ධන කුවේරයන් කරන භාරතයේ ශුභ වස්‌තු

2418
ධන
ධන

මහා භාරතය උත්තරීතර මහා පුරුෂයනට ජාත භූමියවීමෙන් සම්භාවනීය වී ඇත. තන්ත්‍රයන්හි අඩංගු පෞරාණික සුක්‍ෂ්ම ධර්මතාවන් අතර ජීවත්වන බවත් ඔවුන් මානසික හා ශාරීරික ශක්‌තිය සඳහා ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාව, ගුප්ත විද්‍යාව ආයුර්වේද විද්‍යාවන්හි බල මහිමය ස්‌වාභාවික වස්‌තූන් වෙත ආරූඩ කොට ගෘහ ලක්‍ෂ්මි හෙවත් සෞභාග්‍ය හා සම්පත් අඩුවක්‌ නැතිව දෙන එක්‌තරා වස්‌තූන් රාශියකින් කොටසක්‌ රහසේ සොයාගෙන ඇත. අදත් මහා භාරතයේ මේ විද්‍යාවන් පිළිබඳව හසල දැනුමක්‌ ඇති මහා ඉසිවරු, පඬිවරු සිටී. ඔවුන් මේ විද්‍යාවන් තුන අතර බැඳී ඇති කිට්‌ටුම සම්බන්ධතාවයන් තුළින් ස්‌වභාවධර්මය දෙසූ නොවක්‌ දෘෂ්ඨියන් හෙලන භාරතීය ඉසිවරු, පඬිවරු ඒ ශුභ වස්‌තූන් කෙරෙන් මානව ශාන්තියත් සෙතත් ළඟාකර ගැනීමේ ක්‍රමයන් හා වස්‌තූන් පිළිබඳ අගනා විස්‌තරයන් හා ක්‍රමයන් පෙන්වා ඇත. එයින් ඔවුන් හඳුන්වා දුන් ශුභ වස්‌තූන් කීපයක්‌ පිළිබඳව පැහැදිලි විස්‌තරයක්‌ මෙසේය.

භාරතයේ මධ්‍ය ප්‍රදේශයේ ඝන වනාන්තරයක්‌ තුළ වැවෙන චිතාවර්ලි නමැති ගස්‌ වර්ගයකි. රිකිලි ලියළන වසන්තයේ එහි වෙසෙන වනවාසී ගෝත්‍රිකයන්ට මහා මංගලයක්‌ වන්නේය. ඊට හේතුව එම ගහේ දෙබල් අතරින් දළුලන මේ රිකිලි සෙ. මීටර් 30 කට වඩා දිග නැත. එය නිය තබා තද කළවිට කොළ පැහැති දියරක්‌ මතුවෙයි. එහෙත් කලාතුරකින් මේ දෙබලට ඉහළින් පැන නැගී ඇති රිකිල්ලක්‌ ඊට වඩා වෙනස්‌ ස්‌වභාවයක්‌ ගනී. ගැට සහිත ඉතා මොළොක්‌ ස්‌වභාවයෙන් යුත් මෙය සීරීමකදී රතුපාට දියරක්‌ මතුවේ. එකල ආදීවාසීන් මේ ලී කැබැල්ල ලෝහ කැපීම සඳහා ආයුධයක්‌ ලෙස භාවිතා කොට ඇත. ඔවුන් කපුටු පැටවුන් අල්ලා ඔවුන්ගේ පාදයකට ලෝහ වළල්ලක්‌ දමා කම්බියකින් බැඳ තබයි. මව් කපුටිය ඇගේ දරුවා ඉන් බේරාගැනීම සඳහා කැළයේ ගහක්‌ ගහක්‌ පාසා ගොස්‌ මේ අතු රිකිල්ල සොයාගෙන විත් එය ලෝහමය වළල්ලේ උලා කපා දැමූ පසු එම ලීය එහිම අතහැරදමා ඔවුන් ඉගිල යති. වනවාසීන් එය අහුලා ඔවුනට සෞභාග්‍ය ලබාගැනීම සඳහා ප්‍රයෝජනයට ගනී.

නරි අඟ(- අප මනඃකල්පිත වචනයක්‌ හැටියට මෙය සලකන්නේ කළුනික, නිකිණි හොයන්නා වැනි උපමාවක්‌ උපහාසයක්‌ ලෙස සිතාය. නමුත් ඉන්දියාවේ “නිජමා අඝෝර්” වනාන්තරය තුළ නරි රංචුවක්‌ අතරේ අං ඇති එක නරියෙකු දුටුව බව කැ=ලයේ අතරමං වූ විදේශිකයන් විසින් එකල පුවත් පත්වල ප්‍රකාශ කර ඇත. නරින් දස ලක්‍ෂයකින් එකකුට පමණ මෙම අඟ පිහිටා ඇති බවත්, එය ලබා ගතහොත් ආරක්‍ෂාව සඳහා උපයෝගීවන ප්‍රබල මන්ත්‍රයක්‌ හැටියට අගනා බවත්, සමහරු තම කලව පලා එහි තැන්පත් කර ගනී. මෙම නරි අඟෙහි සෙ. මීටර් 4, 5 ක්‌ පමණ දිගැති ලෝම පිහිටා ඇත. zසින්දුර්Z නමැති පාටති ඖෂධ වර්ගයේ බහා ගැබීමෙන් මෙහි ලෝම වැවේ. මේ ලෝම කැපීමෙන් එහි බලය අඩුවන බව කියා ඇත. ඉන්දියාවේ රාජස්‌ථාන්හි පෞද්පුර්” ජ්‍යෙdතිෂය අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය නාරායනවන් ශ්‍රීමාලි මහතා ඉන්දියාවේ “ත්‍රිජටා රිඝෝරිZ නම් ප්‍රදේශයේ කැළෑවලින් අහුලාගත් නරි අඟක්‌ නිසා තමා කීප වතාවක්‌ම අතුරු අනතුරුවලින් බේරුණු බවත් ඔහු යන එන හැම තැනකටම මේ මහානුභාව සම්පන්න ශුභ වස්‌තූව රැගෙන යන බවත් කියා ඇත.

කළුකහ(- ඉතා කලාතුරකින් මධ්‍ය ප්‍රදේශයේ මණ්‌ඩලාහි පමණක්‌ කළුකහ හමුවන බවත් එයද දුර්ලභ වස්‌තුවක්‌ සේ ගණන් ගැනේ. ඖෂධීය මහඟු ගුණයක්‌ ඇති බවත් මෙය උරගා තේ හැන්ද බැගින් සතියක්‌ පමණ දිනපතා වැළඳීමෙන් ඇදුම රෝගය නිට්‌ටාවට සුව වේ. සිද්ධික ක්‍ෂේත්‍රයෙහි නියළෙන සාධුවරුන් මෙය ශුභ වස්‌තුවක්‌ සේ භාවිත කරයි.

හත්තා ජෝඩු(- මධ්‍ය ප්‍රදේශයේ zඅමර කංඨකZ වනයෙහි වැවෙන “විරූපා” නමින් හැඳින්වෙන පැළෑටියකි. මේවායේ මුල් ආස්‌මී දෙකක්‌ මෙන් මුල් පහුරු දෙකක්‌ වේ. නාල දෙකකින් එකට බැඳී ඇත. මෙහි මුදුනේ ඇඟිලි පහක මෙන් සළකුණ ඇතිව නිර්මාණය වී ඇත. ඉරිදා දිනෙක ගලවා මේ මුල් තෙල් බඳුනක දමනු ලැබේ. “හත්තා ජෝඩුව” නමින් හඳුන්වන මේ මුල් දින 15 ක්‌ ඇතුළදී තලකෙල් කිලෝ 1/2 දමා උරාගැනීමට සලසා ස්‌වයං ජීර්ණ කර ගෙන තාන්ත්‍රික ක්‍රියාවන්වලට උපයෝග කර ගනී.

ඒකාක්‍ෂි පොල් ගෙඩිය(- එහි ඇති මුඩ්ඩ ගැලවූ විට පිහිටා ඇති හිල් තුනෙන් එකක්‌ නාසය හා දෙකක්‌ ඇස්‌ හැටියට විශ්වාස කරයි. එහෙත් පොල් ගෙඩියක එක ඇසක්‌ පමණක්‌ ඇති ගෙඩියක්‌ ලද හොත් එයට zඒකාක්‍ෂිZ යෑයි කියති. මෙය පූජා කක්‍ෂයෙහි තිබේ නම් සෞභාග්‍ය හා ධන සම්පත් දෙන මහත් ඵලදායක වස්‌තුවක්‌ බවට හින්දුන් විශ්වාස කරයි.

අමර කන්ඨකී(- මෙය සෙ. මී. 45, 60 උසැති හිමාලයේ ඉහළ පෙදෙසේ යමුනාත්‍රි මාර්ගයේ දක්‌නට ලැබෙන පැළෑටි වර්ගයකි. කොළ නැති මෙහි අතුවල දිගු කටු ඇති, පතොක්‌ වර්ගයක්‌ මෙනි. මෙහි මුල් වටිනා ඖෂධයකි. මෙහි දිගමුල් වතුරට දැමූ පසු දියවී වතුර කහපැහැ ගනී.

හාරද(රසදිය) ශිව ලිංගය(- රසදිය වෙනත් දෙයක්‌ සමඟ එක්‌ නොවන පවිත්‍ර දියර වර්ගයකි. අතට ගත්විට ලිස්‌සා දුවන, රත්කළවිට නොපෙනී යන අමුතුම වස්‌තුවකි. එහෙත් රසදිය රිදී සමඟ පමණක්‌ මිශ්‍ර නොවේ. භාවනානු යෝගී සාධුහු ඔවුනගේ අභ්‍යන්තරික පරමාත්මාගේ උෂ්ණත්වයයෙන් රසදිය හා රිදී එකට එක්‌කර ගනී. මෙසේ උණුකරගත් රසදිය හා රිදී මිශ්‍රණයෙන් “ශිවලිංග” ආකෘතියක්‌ සාදා ගනී. එය මිල නොහැකි වස්‌තුවක්‌ ලෙසින් සලකයි. සිද්ධි ප්‍රාප්ත කල මහා පුරුෂයකු විසින්ම සිදුකරන්නේ නම් මේ අත්භූත නිර්මාණය මහා ප්‍රතිඵල ගෙන දෙන ඉතා දුර්ලභ ගනයේ ශූභ වස්‌තුවක්‌ය.
ෙද්‍රdaණාගිරි හි ශාතවර් පත්‍ර(- ෙද්‍රdaණගිරි මහා වනයේ වැවෙන පැළෑටි වර්ගයකි. දුර්ලභව වැවෙන මෙය මීටර් 152 පමණ උසට වැඩුනු පසු එහි සෙ.මී. 10 පමණ පළල සෙ.මී. 15.2 පමණ නුගකොල හැඩති අඳුරු නිල් පැහැයෙන් යුක්‌තවේ. මේ හැම කොළයකම ෙද්‍රdaණ පර්වතය උසුලාගත් හනුමාන්ගේ ස්‌වරූපය අංකිතව ඇත. දිගු කාලයක්‌ වතුරේ බහා තැබුවත් එහි චිත්‍ර නොමැකේ “ලාල් ඩිබ්බා” “පාගල් බාබා” නම් සුප්‍රකට සාධුවරයා “ශතාවර් පත්” උපයෝගී කරගෙන හනුමන් භක්‌තියෙහි බලා බලා සාධන ප්‍රාප්ත කළ අයෙකි.

දක්‍ෂිණ වෘත ශංඛ(- මෙම ශංඛය කලාතුරකින් කෙනකුට හමුවෙයි. එමෙන්ම ශංඛ ත්‍රිවිධයි නර, මෘදු, නපුංසක යනුවෙන් හැඳින්වෙන දක්‍ෂිණ වෘත ශංඛයන්ගෙන් මෘදු හා නපුංසක ශුභ පල අතින් හීනයි. එහෙත් නර ශංඛය මහානුභාවය ඇති පූර්ණ වස්‌තුවකි. දේව රාජ ආදී අභිෂේකයන්හි මෙය ප්‍රධාන ශුභ ලක්‍ෂණයයි.

මෙවැනි නර වර්ගයේ දක්‍ෂිණවෘත ශංඛයක්‌ දකුණු ඉන්දියාවේ “රාමේශ්වරම්” දේවාලයේ තිබේ. ශංඛය සෞභාග්‍ය හා ධන සම්පත් ගෙන දෙන අගනා ශුභ වස්‌තුවකි.

කෘලි තුං(- රාජස්‌ථානයේ වනාන්තරවල වැවේ. මෙහි මුදුන් කොටස, එහි මුදුන් කොටස කපා වසර දහයක්‌ පැරැණි හකුරු සමඟ අඹරා ශරීරයේ කැපුණු අංගයක්‌ පැයක්‌ තුළදී ප්‍රකෘති තත්ත්වයට ගත හැකි වෙයි. බද්ධ වීමේ බලයක්‌ ඇති මතයක්‌ ඇත. හමද ලියලා වෙනසක්‌ නැතිව පෑසේසෙයි. මෙය තාන්ත්‍රික ග්‍රන්ථයේ ඉතා ඉහළින් වර්ණනා කොට ඇත. සාධුන්ගේ ජල පාත්‍රය ලෙස ප්‍රයෝජනයට ගනී.

සමුද්‍රයේ මීන මුක්‌ත(- උකත්ථා නමැති සමුද්‍රයේ ජීවත් වන මාළුවෙකුගේ හිසෙහි ඇති මුතු විශේෂයක්‌ වන බවත් තාන්ත්‍රික කර්මයන්හි ප්‍රමුඛස්‌ථානයක්‌ ගනී. ගම්මිරිස්‌ ඇටයක ප්‍රමාණයෙන් යුත් දුඹුරුපැහැති මේ මුතු ඉතා දුර්ලභ වස්‌තුවක්‌ නිසා අමිල ධනයන්ගේ ගණයට පිළිගැනෙන ශුභ වස්‌තුවකි.

ශ්වෙතාකි(- රාජස්‌ථානයේ වැවෙන ආක්‌ හෙවත් ආකඩා නමැති පැළෑටියකි. තාංත්‍රික ග්‍රන්ථයේ මෙය zඅකීZ නම් වේ. සුදුපාට කොළ ඇති අකී පැළයේ නිල්පාට මල් ඇත. ලක්‍ෂයකට දෙකකට එකක්‌ සුදුමල් පිපේ. මේ සුදු මල් හා කොළ සහිත ශ්වේතාකි පැළයේ මුලෙහි දක්‍ෂිණවක සොඬය ඇති ගණදෙවි රුවක්‌ අංකිතව ඇත. ස්‌වභාව ධර්මයේ හාස්‌කමක්‌ හැටියට සළකන මෙවන් ශ්වේතාකි මුලක්‌ පූජා කක්‍ෂෙයෙහි තැබුවේ නම් ඒ හිමියා ධන කුවේරයකු වේ. සෘද්ධි සිද්ධි ධන නිධානයක්‌ වන මෙය යම් නිවසක ඇතොත් එය ධනලක්‍ෂ්මිගේ නිවාස ස්‌ථානයයි. සමහරුන් නිල්මල් සහිත ස්‌වේතාකි පැළයෙහි මුල්වල ගණපති රූපය චිත්‍රයට නගා පූජාකරති. එයින් සෞභාග්‍ය සැලසෙන බව ඔවුන්ගේ මතයකි.

ස්‌වභාව ධර්මය විසින් මිනිසාගේ උපතත් සමඟ ඔහුට දායාද කර ඇති වන ඖෂධ හා ස්‌වාභාවික වස්‌තුන් රැසක්‌ මහා පෘතුවියේත් මහ මුහුදේත් ඇත. මේ හැම එකක්‌ම ඔහුගේ කායික හා මානසික සංවර්ධනය සඳහා නිර්මාණය වූයේ වේ, අද වර්තමානයේ මේ වටිනා වස්‌තූන් ගිලිහී ගොස්‌ ඇත. එමෙන්ම මෙවන් වස්‌තූන් හමුවුවත් ඒවාට ගුප්තමය බලයද කැවිය යුතුයි. එවිටයි එයින් නිසිඵල උදා කරදී ඔබට සෞභාග්‍ය, නිරෝගීභාවය හා මහා ධනස්‌ කන්දයක්‌ ගෙන ධන කුවේරයකු වන්නේ. මෙවන් ශුභ වස්‌තුවක්‌ තුළට ගුප්ත බලය යොදන එක්‌ මංත්‍රයක්‌ මෙසේය.

ඕං ත්‍රී පුර තේජ මහා විෂ්ණු රූපා නිර්මල සිද්ධි බුද්ධි සුර පූජිතෝ මහා ලක්‍ෂමී ස්‌වරූපිණී ජගත් මහා ධර්ම මෝක්‍ෂ පද්මා දාරී තදබ්ද අම්බුජ දක්‍ෂිණශංඛ වක්‍ර ගදා හස්‌ථෙ හරම් හර හර ශඛ රාජෝ දිෂ්ඨි දිෂ්ඨි නැමි නැමී බන්ධ බන්ධ ඒශවා ශිව නාරා යනේ නමඃ

මෙයින් අක්‍ෂණශංඛයක්‌ පුද වර්ග තබා යහනේ තබා ජපකර නිවසේ තැබීමෙන් එයින් ලැබෙන ඵලයන් කිව නොහැක.

We found this article from Divaina on 2012/11/02.
Also Sinhala to English Google word to word translation can be found here