දුකට පිහිට වන ලොව පැරණිම වෘක්‍ෂය

0
742
දුකට
දුකට

දුක වූ කලී ලෝක ස්‌වභාවයකි. දුකට පත් ජනතාවට පිහිට වීම ජ්‍යෙතිශාස්‌ත්‍රඥයකුගේ ප්‍රධානතම වගකීමය. මේ අනුව ජන්ම පත්‍රයක්‌ පරීක්‍ෂා කර බලා හඳුනාගනු ලබන අපල කරන ග්‍රහයාට අනුව බෝධි පූජා තැබීමට නියම කිරීමේ ප්‍රමුඛයෝ ජ්‍යෙdතිශාස්‌ත්‍රඥයෝම වෙති. මේ අතර පූජාවේ ආනිශංස පිළිබඳව අවබෝධයක්‌ ඇතිව බෝධි පූජා තබන අයද නැතුවා නොවේ. කෙසේ නමුත් ප්‍රසිද්ධ බෝධීන් වහන්සේලාට පූජා තබන බොහෝ දෙනාත් ඒ පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන වෙනත් අයත් දැනගත යුතු වැදගත් කරුණු රැසක්‌ පිළිබඳව මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

ශ්‍රී ලංකාවට මිහිඳු හිමියන් වැඩම කරන කාලයේ ද එකල ජනතාව වෘක්‍ෂ වන්දනාවට යොමු වී සිටි බව ඉතිහාසයේ ලිය වී තිබේ. උන්වහන්සේ පැමිණ මාස හයකට පසුව සංඝමිත්තා මහ රහත් මෙහෙණිය විසින් ජය ශ්‍රී මහා බෝධිය මෙරටට වැඩමවා රාජ්‍ය අනුග්‍රහය ඇතිව අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කරවන ලදී. වසර දෙදහසකටත් වඩා පැරණි එම බෝධිය ලෝකයේ පැරණිතම වෘක්‍ෂය බව ඉතිහාසයේ සඳහන් වේ.

එදා මෙදා තුර මෙම බෝධියට මල්, පහන්, කොඩි, කිරි ආහාර ආදී අනේකවිධ පූජාවන් කෝටි සංඛ්‍යාත ජනතාව විසින් සිදු කර තිබේ. අද ද මේ වෘක්‍ෂය රාජ්‍ය අනුග්‍රහයෙන් ආරක්‍ෂා කරනු ලැබේ.

එහෙත් බෝධි පූජාව හුදෙක්‌ වෘක්‍ෂ වන්දනාවක්‌ නොවන්නේ එය බුදුරජාණන් වහන්සේගේ පවා පූජාවට ලක්‌ව ඇති බැවිනි. සම්මා සම්බුද්ධත්වයට පත් වීමට සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධියට උන්වහන්සේ සතියක්‌ පුරා, “අනිමිසලෝචන” පූජාව කළහ.

“බෝධි” යන වචනයේ නියම අරුත නම් නිවැරදි වූද සම්පූර්ණ වූද පැහැදිලි වූ ද දැනීම හෙවත් අවබෝධයයි. මෙයට අමතරව ගෞතම බෝධිසත්වයන් වහන්සේට බුද්ධත්වය ලැබීමට උපකාර වූ ඇසටු ගසට මෙකල ජය ශ්‍රී මහා බෝධිය යෑයි කියනු ලැබේ. එහෙත් ඒ අහම්බෙන් සෙවණ ලැබූ ගසක්‌ නොවේ. බුදුවරු වීමට පෙරුම් පුරා බෝධිසත්ව කුමාරයකු උපන් දිනයේම ඉන්දියාවේ නේරංජා ගඟට නුදුරුව බෝධි වෘක්‍ෂයන් පැළවීම ධර්මතාවකි. සම්මා සම්බුදු බව බෝධි වෘක්‍ෂය මුලදීම ලබන බවද නිශ්චිත ධර්මතාවකි.

කරුණු මෙසේ හෙයින් බෝධිය ආනුභාව සම්පන්නය. ඒ බෝධියට මල් කිහිපයක්‌ පූජා කිරීමෙන් නැතහොත් කොඩි කිහිපයක්‌ හෝ පහන් කිහිපයක්‌ පූජා කිරීමෙන් පමණක්‌ ආත්ම ගණනාවක්‌ තිස්‌සේ දෙව් – මිනිස්‌ සැප ලැබූ බව දක්‌වන කතා රාශියක්‌ ධර්මයේ සඳහන් ය. විස්‌තර රේරුකානේ චන්දවිමල හිමියන් විසින් රචිත ” බෝධිපූජාව” නම් ග්‍රන්ථයෙන් දැනගත හැකිය.

එහෙත් ඒ පුණ්‍ය ශක්‌තිය ලබා ගත හැක්‌කේ බෝධිය හා පූජාව ගැන බුද්ධිමත්ව හෙවත් ඥාන සම්ප්‍රයුක්‌තව කරන පූජාවෙනි. එබැවින් බෝධි පූජා තබන විට බෝධිය යනු කුමක්‌ද යන්නත් දැනගත යුතුය.

සමහරු කරන බෝධි පූජාවෙන් පව් සිදු වෙයි. ඊට හේතුව බෝධි වෘක්‍ෂයට හානි වන සේ පූජා තැබීමයි. පොල්තෙල් පහන් රාශියක්‌ බෝධි මළුවේ දල්වන විට එයින් බෝ පත්‍රවලට වදින අධික තාපය නිසා හානි සිදු වේ. එම රත් වූ තෙල් මළුවේ වැලිවලට උරාගෙන මුල්වලට ගමන් කිරීම බෙහෙවින් හානිදායකය. බෝධියේ අතුවල එල්ලී ඒවා පහත් කර කොඩි වැල් දැමීම සුදුසු නොවේ. කොඩි පූජා කළ යුත්තේ ද පහන් දැල්විය යුත්තේ ද ඊට හානියක්‌ නොවන පරිද්දෙනි. අසවලාගේ සෙනසුරු අපල දුරුවේවාෘ යෑයි රෙදි කෑලිවල ලියා එල්ලීම ද සුදුසු නැත. ඒවා කොඩි පූජාවන් නොවන බැවිනි.

බෝධි පූජා තබන විට තමන්ගේ ශරීරය පිරිසිදු කර ගැනීම පළමුව කළ යුත්තේය. පූජාවට පෙර බෝධි මළුව ඇමදිය යුතුය. මලසුනේ පරමල් ඉවත් කර පිරිසිදු කරගත යුතුය. පූජා අවස්‌ථාවල සුqදුවතින් සැරසීම මැනවි. ඉන් පසුව පූජා ද්‍රව්‍ය අපලයට ගැලපෙන පරිදි තැන්පත් කළ යුතුය. අවසානයේ පිරිත් සූත්‍රයන් සඡ්Cධායනා කර බෝධිය සුවඳ පැනින් නහවා මෙත් වඩා සියලු දෙවියන්ට හා මියගිය ඥාතීන්ට පින් දිය යුතුය. ප්‍රාර්ථනාව කළ යුතුය.

සැදැහැවත් බෞද්ධයෝ මියගොස්‌ බෝධි ආශ්‍රිතව දෙවිවරුන් ලෙස ඉපදී සිටිය හැකිය. එතුමන්ලාට පින් දෙන විට එයින් සතුටට පත්ව පූජා තැබූ අයට අනුකම්පාවෙන් දෙවියන්ගේ ආරක්‍ෂාවත් රැකවරණයත් ලබා දෙයි. දේව ආත්මයෙන් චුත වන දෙවියෝ දරුවන් පතන මවක ගේ දරුවකු ලෙස ඉපදීමට කැමැති විය හැකිය.

අපලයට පූජා තබන විට ග්‍රහයන්ට හිමි සිද්ධාන්ත අනුව පූජා තැබීම මැනවි. රවි අපලයක දී අංක 1, 10, 100 ආදී එකතුව” එක” වන සංඛ්‍යාවලින් මල්, පහන් කොඩි ආදිය පූජා කරන්න. රතු මල් සුදුසුය. අවසානයේ සූරිය පිරිත කියවන්න. ඉරිදා දිනය සුදුසුය.

සඳු අපලයක දී 2, 20, 11 ආදී සංඛ්‍යාවකින් මල්, පහන්, තැබීම මැනවි. සුදු මල් වඩා උචිතය. දිවුල් කැඳ පිදීම සුදුසුය. අවසානයේ චන්ද පිරිත කියවන්න සඳුදා සුදුසුය.

කුජ අපලයකදී අංක 3, 12, 21, 30 ආදී ගණනකින් රතු මල් සහිත පූජා තබන්න. රතු කොඩි උචිතය, අඟහරුවාදා දිනය සුදුසුය. මංගල සූත්‍රය කියවන්න.

බුධ අපලයක දී 4, 13, 22 ආදී සංඛ්‍යාවකින් මල්, පහන්, කොඩි පූජා තබන්න. කොළපාට කොඩි උචිතය. නවගුණ ගාථාව කියවන්න. දිනය බදාදා දය.

ගුරු අපලයක දී කහ මල්, කහ කොඩි, තැඹිලි තෙල් පහන් ආදිය 5, 14, 23 ආදී සංඛ්‍යාවකින් පූජා තබන්න. අභිසම්බිදාන පිරිත කියවන්න. බ්‍රහස්‌පතින්දා සුදුසුය.

සිකුරු අපලයක දී මිශ්‍ර පාට මල්, කොඩි මෙන්ම හඳුන්තෙල් පහන් සිකුරාදා දිනවල පූජා තැබීම සුදුසුය. නවගුණ පාඨය කියවන්න.

ශනි අපලයක දී ශනි දිනක නිල් මල්, ගිතෙල් පහන්, නිල් කොඩි ආදිය 7, 16, 25 ආදී සංඛ්‍යාවකින් පූජා තබන්න. කරණීය මෙත්ත සූත්‍රය කියවන්න.

රාහු අපලයට වැටකේ මල්, ගිතෙල් පහන්, අළුපාට කොඩි පූජා තබන්න. 8, 17, 26 වැනි සංඛ්‍යාවක්‌ සුදුසුය. සෙනසුරාදා දිනය සුදුසුය. චන්ද පිරිත කියවන්න.

කේතු අපලවලදී අඟහරුවාදා දිනවල රතුමල්, රතු කොඩි ආදිය 9, 18, 27 ආදී සංඛ්‍යාවලින් පූජා තබා කරණීය මෙත්ත සූත්‍රය කියවන්න.

නමත්ථු බුද්ධානං – නමත්ථු බෝධියා

නමෝ විමුත්තානං – නමෝ විමුක්‌තියා

We found this article from Divaina on 2013/03/22.
Also Sinhala to English Google word to word translation can be found here