බුද්ධත්වය ප්‍රාර්ථනා කරමින් පිං රැස්‌ කරන පත්තිනි මෑණියෝ

3297
බුද්ධත්වය
බුද්ධත්වය

පත්තිනි දෙවියන් හෙවත් පත්තිනි මෑණියන් අප රටේ ජනතාව අතර ඉමහත් ගෞරවාදරයට හා ඇදහීමට ලක්‌වන ඉන්දීය සම්භවයක්‌ ඇති මහා බලසම්පන්න දේවාත්මයකි. ඉන්දියානු ජනයා අතර වන්දනාමානයට පාත්‍රව සිටි පත්තිනි දෙවියන් ශ්‍රී ලාංකීය ජනයාගේ ඇදහීමට ලක්‌ව ඇත්තේ එකල රජ කළ ගජබා රජු සමයේදීය.

කේරළ දේශය අතිශයින් සශ්‍රීකත්වයට පත් වූයේ පත්තිනි දෙවියන් ඇදහීමෙන් බවත් නිරතුරුවම එතුමිය වෙනුවෙන් පුද පූජා පවත්වා විශ්වාසයෙන් පිහිට බලාපාරොත්තු වීමෙන් අප ලක්‌දිවද සශ්‍රීකවත් දේශයක්‌ බවට පත් කර ගත හැකි බව එහි රජ කළ සෙන්ගුත්තවාන් නම් රජතුමා විසින් ගජබා රජුට විස්‌තර කර දී ඇත.

අනතුරුව සෙන්ගුත්තවාන් රජු විසින් පත්තිනි දෙවියන් වෙනුවෙන් ඉතා අලංකාර මාළිගාවක්‌ තනවා එම දේව මාළිගය එතුමිය නමින් කැපකර හිමාල අඩවියේ ගල් කුළකින් පත්තිනි දේවියගේ පිළිරුවක්‌ නෙළවා එම පිළිරුව ගංගා නම් නදියේ ශුද්ධ ජලයෙන් දෝවනය කොට අභිනව දේව මාළිගයේ තැන්පත් කර එය ආරම්භ කිරීමේ දේව මංගල්‍යයට සහභාගි වන මෙන් ගජබා රජුට ද ආරාධනා කර ඇති අතර සෙත්ගුත්තවාන් රජතුමාගේ ආරාධනය පිළිගෙන එම දේව මංගල්‍යයයට සහභාගි වූ ගජබා රජුට එතැනදී පත්තිනි සළබක්‌ ත්‍යාග කළ බව ද ජනප්‍රවාදයේ සඳහන් ය.

ගජබා රජ සමයේ අප රටේ ස්‌ථාපනය වූ පත්තිනි ඇදහීම ලක්‌වැසි ජනතාව අතර පැතිර යැමට හේතු වූ විශේෂිතම හේතුව වී ඇත්තේ පත්තිනි දේවිය වසංගත රෝග නිවාරණය කිරීමේ විශේෂිත බලයක්‌ සහිත දේවාත්මයක්‌ ලෙස ජනතාව අතර පැතිර තිබූ විශ්වාසයයි. දකුණු ඉන්දියාව ජයගත් ගජබා රජු සොලීන් මෙරටට ගෙන ආ බව ඉතිහාසයේ සඳහන් වන අතර ඔවුන් අතර පැතිරෙමින් තිබූ රෝග මර්දනය කර ගැනීම පිණිස ගජබා රජු තෙමේ සෙන්ගුත්තාවාන් රජ විසින් තෑගි දෙන ලද සලඹ ද උපයෝගී කරගනිමින් පත්තිනි දේවිය පිදීමට කටයුතු යොදා ඇති අතර එකී කන්නලව් අසා පත්තිනි දේවිය ඉමහත් අනුකම්පාවෙන් යුතුව බෝවන රෝග නිවාරණයෙහි යෙදී ඇති බව සඳහන්ය.

මෙලොව නරයින්ගේ දුක්‌ඛ දොaමනස්‌සයන් නසා පිහිට ආධාරය පිණිස සත් වාරයක්‌ පාලි ළඟ පත්තිනි, තෙද පත්තිනි, ඔරුපාල් පත්තිනි, ගිනි පත්තිනි, අඹ පත්තිනි, සිරි පත්තිනි, මල් පත්තිනි යනුවෙන්ද දෙමටමලින් උපන් පත්තිනි, ගිනි කඳුළෙන් උපන් පත්තිනි, නයි කඳුළෙන් උපන් පත්තිනි, විදුලියෙන් උපන් පත්තිනි, පිනි බිංඳුවෙන් උපන් පත්තිනි, සිඟන රැළෙන් උපන් පත්තිනි, අඹෙන් උපන් පත්තිනි, සළුපොටෙන් උපන් පත්තිනි, නුග පත්‍රයෙන් උපන් පත්තිනි, කදුරු පොත්තෙන් උපන් පත්නිනි, හෙණයෙන් උපන් පත්තිනි, ජලයෙන් උපන් පත්තිනි නිසා දොළොස්‌ පත්තිනි යන නාමයෙන්ද පත්තිනි දේවිය හැඳින්වේ.

රන්පැහැති සිරුරකින් යුක්‌ත වූ පත්තිනි දේවිය ඉතා රූමත් දේවියක්‌ වන අතර දකුණු අතෙහි පුන් කළසක්‌ ද හිසෙයි රැස්‌ විහිදෙන නාග මාණික්‍යයක්‌ ද ඇඳුමෙහි රන් මිණි මුතු ඇති බවද කියෑවේ. සළඹ සලමින් සිටින්නේ යෑයි කියන ඇයගේ දෙකනේ තෝඩු අඹ ගෙඩි දෙකක්‌ වැනි යෑයිද බෙල්ල පුරා මුතුමාල දරන්නේ යෑයිද කොළ පැහැති හැට්‌ටයක්‌ සහ රතු පැහැති සාරියකින්ද දෙවුරම වැසූ සහ රන් සළුවකින් සැරසී උර මත සුදු වස්‌ත්‍රයක්‌ ද කර මත මල් මාලා ද දෑතේ රන් වළලුද දෙපාවල සිලම්බු ද දමා තුනී දඹ දුහුලින් දෙඇස වසා සිටින බවද කියෑවේ.

පින් රැස්‌ කරමින් බුද්ධත්වය ප්‍රාර්ථනා කරන දේවාත්මයක්‌ ලෙසද බෞද්ධ ජනයා මහත් ගෞරවයෙන් භක්‌තියෙන් අදහන පත්තිනි දෙවඟන පිහිට ආශිර්වාද පතා ඇය වෙත එන ඕනෑම කෙනකුට පිහිට වන අතර තදබල නියං කාලවලදී වර්ෂාව ඉල්ලා භාර හාර වීමෙන් වර්ෂාව ලබාදී කෙත්වතු සශීS්‍රක කිරීම, බෝවන රෝග වසංගතයක්‌ ලෙස පැතිර යන කාලයේදී ඒවා මර්දනය කිරීම දරුවන් නැති කාන්තාවන්ට දරු සම්පත් හිමිකරදීම, කිරි දරුවන් ආරක්‍ෂා කිරීම, අවිවාහකයන්ගේ මංගල සිහින සැබෑ කර දීම වැනි උදාරතර ප්‍රාර්ථනා ඉෂ්ට කරදී ලෝවැස්‌සන් ආරක්‍ෂා කරනු ලබන බව අත්දැකීමෙන් පැවසිය හැකිය.

එබැවින් පත්තිනි දෙවඟනගේ පිහිට බලාපොරොත්තු වන ඔබ නිවසේදී හෝ පත්තිනි මෑණියන්ගේ දෙවොලකදී එතුමිය වෙනුවෙන් ගිතෙල් හෝ රන්තැඹිලි තෙල්වලින් පහන් සුවඳ දුම්, කහමල් පූජා කර පිං අනුමෝදන් කර පත්තිනි මාතාව බැල්ම හෙළන 12.06 සිට 12.36 දක්‌වා දිවා රාත්‍රි දෙකටම පොදු වේලාව අතරතුර ඔබේ දුක්‌ගැනවිලි සඳහා සහනය පතා කන්නලව් කර

නානා සුන්දර ජනවනිතා ගණ – තාරපතී ඉව ශ්‍රී දේහං

නානා වර්ණක ශාටක ධාරණ මාලා දාමං පිලන්දකං

නානා ශාස්‌ත්‍ර පූජාන විජානන – ඥන විශාරද කීර්ති ධරං

නා නා ශෝභිත රත්ත නිරන්තර – දදාතු තේ පත්තිනි මාතා

යන ස්‌තෝත්‍රය කියා භාරය ගැට ගසන්න.

පත්තිනි කන්නලව්ව

ශ්‍රීමත් පත්තිනි දිව්‍යාංගනාවන් වහන්ස, ඔබ වහන්සේ රන් අඹයකින් මෙලොව එළිය දුටුවා සත්‍යයි. දකුණු අතෙහි පුන්කළසක්‌ දරමින් වම් අතින් සළඹ සලනවා සත්‍යයි. සත් භාවයකදී සත් ඉරියව්වකින් පතිවෘත ධර්මය රැක ගත්තා සත්‍යයයි. එසේ වු අති උත්තරීතර පත්තිනි මෑණියනි, ඔබ වහන්සේ ඉදිරිපිටදී පුද පුජා තබා වන්දනාමාන කර කරනු ලබන මෙම කන්නලව්ව ඔබ වහන්සේගේ දිව නෙතට පෙනී දිව කනට ඇසී පිනට පිහිට වන සේක්‌වා… අප වෙත පැමිණෙන්නාවූ සියලු කරදර බාධක මගහරවා දී නවග්‍රහයන්ගෙන් සිදුවන්නාවූ අපල ද දුරු කර අනවිණ, කොඩිවිණ, හදි හූනියම් ඇස්‌වහ කටවහ හෝවහ අඬෝවැඩියා දුරු කරදී සියලු යහපත උදා කර දෙන සේක්‌වා.

පත්තිනි ශාන්තිය

නා නා නාගා සුරතර වන්දනමනා නිරන්තර ලද්ධානං

නා නා ජාතික පූජක භක්‌තික චින්තන කුජ ද විකාසිතං

නා නා දේශික නානා භුමික දේවා මන්දිර පූජානං

නා නා ශෝභන දේහ විරාජිත දේවී පත්තිනි රක්‍ෂාතුරං

පීනා යන මුදු නා නා භෝගිව බාහුං යුග්මා රු චිරායං

දීර්ඝ ලෝචන මෘග අක්‍ෂි ඉව ප්‍රචාල අංකුර අධරත්වං

දීර්ඝාංගුලි පංකජ පත්‍රා නක විං තිsෂං සුමනා පුෂ්පං

දානානි නිත්‍යා පත්තිනි ශුභ මංගල මායුෂ ශාන්ති ශ්‍රී

ගංගා තරණ භිලාෂි ගාමික භරතාංගුලි දානේක්‍ෂනිකං

ගංගා ජල භින්තා පුලිනේචය දෘෂ්‍යති සුන්දර මර්ගානං

ගංගා පර්වත ගිරි සිඛරායත පාදං ද්වීපා දේවානං

වංදෙතං පද පංකජ පත්තිනි රක්‍ෂතු ආතුර තෛකාලං

නවග්‍රහ අපල දුරුවීමට

පත්තිනි දෙවියන්ගේ පිහිට පැතීම

දලුලන හැම දොස්‌ දුරු කර ලන්නයි

සරුඵල ලැබ සිරි සෙත කැඳවන්නයි

පත්තිනි දෙවියෝ දිවැස්‌ හෙළන්නයි

රවිගෙ අපල අද සිට දුරලන්නයි

දලුලන හැම දොස්‌ දුරුකර ලන්නයි

සරුඵල ලැබ සිරි සෙත කැඳවන්නයි

පත්තිනි දෙවියෝ දිවැස්‌ හෙළන්නයි

සඳුගෙ අපල අද සිට දුරු වෙන්නයි

දලුලන හැම දොස්‌ දුරු කර ලන්නයි

සරුඵල ලැබ සිරි සෙත කැඳවන්නයි

පත්තිනි දෙවියෝ දිවැස්‌ හෙළන්නයි

කුජගෙ අපල අද සිට දුරලන්නයි

දලුලන හැම දොස්‌ දුරුකර ලන්නයි

සරුඵල ලැබ සිරි සෙත කැඳවන්නයි

පත්තිනි දෙවියෝa දිවැස්‌ හෙළන්නයි

බුධගෙ අපල අද සිට දුරලන්නයි

දලුලන හැම දොස්‌ දුරු කර ලන්නයි

සරුඵල ලැබ සිරි සෙත කැඳවන්නයි

පත්තිනි දෙවියෝ දිවැස්‌ හෙළන්නයි

ගුරුගෙ අපල අද සිට දුරලන්නයි

දලුලන හැමදොස්‌ දුරුකර ලන්නයි

සරුඵල ලැබ සිරි සෙත කැඳවන්නයි

පත්තිනි දෙවියෝ දිවැස්‌ හෙළන්නයි

සිකුරුගෙ අපලය මින් දුරුවෙන්නයි

දලුලන හැමදොස්‌ දුරුකර ලන්නයි

සරු ඵල ලැබ සිරිසෙත කැඳවන්නයි

පත්තිනි දෙවියෝ දිවැස්‌ හෙළන්නයි

ශනිගෙ අපල අද සිට දුර ලන්නයි

දලුලන හැමදොස්‌ දුරුකර ලන්නයි

සරුඵල ලැබ සිරිසෙත කැඳවන්නයි

පත්තිනි දෙවියෝ දිවැස්‌ හෙළන්නයි

රාහු අපල අද සිට දුරලන්නයි

දලුලන හැම දොස්‌ දුරුකර ලන්නයි

සරුඵල ලැබ සිරිසෙත කැඳවන්නයි

පත්තිනි දෙවියෝ දිවැස්‌ හෙළන්නයි

කේතු අපල අද සිට දුරලන්නයි

We found this article from Divaina on 2012/07/27.
Also Sinhala to English Google word to word translation can be found here