පොරොන්දම් පරීක්‍ෂාව වැදගත් ඇයි?

0
1638
පොරොන්දම්
පොරොන්දම්

[ratings]

ජීවන ගමනේ දෙවැනි උපත ලෙස විවාහය සැලකෙයි. මෙය වටිනා මහඟු අවස්‌ථාවකි. තවත් පරම්පරාවක්‌ විවාහයෙන් පසු සමාජයට දායාද වෙයි. පංචකාම සැප විඳීම විවාහ දිවියේ එක්‌ අරුතක්‌ සේම ඉන් යහපත් දූ දරුවන් පිරිසක්‌ ලොවට බිහිකිරීම ද සිදු වන්නේය. නිසි වයසට පත්වන යෞවන යෞවනියන්, කායික, මානසික තෘප්තියක්‌ ලබා ගුණගරුක සමාජයක්‌ ගොඩනැංවීම විවාහයේ පරමාර්ථය වන්නේය.

තරුණ වියට පත් දූ පුතුන්ට සුදුසු විවාහයක්‌ කරදීමේදී බොහොමයක්‌ දෙමාපියවරු ජ්‍යෙdතිෂ නිගමනයන්ට අනුව, විවාහ පොරොන්දම් ගැළපීම කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරති. ඇතැම් ජ්‍යෙdතිෂවේදීහු පොරොන්දම් විස්‌ස ගැන පමණක්‌ම සලකා බලා පලා පල විග්‍රහ කරති. විසි පොරොන්දමට අයත් වන්නේ නැකැත්, ගණ, මහේන්ද්‍ර, ස්‌ත්‍රී දිර්ඝ, යෝනි, රාශි, ලග්න, චන්ද්‍ර රාශි, අධිපති, රඡ්ජු, වශ්‍ය, වේධ, වෘක්‌ෂ, ආයුෂ, පඤ්ච පක්‌ෂි, භූත, ගෝත්‍ර, වර්ණ ලිංග, දින, නාඩි සහ ග්‍රහ යන පොරොන්දම්වලටය.

දශ පොරොන්දමට ගැනෙන සඳු ග්‍රහයා මගින් වන නැකතකට අනුව ගණ, යෝනි, වෘක්‌ෂ, ලිංග, නාඩි, පක්‌ෂි, ගෝත්‍ර, වර්ණ, රඡ්ජු සහ භූත පොරොන්දම්ද, අෂ්ට කූටය, භෞම දෝෂ, සුදර්ශන ක්‍රම මගින්ද පොරොන්දම් ගැළපීමේදී සැලකිල්ලක්‌ දැක්‌වීම වඩාත් සුදුසු වන්නේය. කුජ දෝෂ සේම භෞම දෝෂ කෙරෙහිද අවධානය යොමු විය යුතුය. දෝෂ භංගවීම් දෙදෙනාගේ ජන්ම කේන්ද්‍රවල යෙදී තිබේ දැයි නිශ්චය කිරීමද මෙහිදී උචිතය.

දෙදෙනාගේ “නැකැත්” පොරොන්දම ගැළපේ නම් සැප සම්පත් සේම ධනය, බලය, කීර්තිය, පවුලේ සමගිය, වාසනාවන්ත දරු ඵල, හිමිවන්නේය. ගණ පොරොන්දම ගැන සලකා බැලීමේදී දෙදෙනාම එකම ගණයකට අයත් වීම ඉතා ශුභ දායකයි. ප්‍රීතිය, සතුට, සාමය ධනය උදා කරයි. ස්‌ත්‍රිය හෝ පුරුෂයා මනුෂ්‍ය රාක්‍ෂ ගණ වී නම් ඉතා අශුභ වන අතර, මරණය, ධන විනාශය ආදී ගැහැට සිදුවේ. යෝනි පොරොන්දම ගැළපේ නම් කායික වශයෙන් සතුට සැප ලැබීම සේම ලිංගික සම්බන්ධතාද ඇති කරයි. වෘක්‍ෂ පොරොන්දමෙන් අපේක්‍ෂා කරන්නේ දරුවන් ගැනයි. දෙදෙනාගේ කායික ශක්‌තිය සේම ධාතු ශක්‌තියද වෘක්‍ෂ පොරොන්දමට වැදගත් වෙයි. දෙදෙනාම කිරි වෘක්‌ෂ වීම දරු සම්පත් ලැබීමත්, හර වෘක්‍ෂ වීම දරුවන් නොලැබීමත් සිදුවෙයි. ලිංගික පොරොන්දම් පරීක්‍ෂාවේදී ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගෙන් ස්‌ත්‍රිය ස්‌ත්‍රී ලිංග වීමත් පුරුෂයා පුරුෂ ලිංගවීමත් ගැළපෙයි. නාඩි පොරොන්දමෙන් බැලෙන්නේ ලේ ධාතුවේ (දෙදෙනාගේ) ගැළපීමයි. නහර ශක්‌තියද මීට අදාළ වෙයි. දෙදෙනාම එකම නාඩි වීම ශුභ නැත. ලෙඩ රෝගවලට දරුවන් පවා භාජනය විය හැකිය.

බැලූ බැල්මට නැකැත් පොරොන්දම නොගැළපුණත් දෙදෙනාම එකම නැකත ඉපදී සිටියත් රාශි අධිපති, දින, ග්‍රහ, පොරොන්දම්වලට අයත් පොරොන්දම්ද විනිශ්චයේදී සැලකිල්ලට භාජනය වෙයි. රාශි පොරොන්දම සහ රාශි අධිපති පොරොන්දම ශුභ වී නම්, යෝනි පොරොන්දම නොගැළපුණත් එහි ඇති වන අශුභ තත්ත්වය මගහැරේ. එසේම රාශි සහ රඡ්ජු පොරොන්දම් දෙක ගැළපෙන්නේ නම් නාඩි පොරොන්දම අශුභ වී තිබුණට එය භංග වේ. ඉහතින් දැක්‌ වූයේ වෙනස්‌කම් ගැන සංසන්දනාත්මක සුළු පරීක්‍ෂණයකි.

යුග දිවියට පත්වීමට අපේක්‍ෂා කරන දෙදෙනාගේ කේන්ද්‍ර සටහන්වල ග්‍රහයින් පිහිටා ඇති අයුරුද විමර්ශනය කළ යුතු වන්නේය. ග්‍රහයින් සංයෝගවීම, ත්‍රිකෝණ බලයෙන් සහ දෘෂ්ටි බලයෙන් සිටීම ගැනද කරුණු පිරික්‌සීම වැදගත් වෙයි. විවාහ පොරොන්දම් පරීක්‍ෂණයේදී ගුරුගේ දෘෂ්ටිය පමණක්‌ සැලකිල්ලට ගැනීම නොසෑහේ. ග්‍රහ පොරොන්දම ගැන බැලීමේදී ස්‌ත්‍රියකගේ හඳහනේ ලග්න චන්ද්‍ර සිකුරුගෙන් 02 වැන්න, 07 වැන්න සහ 08 වැන්න යන ස්‌ථානවල, රවි, කුජ, ශනි, රාහු, කේතු වැනි පාප ග්‍රහයින් සිටීම ශුභදායක නැත. මේෂ, කටක, තුලා, මකර ලග්න හිමියන්ට වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන ලග්න හිමියන් සුදුසුය. එසේම මේෂ, සිංහ, ධනු ලග්නවලට මිථුන, තුලා, කුම්භ ලග්නද ගැළපෙයි.

විවාහ දිවිය නිසරු කරන යෝග අතරට සඳු හෝ රවි හෝ ශනිගෙන්, කුජගෙන් පීඩා වන්නේ නම් අදාළ විවාහ දිවිය නිසරු වන්නේය. මේ අනුව කේන්ද්‍ර දෙකේ ගැළපීමද බැලිය යුත්තේය. යුග දිවියට පොරොන්දම් පරීක්‍ෂාවට අමතරව සොයා බැලිය යුතු කරුණු බොහොමයකි. ග්‍රහ පොරොන්දම, ග්‍රහ රාශි අධිපතිත්වය ගැනද බැලීම වටී.

ජාති භේද, ආගම්භේද, කුලභේද, ධනය, බලය, පරයා විවාහ වන උදවිය එමටය. එසේම ආලය ප්‍රේමය මුල් කරගෙන මේවා සිදුවේ. කොහොම නමුත් විවාහ වීමට පෙර ජ්‍යෙdතිෂ ක්‍රමවේද ගැනද සැලකිලිමත් වුවහොත් වාසනාවන්ත විවාහ ජීවිතයක්‌ ගත කළ හැකි බවට තර්කයක්‌ නැත. එසේම පොරොන්දම් ගැන සැලකිලිමත් නොවී යහපත් විවාහ ජීවිත ගත කරන අයද නැත්තේ නොවේ.

ජීවිතයේ දෙවැනි උපත ලෙස සැලකෙන විවාහයක්‌ සිදුවීමේදී එහිදී ඇති වන ශුභ අශුභ තත්ත්වයත් ගැන කලින් සොයා බැලීම සාර්ථක විවාහයකට පිටිවහලක්‌ වෙයි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here