බිඳ වැටුණ ව්‍යාපාරයට මෙන්න පිළියමක්‌

2134
ව්‍යාපාරයට
ව්‍යාපාරයට

[ratings]

මෙලොව උපදින මිනිසා සැපත හා සතුට සොයා යන ගමනේදී ජීවනෝපාය හෙවත් ජීවත්වීම සඳහා අවශ්‍ය මුදල් සෙවීමේ ක්‍රමය අංක එකට වැටේ. මුදල් ඉපයීමේ ක්‍රම කොතෙක්‌ තිබුණද අද පවතින්නා වූ තරගකාරී ජීවන රාටාව තුළ ඇතිවන්නා වූ අධික වියදම් නිසා බොහෝ දෙනා රැකියාවක නිරතව මාසික වේතනයක්‌ ලැබීමට අකමැතියි. විශේෂයෙන්ම තරුණ පුරපුර අද ව්‍යාපාර ක්‍ෂේත්‍රයට පිවිසීමේ වැඩි නැඹුරුවක්‌ දක්‌වන්නේ මේ කාරණය නිසාය.

එහෙත් එම තෝරාගැනීම කෙතරම් දුරට සාර්ථකද යන්නත් තමන් සිතන අයුරින් ව්‍යාපාර පටන්ගෙන ඒවා දියුණුව කරා ගෙන යා හැකිදැයි යන්න සරල නොවූ ප්‍රශ්නයකි. කෙනෙකුට සුළුවෙන් පටන්ගන්නා ව්‍යාපාරය ඉතා විශාල ලෙස දියුණුකර ගත හැකි අතර තවත් කෙනෙකුට එය එසේ නොවේ. තවත් අයකු පටන් ගන්නා ව්‍යාපාරය ලාභත් නැති පාඩුත් නැති කරන්නන්වාලේ කරන එකක්‌ වන බැවින් අපේක්‍ෂා භංගත්වයට මුහුණ දීමට සිදුවේ.

එකී තත්ත්වයන් සඳහා මූලික වන හේතු කාරණා ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාවට අනුව විමසා බැලීමේදී සියල්ල සඳහා මිනිසාගේ දෛව්‍ය මූලික වනබව නොකියාම බැරිය. ඒ ඒ පුද්ගලයා පෙරආත්ම භවයන්හි සිදුකරන ලද කුසල අකුසල කර්මයන්හි ප්‍රතිඵල ඔහු විසින් මෙලොවට රැගෙන එන බවත් වත්මනෙහි ඒවා කිසියම් පාලනයකට යටත්ව අඩු වැඩි වශයෙන් භුක්‌ති විඳින බව බුදුදහමින් මෙන්ම ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාවෙන් පෙන්වා දේ.

මිනිසාගේ ඡන්ම වාර්තාවට අනුව ඒ ඒ පුද්ගලයාට සැප, දුක, ප්‍රීතිය, අපේක්‍ෂාභංගත්වය ආදී ජීව ස්‌වභාවයන්ට, මුල්වන්නේ ඉහත දැක්‌වූ පිං පව්වල විපාක ශක්‌තියයි. මෙකී ධර්මතාවට අනුව කෙනෙකු සිය ජීවනෝපාය ලෙස ව්‍යාපාරික ක්‍ෂේත්‍රය තෝරාගෙන එයින් මුදල් ඉපැයීම, දියුණුවීම ආදී කුසලතා සියල්ලද උපතක්‌ සමඟ ඔහු විසින් මෙලොවට ගෙන එන දායාදයන්ය.

ධනය ඉපැයීමට බොහෝ ව්‍යාපාර වෙත යොමු විය හැකි වුවත් බුදුරජාණන් වහන්සේ විසින් නොකළ යුතු කර්මාන්ත ලෙස අවි ආයුධ, වසවිෂ, මස්‌ හා මාළු, මත් වතුර හා මත්ද්‍රව්‍ය වෙළෙදාම පෙන්වාදී ඇත.

අනලස්‌ව, දක්‍ෂලෙස, උපායශීලීව, බුද්ධිමත්ව ව්‍යාපාරික කටයුතු වලට යොමුවීමෙන් ගිහි ජීවිතයේදී අවශ්‍යම කරන ධනය සාර්ථක ලෙස ඉපැයිය හැකි අතර ධනයට අධිපති දේවතාවිය ලෙස හඳුන්වන ධන ලක්‍ෂ්මී දේවියගේ ආශිර්වාදයද එවැනි අයට නිතැනින්ම හිමිවේ.

උපයන ලද ධනය නාස්‌ති වීයන දොරටු සතරක්‌ද ඇත. එනම් සල්ලාලකම, බේබදුකම, සූදුව හා පවිටු මිතුරන් ඇසුරු කිරීමයි. මෙම කාරණා හතර ධනය පුරවන ලද භාජනයක ඇති සිදුරු හතරක්‌ ලෙස පෙන්වා දිය හැකිය.

සෑම ව්‍යාපාරිකයෙක්‌ම ලක්‍ෂපතියකු වීමටත් එයින් නොනැවතී කෝටිපතියකු වීමටත් අනතුරුව තම රටේ පොහොසතා වීමටත් එයින් නොනැවතී ලෝකයේම ධනවත් පුද්ගලයා වීමටත් උත්සාහ දරයි. එහෙත් ජන්ම පත්‍රයේ සුබ යෝග සහ සුබ ස්‌ථාන තුළ සිටින ග්‍රහයන්ගේ දශා කාල තුළ ව්‍යාපාර සාර්ථක වෙන අතර අසුභ ග්‍රහයන් ඉන්නා භාව සහ රාශි තුළ සිටිනා ග්‍රහයන්ගේ දශාතුළ ව්‍යාපාර බිඳ වැටෙන අවස්‌ථාවන් දැක ඇත. කෙතරම් සුභ වුවත් තමන්ගේ ලග්නයට මාරක බාධක ග්‍රහයන් සිටින බැවින් එම ග්‍රහයන්ගේ දශා අතුරු දශා පවතින කාල සීමාව තුළ කොතරම් ප්‍රබල ව්‍යාපාර වුවත් ඇද වැටීමට පුළුවන. තවද ඔබ කොතරම් බලවත් රැකියාවක නියත වූවත් මෙම අසුභ ග්‍රහ දශා තුළ රැකියාවෙන් පහළට වැටීම හෝ සදහටම නැති වීමට වුවද ඉඩ ඇත.

ජන්මියාට බලපාන්නාවූ අසුබ ග්‍රහ චාරයට බෝධිපූජා ආදිය තබා අපල තත්ත්වය සමනය කරන අතරතුර බිඳ වැටුණු ව්‍යාපාර යළි දියුණු කර ගත හැකි සාර්ථක ශාන්ති කර්මයක්‌ ලෙස නමස්‌කාර පාඨයේ යන්ත්‍රය පෙන්වා දිය හැකි අතර එය ව්‍යාපාරික ස්‌ථානයේ තබාගැනීමෙන් දියුණුව ළඟාකර ගත හැක.

ඉතා බලවත් යන්ත්‍රයක්‌ වන මෙය දිනපතා ඔබගේ වෙළෙඳසලේ උදේ සවස පහත දක්‌වා ඇති කෙටි ගාථා රත්නය 21 වර බැගින් දින පතා භාවිත කිරීමෙන් ඉතා උසස්‌ ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන. ඉතා ප්‍රබල ගණයේ යන්ත්‍රයක්‌ වන මෙම යන්ත්‍රය රන් සුරයක හෝ රිදී සුරයක දමා පැළඳීමෙන් ඉතා සුබය. මෙම යන්ත්‍ර රත්නය බුදුගුණ යන්ත්‍රයක්‌ නිසා කිළි කුණු බල නොපාන අතර ප්‍රබල මානසික ශක්‌තියක්‌ මෙම ගාථාව භාවිත කිරීමෙන් ලබාගත හැක. නිර්මාංශව භාවනායෝගීව නිතර නිතර මෙම ගාථාව භාවිත කිරීමෙන් කෙනෙකුගේ සිත තුළ තිබෙන සිතුවිලි දැකීමේ හැකියාව ඇතිවේ. අධ්‍යාපනයේ යෙදෙන දරුවන්හට මෙම ගාථාව කට පාඩම් කිරීමට සැලසුවොත් හොඳ මතක ශක්‌තියක්‌ අනිවාර්යයෙන් ලබා ගැනීමට පුළුවන් අතර උසස්‌ අධ්‍යාපන ප්‍රතිඵල ලබාගැනීමටද හැකිය. විශේෂයෙන්ම ඔබ සම්මුඛ පරීක්‍ෂණයකට සහභාගි වන අවස්‌ථාවකදී මෙම ගාථාව 21 වරක්‌ බුදුරුව ඉදිරිපිට කියා යැමෙන් අනිවාර්යෙන්ම ජය ලැබේ. මෙම යන්ත්‍රය හොඳ ඇදුරෙකු ලවා සකස්‌ කොට ගෙල පැළඳීමෙන් ඉතා විශ්මිත දියුණුවක්‌ ලබාගත හැක. සෙනසුරු මාරක ඒරාෂ්ටක සඳහා ද චන්ද්‍ර ඒරාෂ්ඨක සඳහා ද විශේෂයෙන්ම ගුරු ග්‍රහයාගේ යෙදෙන අපල සඳහාද රාහු මහදශා පවතින කාල සීමාව තුළ ද ඉතා විශ්වාසයෙන් යුතු සැක නැතිව පැළඳිය හැකි යන්ත්‍රයකි. යන්ත්‍රය පිළියෙල කරන අවස්‌ථාවේදී ඊසාන දිශාවේ මල් බුලත් තටුවක්‌ තනා බුධ දිනක බුධ හෝරාව පවතින අවස්‌ථාවක සුබ නැකතක්‌ සකස්‌කොට නිර්මාංශ ඇදුරෙකු ලවා ජීවම් කළ යුතුය. මෙම ගාථාවෙන් 108 වරක්‌ ජීවම්කර තබාගෙන දිනපතා තමාද මෙම ගාථාව දිනපතා භාවිත කිරීමෙන් නොසිතු ලෙස දියුණු විය හැක.

මස්‌ මාංශ, මත් වතුර, මත් ද්‍රව්‍ය සහ සමාජ විරෝධී ව්‍යාපාරික ස්‌ථානවල දියුණුවට මෙම යන්ත්‍රයෙන් දියුණුව පැතීම නොකළ යුතුය.

යන්ත්‍රයට අදාළ ගාථාව

නමෝතස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස

වම්ම තරද්ද ගසමෝ අම්බු බතෝ නතෝ සස්‌ස හස්‌ස

සතෝ තම්බු භග නම්මා අස්‌සද්දසො වමො සරහස්‌ස

නමෝ තස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස

We found this article from Divaina on 2011/09/09.
Also Sinhala to English Google word to word translation can be found here