නව වසරේ ජය පතා ශ්‍රී ලක්‍ෂ්මී නමදින්න

2384
ශ්‍රී ලක්‍ෂ්මී
ශ්‍රී ලක්‍ෂ්මී

ශ්‍රී ලක්‍ෂ්මී දෙවඟන වූ කලී සකල ඓශ්චර්යයටත් සර්ව සෞභාග්‍යයටත් අධිපති දෙවඟන ලෙස අනාදිමත් කාලයක සිට බැතිමතුන්ගේ අතිශය ගෞරවයටත් භක්‌තියටත් පාත්‍ර වන්නා වූ දෙවඟනකි.

සර්ව ශුභවාදී දෙවඟනක්‌ ලෙස පෙනී සිටිමින් සාමය සමෘද්ධිය, සශ්‍රීකත්වය, රූපශ්‍රීය, සුගන්ධය, ධනය, අලංකාරය වැනි ශූභවාදී සම්පත් සකල ලෝකවාසී සත්වයාට දානය කරන්නා වූ ශ්‍රී ලක්‍ෂ්මී දේවියගේ ඇල්ම බැල්ම නිවසට ලැබීමෙන් නිවැසියන්ගේ සියලු දුක්‌ කරදර මඟහරවා සකල සෞභාග්‍යය උදාකරගත හැක්‌කේය.

ඒ සඳහා බදාදා දිනවල හිමිදිරි පාන්දර නිවසේ සියලුදෙනා එක්‌ව බුදුන් වැඳ සෙත්පිරිත් සඡ්ජායනා කර දෙවියන්ට පිංපෙත් අනුමෝදන් කිරීමෙන් අනතුරුව නිවසේ මැද බ්‍රහ්මපාද කොටුවේ උස ආසනයක ශ්‍රී ලක්‍ෂ්මී දෙවඟනගේ පිළිරුවක්‌ ඊසාන දිශාවට මුහුණලා තබන්න. (සතියේ කිසිම දිනයක ඊසාන දිශාවේ මරු නොසිටින බැවින් උතුම් වූ කු=සලමය කටයුතු සඳහා එම දිශාව ඉතාමත් සුබ වේ).

අනතුරුව පිරිසිදු ගිතෙල් පහනක්‌ ඇය වෙනුවෙන් කැපකර දල්වන්න. රතුනෙළුම් මල් පූජා කරන්න. නෙළුමක්‌ තම ආසනය කරගත් බැවින් ඇය නෙළුම් මලින් පිදීම වඩාත් යෝග්‍ය වන අතර ඇයගේ වාසස්‌ථානය බෙලිගස බැවින් බෙලි ගෙඩියේ කටු වියළා කුඩුකර සාම්බ්‍රාණි සමග කලවම් කර දුම් ඇල්ලීමද බොහෝ කටයුතු සාර්ථක කරගත හැකි ක්‍රියාවකි.

මෙලෙස ශ්‍රී ලක්‍ෂ්මී මල් පහන් සුවඳ දුමින් පුදා පිං අනුමෝදන් කර පහත සඳහන් මහා බලගතු ලක්‍ෂ්මී ස්‌තෝත්‍රය 21 වරක්‌ නිවසේ සියලු දෙනා එක්‌ව එක හඬින් ගායනා කර තම තමන් ප්‍රාර්ථනා කරන්නාවූ සියලු අභිමතාර්ථ ඉටුකර දී නිවසේ සර්ව සුබසිද්ධියත් සෞභාග්‍යයත් උදාකර දෙන මෙන් බැතිබරව කරන ඉල්ලීමෙන් ඔබගේ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ශ්‍රී ලක්‍ෂ්මී දෙවඟනගේ ඇල්ම බැල්ම නිරතුරුවම ඔබ වෙත උදාවනු ඇත.

ශ්‍රී ලක්‍ෂ්මී ස්‌තෝත්‍රය

නමස්‌තෙ මහා මායෙ – ශ්‍රී ජිසේ සුර පූජිතේ

ශංඛචක්‍ර ගසා හස්‌තෙ – මහා ලක්‍ෂ්මී නමස්‌තුතේ

නමස්‌තු ගරුඬා රූඬෙ – කොලා සුර භයංකාරි

සර්ව පාප හරේ දේවි – මහා ලක්‍ෂ්මී නමස්‌තුතේ

සර්ව දුක්‌ඛ හරේ දේවි – මහා ලක්‍ෂ්මී නමස්‌තුතේ

සද්ධි බධදී පුදේ දේවි – භුක්‌ති මුක්‌ති ප්‍රදායිනී

මන්ත්‍ර මූර්ති සදා දේවි – මහා ලක්‍ෂ්මී නමස්‌තුතේ

ආධ්‍යනා රහිතෙ දේවි – ආධ්‍ය ශක්‌ති මහෝදයා

යොගජෙ යෝග සංභූතෙ – මහා ලක්‍ෂ්මී නමස්‌තුතේ

සථුල සුක්‍ෂ්ම මහා රෞද්‍ර – මහා ශාන්ති මහෝදරේ

මහා පාප හරේ දේවි – මහා ලක්‍ෂ්මී නමස්‌තුතේ

පද්මාසන කර්මතේදේවි – පරබ්‍රහම් ස්‌වරූපිනි

පරමෙශ ජගන් මාතා – මහා ලක්‍ෂ්මී නමස්‌තුතේ

ශ්වේතාම්බර් මරේදේවි – නානා ලංකාර භූෂිතෙ

ජයත් ස්‌ථිතෙ ජගන් මාතා – මහා ලක්‍ෂ්මී නමස්‌තුතේ

We found this article from Divaina on 2013/01/04.
Also Sinhala to English Google word to word translation can be found here