අප රටේ පමණක් නොව ලෝකයේ දියුණු ශිෂ්ටාචාරය ඇති රටවල්වල පවා නිවසක්, කර්මාන්ත ශාලාවක්, ව්‍යාපාරික ස්‌ථානයක් ගොඩනැඟීමේදී නවීන හා පැරණි විද්‍යාත්මක උපදෙස් පිළිපදින බව දැකිය හැක.
ලෝකවාසීන් හා ලක්‌වැසි බෞද්ධයන් වන්දනා කරන ඉන්දියාවේ දඹදිව පිහිටි පූජණීය බෞද්ධ සිද්ධස්‌ථානවල සියලු මුද්‍රා සහිත බුදු පිළිම වහන්සේලා එළිමහනෙ හා විහාරයන් තුළ පිළිමවහන්සේලා ඇත්තේ නැගෙනහිර දිශාවට මුහුණලාය.
එහෙත් කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයනේ පිහිටි පිරිනිවන් මංචකය (මහා පරිනිර්වාන පිළිමය) පමණක් බස්‌නාහිර දිශාවට මුහුණ ලා දකුණු හස්‌තය මත ශීර්ෂය තබා නෙළා ඇති බැව් එහි පැමිණෙන සියලු දෙනාටම දැකිය හැකි වනු ඇත.
මෙම ස්‌ථානවලින් දිශාවේ ඇති වැදගත්කම හා නිර්මාණශීලීන්ව අපට දැකිය හැක. ලෝකයේ සියලුම මුස්‌ලිම් රටවල හා අරාබි රටවල මුල් අත්තිවාරම් සැළසුම් කිරීමේදී වන්දනා කරන දිශාව නිර්මාණය කරනුයේ සෞදි අරාබියේ මක්‌කම පිහිටි නබිනායක තුමාගේ කුරාණයේ තිබෙන ගොඩනැඟිල්ලේ අනුරුව තිබෙන දිශාවලට අනුකූලවයි.
එම නිසා සියලුම ආගමික සිද්ධස්‌ථාන සුබ දිශාව මුල්කරගෙන ගොඩනඟන බව අපට පෙනී යයි. ලෞකික වූ මනුෂ්‍යයන් වන අපට අප වසන කුඩා නිවසේ සිට මහා මන්දිර දක්‌වා එතුළ ජීවිත කාලයම සතුටින් සෞභාග්‍යයෙන් පිරි ජීවිතයක් ගත කිරීමට සුබ දිශාව මුල්කර ගොඩනැගීම යහපත් වේ.
පර්චස් 2 සිට අක්‌කර ගණනකින් යුතු ඉඩමක වුවද එම ඉඩමේ පිහිටි ප්‍රමාණය අනුව ඉදිකිරීමට බලාපොරොත්තු වන නිවස, කර්මාන්ත ශාලාවක් හෝ ව්‍යාපාරික ස්‌ථානයක් සැළසුම් කිරීමේදී අවසාන සැළසුමට ප්‍රථම අනු සැළසුමක් මගින් සතර දිශා තීරණය කර එම ඉදිකිරීම්වල ප්‍රධාන දොර, මුදුන් යටලීය, පදිංචි වන කාමරවල සුදුසු දිශාවන් අනුව අනු සැළසුමකින් පළමුව තීරණ කරන්නේ නම් වඩාත් සුදුසු වන්නේය.
ඊට අවශ්‍ය උපදෙස් සැළසුම් ශිල්පය, වාස්‌තු විද්‍යාව හා නැකත් ශාස්‌ත්‍රය දන්නා ජෝතිර්වේදීන්ගේ දැනුම උපයෝගී කරගෙන කටයුතු කිරීම සියලුම ලෞකික ජීවිතයන්හට කැමති මනුෂ්‍යයන්ගේ ඉදිරි පැවැත්මේ දියුණුව උදෙසා හේතු වනු ඇත.
එමෙන්ම දැනට ඇන හිට ඇති සියලුම ඉදිකිරීම්වල තිබෙන වාස්‌තු දෝෂ මග හරවා කටයුතු කරගැනීමට ඉහත කී උපදෙස් පිළිපැදීමෙන් හැකිවනු ඇත.
We found this article from Divaina on 2012/09/07.
Also Sinhala to English Google word to word translation can be found here