ප්‍රාදේශීය මන්ත්‍රීවරයාට වඩා ප්‍රාදේශීය දෙවියන් බලගතුයි

0
821
ප්‍රාදේශීය
ප්‍රාදේශීය

[ratings]

දෙවිවරුන් අතරින් ප්‍රාදේශීය දෙවිවරු බලවත්ය. ප්‍රාදේශීය සභා නගර සභා තුළ පදිංචි ජන කොටස්‌ ගුප්තමය දේවබලයෙන් ආරක්‌ෂා කරන්නේ ප්‍රදේශයට අයත් අධිපති දෙවියන්ය. එම ප්‍රදේශ අඩවි නමින් හැඳින්වේ. යම් අත්වරදක්‌ සිදුවූ විටක ලෙඩ රෝග, අකල් මරණ බෝවන රෝග, එම ප්‍රදේශයේ වැසියන්ට තදින් වැළඳීම අපි ඇස්‌පනා පිට දැක ඇත. එසේ වූවිටක දේව කෝපයයි කියති. දෙවියන් කෝපවූ විට මුළු මහත් රටක්‌ම විනාශ වේ. එවන් ඉරණමකට පත්වූ වැසියන් එයින් මිදීමට භාරහාර, පුද පූජාවන් දෙවියන්ට පුදයි. එවිට ඉන් මිදී සුව සහනය ගෙනදෙන්නේ දෙවියන්ගේ හාස්‌කම් තුළින්ය. අද නූතන සමාජය ඒ ගැන සැළකිල්ලක්‌ නොදක්‌වන නිසා නැති කරදර ඇතිකර ගෙන තම බලාපොරොත්තුද කඩ කර ගනී.

සුජාතාවත් එදා බුදුරජාණන් වහන්සේට කිරි පිඬු දානය පූජා කළේ භාරයක්‌ ලෙසින්ය. එමෙන්ම දුටු ගැමුණු කුමාරයා එළාර රජුගෙන් අප රට බේරා ගැනීමට පුර පොහෝ දිනක නිසි පරිදි පිරිසිදුව පෙහෙවස්‌ සමාදන් වී මැණික්‌ ගඟ බඩ අසල කතරගම දෙවියන් කෙරේ සැබෑ භක්‌තියෙන් පුද පූජා පවත්වා කන්නලව් කර නිදාගත් පසු එදා රාත්‍රියේ දුටුව සිහිනය මෙනෙහි කළ විට දෙවියන් ඔහුට පැහැදී යුද්ධයෙන් ජය ගැනීමේ මාර්ගය පෙන්වා දුන්නේය. ගැමුණු කුමරු ඒ සිහිනය අනුව මහා සේනාවක්‌ කැටුව යුද්ධයට ගොස්‌ ජය ලබා මේ රට එක්‌සේසත් කළ බැව් ඉතිහාසයේ සඳහන් වේ. එතුමා කතරගම මහා දේවාලය ඉදි කරන ලද්දේද දෙවියන්ට පොරොන්දු වූ භාරය ඔප්පු කිරීම සඳහාය.

එක්‌ එක්‌ පළාත්වලට අධිපති දෙවිවරුන් විවිධයි. ඔවුන්ට අයත් පුද පූජා, ස්‌ත්‍රොaත්‍ර, ගාථා, අෂ්ඨක, දැහැන්, මාත්‍රා ආදියද වෙනස්‌ය. ඒ නිසා ප්‍රාදේශීය දෙවිවරුන්ට බාර හාර වීමේදී හැකි තරම් ගුණගරුක විය යුතුයි. සතුන්ට හිංසාවන පරිදි සත්ව ඝාතනවලින් තොරව භාරයන්ද විය යුතුයි. ප්‍රාදේශීය ශාසනාරක්‌ෂ සම්‍යදෘෂ්ඨික දෙවිවරුන් එවැනි හිංසාවාදී ක්‍රියා ගැන අවඥ සහගතව හිතන නිසා එවන් භාරවීම් ආදිය පොරොන්දු නොවිය යුතුයි. පොදුවේ මානව සමාජය යහපත් කිරීමට, නැති බැරි අයට පිහිටවීමට, භාරවීමෙන් තමාට යහපතක්‌ ඇතිවේ. එමෙන්ම තමා භාරවූ පොරොන්දු වූ භාණ්‌ඩයක්‌ද රහසක්‌ වශයෙන් තම හිතේ සඟවා තබා ගත යුතුයි. එවන් භක්‌තියෙන් පුද පූජා තබා කරන කන්නලව්, සෙත්කවි, ආදියෙන් තම අදහස්‌ ඉටුවේ.

එක්‌ එක්‌ අඩවියෙන්, අඩවියට, නැතහොත් ප්‍රදේශයෙන් ප්‍රදේශයකට යන විට කොලඅත්තක්‌ කඩා ගසක එල්ලා යැම, පොල් ගෙඩියක්‌ එල්ලීම, පඬුරක්‌ ගැට ගසා යැම ආදීන යුගයේ සිට පැවත එන දේවතා සම්ප්‍රදායකි. එසේ කරන්නේ ජීවිත ආරක්‌ෂාව සඳහාය. අනතුරු ආදියෙන් මිදීමටය.

කුමන පළාතක වුවද දේව සම්ප්‍රදායේ මූලික ලක්‌ෂණ එක හා සමානය. උපදින වේලාවට අනුකූලව සකස්‌කරන වේලා පත්කඩ හැම අයකුටම ඇත. මෙම ජන්ම කේන්ද්‍රය අනුව එක්‌ එක්‌ අයගේ අනාගතය කාලයේ. වකවානුව අනුව සකසා ඇත. රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු යන නවග්‍රහයන් නවදෙනා සඳහා නියමිත කාලය වර්ෂ 120 කි. නමුත් කෙනෙකු උපදින්නේ යම් ග්‍රහයකුගේ ග්‍රහ කාලය තුළය. ග්‍රහබල අතුරු දශා, මහා දශා ඇතිවී සමහර කාලවල ඒ ඒ පුද්ගලයාට යහපත් කාලයක ලකුණු පෙනෙයි. අයහපත් අශුභ කාලයක්‌ උපද්ද්‍රවක්‌ ගෙනදෙන කාලද ඇත. මේ කාලයන් තුළ බලවත් අපල ඇතිවූ විට දක්‌ෂ ජ්‍යෙතිෂ්‍යඥයන්ගේ පිහිට පැතිය යුතුයි. අපල සමන කරගැනීමට උපදෙස්‌ පැවතිය යුතුයි.

අද මෙවන් සංස්‌කෘතිකව පැවත එන දේවතා පිදුම් වෙනුවට, තමාගේ ශුභ කටයුතු ආරම්භයට පෙර ගෙරිමස්‌ කා, කසිප්පු. අරක්‌කු ආදී මත්වතුර ආදියෙන් ඔවුන්ගේ බඩ කට පුරවා දේව ස්‌ත්‍රොaත්‍රයන් වෙනුවට බජව් ගී කියමින් නටා ඉක්‌මවා ගිය වෙරි මතින් අනුන්ගේ ගෙවල් ගිනිතබා, පොඩිකරමින්. මිනීමරමින්, පොලු මුගුරු ආදියෙන් තලා පෙළා හිරිහැර කරයි. විද්‍යමාන දෙවිවරුන්ට අගෞරව වන සේ සුරා යකුගේ දිෂ්ඨයෙන් යකා නටන බෞද්ධයන් අන්තයටම පිරිහී ඇත.

එනිසා අනාගතය ගැන සිහි කොට කටයුතු කිරීමට රට සරු කිරීමට, ප්‍රදේශය, පළාත, ගම සරු කිරීමට පළමුව ගුණ දහමින් පූර්ණව ප්‍රාදේශීය දෙවියන්ගේ පිහිට පතා භාර හාරයන් විය යුතුය. එවිට ඔබගේ ජයග්‍රහණය, සිතුම් පැතුම් කිසිම දිනක වරදින්නේ නැත. දෙවියන්ගේ ආශීර්වාදයෙන් ජය ලබන්නා සදාකල් දෙවියන් මෙන් රටක බබළයි.

කැස්‌බෑව ආසනයෙන් ඡන්ද සටනට පිවිසි සෝමවීර චන්ද්‍රසිරි මැතිතුමා සිර අඩස්‌සියේ සිට කිසිම පෝස්‌ටරයක්‌ ගෙයින් ගෙට යැමක්‌ නැතිව දේවාශීර්වාදයේ පිහිටෙන් ජය ලබා ඇමැතිවරයකු බවට පත්වුණේද දේව අනුහසින්ය.

එබැවින් ඔබත් පළමුව “නමෝබුද්ධාය” යන පාඨය තෙවරක්‌ කියා,

ජයෝහි බුද්ධස්‌ස සිරි මතෝ අයං

මාරස්‌සව පාපි මතො පරාජයො

උග්ඝෝසයුං බෝධි මණ්‌ඩප මොදිතා

ජයංතද දේවගණ මහෙසිකො

යන ගාථාව කියා “ඕං නමෝ (…. දේවතාමය කියන්න…) ශ්‍රී බලා ජය බලා දහම් ලා බුදුන් බලා ඉර බලා සඳ බලා මා බලා නමෝ දේවං වර වර බන්ධ බන්ධ ඒස්‌වාහඃ… මේ මංත්‍රය 21 වරක්‌ කියන්න ජය නියතයි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here