දැඩි සිත මෘදු කර සෙත සලසන දැඩිමුණ්‌ඩ දෙවියෝ

2821
දැඩි සිත
දැඩි සිත

පුරාණ ලංකාවේ පැතිර තිබූ ගෝත්‍ර අතරින් ප්‍රබලතම ගෝත්‍ර දෙක වන යක්‍ෂ හා නාග යන ගෝත්‍ර දෙකෙන් යක්‍ෂ ගෝත්‍රයට අයත් පූර්ණක නම් යක්‍ෂ සේනාධිපතිට දාව නාග ගෝත්‍රයට අයත් නාග මානවිකාවකගේ කුසෙන් උපන් දැඩිමුණ්‌ඩ දෙවියන්ට එකී නාමය ලැබී ඇත්තේ දැඩි සිතක්‌ හා මුඩු හිසක්‌ තිබූ බැවින්ය යන්න ජනප්‍රවාදයයි.

එදා වෙසක්‌ මස පුර පසළොස්‌වක පොහෝ දින නේරංජනා නදී තිරයේදී ඇසතු බෝ රුක මුල වැඩහුන් සිදුහත් තවුසාණන්ට පියවරෙන් පියවර ලෝකෝත්තර ඥානය පහළ වෙද්දී සිදුහත් තවුසාණන්ට බුද්ධත්වය ලබා ගැනීමට ඉඩ නොදෙමි යි සිතූ වසවර්ති මාරයා දසබිම්බරක්‌ මාර සේනාව රැගෙන පැමිණි මොහොතේ එහි රැකවල්ලා සිටි සියලු දෙවි දේවතාවෝ මාර සෙනඟට බියෙන් පලායන බව දුටු වෛශ්‍රවණ හෙවත් වෙසමුනි දැඩිමුණ්‌ඩ දෙවිඳු කැඳවා සිදුහත් කුමරුගේ ආරක්‍ෂාව පිණිස පිටත්කර හැර ඇත. සුදුවතින් සැරසී රන් දුන්නක්‌ අත දරමින් විවිධ බියකරු වෙස්‌ මවා පාමින් අවි අමෝරා පැමිණි දසබිම්බරක්‌ මාර සෙනඟ පැරදවූ දැඩිමුණ්‌ඩ දෙවිඳු මහ මෙර මත වූ වසවර්ති මාරයාගේ විමානය ද විනාශ කර ඇත.

සිදුහත් තවුසාණන් බුද්ධත්වය ලැබීමෙන් අනතුරුව උන්වහන්සේට වැඳ නමස්‌කාර කොට වැඩහිඳි කල්හි බුදුරජාණන් වහන්සේ ලක්‌දිව බුදු සසුන වසර පන්දහස්‌ පන්සියයක්‌ තරම් කාලයක්‌ සුරකින්නට දැඩිමුණ්‌ඩ දෙවියන්ට වරම් දී ඇති අතර ඉනික්‌බිති විෂ්ණු, ශක්‍ර, ස්‌කන්ධ කුමාර යන දෙවිවරුන්ගෙන් ද වෛශ්‍රවණ හෙවත් වෙසමුණි දිව්‍යරාජයාගෙන් ද වරම් ලබා ගත් දැඩිමුණ්‌ඩ දෙවිඳු ලංකාපුරය බලා ඒම පිණිස නැව්නැඟ ඇත.

හදිසියේ ඇති වූ චණ්‌ඩ මාරුතයක්‌ නිසා නැගූනු දළ රළ පෙළින් නැව විනාශයට පත් වූයෙන් දැඩිමුණ්‌ඩ දෙවියෝ පීනාවිත් දෙවිනුවර තුඩුව වෙත ගොඩබට අවස්‌ථාවේ එහි විසූ ජනයා ඉතාමත් ශෝකයෙන් පසුවන අයුරු දැක හේතු විමසීමේදී දෙවුන්දර පුරයේ රජකළ රජතුමාගේ බිසව වූ සෝමාවතී දේවිය රජුට දාව දරුගැබක්‌ දරා සිටින අතරතුර හදිසියේ මරණයට පත් වූ බැවින් රජුගේ ඇවෑමෙන් රාජ්‍ය පාලනයට අයෙක්‌ නොමැති බව දැන ගන්නට ලැබී ඇත.

ඒ පුවත ඇසූ දැඩිමුණ්‌ඩ දෙවිඳු මාගේ බලය පෙන්වීමට සුදුසුම වේලාව මෙය යෑයි සිතා සෝමාවතී බිසවගේ දේහය දැවූ සොහොන වෙත ගොස්‌ එහි වූ අළුවලට ජීවය දී කුමරුන්ගේ උප්පත්තිය සිදුකර ඇත. දැඩිමුණ්‌ඩ දෙවියන්ගේ දේවානුභාවයෙන් දැවී ගිය සොහොනකින් ඉපදුන බැවින් එම කුමරා zදාපුළුZ නම් වී ඇත.

දැඩිමුණ්‌ඩු දෙවියන්ගේ බලය පිළිබඳ තුටුq පහටු වූ වැසියෝ වැඳ නමස්‌කාර කර දෙවුන්දර පුරයෙහි වාසය කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ උන්වහන්සේ දාපුළු කුමරු රජුට බාර දී පිටව ගොස්‌ ඇත. යක්‍ෂ නාග ගෝත්‍රික සම්මිශ්‍රණයකින් රාවණ පරපුරෙහි උපන් දේවාත්මයක්‌ වන දැඩිමුණ්‌ඩ දෙවිඳු යක්‍ෂ උවදුරු වසංගත රෝග පීඩා, අසාධාරණයට වැරැද්දට බැට දෙමින් අසරණ ජනී ජනයා ආරක්‍ෂා කරමින් අද ද අලුත්නුවර, දැඩිමුණ්‌ඩ දෙවොල් හා කෝට්‌ටේ රජමහා විහාරස්‌ථ දැඩිමුණ්‌ඩ දෙවොලේ ජීවමානව වැඩ වසන දෙවි කෙනෙකි.

දැඩි සිතක්‌ තිබුණ ද දුකට පත් ජනයාගේ දුක්‌ කරදර කන්නලව් හමුවේ ඒ සිත වෙඬරු පිඩක්‌ සේ මෘදු කර ගනිමින් හැම විටම සෙත සහනය උදාකරන්නා වූ දැඩිමුණ්‌ඩ දෙවියන්ට දිනපතා ආගමික වතාවත්වලින් පසු පහත දැක්‌වෙන ගාථාවෙන් පිං අනුමෝදන් කර ඔබගේ කරදර බාධකවලට සෙත ප්‍රාර්ථනා කිරීමෙන් සහනය උදාකර ගත හැක.

පිං දෙන ගාථා

(1) නව නගර නිවසි දළහ

මුණ්‌ඩහි ධානො

පවර වර සුරින්දෝ නේතු තං

පුංCඳ රංසිං

පමුදිත මනසාතං

මෝදයිත්වා සුදිසං

භවතු මම සභායො

නිච්ච මෙවාරෙන

(2) සම්බුද්ධ භකත

කකුධාධිප හසතියාන

දුෂ්මාරි දප_ මද භංජන දක්‍ෂධීර

භීෂ්මවතාර දෘඨහෘන්ධ මහානුභාව

හෙ දෙව මාං කරුණාය

වත රක්‍ෂ රක්‍ෂ

We found this article from Divaina on 2013/03/15.
Also Sinhala to English Google word to word translation can be found here