තුන් සරණේ ගුණ බලයෙන් නිරෝගී වෙමු

0
393
තුන් සරණේ
තුන් සරණේ

[ratings]

ලාභ අතරින් ලොකුම ලාභය නිරෝගී කම බව දේශනා කළේ ලොව්තුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේ යි. අප කෙතරම් ලාභ ලැබුවත් රෝගයක්‌ වැළඳුනහම රෝගයකින් පීඩා විඳින්න සිදුවුණහම නිරෝගී සම්පත්තියේ තියෙන වටිනාකම අපට තේරෙනවා. යම් යම් රෝගවලට ගොදුරු වී දිගු කාලීනව පීඩා විඳ සිත කලකිරී සියදිවි හානිකර ගත් පුද්ගලයන් ගැන අසන්නට ලැබීමෙන් නිරෝගී දිවියේ තිබෙන වටිනාකම අපට වටහාගන්න පුළුවන්.

මනුෂ්‍යයන් ලෙස මෙලොව උපත ලද අපට ලෙඩ රෝග වැළඳීමට හේතුවන කාරණා අටක්‌ පිළිබඳව ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙනවා. වා, පිත්, සෙම් යන තුන් දොස කෝපවීමෙන් දේශගුණය වෙනස්‌වීමෙන් එකිනෙකා පරයා සිටීමට යොදන උපක්‍රම අවි ආයුධ නිසා සිත තුළ ඉපදෙන ඊර්ෂ්‍යාව හේතුවෙන් සිදුකරනු ලබන අණවින කොඩිවින හදි හූනියම් නිසා, ජීවත්වන පරිසරය දූෂණය වීම නිසා අනුගමනය කරන වැරදි ඇවතුම් පැවතුම් නිසා විෂම වූ සිතුවිලි හා අධිෂ්ඨාන හා පෙර ආත්මවල සිදු කළ අකුසල කර්ම නිසා.

එහෙත් මෙකී රෝගාබාධයන්ට ගොදුරු වූ ඕනෑම අයකුට ඉවසිලිමත්ව බුද්ධිය මෙහෙයවා මනා සිහි නුවණින් කටයුතු කිරීම තුළින් මේ රෝග බොහොමයකින් වැළකී සුවසේ දිවිගෙවීමට හැකි පරිසරයක්‌ ගොඩනගාගන්න පුළුවන්.

අපට වැළඳෙන සමහර රෝග වෛද්‍ය උපදෙස්‌ හා බෙහෙත් ඖෂධවලින් සුවකරගත හැකි අතර ඇතැම් රෝගාබාධ එසේ සුවනොවන අවස්‌ථා තියෙනවා. එවැනි අවස්‌ථාවලදී රෝගියාට වෙදකමට අමතරව හෙදකම් කිරීමෙන් රෝගී තත්ත්වයෙන් මිදුණ අවස්‌ථා බොහෝ අවස්‌ථාවල අපට අසන්නට ලැබෙනවා.

“විධිමන්ත්‍ර සමා යුත්තං
ඖෂදං සඵලං භවේ”

එම පාඨයේ සරල තේරුම නම් යම් විටෙක ඖෂධවලින් යහපත් ප්‍රතිඵල නොමැත්තේනම් විධිමත් වූ මන්ත්‍ර ක්‍රමයක්‌ යෙදිය යුතු බවයි.

මෙහිදී දක්‍ෂ දෛවඥයකු ලවා අදාළ රෝගියාගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කර බලා දැනට ගෙවන ග්‍රහ චක්‍රයේ ඇති සුබ අසුබ තත්ත්වය සලකා බලා අපල යෑයි සැලකෙන පෙර සසරේ කරන ලද අකුසල් නිසා විඳින්නට සිදුවන පීඩාවන්ගෙන් වැළකීම සඳහා බෝධිපූජා, සෙත්කවි, යන්තර පැළඳවීම, විවිධ මැණික්‌ වර්ග පැළඳීම තෙල් මැතිරිලි, පිරිත් සඡ්ජායනා වැනි පිළිවෙත් සිදු කිරීමෙන් රෝගියාට සහනය ලැබේ. ඒ අනුව යම් රෝගියකුගේ රෝගී තත්ත්වය සුවවීම හෝ එයින් විඳවීමට රෝග බලය ශරීර බලය මෙන්ම කර්ම බලයද ඉවහල්වන බව සැලකිය යුතුය.

එවැනි කාරණාවලට පැහැදිලි නිදසුන් බෞද්ධ දර්ශනයේ සඳහන්වන අතර චක්‌ඛුපාල තෙරුන් වහන්සේගේ කතා වස්‌තුව ඒ සඳහා හොඳම නිදසුනකි. රහත් බවට පත්වූ පසු චක්‌ඛුපාල තෙරුන් අන්ධභාවයට පත්විය. ඒ පිළිබඳව අනෙක්‌ භික්‍ෂූන් වහන්සේලා බුදුරදුන්ගෙන් විමසූ විට චක්‌ඛුපාල භික්‍ෂුව පූර්ව ජාතියෙහි දක්‍ෂ අක්‍ෂි වෛද්‍යවරයකු බවත් එකල ඔහු විසින් සුවකළ රෝගියකු නැවත ඔහු විසින්ම අන්ධභාවයට පත්කිරීමේ ඵලවිපාකය ලෙස රහත්භාවයට පත්වුවද මෙලෙස අන්ධභාවයට පත්වූ අයුරු ගෙනහැර දැක්‌විය.

කර්ම රෝග වුවද එම අකුසල කර්මය ගැන යම් වැටහීමක්‌ ඇතිකර ගෙන එම අකුසල කර්මය අහෝසි වන අයුරින් කුසල් (පින්) රැස්‌කිරීමෙන් එනම් ආවාස ගෙවල් තනවා පූජා කිරීම ආදී විවිධ පුණ්‍ය ක්‍රියා සිදු කොට රෝග සුවකරගත් අවස්‌ථා ගැන බුදු දහමෙහි සඳහන් වේ.

ඒ අනුව බලනවිට කුසල් රැස්‌කිරීම තුළින් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ බලයෙන් රෝග සුවකරගත හැකි බව පැහැදිලි වෙනවා. නිතර තෙරුවන් වඳිsන පුදන නිවසක ජීවත්වන අයට බුද්ධ වන්දනා ගාථා, පිරිත් ශ්‍රවණය වීමෙන් (අසා සිටීමෙන්) ශරීරයේ දොස්‌ ඉවත්වී ලේ ධාතුව පිරිසිදුවීමෙන් බොහෝ රෝග ආබාධවලින් මිදී නිරෝගී සුවය ලැබීමට වාසනාව උදාවේ.

දිනපතා උදේ සවස බුදුන් වැඳ සෙත් පිරිත් සජ්ජාධායනා කර දෙවියන්ට පිං අනුමෝදන් කොට තමන්ටත් ගෙදර සියලු දෙනාටත් නිරෝගී සුවය මෙලෙස ප්‍රාර්ථනා කරන්න. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් නිරෝගී සුවය අත්වේවා · සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාගේ අනන්ත කරුණා මෛත්‍රී ගුණ බලයෙන් අප සැමට උතුම් වූ නිරෝගී සම්පත්තිය ලැබේවා · අනතුරුව තුන් සරණේ ගුණ බලයෙන් රෝ දුක්‌ සමනයට. පහත දැක්‌වෙන බුද්ධ මන්ත්‍රය 3 න් වර බැගින් ගායනා කර (සජ්ජායනා කර) නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න.

බුද්ධෝ ච ධම්මේ ච සංසේ ච රාජං

සග්ගේ ච කාමේ ච රූපේ නිරූපං

වාතේ ච පිත්තේ ච කපේ තිදොaසං

යක්කෝච භූතේ ච භයං විනාසං

නත්ථි මේ සරණං අඤaඤං

බුද්ධෝ මේ සරණං වරං

නත්ථි මේ සරණං අඤaඤං

ධම්මෝ මේ සරණං වරං

නත්ථි මේ සරණං අඤaඤං

සංඝෝ මේ සරණං වරං

ඒ තේන සච්ච වඡ්ඡේන

රෝගෝ මේ වූප සම්මතු

ලඝූ ගුරු අකුරු 108 කින් සමන්විත ත්‍රිවිධ රත්නයේ ගුණ කැටිවූ මෙම අගනා බුද්ධ මන්ත්‍රය නිතර භාවිතයෙන් රෝදුක්‌ සමනය වී දුක්‌ කරදරවලින් අමනුෂ්‍ය දොaෂයන්ගෙන් මිදී සහනයෙන් දිවි ගෙවීමට ඔබට හැකිවනවා ඇත.

අනුන්ට කියනවිට රෝගෝ “මේ” රෝගෝ “තේ” යනුවෙන් කියන්න

We found this article from Divaina on 2012/06/22.
Also Sinhala to English Google word to word translation can be found here