පංච ශීලය ආරක්‌ෂා කිරීම තරම් ලෙහෙසි පහසු පුණ්‍ය කර්මයක් බුදුදහමේ නැත. ඒ සඳහා රුපියල් ලක්‌ෂ කෝටි ගණන් තබා ශත 5 ක් වත් වැය කිරීමට අවශ්‍ය නැත. වයස අවුරුදු 13 සිට ජීවිතාන්තය දක්‌වා එම ශීලය ආරක්‌ෂා කරන්නේ නම් නිවන් දැකීමටත් හැකියාව ඇතැයි බුදුදහමෙහි සඳහන්ය. බුදු දහමෙහි ශීල වර්ග කීපයක් ඇත. පංචශීලය, අට ශීලය, දස ශීලය ආදී වශයෙන් ශීල වර්ග බොහෝය. එයින් පංචශීලය සෑම බෞද්ධයෙක්‌ම ඉතාමත්ම හොඳින් පිළිපැදිය යුතු ශීලයෙකි. ආරක්‌ෂා නොකරන්නා නමට පමණක් සීමා වූ වංචනික බෞද්ධයෙකි. දස රජ ධර්මයේත් දෙවන කාරණය වශයෙන් සඳහන්ව ඇත. පංච ශීලයේ 5 වන ශිල්පදය සුරාමේරය මඡ්ජපමා දශ්ඨානා වේරමණී ශික්‌ඛා පදං සමාධියාමි යන්නයි. එම ශිල්පදය කැඩීමෙන් අනිත් ශිල්පද 4 ම කැඩීමට හේතුවේ.
අධික ලෙස මත්ද්‍රව්‍ය පාවිච්චිකර කල කෝලාහලවලට පැටලී ඥති මිත්‍රාදීන් පවා මරා දැමීමට හේතුවේ. එයින් 1 වන ශිල්පදය කැඩේ. එම පාප කර්මයෙන් මනුෂ්‍ය ලෝකයේ නැවත ඉපදුණ හොත් හදිසි අනතුරුවලින් මරණයට පත්වීමටත් අල්ප ආයුෂ ගතකිරීමටත් හේතුවේ. මත්ද්‍රව්‍ය පාවිච්චිකර වැරදි වැඩ කිරීමෙන් තමන් සතු මිල මුදල් හානිවීමෙන් පසු නැවත එම මිල මුදල් ලබාගැනීමට අල්ලස, හොරකම, වංචාව වැනි දේ කිරීමට හේතු වේ. එයින් 2 වන ශිල්පදය කැඩේ. එම පාප කර්මයෙන් මනුෂ්‍ය ලෝකයේ නැවත ඉපදුනහොත් තමන් සතු ධනය විනාසවන, අනුන්ගේ ධනය සොරකම් කරන සිරගෙවල්වල දික්‌විඳින, දුක් ජීවිතයක් ගතකරන අයෙක් වේ. මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් පසු ලඡ්ජාව හා භය නැතිවී නොයෙක් විදියේ සල්ලාල ක්‍රියාවන්ට පෙලඹීමට හේතුවේ. කාන්තාවනුත් 40% ක් පමණ මත්පැන් පානය කරන අය සිටින බව සඳහන්ය. එය කිව නොහැකි තරම් මහා පරිමාණයෙන් සිදුවන පාප කර්මයකි. වර්තමානයේ ගී්‍රස් යකුන්ද සිටින බව සඳහන්ය. එයින් 3 වන ශිල්පදය කැඩේ. එම පාප කර්මයෙන් මනුෂ්‍ය ලෝකයේ උපදින ගැහැනු පිරිමි කිසිවෙකුට සාර්ථක යුග දිවියක් ගත කිරීමට නොහැකි වේ. අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් වීමටද හැකියාව ඇති නොවේ. නැවත නැවතත් එම පාප කර්මයම කර අපාගතවීමට හේතුවේ. වෙරිවීමෙන් පසු බුද්ධිය හීනවීමෙන් බොරු කේලාම් හා ඇනුම්, බැණුම්, ගැරහුම් කිරීමට පෙළඹේ. එයින් 4 වන ශිල්පදය කැඩේ. එම පාප කර්මයෙන් මනුෂ්‍ය ලෝකයේ උපදින්නන් මන්ද බුද්ධිකයන් වීමත්, ගොලුවන්, බිහිරන් වීමටත් හේතුවේ. 5 වන ශිල් පදය කැඩීමෙන් ඉහත සඳහන් සියලුම පාප කර්ම කරන අයෙක් වේ. ඔහුට ඉහත සඳහන් සියලු දුක් ජීවිත ගත කිරීමට හේතුවේ. මේ ලෝකයේ ජීවත්වන සෑම සත්වයෙක්‌ම දුක්‌විඳින බව බුදුන් වහන්සේ දේශනාකර ඇත. සෑම මනුෂ්‍යයෙක්‌ම නොයෙක් විදියේ දුක් විඳීමට හේතුවන්නේ ඉහත සඳහන් පාප කර්ම කිරීමෙනි. එම පාප කිරීමෙන් වැළකී පංච ශීලය ආරක්‌ෂා කරන්නාට ධර්මචාරීව සාර්ථක අන්දමින් ජීවත්වී බුද්ධිමත්ව කටයුතු කරන අවංක ප්‍රගතිශීලී අයෙක් වේ. දීර්ඝායුෂ ගතකිරීමටත් හේතුවේ. මෙසේ වසර 2500 කට වැඩි කාලයක් වාර 30 ක් 40 ක් තමා ජීවත්වූ ප්‍රදේශයේම මැරී ඉපදී ජීවත් වුවහොත් මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමටත් හැකියාව ඇතැයි පොත පතෙහි සඳහන්ය.
සිදුහත් කුමරු ගිහි ජීවිතය ගත කරන කාලයේ වර්තමාන ඉන්දියාවේ තම උත්පත්තිය ලැබූ ප්‍රදේශයේත් අවට ප්‍රදේශවලත් මනුෂ්‍යයන් ගතකරන ජීවිතය අධ්‍යයනය කළේය. නොයෙක් විදියේ කම් සැප විඳිමින් නොයෙක් විදියේ සැප සම්පත් විඳිමින් කාම සුඛල්ලිකානු යෝගවත්, නොයෙක් විදියේ අඟහිඟකම් ඇතිව ශරීරයට දුක් දෙමින් අත්ථකිලමතානු යෝගවත් මනුෂ්‍යයන් බොහෝ දෙනෙක් ජීවත්වන බව අවබෝධ කරගත්හ. සිදුහත් කුමරු ගිහිගෙය අත්හැර අවුරුදු 6 ක් භාවනානුයෝගීව දුක් ජීවිතයක් ගතකර බුද්ධත්වය ලබා රට වැසියාට විමුක්‌තිය ලබාදීමට කටයුතු කළ සේක. ඒ සඳහා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් දානය, ශීලය, භාවනාව යන පුණ්‍ය කටයුතු කිරීමට 45 අවුරුද්දක් බුදුදහම දේශනා කළ සේක. ඒ තුළින් සියලුම සත්වයන් හැකිතාක් සසරින් එතෙර කරවීම සඳහා කටයුතු කළ සේක.
වර්තමාන ලෝකයේ ජපානය, චීනය, තායිලන්තය යන රටවල බෞද්ධයන් විශාල පිරිසක් සිටින බව සඳහන්ය. බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ බෞද්ධයන් 12,210,000 ක් සිටින බව සඳහන්ය. මේ අයගෙන් සියයට දෙදෙනෙක්‌වත්, තුන්දෙනෙක්‌වත් දිනපතා පංච ශීලය ආරක්‌ෂා කරන්නන් නොවේ. ස්‌වාමීන් වහන්සේලාත් නොයෙක් විධියේ රැකී රක්‌ෂා කටයුතු කරන අය බොහෝය. සතියේ බොහෝ දිනවල ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් කරන ධර්ම දේශනා බොහෝමයක් මා අසා ඇත. ඒ කිසිවකු බුදුන් වහන්සේ දේශනා කළ කාම සුඛල්ලිකානු යෝගය, අත්තකිලමතානු යෝගය, මධ්‍යම ප්‍රතිපදාව, දින පතා පංච ශීලය ආරක්‌ෂා නොකිරීමෙන් ඇතිවන අශුභ ඵල විපාක ගැන කිසිම ස්‌වාමීන්වහන්සේ නමක් දේශනා කරන්නේ නැත. 2600 සම්බුද්ධත්ව ජයන්තිය පසුගිය වෙසක් මාසයේ පැවැත්විය. රුපියල් ලක්‌ෂ කෝටි ගණන් වැය කර කොළඹ ප්‍රදේශයේ මහා පරිමානයෙන් නොයෙක් විදියේ උත්සව පැවැත්වූහ. එයින් කිසිම පුණ්‍ය කර්මයක් සිදුවූයේ නැත. උත්සවවලට සහභාගි වූවන්ගේ ඇස්, කන් ආදී ඉන්ද්‍රියයන් පිනවීමක් සතුටක් ඇතිවීම පමණයි සිදුවූයේ. එල්ලාවල මේධානන්ද හිමියන් පසුගිය සැප්. 6 වැනි දින ලක්‌බිම පුවත්පතට මෙතරම් දහම විකෘති කළ යුගයක් ඉතිහාසයේවත් නැහැ යන්න ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රකාශයත් එම ලිපියේ සඳහන් හැම කරුණක්‌ම ඉතාමත්ම නිවැරදිය. බුද්ධිමතුන් කර ඇති මෙවැනි ප්‍රකාශන පොත්පත්වල බොහෝ සඳහන්ය. මේ 21 වැනි ශත වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ බුද්ධ ධර්මය යන වචනය පවා අතුරුදන් වන බවත්, සිල්වත් භික්‌ෂූන්ගෙන් හිස්‌වන බවත්, මහජන අනුකම්පාවෙන් බණ පිරිත්, අර්ථයෙන්, ධර්මයෙන් දේශනා කරන භික්‌ෂුවක් ගැන අසන්නටවත් නොලැබෙන බවත්, භික්‌ෂූහු ප්‍රසිද්ධියේම නොයෙක් ක්‍රමයේ වෙළෙඳ ව්‍යාපාර රැකී රක්‌ෂා කිරීමට පටන්ගන්නා බවද සඳහන්ය. මෙය ඇස්. ඩබ්ලිව්. කස්‌තුරිරත්න සූරීන්ගේ ගෝචර ඵල නමැති ජ්‍යෙdතිෂ ග්‍රන්ථයේ දැක්‌වෙන කරුණුය. බුදුබව ලබාදෙන බව පවසමින් බැතිමතුන් විශාල පිරිසකගෙන් රු. ලක්‌ෂ 60 සහ 70 දක්‌වා මුදල් ලබාගෙන ඇති බව ජපන් ජාතික කාන්තාවක් ශ්‍රී ලාංකිකයකුගේ සහාය ඇතිව පවත්වාගෙන යන කොල්ලුපිටියේ පිහිටි මධ්‍යස්‌ථානයක් ගැන පුළුල් පරීක්‌ෂණයක් පවත්වාගෙන යන බව පසුගිය දිනක ලංකාදීප පුවත්පතේ සඳහන්ව තිබිණි. මෙසේ බුදු බව ලබාගැනීමට මුදල් වැයකර ඇත්තේ බැතිමතුන් නොව පසුගිය ආත්මයේ 4 වැනි ශිල්පදය කඩා ඇති මන්ද බුද්ධිකයන්ය. මේ 21 වන සියවසෙහි බුදුදහම විනාශයට පත් වන බව පොත පතෙහි සඳහන්ය. ඉහත සඳහන් සිදුවීම එය සනාථ වීමට හේතුවකි.
ශ්‍රී ලංකාව බෞද්ධ රටකි. සෑම බෞද්ධයෙක්‌ම දිනපතා පංච ශීලය ආරක්‌ෂා කළ යුතුය. පංච ශීලය ආරක්‌ෂා නොකරන්නා නමට පමණක් සීමා වූ වංචනික බෞද්ධයෙකි. බුද්ධ ධර්මය තුළ ලෞකික ආශාවන්ට කිසිම තැනක් නැත. පංච ශීලය ආරක්‌ෂා කරමින් ධර්මචාරීව ජීවත්වන මනුෂ්‍යයාට සාර්ථක අන්දමින් ජීවත්වී සාර්ථක ලෙසින්ම මරණයටද හේතුවේ. එසේ මරණයට පත්වන්නා අන්තරාභවයට එක්‌වී අවුරුදු 1 1/2 කට වැඩි කාලයක් තමා ජීවත් වූ ගමේ තම නිවස අසල හෝ ඥති මිත්‍රාදීන්ගේ නිවාස අසල සැරිසරා මතු උපතට යොමුවිය හැකි ස්‌ථානයට ගොස් මෑණියන්ගේ කුසට ඇතුල්වී මාස 9 ක් 10 ක් ගිය තැන මෙලොවට බිහිවී යහපත් ආර්ථික තත්ත්වයක් ඇතිව පස් පවින් තොරව බුද්ධිමත්ව, කටයුතු කිරීමට හා දීර්ඝායුෂ ගතකිරීමටද හේතුවේ.
We found this article from Divaina on 2013/02/15.
Also Sinhala to English Google word to word translation can be found here