පොරොන්දම ද සෙනෙහස ද වඩා වැදගත්

0
792
විවාහ
විවාහ

[ratings]

නිසි කලට තම දරුවන් ආවාහ විවාහ කර දීම දෙමව්පියන්ගේ බලාපොරොත්තුව මෙන්ම යුතුකමක්‌ ලෙස සලකන සමාජයක විවාහ වයසේ දූ පුතුන් සිටින බොහෝ දෙමව්පියන්ට බලපා ඇති විශාල ප්‍රශ්නයකි මේ පොරොන්දම් ප්‍රශ්නය.

ජ්‍යෙතිෂය එකම ශාස්‌ත්‍රයක්‌ වුවද මෙම පොරොන්දම් බැලීමේදී එක්‌ දෛවඥයෙක්‌ සුබයයි හැඳින්වූ කේන්ද්‍ර ගැලපීමක්‌ තවත් දෛවඥයෙක්‌ අසුබ යයි කියති. මේ නිසාම අද විවාහ වයසේ දූ දරුවන් සිටින දෙමව්පියන් ඉතා අසරණ තත්ත්වයකට පත්වී සිටිති. බොහෝ දෛවඥයෝ මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් මෙන්ම පහසුව තකා පරිගණක මගින් පොරාන්දම් බලති. මෙහි කෙරෙන්නේ පරිගණක මෘදුකාංගයක්‌ මගින් නැකැත් ගැලපීම පමණකි. බොහෝවිට මෙහිදී භෞමික දොaෂ සහ අනිකුත් දොaෂ පරීක්‍ෂා කර බැලීමක්‌ සිදු නො කෙරේ. අද ආදරයෙන් බැඳුණු විවාහ අපේක්‍ෂිත තරුණ තරුණියන්ටද මේ නිසා මහත් මානසික අසහනයකට ලක්‌වන්නට සිදුවී ඇත. කිමද දෙපාර්ශ්වයේම දෙමව්පියන් පොරොන්දම් ගැන අවධානය යොමු කිරීම නිසා අනවශ්‍ය ප්‍රශ්න රැසකට මුහුණ පෑමට ඔවුන්ට සිදුවීමයි.

එක්‌තරා කාල සීමාවක ඉපදෙන සෑම කෙනෙකුගේම කේන්ද්‍රයේ කාල සර්ප යෝගය නම් යෝගයක්‌ යෙදේ. එනම් රාහු සහ කේතු යන ග්‍රහයන් අතර අනෙකුත් සියලුම ග්‍රහයන්

රැඳී තිබීමයි. මෙය මහා අවාසනාවන්ත යෝගයක්‌ ලෙස සමහර දෛවඥයන් හඳුන්වයි. කේන්ද්‍රය දුටු පමණින් ඔවුන් පවසන්නේ ආ මේකේ කාලසර්ප යෝගය යෙදිල තිබෙනවා. මෙය සුදුසු නැහැ මොවුන්ගේ ජීවිතයේ යම් අඩුවක්‌ තිබෙනවා යන්නයි. මගේ අත්දැකීම අනුව මෙම කාලසර්ප යෝගයෙන් ජනිත දූ පුතුන් අද ඉතාම උසස්‌ තත්ත්වයේ ජීවිත ගතකරන අතර ඔවුන්ගේ ජීවිතයේ කිසිම අඩුවක්‌ සිදුවී නැත. එවැනිම මතයකි සතර කේන්ද්‍රයේ ග්‍රහයන් නොමැති වීම මේ කේන්ද්‍රයේ සතර කේන්ද්‍රය පාලුයි යයි සැනෙකින්ම කපා දමති. සතර කේන්ද්‍රය පාලුයි හැඳින්වූ අය අද සමාජයේ ඉතා ඉහළ මට්‌ටමේ ව්‍යාපාරිකයන් බවට පත්වී තිබේ. අනෙක මෙම සතර කේන්ද්‍රය පාලු යෑයි නියම ලෙස ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයේ දක්‌වා තිබෙන්නේ චන්ද්‍ර කේන්ද්‍රයේද ග්‍රහයන් නොමැතිවුවහොත් පමණි එවැනි අවස්‌ථා ඉතා විරලය. නමුත් බොහෝ දෙනෙක්‌ එය නොදනිති.

අනෙක කුජ යෝගය සහ කුජ ශනි යෝගයයි. මෙය කේන්ද්‍රයක තිබුණොත් එම පිහිටීම ම තිබෙන කේන්ද්‍රයක්‌ අවශ්‍යමයි කියති. නමුත් එය එසේ නොවේ එවැනිම පාප ග්‍රහයෙක්‌ එම රාශි වල සිටීමෙන්ද මෙම දොaෂ භංග වන බව ශාස්‌ත්‍රයේ සඳහන් වේ. එසේම මෙම බොහෝ යෝගයන් භංග වන යෝග බොහෝ කේන්ද්‍ර වල ඇත, එපමණක්‌ නොවේ සමහර පුද පූජා සෙත් ශාන්ති කිරීමෙන් මෙම දොaෂ දුරු කරගත හැකි බව සඳහන් කර තිබේ, තවද මෙම පොරොන්දම් ශාස්‌ත්‍රයේ ඉන්දියානු ආභාෂය බෙහෙවින් දක්‌නට ලැබේ, එවකට පැවති ඉන්දියානු සමාජය අනුව වර්ණ ගෝත්‍ර ලෙසද පෙරොන්දම් කීපයක්‌ ඇත. මේවා වැදගත් පොරාන්දම් ලෙස සැලකිය නොහැක. නාඩි ශිරා රාශ්‍යාධිපති ග්‍රහ ලිංග යෝනි වැනි පොරොන්දම් වැදගත් පොරොන්දම් ලෙස හැඳින්විය හැක. නමුත් නාඩි පොරොන්දම ගැලපීම ලේ පරීක්‍ෂණයක්‌ මගින්ද තහවුරු කර ගත හැක.

තවත් මා අත් දැකීමෙන් දත් දෙයක්‌ නම් සමහර දෛවඥයන් කේන්ද්‍රයක සුබ යක්‌ දකින්නේම නැත. අතට ගත් වෙලේ සිට පවසනුයේ අපල ගැනම පමණි. කේන්ද්‍ර හිමියා නිවසට පැමිණෙන්නේ දැඩි මානසික පීඩනයකිනි. ඉන් පසුව කරන පුද පූජා බලි තොවිල් කෙලවරක්‌ නැත.

මගේ හැඟීම නම් ආදරයෙන් බැඳණු පෙම්වතුන් පොරොන්දම් බැලීම නොකළයුතු දෙයක්‌ බවයි. දෙදෙනෙකු ආදරයෙන් බැඳෙන්නේද යම් සංසාරික බලපෑමක්‌ හේතුවෙනි, නව දිවිය පටන් ගැනීමේදීම එය කේන්ද්‍රයක්‌ මුල් කරගෙන අවුල් කර නොගත යුතුය. කිමද එහි තිබෙන මානසික බලපෑම කේන්ද්‍රයත් අභිබවා යා හැකි බැවිනි.

කේන්ද්‍රය යනු ජීවිතයෙන් පහෙන් එකක්‌ පමණක්‌ බව ඉතා සුප්‍රසිද්ධ දෛවඥයෙක්‌ මා සමග පැවසීය. අනෙක එහි දැක්‌වෙන්නේ පෙර පින් පව්ය. ඒවා මෙම ආත්මයේ කරනු ලබන පව් පින් අනුව වෙනස්‌විය හැක. ලොව කිසිම ආගම් ශාස්‌තෘවරයෙක්‌ මෙම නැකැත් ග්‍රහයන් පිළිබඳ විශ්වාශය තබන ලෙසද පවසා නැත. ඔවුන් සැමදෙනෙක්‌ම පාහේ පවසා ඇත්තේ ඒවා මත එල්භ නොසිටින ලෙසය.

විවාහ අපේක්‍ෂිත යුවළකගේ අදහස්‌ ගැලපීම මේ සෑම පොරොන්දමක්‌ම අභිබවා යයි. බුද්ධිය සහ ඉවසීම අනෙකුත් අත්‍යවශ්‍ය පොරොන්දම් කීපයකි, එබැවින් මේවාට මුල් තැනදී කටයුතු කිරීම ඉතා වැදගත් වනු ඇත.

අද අපේ රටේ බොහෝ දෛවඥයන් හෝ ජ්‍යෙතිෂවේදින් මෙම ශාස්‌ත්‍රය පිළිබඳ නිසියාකාර පර්යේෂණ කටයුතු වල යෙදෙන්නේ නැත.

දියුණු රටවල මෙම පොරොන්දම් බැලීම් සිදුකරන්නේ නැත. ඒ නිසා තමයි එම රටවල දිස්‌කසාද ප්‍රතිශතය වැඩි වී තිබෙන්නේ යයි කෙනෙකුට කිව හැක. නමුත් එය මුසාවකි, දික්‌කසාද ප්‍රතිශතය වැඩිවීමට හේතුව ලෙස මා නම් දකින්නේ එම රටවල ජනයා තමන්ගේ පෞද්ගලික සතුටට මුල්තැනදී ක්‍රියා කරන කොටසක්‌ වන අතර අපේ රටවල ජනතාව පවුල දරුවන් වෙනුවෙන් තම සතුට කැප කරන ජනතාවක්‌ වීමය.

ආසියාතික රටවල් අතුරින් දකුණු ආසියානු රටවල විවාහ කටයුතුවලදී මෙම පොරොන්දම් බැලීමට මුල්තැනක්‌ දෙති. එයිනුත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විශේෂ වේ. අපේ රටේ ද කතෝලික සහ අනෙකුත් ආගම් අදහන ජනතාව පොරොන්දම් බැලීම සිදු නොකරති.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here