේ. ජන්මියාගේ විනාශය උදාකොට ගම් බිම් පදිංචි ස්‌ථාන පවා අහිමිකොට පිස්‌සෙකු බවට පත් කරයි. උමතුවීම, බන්ධනාගාරගත කිරීම, සොරකමට පෙළඹවීම, මානසික කරදර, නඩුහබවලට පැටලවීම, වසවිස කැවීම, භූත දෝෂ හිස හැරුණු අතේ ඇවිද්දවීම සිදු කෙරේ.

ඇතැම් අවස්‌ථාවන්හිදී රාහු ග්‍රහයා ජන්මීන්ට ශනි ග්‍රහයාට වඩා ඉතාමත් නපුරු ආකාරයේ අත්දැකීම් හා පලවිපාක ලබා දෙන්නට පෙළඹේ. කුජ හෙවත් අඟහරු හා සෙනසුරු යන පාප ග්‍රහයින්ගේ දෘෂ්ටිවලට රාහු ලක්‌ වී ඇති අවස්‌ථාවල හදිසි අනතුරු තදබල රෝග පීඩා ආදියට ගොදුරුවීම නොවැළැක්‌විය හැකි අතර පවුල් ජීවිතයේ ගැටලු රැකීරක්‍ෂා අහිමි වීම ආදායම් මාර්ග නොසිතූ ආකාරයෙන් විනාශ වී යැම මෙම කාලසීමාවේදී විඳින්නට සිදුවන දුක්‌ත තත්ත්වයන්ය.

එමෙන්ම රාහු මහ දශාවේ ගුරුගේ අන්තර් දශාව හෝ ගුරු මහ දශාවේ රාහු අන්තර් දශාව වැනි ශූභ ග්‍රහයින් සමග කුමන ආකාරයේ හෝ සබඳතාවක්‌ ඇති වූ විට ඒ සඳහා රාහුගෙන් ලැබෙන සහයෝගය මත බලාපොරොත්තු නැති ලැබීම්වලට හේතුවෙයි. හැමවිටම තමන් සිතන පතන දේ බලාපොරොත්තු වන්නා වූ ආකාරයටම ඉටු වී කරන කියන සෑම කටයුත්තකින්ම ඉතාමත් සාර්ථක සැනසිලිදායක ප්‍රතිඵලම ලැබීමට හේතුවේ.

උප්පත්ති කේන්ද්‍රයේ රාහු ලග්නගතව ගමන් කරන්නේ නම් විදේශගත වීම් වලට මෙන්ම විදේශ මුදල් ලැබීමේ වාසනාව පෙන්නුම් කරයි. තමන්ගේ ප්‍රසිද්ධිය හා කීර්තිය ජනප්‍රියත්වය දසත පැතිරේ. එහෙත් රාහු අශූභ ග්‍රහ දෘෂ්ටියකට හසු වී ඇත්නම් එවැනි ශූභඵල නොලැබේ.

රාහු ග්‍රහයා තුන්වැන්නේ සිටියදී උපන් ජන්මපත් හිමියෝ ද රාහුගෙන් ශූභඵල ලබන්නෝ වෙති. උප්පත්ති කේන්ද්‍රයේ හයවැන්නේ රාහු සිටීනම් සතුරු පීඩන දුරුවේ. රාහු නවවැන්නේ සිටින කේන්ද්‍ර හිමියන්ද රාහුගෙන් ශූභඵල ලබන්නන්ය. රාහු එකොළොස්‌ වැන්නේ සිටියදී උපන් අයද රාහුගෙන් ඉතා ශූභඵල ලබන්නක්‌ වුවත් අශූභ දශා ගතවන කාලසීමාවලදී ඒ සඳහා බාධා මතුවේ.

ආදර සම්බන්ධතා, අතෘප්තිය, අනියම් සබඳතා, වඳ බව, සර්පයන් දෂ්ට කිරීම, ලප කැළැල්, ඇස්‌වල දුර්වලතා, සැත්කම්, හදිසි අනතුරු, කනවැන්දුම් බව, නිර්භීන බව, පිටදේශයන්හි වාසය, දඬුවම්, පහත් ඇසුර, රස්‌තියාදුව රාහු වෙතින් නිවේදනය කෙරෙන අතර අද, සා, සියාවස රාහු ග්‍රහයාට අයත් නැකැත් ත්‍රිත්වය වේ.

රාහු අපලය සඳහා ශාන්තිකර්ම

ෆ රාහු අපල සඳහා තබන පුද පූජා දවසේ ඕනෑම වේලාවක තැබිය හැකිය. බදාදා දිනවල උදේ 6.00 සිට 7.00 දක්‌වාත් රාත්‍රී 8.00 සිට 9.00 දක්‌වාත් නොකඩවා දින හතක්‌ නාග රුව සහිත බෝධියක්‌ අසල තැබීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල අත්කරගත හැකිය.

ෆ රනින් හෝ රිදියෙන් නාග රූපයක ආකෘතියට සමානව සෑදූ මුදුවක ගෝමේද ගලක්‌ අල්ලා දකුණු අතේ සුළැඟිල්ලේ පළඳින්න.

ෆ ශාස්‌ත්‍රානුකූලව සාදාගත් නාගර්ජුන යන්ත්‍රය පැළඳීමෙන් අපලය දුරුකර ගත හැකිය.

වැටකේ මල් හා නිල්මල් බෝධියට පූජාකර රාහු අපලය දුරුකර දෙනමෙන් ශිව දෙවියන්ට හා පාර්වතී දේවියට පිං අනුමෝදන් කර ඉල්ලා සිටින්න.

ෆ ඉරිවේරිය, කළාඳුරු අල, බෙලිකොළ, රත් හඳුන්, ලොත් සුඹුල, ඊතණ යන ඖෂධ නැවුම් කළයකට දමා වතුර පුරවා පැය දොළහක්‌ තිබෙන්නට හැර සාමාන්‍ය ජලය ස්‌නානයෙන් පසුව ඖෂධ පැන් කළය ස්‌නානය කරන්න.

ෆ තම ගෙවත්තේ නිරිත දිසාවේ වැටකේ පැළයක්‌ අඟහරුවාදා දිනක රෝපණය කර එයට වතුර දමමින් සාත්තු කරන්න. කුඹුක්‌, කොලොන් ආදී ගස්‌වර්ග රෝපණයෙන්ද රාහු අපල දුරු කරවා ගත හැක.

සියලු පුද පූජා අවසන මෙසේ අයෑදින්න

සැට යොදුනක උසකින් හෙබි වැටකේ අරණේ වාසය කරන්නා වූ රාහු අසුරිඳු වහන්ස සඳුගේ සිසිල්වන් වූ චන්ද්‍ර කාන්තිය මර්දනය කිරීමට හැකි වූ වීර පරාක්‍රමයකින් යුක්‌ත වූද තලමිශ්‍ර නිල්වන් කාල වර්ණ බොජුන් වළඳන මිනිsරන් වර්ණයෙන් දිළිසෙන්නා වූ උස්‌ සිරුරකින්ද වෘෂභ රාශියට බලවත්ව අද, සා, සියාවස නැකැත්වලට අධිපති භාවය දරන්නා වූ ග්‍රහ උත්තමයාණනි මා දුන් පිං අනුමෝදන් වී රාහු අපලය නිසා මාහට බලපාන්නා වූ සියලු දෝෂ දුරුකර විදේශ ගමන් බිමන් ඉටු කරදී ධනහානි ඇතුළු සකල උපද්‍රවයන් හිරුදුටු පිණිබිඳුවක්‌ සේ දුරුකොට සෙත සහනය ශාන්තිය උදාකරදී මාගේ ආරක්‍ෂාව සලසා දෙන සේක්‌වාෘ

දිනපතා රාත්‍රි නින්දට පෙර ආගමික වතාවත්වලින් පසු චන්ද පිරිත නව වරක්‌ ගායනා කර පහත දැක්‌වෙන ස්‌තෝත්‍රය හා සෙත් කවිය තුන්වර බැගින් ගායනා කරන්න.

රාහු ස්‌තෝත්‍රය

අර්ධකාය මහා වීර්ය – චන්ද්‍ර දීප්ත විවර්ධනම් සිංගිකා ගභී සම්භූතං – තං රාහු පුණවාම්‍යහම්

සෙත්කවිය

සුරනර සැමටම ගුරු වූ මුනිඳු

දෙසූ අමා සදහම් රස වළඳා

සත්තා නම් බුදු ගුණ ලොව විහිදා

රාහු අසුර දොස දුරලන් සැමදා

We found this article from Divaina on 2012/12/14.
Also Sinhala to English Google word to word translation can be found here