පෙම් හද හද යාවී ජීවීතයම රස මිහිරක්‌ වේවි

0
803
පෙම් හද
පෙම් හද

[ratings]

ඈත අතීතයේ පටන් අද දක්‌වාම කාලය තුළ නොයෙකුත් අන්දමේ ප්‍රේම කතන්දර අපට අසන්නට ලැබී ඇති අතර මතුවටත් අසන්නට දකින්නට ලැබෙනු ඇත. මා මේ උත්සහ කරනුයේ ප්‍රේම කථා ගැන ලිවීමට නොවේ. විවාහයට සම්බන්ධ වැඳගත් තොරතුරු බිඳක්‌ ජ්‍යෙතිෂය තුළින් ගෙන දැක්‌වීමටයි. පුරාණයේ රජ කිරුළට හිමිකම් කියූ සාලිය කුමරා රොඩී කුලයේ උපන් අශෝකමාලාට පෙම්බැඳ රජකම පවා ප්‍රතික්‍ෂේප කළ අතර රජ බිසවක වූ ප්‍රමිලා කුමාරියට පෙම් බැඳි දස්‌කොන් අදිකාරම්තුමාට සිය ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය. තවද රෝමියෝ ජුලියට්‌ යුවළගේ සහ රාම සීතා ප්‍රේම පුරාණයද ප්‍රේමයේ උත්තරීතර බවට ප්‍රබල සාධකයක්‌ විය හැකිය.

මෑත කාලයේද ජනමාධ්‍ය තුළින් අපට අසන්නට ලැබෙන එවැනි ප්‍රේම වෘතාන්ත අතුරින් ඉතාම ශෝකජනක සිදුවීම් කෙතරම් තිබේද? පරාජිත ප්‍රේමය නිසා දිවි නසාගන්නා පෙම්වතුන් පෙම්වතියන්ද අසම්මත ප්‍රේමය නිසා විවාහ ජීවිත අවුල් කරගන්නා අයද කෙතරම් සිටීද? සමහරු ප්‍රේම සබඳතාවයන් විවාහය දක්‌වා ගෙන ගොස්‌ යුගදිවිය ඉතා සාර්ථක කර ගන්නා අතර සමහරු යුගදිවිය අපායක්‌ කරගෙන ඇත. කෙනකුට යුග දිවිය සාර්ථක වීමටත් කෙනෙකුට යුගදිවිය අසාර්ථක වීමටත්, කෙනකුට අසම්මත ප්‍රේමය නිසා නින්දා අපහාස විඳින්නටත් දිවි පිදීමටත් කෙනෙකුට ප්‍රේමය පරාජිත වී මානසික රෝගී තත්ත්වයට පත්වීමටත් සිදුවනුයේ කුමන බලපෑමක්‌ නිසාද? දීඝගාමිණී හා උන්මාද චිත්‍රා පෙම් පුවත ගැන බලන විට එක්‌ටැම් ගෙයක සිරකර සිටි උන්මාද චිත්‍රාට දීඝගාමිණී සමග එක්‌වීමට හැකි වූයේ කෙසේද? පුරාණයේද ජ්‍යෙdතිෂය විශ්වාස කළ බවට සාධක ඇත. උන්මාද චිත්‍රා කුමරිය වැඩිවියට පත් අවස්‌ථාවේ තත්කාල කේන්දරය අනුව ඇයට පුතෙකු උපදින බවත් එම පුත්කුමරා මතු දිනක මාමලා සත්දෙනාගෙන් සය දෙනකු මරා රජ වන බවටත් තොරතුරු දැන ගන්නට ලැබුණු අතර එම අනාගත වැකිය වලක්‌වා ගැනීමට සිතා ඇයව එක්‌ටැම් ගෙයක සිරකාරියක බවට පත් කළ බව ප්‍රකට කරුණකි. නමුත් එම ජ්‍යෙතිෂමය අනාවැකිය සනාථ කරමින් එසේම සිදුවිය.

විවාහය හා ප්‍රේමය ගැන කතා කරන විට පොරොන්දමට හිමි වනුයේද වැඳගත් ස්‌ථානයකි. නමුත් පොරොන්දම් බැලීම කෙතරම් දුරට සාර්ථකද? පොරොන්දම් ගැලපීම පමණක්‌ම විවාහයක්‌ සාර්ථක කිරීමට ප්‍රමාණවත් නොවේ. ආලය ආදරය විවාහය ගැන කතා කරන විට අපගේ ජන්ම කේන්දරයේ 7 වැන්න 7 වැන්නාධිපතිගේ බල දුබලතාවය 8 වැන්න 8 වැන්නාධිපති බල දුබලතාවය 2 වැන්න 11 වැන්න හා 5 වැන්න හා එම ස්‌ථානාධිපතියන්ගේ බල දුබලතාවය මෙන්ම එම ස්‌ථාන පවරා වැටෙන ග්‍රහ දෘෂ්ඨ ගැනද බැලිය යුතුවේ. යම් යුවළකගේ ජන්ම කේන්දර වල කුමරියගේ කේන්දරයේ කුජ සිටින රාශියේ කුමරුගේ කේන්දරයේ සිකුරු සිටීම කුමරියගේ සිකුරු සිටින රාශියේ කුමරුගේ කුජ සිටීම යන කුජ සිකුරු දෙදෙනා එකිනෙකා පරිවර්තනය වී සිටීම නිසා දුටු හැටියේම ආලය බඳින අතර ඔවුන්ගේ පොරොන්දම් ගැලපීම කෙසේ වෙතත් මෙවැනි ග්‍රහ පිහිටීම් ඇති විට ඔවුන් නියම ආදරවන්තයෝ බවට පත්වෙති. මා මෙසේ කියනුයේ පොරොන්දම් ගැලපීම අනවශ්‍ය බව නොවේ. ඉහත සඳහන් ග්‍රහ පිහිටීම් ඇතිව මහා වෛර යෝනි වලට දෙදෙනා හසු නොවේ නම් එවැනි අයගේ එක්‌වීම ඉතා සතුටුදායක වේ. එමෙන්ම ස්‌ත්‍රී කේන්දරයේ රවි සිටින රාශියේ පුරුෂ කේන්දරයේ සඳු සිටීමද ස්‌ත්‍රී කේන්දරයේ සඳු සිටින රාශියේ පුරුෂ කේන්දරයේ රවි සිටීමද එවැනිම ශුභ ගැලපීමකි. මෙවන් ග්‍රහ පිහිටීම් ඇති අයගේ එක්‌වීම ඉතා වාසනාවන්ත වේ. එසේම සිකුරු බලවත් කෙනකුට සිකුරු දුර්වල කෙනකුත්, කුජ බලවත් කෙනකුට කුජ දුර්වල කෙනකුත් කෙසේවත් නොගැලපේ. කුජ සිකුරු දෙදෙනා විවාහයට ඉතාම වැඳගත් වේ.

ස්‌ත්‍රී කේන්දරයක චන්ද්‍රයා උච්ච බලයෙන් සිටීම විවාහයට ඉතා යහපත් පිහිටීමකි. නමුත් කේන්දරයේ 7 වැන්නේ සඳු සමග ගුරු සිටීම බොහෝ විට විවාහය සාර්ථක කරන පිහිටීමකි. එසේ 7 වැන්නේ චද්‍ර ගුරු යෝගය යෙදී 7 වැන්න අධිපතිද දුර්වලව අශුභ දෘෂ්ඨි ගෙන දුනහොත් විවාහය අනිවාර්යයෙන්ම අසාර්ථක වේ. ශනි කුජ දෙදෙනා දුර්වලව අශුභ දෘෂ්ඨි ලැබ 7 වැන්නේ වේ නම් ස්‌ත්‍රියකගේ නම් ස්‌වාමියාට විනාශය හා මාරකද, පුරුෂයකුගේ නම් ස්‌ත්‍රියට විනාශය හා මාරකද ගෙන දේ. 8 වැන්නේ ශනි දුර්වලව සිටියහොත් විවාහයෙන් පසු ස්‌ත්‍රියකගේ නම් ස්‌වාමියා රෝගියෙක්‌ වන අතර පුරුෂයකුගේ නම් භාර්යාව රෝගී වේ. එසේම 2 වන දෙර්කාණාධිපති වන ග්‍රහයා 7 වැන්නේ වීමද අශුභ දෘෂ්ඨි ලැබීමද 7 වැන්න අධිපතියා 22 වන දෙර්කාණාධිපති වීමද අශුභ දෘෂ්ඨි ලැබීමද විවාහ බාධකයකි. සහකරුට හෝ සහකාරියට අගුණ ගෙන දෙන අතර විවාහය අසාර්ථක බවටද පත් කෙරේ. කෙතරම් පොරොන්දම් ගැලපුනත් එවන් ග්‍රහ පිහිටීම් තුළින් විවාහය අසාර්ථක වේ. සමහර ස්‌ත්‍රී පුරුෂ දෙපක්‍ෂයේම කේන්දර තුළ අතිධාවන කාමයෝග යෙදී තිබේ. යම් ස්‌ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ 7 වැන්න දුර්වලව පාපයන්ගෙන් යුක්‌තව හෝ පාපයන්ගේ දෘෂ්ඨිය ලැබ සිටීමද ඒ සමග කුජ සිකුරු සංයෝගව සිට විශේෂයෙන් 7 වැන්න වෘශ්චික රාශිය වී කුජ සිකුරු සංයෝගව සඳුගේ දෘෂ්ඨියට ලක්‌ වීමද අසම්මත ප්‍රේමයන්ට මැදි වන බව කිවයුතුයි. එම පිහිටීම් වුවත් යම් ශුභ දෘෂ්ඨි නිසා යහපත් පැත්තට යොමු කිරීමට ද හැකියාව ඇත.

7 වැන්නාධිපති ඉතා දුර්වලව 7 වැන්න අධිපතිගේ මහා දශා අතුරු දශා ගත වෙමින් 7 වැන්නාධිපති 22 වන දෙර්කාණාධිපතිවී එම ග්‍රහයාගේ මහා දශාවක්‌ අතුරු දශාවක්‌ ගත වෙමින් ගෝචරව අශුභ ස්‌ථාන ගත වී සිටිමින් සෙනසුරු ඒරාෂ්ටක අපල ගත වෙමින් තිබීම නිසා ප්‍රේම සබඳතා හෝ විවාහය මුල්කරගෙන දිවි පිඳීමට සිදු වේ. මේ අනුව බලන විට ප්‍රේම සබඳතා පැවැත්වීමේදී හා විවාහයේදී අප ඉතා බුද්ධිමත් විය යුතුයි. ගුරු 7 වැන්නේ වීම බොහෝ විට පළමු විවාහය අසාර්ථක කිරීමට බලයි. ගුරු 7 වැන්නේ සිටින කෙනකුට ගුරු 7 වැන්නේම සිටින කෙනෙක්‌ විවාහ වීම නිසා විවාහය අසාර්ථක නොවේ. එය පමණක්‌ නොවේ ඒ සමග අනෙක්‌ කරුණුද බැලිය යුතුයි. මේ සියලුම කරුණු අප කේන්දරයේ සටහන් වන අතර පෙර ආත්මවලදී අප විසින් කරන ලද කුසල් අකුසල් අනුව අපට මෙම විවාහය සාර්ථක වීම අසාර්ථක වීම ගෙන දෙනු ඇත.

පුරාණයේ බුවනෙකබාහු රජතුමාගේ දියණිය වූ සමුද්‍ර දේවිය හා පෙම්බැඳි වීදියබණ්‌ඩාර කුමරු ඒ වෙනුවෙන් තවත් රජ කුමරෙක්‌ සමග සටන් වැඳ ඉන් ජයගෙන සමුද්‍ර දේවිය සරණපාවා ගෙන පසු කලකදී ඇය පෘතුග්‍රීසි ජාතිකයෙක්‌ හා අනියම් සබඳතාවයක්‌ පැවැත්වූ බවට සැකසිතා ඇයව දියවන්නා ඔයේ ගිල්ලවා මරා දැමීමට තරම් පෙළඹීම කෙතරම් ෙ€දනීයද? අපගේ ජන්ම කේන්දරයේ 7 වැන්න හා 8 වැන්නේ බල දුබලතාවය අනුව අපට මෙවන් කරුණු අවබෝධ කර ගත හැකි වේ. සමුද්‍ර දේවියගේ කේන්දරයේ ඇය ස්‌වාමියාගෙන් මෙවන් ඉරණමකට පත්වන බව සටහන් වී තිබෙන්නට ඇත. අපගේ කේන්දරයේ මෙවන් කරුණු දුටුවිට අප කළ යුත්තේ බුද්ධිමත්ව ඒවාට පිළියම් යෙඳීමයි. බුදු දහම තුළින් අපට මේවාට සුදුසු පිළියම් බොහෝ විට සොයාගත හැකිය. කනින් ඇසූ පමණින් විශ්වාස නොකිරීම, ඇසින් දුටු පමණින් විශ්වාස නොකිරීම ඇසින් නොදැක කනින් ඇසූ පමණින් විශ්වාස නොකිරීම ඉතා බුද්ධිමත්ව සිතා බැලිම තුළින් තීරණ ගැනීම අපගේ ජීවිත සාර්ථක කිරීමට හැකිය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here