දුකට අධිපති සෙනසුරුගේ පල විපාක

2181
සෙනසුරුගේ
සෙනසුරුගේ

කේන්ද්‍රයකට රාශි 12 ක්‌ අයත්වේ. එක රාශියකට අංශක 30 කි. අංශක 30 කින් යුත් රාශියක්‌ ගත කිරීමට සඳුට දල වශයෙන් ගත වන්නේ දින 2 1/2 කි.

එනමුත් සෙනසුරුට රාශියක්‌ ගත කිරීමට දල වශයෙන් වසර 2 1/2 ක්‌ ගතවේ.

එසේ වසර 2 1/2 ක්‌ යන ගමනේදී වසරකට වරක්‌ සෙනසුරු තමා ගමන් කරන රාශියේදී වක්‍ර වේ.

සෙනසුරුගේ වක්‍රවීම ජනතාවට පමණක්‌ නොව රට රාජ්‍ය වලටද අහේනි හා කලකෝලාහල ඇති කරන බව පොත පතේ සඳහන් වේ.

විශේෂයෙන් සාම්ප්‍රදායික ජ්‍යෙdතිෂයෙන් බැහැරව සෙනසුරුගේ චක්‍රය පිළිබඳව ක්‍රි. පූ. පද්ධතියේ තවත් බොහෝ දේ සඳහන් වේ. ඒ අනුව සෙනසුරු මහා පාපයකි. පව් පලදෙවා මිසක නිහඬ වන්නේ නැත.

සෙනසුරු ලෝකෝත්තර සැපයට බර ග්‍රහයෙකි. ඒ නිසා ලෞකික සැපයට සෙනසුරුගේ කැමැත්තක්‌ නැත.

ශනි ලග්නයේ

ගෝචර ගමනින් ශනි ලග්නයේ ගමන් කරන කාලය සැලකෙන්නේ අපල කාලයක්‌ වශයෙනි.

ඒ කාලය තුළ සිතට කරදර ඇතිවේ. විභාග වලින් නඩු වලින් පරාජය අත් වේ. පවුලේ අයටද අගුණය. ශරීර සනීපය බිඳ වැටෙයි. කකුල් වල ආබාධ, ධන හානි ඇතිවේ. ආත්ම ශක්‌තිය පිරිහෙයි. අඹුසැමි භේද ඇතිවේ.

එසේ හෙයින් ගෝචරයෙන් ශනි ලග්නයේ ගමන් කරන කාලයේදී ලද දෙයින් සතුටු වෙමින් ඉවසීමෙන් කටයුතු කළ යුතුය.

ශනි දෙවැන්නේ

ගෝචර ගමනින් සෙනසුරු 02 වැන්නේ ගමන් කරන කාලයේදී සැප පහසුකම් නැති වෙයි. ශරීරය දුර්වර්ණ වෙයි. ධනහානි හා අනතුරු විපත් ඇති වේ.

අඹුදරුවන්ට විපත්දායකයි. රැවටිලිවලට හසුවේ. ඥතීන්ටද මාරක විපත් ඇතිවේ. ශනිට අශුභ දෘෂ්ටි වැටීමෙන් අපල වැඩිවේ.

දෙවැන්න ශනිට ශුභ රාශියක්‌ වුවහොත් තදබල අපල වැළකේ. එනමුත් ශනි 2 වැන්නේ ගමන් කරන විට ලග්න ඒරාශ්ඨකයේ අවසාන වසර 2 1/2 උදාව පවතී.

ශනි තුන්වැන්නේ

තුන්වැන්න ශනිට ශුභ රාශියක්‌ වී ශුභ දෘෂ්ටිද වැටුණහොත් දියුණුව ඇතිවේ. අසනීප වලින් සුවය ලැබේ. රැකී රක්‍ෂා වලද දියුණුව ඇති වේ.

ශනි සතර වැන්නේ

ශනි 04 වැන්නේ ගමන් කරන කාලයේදී වාත රෝග නිර්වාත අමාරු හටගනී. වැඩිහිටියකුට මාරක ඇති කළ හැකිය. විභාග වලින් අසමත් වේ. සිතේ සතුට නැතිවේ. අසල්වාසීන් සමඟ අමනාපකම් ඇතිවේ.

ශනි පස්‌වැන්නේ

අවුල් වියවුල් වැඩිවේ. ඉක්‌මන්කම නිසා කරදර ඇතිවේ. බඩේ අමාරු ඇතිවේ. දරුවකු ලැබුණහොත් අවාසනාවන්තයෙකු වේ. දණහිස්‌ වල රෝග හටගත හැකිය. දරුවන්ට අගුණය.

ශනි හයවැන්නේ

ගමන් කරන විට සිතේ සතුට ඇතිවේ. ලෙඩ රෝග වලින් සහනයක්‌ ඇතිවේ. නිතර හිතවතුන්ගේ ඇසුර ලැබේ. ශරීරයේ බර වැඩිවේ. සමාජ ආශ්‍රය වෙත සිත යොමු වේ.

ශනි හත්වැන්නේ

ශනි 07 වැන්නේ ගමන් කරන වසර 2 1/2 තුළ කලකිරීම් ඇති වේ. අඹුදරුවන්ට දුක්‌ කරදර පීඩා ඇතිවේ. මානසික අසහනය ඇති වේ.

තමාට වාතාබාධ, වාත අමාරු, අජීර්ණ රෝග හටගනී. තද ලෙස සිත් වේදනා ඇති වේ. රැකියාව හෝ ආදායම් මාර්ගවලට කරදර බාධා ඇතිවේ. ගෙදර එපාවෙයි.

ශනි අටවැන්නේ

ශනි 08 වැන්නේ ගමන් කරන කාලයේදී ලේ විෂ වීම්, ලේ කෝප, දොaෂ රෝග නිතර අසනීප ඇති කළ හැකිය. එසේම මලප්‍රේත දොaෂ තනිකම් දොaෂ වලින් කරදර ඇතිවේ.

ශනි ගෝචර ගමනේදී තද බල ලෙස 08 වැන්නේ පීඩා වුවහොත් මාරක හා සමාන දුක්‌ ඇතිවේ. පවුලේ වැඩිහිටියන්ට දුක්‌කරදර හා මාරක විපත් ඇති කළ හැකිය.

ශනි නවවැන්නේ

ගෝචරයෙන් ශනි නව වැන්නේ ගමන් කරන කාලයේදී ස්‌ථාන වෙනස්‌වීම් ඇති කල හැකිය. ධනය ලැබුනත් ඉක්‌මනින් විනාශ වෙයි. රාජ දඬුවම් ලැබෙන්නට පවා හැකිය. පපුවේ අමාරුවක්‌ හටගනී. කටයුතු සියල්ල බිඳ වැටෙයි. සතුරු කරදර ඇතිවෙයි.

ඔත්පල වන තරමට අසනීපයක්‌ හටගත හැකිය. පිනට දහමට අකැමැති වේ. අවාසනාවන්ත ලෙස කාලය ගෙවී යයි.

ශනි දසවැන්නේ

හෘදයාබාධ දණහිස්‌ වල ආබාධ ඇතිවේ. සිත් තැවුල් නිතර ඇති වේ. ඉගෙනීමට හානි සිදු වේ. රැකීරක්‍ෂා බිඳවැටෙන්නට හැකිය. ශනිට ශුභ දෘෂ්ටි වැටීමෙන් තරමක්‌ සහනයක්‌ ලද හැකිය.

ශනි එකොලොස්‌ වැන්නේ

ගෝචරයෙන් ශනි 11 වැන්නේ ගමන් කරන කාලයේදී ආදායම් තත්ත්වය හොඳ වේ. ශනිට ශුභ රාශියක්‌ වුවහොත් දියුණුව ඇතිවේ. රැකී රක්‍ෂා දියුණු වේ.

මේ කාලයේදී තමාගේ වාසිය පිණිස නරක ක්‍රියාවලටද පෙලඹිය හැකිය. මේ කාලයේදී හොඳ හෝ නරක යන දෙකටම සිත ඇදී යයි.

ශනි දොළොස්‌වැන්නේ

ගෝචරයෙන් ශනි 12 වැන්නේ ගමන් කරන කාලයේදී රෝගාබාධ හා ධන හානි වලින් කරදර ඇතිවෙයි. ශරීරයේ තුවාල හටගනී. බලාපොරොත්තු කඩවී යයි. හිරිහැර තර්ජන වලට පවා ලක්‌වේ. පවුල් ජීවිතයට හානි ඇතිවේ. ජීවත්වීම් පවා වදයක්‌ වේ. අවාසනාවන්ත ලෙස ස්‌ථාන වෙනස්‌ වීමට සිදුවේ.

උත්පත්තියේදී ශනි ග්‍රහයා 03,06,10,11,12 යන රාශියක සිටි විට ශනි 12 වැන්නේ ගමන් කරන කාලයේදී දුර්විපාක වැඩියෙන් ලැබෙන නමුත් ධනය හා අලුත් හිතවතුන් ලැබෙන්නටද හැකිය.

22 වන දෙර්කාණාධිපතියා

ශනි ග්‍රහයා 22 වන දෙර්කාණාධිපතියා බවට පත්වන

1. මිථුන ලග්නයේ 01 වන දෙර්කාර්ණයට අයත් තුලා, වෘශ්චික, ධනු යන නවාංශකයකින් උපන් අයටද,

2. කටක ලග්නයේ 01 වන දෙර්කාර්ණයට අයත් කටක

සිංහ, කන්‍යා යන නවාංශකයකින් උපන් අයටද

3. තුලා ලග්නයේ 03 වන දෙර්කාර්ණයට අයත් මේෂ, වෘෂභ, මිථුන යන නවාංශකයකින් උපන් අයටද

4. වෘශ්චික ලග්නයේ 03 වන දෙර්කාර්ණයට අයත්

මකර, කුම්භ, මීන යන නවාංශකයකින් උපන් අයටද

5. කුම්භ ලග්නයේ 03 වන දෙර්කාර්ණයට අයත් මකර, කුම්භ, මීන යන නවාංශකයකින් උපන් අයටද ශනිගෙන් ලැබෙන්නේ ඉතා අශුභ තත්ත්වයකි.

රාශි බේදයකින් තොරව

තිර-වර-උභය යන රාශි බේදයකින් තොරව

1. පළමු වැනි දෙර්කාර්ණයට 08 අධිපතියාත්

2. දෙවැන දෙර්කාර්ණයට 12 අධිපතියාත්

3. තුන්වන දෙර්කාර්නයට 04 අධිපතියාත්

කේන්ද්‍රයක 22 වන දෙර්කාර්ණාධිපතියා බවට පත් වන බව ජ්‍යෙdතිෂ නියමය වේ.

ජීවිතයේ නිස්‌සාර බව

එසේ හෙයින් සෙනසුරු 22 වන දෙර්කාර්ණාධිපතියා වී උපදින අයට ඉක්‌මනින් ජීවිතයේ නිස්‌සාර බව වැටහේ. එසේම ජීවිතය කලකිරීමට කරුණු යෙදේ.

එයට හේතුව ලෝකයේ පවතින දුක ඔවුන්ට උරුම වීමයි. අපල සමනයට කෙසේ නමුත් සෙනසුරු 22 වන දෙර්කාර්ණාධිපතියා බවට පත්වී උපදින අය තෙරුවන්ට මල් පහන් සුවඳ දුම් පුදා “දසදිසා පිරිත” හා “කරණීය මෙත්ත සූත්‍රය” කියා විෂ්ණු දෙවියන්ට පින්දීමෙන් අපල දුරුකර ගත හැකිය. නමුත් නිතර එසේ කට යුතුය.

යෝගකාරක ශනි

ශනි යෝගකාරකයා වී උපන් අයට ශනිගෙන් ශුභඵල ලැබේ. එසේ නමුත් ශනි දුර්වලව අශුභ දෘෂ්ඨි ලබන කාලවලදී ජීවිතයේ නිස්‌සාර බව දැනේ. දුක ඇතිවේ. සසර කලකිරීමට කරුණුද යෙදේ.

We found this article from Divaina on 2012/11/02.
Also Sinhala to English Google word to word translation can be found here