නුවණට අධිපති ගණපති

0
623
ගණපති
ගණපති

[ratings]

පුරාණයේ සිට අද දක්‌වා භාරතීය හිංදි හා ද්‍රවිඩ ජනයා ගණදෙවියන්ට ඉමහත් භිය සම්ප්‍රයුක්‌ත භක්‌තියක්‌ දක්‌වන්නේ ”ගණපති දෙති නුවණ” යන විශ්වාසයක්‌ මතය. ගනේෂ නමින් හැඳින්වෙන මෙම දෙවියා ස්‌කන්ධ දෙවිඳුගේ සහෝදරයකු බව හින්දු සාහිත්‍යයේ මෙන්ම ද්‍රවිඩ සාහිත්‍යයේද දක්‌වා ඇත. මෙම දෙවිඳුන්ගේ මවසහ පියා පාර්වතී සහ ඊශ්වර දේවතාවන් වෙති. ගණදෙවියන්ගේ ස්‌වරූපය මේ ශ්ලෝකයෙන් දක්‌වා ඇත්තේ මෙසේය.

චතුර් භූජම් ත්‍රී නේත්‍රංච-ගජා චක්‍රම් මහෝදරම්

දන්ත වේසවිය හස්‌තේන- ලෙඩ්ඩුකම් වාම හස්‌ථිනේ

අංකුසම් පාසා වෛව – අපරද්වය හස්‌ථිනේ

අත්හතරක්‌ද, නෙත් තුනක්‌ද,ඇත් මුහුණක්‌ද, මහා උදරයක්‌ද, දකුණතෙහි දළ කැබැල්ලක්‌ද,වමතෙහි මෝදක යක්‌ද, ඉතුරු අත් දෙකෙහි එකක අං කුසයක්‌ද, අනිකෙහි පාශයක්‌ද ඇති අතර මොහු නම් 108 කින් හැඳින්වේ.

මෙහි අත් හතරනම් සතර දිශාවෙහිම පැතිර පැවතීමයි. නෙත් තුන නම් සාමාන්‍ය ලෝකය දෙස බලන පියවි දෙඇස සහ ඥනාක්‍ෂියය. ගජචක්‍රය නම් ප්‍රණාමංකාරයෙන් යුතු මුහුණය. එනම් ”ඕම්” යන අක්‌ෂරයේ සටහනින් යුක්‌ත වීමයි.

ඕම් යනු ආ, ඊ, ඌ, ඒ. ඕ. යන පංච ප්‍රාණාක්‍ෂර ඒක්‌වත්ව උසුරු වීමෙහිදී ඇතිවන හඬය. මෙහි අදහස සියලුම ශබ්ද අඩංගු බවයි. මහා උදරය නම් සකල ලෝකය දැරීමය. දකුණු අතෙහි ඇති දන්තය ලේඛන කලාවේ චින්තනයයි. ඇතුළත සකුරු දමා පිටතින් පිටි වැස්‌මකින් ආවරණය කළ කැවිල්ල මෝදකයයි. ලෝකය පුරා පැතිර වසා සිටුනා මායා වැස්‌ම බිඳහරින තුරු ජීවිතයේ ප්‍රණීත මිහිර ලබාගත නොහෙන බව ඉන්පැවසේ. අංකුශයේ හා පාශයෙන් ප්‍රණීත වනුයේ වරදකරුවන්ට සුදුසු දඬුවම් දීමෙන් හික්‌මවා ලිය යුතු බවය. ගණදෙවිගෙ වාහනය මූෂිකයෙකි. මූෂික යනු කපටි සොර ගතියෙන් පිරීගිය මීයෙකි. ඌ මැඩ ඔබා ගැනීම නම් වංචා කපටිකම් මර්දනය කිරීමයි.

සුරාසුර යුද්ධය ජයගත් සුචිස්‌සර හා ක්‍රිෂ්ණා විසින් ගණදෙවියන් පිදූ බව ලලිත විස්‌තරයේ හා මහා භාරතයේ පැහැදිලිව සඳහන්වේ. ගණපති පිදීම පුරපක්‍ෂයේ සතරවැනි දිනය නිසා එයට ”විනායන චතූර්”යෑයි කියති.

මහනුවර යුගයේ විසූ අත්තරගම කවියා ගණදෙවිහෑල්ල නමින් කාව්‍ය පොතක්‌ද රචනා කොට ඇත. මහනුවර යුගයේදී ගණදෙවි පිදීම සිරිතක්‌ වශයෙන් කල බව ඉන් පැහැදිලිවේ.

කුඩා ළමුන්ට අකුරු කියවීමේදී මෙන්ම යන්ත්‍රමන්ත්‍ර ජීවමකදී විශේෂයෙන් ඥනාභිවන්දනය හෙවත් ගණදෙවි පිදීම කළ යුතුමයි. එනිසා පන්සල් අධ්‍යාපන පුස්‌තක නාමාවලියේ ගණදෙවි හෑල්ලට විශේෂ සැලකිල්ලක්‌ දක්‌වා ඇත. පැරැන්නන් අතර ගණදෙවියන් සතුටු නොකර ශාස්‌ත්‍ර වරප්‍රසාද පිහිටන්නෝ නැති බවට විශ්වාසයක්‌ද තිබිණි. එනිසා තුටු පඳුරු පූජාවට්‌ටියක්‌ මේ ආකාරයට තබා වරප්‍රසාද දිනා ඇත.

අග්ගලා කොමලිනා – තල කැරැලි විලඳිනා

මල්කැවුම් රොටියෙනා – වෙල්ල වැහැනුත් තනා

පුලුක්‌ භෝජන තනා – ලාලුයක්‌ පැටි යෙනා

කිරි උණ්‌ඩ පුත නා – අක්‌සුණුද ඉසිමිනා

මොර හිඹුටු දම් පනා – අඹ දඹද ඇටඹිනා

පළුවීර ඩෙබරි නා – කෑලි විලි කුම්මනා

මෙයින් පෙනෙන්නේ කැවිලි වර්ග පමණක්‌ නොව ගඩා ගෙඩි ආදී පලතුරුද තබා ගණදෙවි පුදන බවයි.

ආදීන යුගයේ අකුරු ලිවීමේ හුරුව ලැබුවේ වැල්ලේ ලියමින්ය. ඊට පෙර ගුරුන් වෙත දක්‌වන අහිංසක බැල්ම හා ආදරය මෙසේ පිළිබිඹු වෙයි.

ගුරුන් දෙස බල මිනේ – වැඳවැටී එම දිනේ

අවසරය අර ගෙනේ – දැකුම්දී දකිමිනේ

සෝඩියද ගෙන තිනේ – කියා සිත් ලෙස දනේ

පිල්ලම්ද කිය මිනේ – වැල්ලේද ලියමිනේ

එදා අධ්‍යාපනය ලැබීමේදී ගුරුන්ට කළසැලකිල්ල කෙසේද යන්න වටහා ගනිමු.

පුරාණයේ සිට අදත් භාරතීය ඉන්දියානු හිංදි, මලයාලි, ද්‍රවිඩ ජනයා තම දරුවාගේ බුද්ධිය, නුවණ වර්ධනයවී නුවණ ලැබ යහපත් ඉගෙනුමකින් පූර්ණවී මහාපඬිරුවනක්‌ වීමට ගණදෙවියත් පුදා මෙම ස්‌ත්‍රොaත්‍රය 21 වරක්‌ කියවා මංත්‍රයෙන් 1008 වරක්‌ ජපකර ගැනීම රහසක්‌ නොවේ.

ස්‌ත්‍රොaත්‍රය

සම්මුඛ දෙවෙන්ද්‍ර හාතා සර්වසාස්‌ත්‍ර ගීතං

C¹ණ්‌දකදනා නරනාරිනං සත්තං

ගෞරී ප්‍රිය පුප දේවරාජාමතී ශෙෂ්ඨං

බන්දාම්‍යං ගණේෂ්වර දේව රාජං

මන්ත්‍රය – ඕං කිලි අං උං… මෙම අකුරු මැදට යොදා රන්, රිදී හෝ තඹ පතක ත්‍රිකෝණාකාර කොටුව ඇඳ සුරයක බහා පැළඳීම. ”ගණපති දෙයි නුවණ”

We found this article from Divaina on 2012/01/20.
Also Sinhala to English Google word to word translation can be found here