දරුඵල ඇති විවාහයකට මෙන්න ජ්‍යෙතිෂ්‍යයේ පිහිට

2332
සතුට
සතුට

[ratings]

ශිෂ්ඨ මිනිස්‌ සමාජයක පැවැත්මට ඉවහල්වන විවාහයේ විශේෂත්වය නම් ශිෂ්ඨ සම්පන්න තවත් මිනිස්‌ සමාජයක්‌ ඇතිකර ලීමයි. එහෙත් සත්ව සංහතියේ විරුද්ධ ලිංගික යන්ගේ කාම භෝගි ජීවිතය සියලු ජීවින්ට පොදු වුවද මිනිස්‌ සමාජයේ එම එකතුවීම බල්ලන්, බළලුන්, හරකුන් ආදී තිරිසනුන් මෙන් නොව විලිලඡ්ජාවට, බියට ගරු කරමින් සංවර සීලව හැසිරෙමින් ය. අද මිනිසා තිරිසන් සතුන්ටත් අන්තව විවිධ ස්‌ත්‍රී දූෂණ ළමා අපචාර, කරන දූෂකයන් ස්‌ත්‍රීන්, කුඩා දරුවන් කපා කොටා දමන්නේ බල්ලන්ටත් අන්ත ලෙසින්ය. එය මිනිස්‌ ජාතියටම කරන අගෞරවයකි.

ජාතියක පැවැත්ම අගය කරන හැම අයකුම තම වර්ගයා බෝ කිරීමට ආශාව දක්‌වන්නේ දරු සම්පත තරම් අගනා වස්‌තුවක්‌ මේ මිහිපිට නැති තරම්ය. ඔවුන් තම දරුවන් හදා වඩා අනාගතයේදී බලාපොරොත්තු වන්නේ මහලු වයසේ පිහිටක්‌ය. එනිසා දරුසුරතල් බැලීමට කවුරුත් දක්‌වන්නේ අසීමිත ආශාවකි. එහෙත් දරුවන් නොමැතිව සුසුම් හෙලන්නන්ද අප්‍රමාණයි.

ඔවුන් දැඩි මානසික වේදනාවෙන් පෙළෙන අතර ඔවුන් සමාජයේ ගැරැහුම්ද ලබන්නන් වෙති.

දරුවන් ලැබීම බුදුදහම අනුවත් ජ්‍යෙතිෂ්‍ය අනුවත් පෙර කර්මය අනුව සිදුවන බව පෙන්වාදී ඇත. ශ්‍රී වරාහමිහිරාචාර්ය වරයන් පාඨලිපුත්‍ර නගරයේ රාජ්‍ය කළාවූ භොජ රජතුමාගේ පණ්‌ඩිත සභාවේ රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කලාවූ පණ්‌ඩිතයන් නවදෙනාගෙන් එක්‌ පණ්‌ඩිතරත්නයකි. මෙතුමා විසින් මීට අවුරුදු පන්දහසකටක්‌ පූර්වයෙහිදී රචිත ලඝූ ජාතකයෙහි දැක්‌වෙන ප්‍රථම පරිච්ඡේදයේ රාශිශිලා ධ්‍යායද, දෙවැනි පරිච්ඡේදයේ ග්‍රහයන් සම්බන්ධව දත යුතු දේද, තුන්වැනි පරිච්ඡේදයේ මෛථුන ධර්මයේ හැසිරෙන අන්දම ගැබ්දරණ පිළිවෙළ. ප්‍රසව කාල සීමාවන්, ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාට මරණ පැමිණෙන කාලය. ගබ්සාවෙන කාලය. ස්‌ත්‍රී පුරුෂයන්ගේ පිළිසිඳගැනීම, නිවුන් දරුවන්ගේ උප්පත්තිය, ආදී කරුණු පිළිබඳ විස්‌තරයන් පෙන්වා දී ඇත.

1.අඬානෙසත 7. ගෘහංයත්තචජලො මෛථුනෙ ප්‍රමාන් භවතී,

සායාසමසද්යු නවික්‍ෂිතෙ වීධගධං ශුභෛරසෙත. චන්ද්‍රයා සිටි නවාංශකාධිපතියාට සමාන ස්‌වරූපය දැක්‌විය යුත්තේ යයිද දක්‌වා තිබේ.

ජාතකාහරණයෙහි

ලග්නස්‍ය නන්ද්‍රං ශපතෙර්හි මුත්‍යා

මුත_තිඃ සමානා බලශාලි නොවා

ස්‍යාදින්ද්‍ර නන්ද්‍රං ශපතෙ සතුවණිඃ

පරං විධායH_d කුල ජාතිදෙශාඃ

ගැප්දැරීමට සුදුසු ස්‌ත්‍රියකගේ ජන්ම කේන්ද්‍රයෙහි අපවය රාශි හෙවත් එක, දෙක, සතර හා පහ, අට. නවය, දොළහ යන ස්‌ථානයන් කරා පැමිණි චන්ද්‍රයා අඟහරුවා විසින් දක්‌නා ලද කල්හි මසින් මස සිදුවන මල්වරවීම ඇති වන්නේය. මෙසේ සිදුවූ මල්වරයෙන් පසු ස්‌නානය කිරීමෙන් පිරිසිදු වූ ස්‌ත්‍රියගේ ජන්ම කේන්ද්‍රයෙහි උපවය රාශි හෙවත් තුන, සය, දහය, එකොළහ යන ස්‌ථානයන් කරා පැමිණි චන්ද්‍රයා බල සහිත බ්‍රහස්‌පති පමණක්‌ දක්‌නා ලද්දේනම් ස්‌වකීය ස්‌වාමියා සමඟ මෛථුන ධම_යෙහි හැසිරීමෙන් ගැප්දැරීම සිදුවන්නේය.

වෙනත් ග්‍රහයන් විසින් දක්‌නා ලද්දේනම් අනාචාරයේ හැසිරීමෙන් ගැප්දැරීම සිදුවේ. උපවය රාශිගත චන්ද්‍රයා සූර්යා දක්‌නා ලද්දේ නම්, රාජපුරුෂයකු, මැති ඇමැති, මන්ත්‍රී වරයකුගෙන්ද, අඟහරුවා විසින් දක්‌නා ලද්දේනම් ගායනා කරකු සමඟද, බුදහු විසින් දක්‌නා ලද්දේ නම් චපලයකු සමඟද, සිකුරා විසින් දන්නා ලද්දේ නම් රූපශෝභාව ඇති අයකු සමඟද, සෙනසුරා විසින් දක්‌නා ලද්දේනම් දාසයකු සමඟද මෛථුනයේ හැසිරෙන බව කියා ඇත.

ආධාන ලග්නයෙන් සත්වන රාශිය යම් රාශියක්‌ වේද ඒ රාශිය පරිධි මෙවුන්දම් සේවනයෙහි ඇතිවන්නේ යයි, දක්‌වා තිබේ. එනම් සත්වැන්න මේෂය වී නම් එළුවකුමෙන් මෙවුන්දම් සේවනයේ යෙදෙන බවද, සත් වැන්න වෘෂභය වී නම් ගොනෙකුමෙන් මෙවුන්දම් සේවනය කළේ යයිද යනාදි වශයෙනි.

එසේම සත් වැන්නේ ශුභයන් සිටියේ නම් මුව සිඹීම, තොල් ඉරීම, වැළඳ ගැනීම, යනාදී සන්තෝෂ සහිතව කාමාධිකව රතික්‍රීඩාවෙන් පූර්ණව මෙවුන්දම් සේවනය කරන්නේ යයිද, පාපයන් සත් වැන්නේ සිටියේ නම් වියවුල් දුක්‌ සහිතව හෝ බලාත්කාර කමින් හා භයගැන්වීමෙන් යුක්‌තව මෙවුන්දම් සේවනය කරන්නේද දත යුතුයි.

“කලලසනාවශවා සථිත්වක්‌රොම සමෘති සමුද හවාඃ ක්‍රමශඃ මාසෙෂු ශුක්‍ර කුජජීව සුර්ය චන්ද්‍රාඃකිතී සෞම්‍යානාම්, ගැබ්ගැනීමේ පටන් බිහිවීම දක්‌වා ගතවන්නාවූ දස මාසයන් කෙරෙන් (ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගේ සේවනයෙන් හටගත් ශුක්‍රශ්‍රොණික දෙදෙනාගේ සංයෝගයෙන්) කලල විජයයි නම්ලත් ප්‍රථම මාසයට සිකුරා අධිපතියයිද ඝන අවස්‌ථාවයයි නම්ලත් දෙවෙනි මාසයට අඟහරුවා අධිපති යයිද, අවයවාවස්‌ථාවයයි නම්ලත් තුන්වැනි මාසයට බ්‍රහස්‌පති අධිපති යයිද, අස්‌ථි අවස්‌ථාවයයි නම්ලත් සිව්වෙනි මාසයට සූර්යා අධිපති යයිද, සම සෑදීමෙන් හටගත් ත්වක්‌ අවස්‌ථාවයයි නම්ලත් පස්‌වෙනි මාසයට සෙනසුරා අධිපතියයිද, ස්‌මෘති සංඛ්‍යාත සිත හට ගන්නා ලද සත්වෙනි මාසයට බුධහු අධිපති යයිද දක්‌වා තිබේ.

එවන් කරුණු බොහෝ ඇතත් ඉන් ස්‌වල්පයක්‌ පමණක්‌ මෙසේ දක්‌වමු. රවි ශනි හතේ සිටිද්දී පහට දෘෂ්ඨි පාප ග්‍රහ සංයෝග සහිත වී නම් දරුඵල හීනවේ. ලග්නයේ රවිද හතේ ශනිද සිට පහට පාප දෘෂ්ටි වැටුන කලද දරුවන් නැත. කුජ පහේ පාපයන්ට මැදිව සිටි විටද දරුවන් නොලබයි. පහ නවය යන භාවද එම අධිපතියන්ද ගුරුද දුබල වූ විට දරුවන් ඇති නොවේ. හතේ සිටින කුජ ශනි සප්තම වීනම් හෝ පහ අධිපතියා කුජ ශනි සමඟ සිටීනම් හෝ අටේ ශනි රවි සිටීනම් යන පිහිටීම් වලින්ද දරුපල නොලබන බව කියවේ, තවද ශනි, කුජ දෙදෙනා හයේ හෝ හතරේ වී නම්ද පාප ග්‍රහයන් කිවි ගුරු සමඟ අටේ සිටීනම්ද හය හිමියා සහිත ශනි හයේ හතේ වී නම් දූදරුවන් ඇති නොවේ.

හතේ හෝ ලග්නයෙහි පහ හිමියා බලවත්ව හය හිමියා විසින් දුටුවේද ශනි, කුජ, දෙදෙනා නවයේ හෝ දහයේ වේද ශනි, කුජ, සිංහ රාශිය වූ පහේ වන අතර පහ හිමියා හයේ වේද කුජගේ රාශිය වූ පහේ රාහු කුජ විසින් දුටුයේද දරුසැප නැතිවේ. ශනි පහේ සිටින ලද තුන හිමියා ලග්නය දෙක, පහ, දොළහ යන තැනක සිටි කලද ලග්නාධිතියා සතුරු රාශියක සිට සඳුබුධ විසින් දකිද්දී රවි හයේ හෝ දෙකේ වූ කල ද පහ හිමියා හත්වන නවාංශකයෙහි පාපයන් හා යුක්‌තව සිටි කලද පහ හිමි ගුරු පාප සහිතව දුබල වූ කලද දරුවන් නැත.

මේ හැර කල් පවතින රෝගයන්ගෙන් පෙළෙන තරුණයන් සමඟ විවාහවීමෙන්ද දරුඵල ඇති නොවේ. විවාහයද අවුල් කරයි. විවිධ ගැටලු ඇතිවේ. එවන් අයට බෙහෙත්, කල්ක අරිෂ්ඨ, ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඇති බවත් ගුප්ත විද්‍යාවන් අනුව යාත්‍ර මන්ත්‍ර ශාන්ති කර්මද ඇත. දරුඵල නොලද කාන්තාවන්ට දරුඵල ඇතිවීමට මෙවන් ගුරුකම් ඈත අතීතයේ විසූ පැරැන්නන් කර සාර්ථක ඵල උදාකර ගෙන ඇති බවද සඳහන් වේ.

එවැනි අගනා ගුරුකමක්‌ මෙසේය. දරුපල නොලද කාන්තාව අර්ථයෙන් පසු ස්‌නානය කර දින 4 කට පසු මායා දේවියට භාරයක්‌වී කිරි කොරහක පොල්ගෙඩියක්‌ බහා කැවුම්, කිරිකෑලි, බුලත්, කෙසෙල් ගෙඩි, කිරිබත් කෑලි, පහන් 7 බැගින් මට දල්වා මාස්‌ සෘතුවේදී ඇඳ සිටි යට ඇඳුම කිරිගහක පටලවා කපුටන් හඬන්නට පෙර එක එක ගැටය බැගින් දින 7 ක්‌ ගැට හිරකර නිදන ඇඳේ යට මුට්‌ටියක්‌ එල්ලා එයට දෙදෙනා අතින් බිත්තර ගෙඩි 2 කක්‌ දමා දින 7 ක්‌ හාල්මිට බැගින් දෙදෙනාම දා අටවැනි දින වංගෙඩියක්‌ මත උයා මෝල්ගහත් දෙපයින් පාගා වංගෙඩිය උඩ වාඩිවී බත්ගුලි 7 ක්‌ අනුභවකර මෝල්ගහේ දරුරුවක්‌ ඇති තොටිල්ලක්‌ බැඳ ඇඳ යට දින 21 ක්‌ යනතුරු එල්ලා දිනකට පැයෙන් පැයට වැඩිවනසේ මෙවුන්දම් සේවනයේ යෙදිය යුතුයි. දරු ඵල ලැබේ. එහිනිසි පලයන් ඇතිකර ගැනීමට හරක්‌මස්‌ ගෙරිමස්‌, ඌරුමස්‌ හා කුණු කිළිවලින් තොරව දිනපතා තෙරුවන් නැමද දේව පිහිට පතා සැදැහත් සිතින් පිං පිණිස වැඩ කටයුතුවල නියළිය යුතුයි. එනිසා යෞවනියනි එවැනි රෝගා බාධයන් ඇති තරුණයන් හා සිදුවීමට හැකි විවාහයන් ගෙන් බේරීමට ජ්‍යෙdතිෂයේ පිහිට පැතිය යුතුමයි

We found this article from Divaina on 2012/03/23.
Also Sinhala to English Google word to word translation can be found here